නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: ඉක්මනට බඳින්න වයඹ කාමරයක නිදන්න
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

ඉක්මනට බඳින්න වයඹ කාමරයක නිදන්න

Published September 11, 2023

ජීවිතයේ දෙවන උප්පත්තිය ලෙස විවාහය සැලකේ. කුමන ආකාරයේ වත්පොහොසත් කම් දැන උගත්කම් තිබුණද මිනිසුන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට හා ජීවන ගමනේ සහායට සහකරුවෙකු හෝ සහකාරියක් සිටිය යුතුවේ. විවාහ ජීවිතයේ සතුට රඳා පවතින්නේ දෙදෙනා අතර ඇතිවන අවබෝධය හා බැඳීම මතය. එවැනි සාර්ථක බැඳීමක් ඇති වීමට නිවසක වාස්තුව බලපාන්නේ කෙසේද යන්න මෙම ලිපියෙන් විස්තර කෙරේ.

සමහර නිවාසවල තිබෙන වාස්තු දෝෂයන්ද විවාහය ප්‍රමාදවීම්වලට හෝ විවාහයේ අසාර්ථකත්වයට බලපානු ලබයි. ප්‍රධාන උළුවස්ස රවිගේ පාදයක වැටේනම් එම නිවසේ ජීවත් වන දරුවන්ට විවාහය සම්බන්ධ ගැටලු ඇතිවන අතර පියා පූර්ණ ආයුෂ නොලබා ජීවිතක්‍ෂයට පත්වේ. ඉන්පසු මව මත පැටවෙන පවුල්බර මෙන්ම දරුවන් කුමන මට්ටමකට ඔසවා තැබුවද ඔවුන්ගේ විවාහ ප්‍රමාද වීමට මෙවැනි වාස්තු දෝෂයන් ප්‍රබලවම බලපානු ලැබේ.

පහත සඳහන් පාද බෙදීම් වගුවට අනුව එය නියමාකාරයෙන් පෙන්වා දිය හැකිය. ඒ අනුව නිවසේ ප්‍රධාන දොර දිශා 4 න් කුමන දිශාවකට තැබුවද එය රවිගේ පාදය මගහැර තැබීමෙන් විවාහය සාර්ථක කරගත හැකිවේ. නිවසක විවාහයක් බලාපොරොත්තුවෙන් සිටින දරුවන්ගේ සාර්ථකත්වයට මෙන්ම විවාහ වූ දෙදෙනකුගේ සාර්ථකත්වයට නිවසක වාස්තු ප්‍රධාන වශයෙන් බලපානු ලැබේ.

සුබ ස්ථාන

ඉහත වගුව සැලකිල්ලට ගැනීමේදී නිවසේ ප්‍රධාන උළුවස්ස තැබීම සඳහා නිවසේ පළල හෝ දිග සමාන කොටස් 9 කට බෙදාගත යුතුය. එයින් මුල්ම කොටස රවිගේ පාදය ලෙස සැලකේ. රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු ලෙස පාද බෙදීම සිදුකරන අතර මෙහිදී චන්ද්‍ර, බුධ, ගුරු, සිකුරු යන ශුභ ග්‍රහයන්ට අයත් පාද, ශුභ පාද ලෙසත් රවි, කුජ, ශනි, රාහු, කේතු යන පාප ග්‍රහයන්ට අයත් පාද අශුභ පාද ලෙසත් නම් කෙරේ. මෙම අශුභ පාදවලට උළුවස්ස තැබීම සෑම අතින්ම අශුභ වේ. සෑම විටම ප්‍රධාන උළුවස්ස ශුභ පාදයක තැබීම අනිවාර්ය වේ. එය විවාහයට ඉතා යහපත් වන අතර විශේෂයෙන් රවිගේ පාදය විවාහය හා විවාහ බලාපොරොත්තු වන අයට ගැටලු සහගත තත්ත්වයක් ඇති කරවයි.

එසේම විවාහ අපේක්ෂාවෙන් සිටින අයෙකු නිවසේ වයඹ දිශාවේ කාමරයක් භාවිත කිරීම වැදගත් වන අතර විවාහයෙන් පසු විවාහ ජීවිතයේ සාර්ථකත්වයට නිරිත කාමරයක් භාවිත කළ යුතුය. නමුත් ආවාහ විවාහ සාර්ථකත්වයට නිරිත දිශාවේ කාමරයක් භාවිත කළද රවිගේ පාදයේ ප්‍රධාන උළුවස්ස ඇත්නම් විවාහ සහකරුගේ ආයුෂ අඩු කිරීමට එය හේතුවක් වේ.

එසේම රවිගේ පාදයේ උළුවහු දෝෂ ඇති නිවෙස්වල ජීවත් වන අඹුසැමියන්ගේ ජීවිත මොනයම් හෝ හේතූන් මත අසාර්ථකත්වයට පත්වේ. තවද නිවෙස්වල විවාහයට හා ස්ත්‍රීන්ට බලපාන ප්‍රධානම දෝෂයක් වන්නේ ආලෝක රේඛාවයි.

එනම් නිවස දෙපැත්තේ ජනේල දෙකකින් එක එල්ලේ පිටත පෙනීමයි. එයද විවාහයේ අසාර්ථකත්වයට මෙන්ම ප්‍රේම සබඳතා බිඳ වැටීමටද හේතුවේ. එසේම නිවසේ ඊසාන දිශාව දුර්වල වූ විට විවාහ බලාපොරොත්තු කල් ගතවීමට හා විවාහයට නොයෙකුත් බාධා ඇති වීමට හේතුවේ.

මෙවැනි වාස්තු දෝෂ නොමැති නිවෙස්වල ජීවත් වන දරුවන්ට සාර්ථක විවාහයන් සිදුවන අතර විවාහ ජීවිතයද ඉතා සාර්ථක වේ.ලෞකික ජීවිතයක් ගත කරන අයෙකුට තම ජීවිතයේ සාර්ථකත්වයට විවාහය ප්‍රධාන සාධකයක් වේ.

එම සාර්ථකත්වය සඳහා ඔබ ජීවත් වන නිවසේ වාස්තු දෝෂ තත්ත්වයන් මගහරවා ගත යුතුය. කායිකව හා මානසිකව බැඳීම් ශක්තිමත් වීමට විශ්වාසය, අන්‍යොන්‍ය බැඳීම් අවබෝධය තිබිය යුතු සේම නිවසේ පවතින ප්‍රබල දෝෂයන්ට පිළියම් සොයා ඒවා නිවැරදි කර ගැනීමද සිදුකළ යුතුය.

එය අඹු සැමියන්ගේ සාර්ථක යුග දිවියට මෙන්ම විවාහයේ ඵලය වන දරුවන්ගේ ජීවිතවල සාර්ථකත්වයටද බෙහෙවින්ම ඉවහල් වනු ඇත.ඔබ කිසි දිනෙක නොසිතන මෙවැනි වාස්තු දෝෂයන් පිළිබඳව වාස්තුවේදීන්ගේ උපදෙස් පරිදි හෝ කටයුතු නොකරන්නේ නම් අකමැත්තෙන් වුවද නිවසටම වියපත්ව ජීවිතය හුදකලාව ගෙවීමට සිදුවීම නොවැළැක්විය විය හැකිය.

වාස්තු විද්‍යා විශාරද
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශමාන්‍ය
අජිත් මද්දුමආරච්චි
සුබසෙත ජ්‍යොතිෂ මධ්‍යස්ථානය
දොම්පෙ

ධම්මික හේවාවසම්

TAGGED: Vastu Dosha, වයඹ, සුබ ස්ථාන
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Dyson Zoneවලින් පිරිසිදු වාතය ලබා ගැනීම වැඩි ඈතක නොවේ

September 18, 2023

වස් කාලයේ දෙන දානයේ පින වැඩිද

September 18, 2023

ඔබව හිගන්නෙක් කරන්න වාස්තුවලට පුළුවන්

September 18, 2023

ත්‍රිල් එකේ ගෙදර Clean කරන්න මේ ක්‍රම අනුගමනය කරන්න

September 18, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?