නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හිනාවෙන්න … හිනාවෙන්න … හදවත සුරැකෙන්නේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

හිනාවෙන්න … හිනාවෙන්න … හදවත සුරැකෙන්නේ

Published September 11, 2023

හිතේ සතුට හදවතේ නීරෝගීතාවය පවත්වා ගැනීමේදී බලපාන එකම සාධකය නොවෙයි. නමුත් අපේ ජීවිතයේ මානසික සෞඛ්‍ය බොහෝ කායික රෝගාබාධයන් ඇති වීමට බලපානවා. ඒ නිසාම වෛද්‍යවරුන් පවා උපදෙස් දෙන අන්දමට හිතේ සතුට ඔබේ ජීවිතයේ යහ පැවැත්මට හේතු වෙනවා.

සිනා වී තර වෙන්න…

අපේ සමාජයේ කට වහරට වුණත් සිනා වී තර වෙන්න කියන්නේ සිනාව සතුටින් ජීවත් වීමට බලපාන ප්‍රබල සාධකයක් නිසාම විය අ ජනවහරට එසේ සඳහන් කරන්නේ විද්‍යාත්මක පදනම් කරගෙන නොවන බවත් අපි දන්නවා. ඒ වුණත් නූතන වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යයනයන්ට අනුව සිනාව හදවතේ නීරෝගීතාවයට වඩාත් වැදගත් බැව් හඳුනා ගෙන තිබෙනවා.

හදවත නීරෝගී වෙන්නේ කොහොමද?

හෘදය වස්තුව නීරෝගීව තබා ගැනීමට කී සැණින් ඔබේ ඉදිරියේ පෙළ ගැසෙන වෛද්‍ය විද්‍යාත්මක කරුණු කීපයක් ඇති.කොලස්ටරෝල් මට්ටම හිතකර අන්දමින් පවත්වා ගැනීම, තරබාරුව පාලනය කිරීම, ශාරීරික ව්‍යායාම කිරීම, නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරීම, වෙනත් සංකුලතාවයන් පසෙක තබා හදවතේ නීරෝගීතාවය ගැන කතා කරන විට ඉදිරියෙන්ම පෙළ ගැසෙන්නේ උක්ත කරුණු කීපය බැව් ඔබ දන්නවා.

හදවත ලෙඩ වුණොත්?

හදවත ආශ්‍රිත සංකුලතාවයන් ඇති වුණොත් ඉතාම සරලව කිවහොත් ඔබ මරණය අතේ තබාගෙන ජීවත් වෙන පුද්ගලයෙක් යැයි කිව්වත් වරදක් නැහැ. හෘදය වස්තුව රෝගී වීම නිසා සැබැවින්ම මරණ සහතිකය ලියැවෙන දිනය නුදුරේදීම එළැඹෙන බවට වූ රතු එළියක්ද තිබෙනවා. ඒ නිසා ඔබේ හෘදය වස්තුව රෝගී තත්ත්වයට පත් වීම සුළුවෙන් සලකන්න බැහැ.

සිනාවෙන් හෘදය වස්තුව රැක ගැනීම.

අද පවතින සමාජ රටාව අනුව සෑම පුද්ගලයෙක්ම සමාජය තුළ එක්තරා ආකාරයකින් හුදෙකලා චරිත බවට පත්ව සිටිනවා. මේ තත්ත්වය තරුණ පරපුරට එතරම් ගැටලුවක් නොවුණත් වියපත් ජනගහනයට මේ මානසික හිස් බව තදින්ම බලපාන්න පුළුවන්.

ඒ නිසාම ඔවුන්ගෙන් විවිධ රෝගාබාධ ගැන වාර්තා වන අතර එම රෝග සංකුලතාවයන් හේතු කර ගෙන හෘදය වස්තුව රෝගවීමට වැඩි සම්භාවිතාවක් තිබෙනවා.නමුත් අපි සතුටින් සිනාවෙන් සිටිනවා නම් හදවත නීරෝගීව තබා ගැනීම ඉතාම පහසු බැව් බ්‍රසීලයේ de Clínicas de Porto Alegre රෝහල මගින් සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙනවා.

දැන් ඔබට සිනාව නිසා හදවත නීරෝගීවෙන්නේ කෙසේදැයි දැන ගැනීමට කුතුහලයක් ඇති. සිනාවෙන විට හෘදය වස්තුව අභ්‍යන්තර පටක ප්‍රසාරණය වෙනවා. එවිට ඔක්සිජන් පරිවහනය ඉතාම හොඳින් සිදුවන නිසා සමස්ත ශරීරයටම යහපත් පරිදි රුධිර සැපයුම ලැබීම නිසා අපේ හදවත පමණක් නොව මොළය වැනි අවයවයන් පවා නීරෝගීව තබා ගැනීමට හැකියාව ලැබෙනවා.

කිරීටක ධමනී අවහිර වීම් සුලබයි

හදවත් රෝගීන්ගේ සංකුලතාවයන් ගැන අදහස් දක්වමින් වෛද්‍ය සාෆි සඳහන් කරන්නේ අපේ රෝහල්වලට ඇතුළත් වන හදවත් රෝගීන්ගෙන් බොහෝ දෙනෙක් හදිසියේම හෘදයාබාධ තත්ත්වයන්ට පත් වෙනවා. ඒ ගැන වැඩිදුර පරීක්ෂණ සිදු කරන සෑම විටම අපට පැහැදිලිව පෙනී යන කරුණක් තිබෙනවා. මෙම රෝගීන්ගෙන් බොහෝ දෙනෙක් කිරීටක ධමනීන් අවහිර වීම ඔවුන් හදිසියේ හෘදයාබාධ තත්ත්වයන්ට ගොදුරු වීමට හේතුවක්. ඒ වගේම ප්‍රදාහ තත්ත්වයන් නිසා මෙම රෝගීන්ගේ ඇති රෝග තත්ත්වයත් තව දුරටත් වර්ධනය කරමින් ඔවුන්ගේ ජීවිත අවදානම ඇති කරන හදවත රෝගී තත්වයට පත් කිරීමට හේතුවක් බැව් දැන් අපට ඉතාම හොඳින් පෙනී ගිය කරුණක්.

ප්‍රහසන වැඩ සටහන් හොඳ ඖෂධයක් විය හැකියි

මේ අධ්‍යයනය සඳහා පර්යේෂකයින් විසින් ඒ වන විටත් හදවත් ආශ්‍රිත රෝග තත්ත්වයෙන් පසුවෙන වයස අවුරුදු 54 ක් වූ පුද්ගලයන් 26 දෙනෙකුගේ කණ්ඩායමක් තෝරා ගෙන ඔවුන්ට මාස තුනක කාලයක් විකට වැඩ සටහන් නැරඹීමට උපදෙස් ලබා දුන්නා. මෙම අධ්‍යයනය ආරම්භයේදී මෙම හදවත් රෝගීන්ගේ වෛද්‍ය වාර්තා ලබා ගත්තා. පර්යේෂණය සති 12 ක් පැවැති අතර එම කාලය අවසානයේදී රෝගීන්ගේ හදවත ආශ්‍රිත වෛද්‍ය වාර්තා ලබා ගත්තා. මෙම රෝගීන්ගේ හදවතේ ඔක්සිජන් සැපයුම් හැකියාව 10 % කින් ඉහළ ගොස් තිබුණා.

ඒ අතරම පර්යේෂකයින් විසින් කිරීටක ධමනීන්ගේ නීරෝගීතාවය ගැනත් වාර්තා ලබා ගත්තා. මෙහිදී ලබා ගත් රුධිර පරීක්ෂණ වාර්තාවන්ට අනුව කිරීටක ධමනීන්ගේ අවහිරතාවයන් ඇති කිරීමට හේතු වන ප්‍රදාහ තත්ත්වයන්ද බොහෝ දුරට අඩු වී තිබුණා. මෙහිදී ලබා ගත් රුධිර පරීක්ෂණ වාර්තා මගින් ඒ බැව් තහවුරු කර ගැනීමට පර්යේෂකයන්ට අවස්ථාව සැලසී තිබුණා.

හදවත ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් නිසා කිරීටක ධමනීන් අවහිර වීම නිසා හෘදයාබාධ වගේම ආඝාත තත්ත්වයන් ඇති වීමටත් වැඩි ඉඩක් තිබෙනවා. නමුත් සිනා වනවිට මෙම ප්‍රදාහ තත්ත්වයන් පවා අඩු කර ගැනීමට තිබෙන හැකියාවෙන් ප්‍රයෝජනය ගැනීමට දැන් කාලය එළැඹ ඇතැයි පර්යේෂකයින් සඳහන් කරනවා.

ඒ අනුව මෙම අධ්‍යයනයේ කර්තෘ බ්‍රිතාන්‍ය හදවත් රෝග සංගමයේ අධ්‍යක්ෂක මහාචාර්ය සාෆි සඳහන් කරන්නේ හදවත් රෝගීන් වෙනුවෙන් සිනාව ඉතා හොඳ ප්‍රතිකාරයක් බැව් අපට මෙම අධ්‍යයනයේදී තහවුරු වී තිබෙන නිසා අනාගතයේදී හදවත් රෝගීන්ගේ ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් මෙය යොදා ගැනීමට වඩාත් සාර්ථක විය හැකියි.

(The Gardian ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා











 

TAGGED: life style, medical research, smile
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?