නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: බර අඩුකරගන්න ඕනනම් විටමින් C බොන්න
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

බර අඩුකරගන්න ඕනනම් විටමින් C බොන්න

Published July 31, 2023

ඔබේ ශරීරයේ බර වැඩි වීමට ප්‍රධාන වශයෙන්ම හේතුවක් වන්නේ ඔබේ කාර්යබහුල ජීවන රටාව ඇතුළත ඔබ පුරුදු වී සිටින ආහාර රටාවේ ඇති ගැටලුකාරී තත්ත්වයන්ය. ඒ අඩුපාඩුකම් නිවැරදි කරගෙන හොඳ ආහාර රටාවකට ඔබ හුරු වෙනවා නම් ඔබේ ශරිර බර අඩුකර ගැනීම ඔබට එතරම් අපහසු දෙයක් නෙමෙයි. අපි කියල දෙන මේ ක්‍රම කිහිපයෙන් ඔබට පුළුවන් සතියක් වැනි කෙටි කාලයක් තුළ ඔබේ බර අඩු කරගැනීමට.

රූපවාහිනිය ඉදිරිපිට ආහාර නොගන්න…

මෙය බොහෝ දෙනෙක් විසින් සිදුකරන වරදක්. රූපවාහිනිය ඉදිරිපිට සිට රූපවාහිනිය ගැන අවධානය යොමු කරමින් ආහාර ගන්නා විට ඔබ කොතරම් ආහාර ප්‍රමාණයක් ලබා ගන්නවාද කියා ඔබටම අවබෝධයක් ලැබෙන්නේ නැහැ. මෙහිදී ඔබ ඕනෑවට වඩා ආහාර ලබා ගැනීම නොදැනුවත්වම සිදු වෙනවා. එයින් ඔබේ ශරීරයේ බර අනවශ්‍ය ලෙස වැඩි වන නිසා කිසිම විටෙකත් රූපවාහිනිය ඉදිරියේ සිට ආහාර අනුභව කිරීම සිදු නොකළ යුතුයි.

කුසගින්න දැනීමට පෙර ආහාර ගන්න…

ඔබට කුසගින්න දැනීමට පෙර ඔබ ආහාර ගැනීම ආරම්භ කළ යුතු අතර ඔබේ කුස සම්පූර්ණයෙන්ම පිරී යාමට පෙර ඔබ ආහාර ගැනීම නතර කළ යුතුයි. මොකද අපි දැඩි කුසගින්නෙන් පෙළෙන විට ආහාර ගැනීම ආරම්භ කළොත් අපි අධික ලෙස ආහාර ගැනීමට පෙළඹෙනවා. බොහෝ විට ශරීරයේ බර වැඩි වීමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස මෙය සැලකෙනවා.

එළවළු සහ පලතුරු වැඩිපුර  ආහාරට එකතුකරගන්න…

එළවළු සහ පලතුරු ආහාරයට ගැනීම ඔබේ සෞඛ්‍යයට ඉතාමත් වැදගත්. බොහෝ නැවුම් එළවළු සහ පලතුරුවල කැලරි ප්‍රමාණය අඩු වන අතර තන්තු ප්‍රමාණය බහුල වෙනවා. තන්තු බහුල එළවළු සහ පලතුරු ආහාරයට ගැනීම නිසා ඒවා ඉතා හොඳින් ජීරණය වීම සිදුවනවා. ඊට අමතරව ඒවාවල ජලය සහ තන්තු බහුල වීම නිසා අධික ලෙස ආහාර ගැනීම සහ අනවශ්‍ය ලෙස ආහාර ගැනීම අවම කරනවා.

සීනි භාවිතය අවම කරන්න…

බොහෝ දෙනෙක් අවධානය යොමු නොකරන නමුත් අවධානය යොමු කළ යුතුම කරුණක් තමයි සීනි භාවිතය. බොහෝ දෙනා කෘත්‍රිම පාන වර්ග, අධික සීනි අඩංගු රස කැවිලි වර්ග පරිභෝජනය කිරීමට පුරුදුව සිටිනවා. මේ ආකාරයට සීනි පරිභෝජනය කිරීම ඔබේ බර වැඩි වීමට ප්‍රබල හේතුවක් වනවා. ඊට අමතරව ඔබේ සෞඛ්‍ය කෙරෙහි බලපෑම් එල්ල කිරීමටත් සීනි භාවිතයට හැකියාව තියෙනවා. එම නිසා හැකිතාක් සීනි භාවිතය අවම කළ යුතුයි.

ග්‍රීන් ටී බොන්න…

ලොව පුරා බොහෝ දෙනා මේ වන විට ග්‍රීන් ටී පානයට හුරුවී සිටිනවා. ග්‍රීන් ටී පානය කිරීමේ ප්‍රධානතම වාසිය වන්නේ එමඟින් අපගේ ශරීරයේ ඇති කැලරි දහනය කිරීමේ වේගය වැඩි දියුණු කිරීමයි. මෙහිදී සීනි භාවිතය ද සිදු නොවන නිසා ග්‍රීන් ටී පානය කිරීම සෑම අතින්ම ඔබේ සෞඛ්‍යයට යහපත් වනවා. ඊට අමතරව ග්‍රීන් ටීවල ප්‍රබල ප්‍රතිඔක්සිකාරක රැසක් අඩංගු වන අතර ඒවා මඟින් පරිවෘත්තීය ක්‍රියාවලිය ද වැඩිදියුණු කරයි.

සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාරවලට හුරුවන්න…

කාර්යබහුල ජීවන රටාවක් ගත කරන බොහෝ දෙනා ක්ෂණික ආහාර සහ කෙටි ආහාර වලට හුරු වී සිටිනවා. මෙය සෞඛ්‍යයට ඉතාම අහිතකරයි. ප්‍රධාන ආහාර වේල්වලට අමතරව ලබා ගැනීමට සුදුසු කෙටි ආහාර පිළිබඳව ඔබ උනන්දු වනවා නම් ඒ සඳහා යෝගට්, පලතුරු, පිපිඤ්ඤා, ඕට්ස් වැනි දේවල් ඉතාම සුදුසුයි.

විටමින් C ආහාරයට එක්කරගන්න…

බර අඩු කර ගැනීම සඳහා සුදුසු පෝෂ්‍ය පදාර්ථයක් ලෙස විටමින් ක්‍ සැලකෙනවා. දොඩම්, නාරං, මිදි වැනි විටමින් C බහුල පලතුරු ආහාරයට එකතු කර ගැනීම සුදුසු වන අතර ඒවා ඔබේ ශරීරයට වැඩිපුර කැලරි එකතු නොකර ඔබේ බඩගින්න නිවනවා. ඊට අමතරව ශරීරයේ වැඩි මේදය දහනය කිරීමට ද විටමින් C උපකාරී වෙනවා.

ජලය වැඩිපුර පානය කරන්න

ආහාර ගැනීමට මද වේලාවකට පෙර හොඳින් ජලය පානය කළ යුතු වන අතර එමඟින් ඔබේ කුස අනවශ්‍ය ලෙස ආහාර ගැනීමෙන් වැළැක්වෙනවා. ඊට අමතරව දෛනිකව ඔබ හොඳින් ජලය පානය කළ යුතු අතර එමඟින් ශරීරයේ ඇති විෂ ඉවත් කරමින් ආහාර ජීරණ ක්‍රියාවලියද පහසු කරනවා. එයින් අනවශ්‍ය ලෙස බර වැඩිවීමද අවම කරනවා.

හොඳ ව්‍යායාම රටාවක් අනුගමනය කරන්න…

හොඳ ආහාර රටාවකට හුරු වීම කෙරෙහි අවධානය යොමු කරනවා වගේම ව්‍යායාම රටාවක් අනුගමනය කිරීමටත් ඔබ අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතුයි. මේ සඳහා ඔබ මුලින්ම ඔබේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය වෛද්‍යවරයෙකු මඟින් පරික්ෂා කරවාගෙන ඉන්පසුව සුදුසුකම් ලත් උපදේශකවරයෙකු ගෙන් ඔබට සුදුසු ව්‍යායාම රටාවක් පිළිබඳව උපදෙස් ලබා ගත යුතුයි. එසේ ව්‍යායාම කිරීම මඟින් ද ඔබේ ශරීරයේ කැලරි හොඳින් දහනය කිරීම වගේම ක්‍රියාශීලී බව වැඩි කිරීම, අනවශ්‍ය ලෙස බර වැඩි වීම වැළැක්වීම සහ මාංශ පේශීන් ශක්තිමත් කිරීම වැනි වාසි ලබාගත හැකියි.

මේ උපක්‍රම අනුගමනය කිරීමෙන් සතියක් වැනි කෙටි කාලයක් තුළ ඔබේ ශරීරයේ බර අඩු කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. නමුත් මෙම උපක්‍රම අනුගමනය කිරීම සතියකට සීමා කළ යුතු නැහැ. මේ සෑම පුරුද්දක්ම ඔබේ එදිනෙදා ජීවිතයට හුරු කර ගැනීමයි ඔබ කළ යුතු වන්නෙ.

(smartlady.lk ඇසුරෙන්)

අර්චිත ඉඳුවර

TAGGED: How to lose weight, Vitamin C, බර අඩුකරගැනීම, විටමින් C
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බොන්සායි ගහ බබෙක් වගේ බලාගන්න

September 25, 2023

පිළිකා නසන ඉඟුරු තේ

September 25, 2023

ලෝකයා ඉදිරියේ ක්‍රිකට් පරාජය වැසූ ප්‍රේමදාස පිටියේ සැබෑ වීරයන්

September 25, 2023

උරහිස ගල්වෙලා වගේ ඔයාලටත් දැනෙනවාද

September 25, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?