නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: කෘතිම බුද්ධිය යොදාගෙන හදන සෙල්ලම් බඩුවලින් බබාව පරිස්සම් කරගන්න
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

කෘතිම බුද්ධිය යොදාගෙන හදන සෙල්ලම් බඩුවලින් බබාව පරිස්සම් කරගන්න

Published July 17, 2023

කෘත්‍රිම බුද්ධිය යොදා ගත් විවිධ උපාංග අද වන විට සමාජයේ බොහෝ කටයුතු වෙනුවෙන් යොදා ගෙන තිබෙනවා. ඒ වගේම බාල වයසේ පසුවෙන දරුවන් පවා කෘත්‍රිම බුද්ධිය සමග ගනුදෙනු කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා .නමුත් බාල වයසේ දරුවන් සඳහා කෘතීම බුද්ධිය සම්බන්ධ කර ගැනීම අප සිතන තරම් සුන්දර කතාවක් නොවන බවටත් දැන් පර්යේෂකයන් විසින් අනතුරු අඟවා තිබෙනවා. මේ වන විටත් ආසියානු සෙල්ලම් බඩු සමාගමක් වන VTech විසින් කැමරා සහ Walkie Talkie වැනි සෙල්ලම් බඩු වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා.

මෙම සමාගමේ ප්‍රධාන විධායක ඇලන් වොන්ග් සඳහන් කරන අන්දමට 2028 වසර වන විට කෘත්‍රිම බුද්ධිය යොදා ගත් සෙල්ලම් බඩු වෙළඳපොළට හඳුන්වා දීමට මෙම සමාගම විසින් අදහස් කර තිබෙනවා. කෘත්‍රිම බුද්ධිය යොදා ගත් ටෙඩි බෙයාර් වැනි සෙල්ලම් බඩු නිසා දරුවන්ට කතන්දර පොතක් කියා දීම වෙනුවට ඔවුන්ට මේ කෘත්‍රිම බුද්ධිය සමග ගනුදෙනු කිරීමට සහ සංවාද පැවැත්වීමට අවසරයක් ලැබෙන බව වොන්ග් සඳහන් කරනවා.

ඒ නිසා දෙමව්පියන්ටත් දරුවන් නින්දට යන විට කතන්දර කියා දෙන කාලය ඔවුන්ගේ කටයුතු සඳහා යොදා ගැනීමට අවස්ථාවක් සැලසෙන බැව් ඔවුන්ගේ අදහස වී තිබෙනවා. කාලයත් සමග දරුවා මෙම කෘත්‍රිම බුද්ධිය යොදා ගත් සෙල්ලම් බඩුවේ හොඳම මිතුරා බවට පත් වෙනවා.

එවිට ඔවුන් තමාගේ ජීවිතයේ අතිශය පෞද්ගලික තොරතුරු පවා මෙම සෙල්ලම් බඩු සමග හුවමාරු කරනවා. එයින් දෙමව්පියන්ගේ පෞද්ගලිකත්වය පවා නිරාවරණය වීමට ඉඩ තිබෙන බවත් ඔවුන් පෙන්වා දෙනවා. එය ඒ තරම් හොඳ ප්‍රවණතාවයක් නොවෙයි. 1990 දශකයේදී හඳුන්වා දෙන ලද Furby toy සෙල්ලම් බඩුව ක්‍රියා විරහිතව අවස්ථාවකදී පවා සවන්දිය හැකි  මයික්‍රොෆෝනයක් සවි කර තිබුණා.

● නමුත් ප්‍රවේසමෙන්…

දරුවන්ගේ අනාගත සෙල්ලම් බඩු වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය හඳුන්වා දීම පිළිබඳව දෙවරක් සිතීම අවශ්‍ය බවටත් යම් අනතුරු ඇඟවීමක් තිබෙනවා. කෘත්‍රිම බුද්ධිය යොදා ගත් ටෙඩි බෙයාර් වැනි සෙලල්ම් බඩු වලදී මීටර් 200 ක් දුරින් සිටයත් දරුවන් සමග අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව තිබෙනවා. මේ නිසා දරුවන්ගේ පුද්ගලික තොරතුරු ඉතා සූක්‍ෂ්ම අන්දමින් සොරකම් කර ගැනීමේ හැකියාවක් ලැබෙන බවත් අමතක කළ යුතු නැති බවට ESET හි ආරක්ෂක විශේෂඥ ජේක් මුවර් විසින් සඳහන් කරනවා. 5rights Foundation සමාගම විසින් 2021 වසරේදී අන්තර්ජාලය හරහා දරුවන්ට ක්‍රිඩා කළ හැකි ‘Twisted Toys’ නමින් සෙල්ලම් බඩු පරාසයක් හඳුන්වා දුන්නා.

මෙම සෙල්ලම් බඩු තුළ දරුවෙකුට දත්ත රැස් කරගෙන බෙදා හැරීමේ හැකියාව ඇති  Share Bear සහ සෑම අවස්ථාවකදීම සුපරික්ෂාකාරීව ක්‍රියා කළ හැකි Pocket Troll උපාංගයක්ද ඇතුළත් වී තිබුණා. ඒ වගේම නාඳුනන පුද්ගලයන් සමග තඛා කිරීමේදී භාවිතා කළ හැක. ‘Stalkie talkie’ උපකරණයක්ද ඇතුළත් කර තිබුණා. ඒ වගේම දරුවන් වෙනුවෙන් වූ ටෙඩි බෙයාර් වැනි සෙල්ලම් බඩු සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගන්නවා නම් ඒ ගැන තව දුරටත් අධ්‍යයනයන් අවශය බැව් බොහෝ පර්යේෂකයන්ගේ අදහස වී තිබෙනවා. දරුවන් පරිණත නැහැ ඒ නිසා ඔවුන්ට කෘත්‍රිම බුද්ධිය සමග ගනුදෙනු කිරීමේදී දරුවාගේ පෞද්ගලිකත්වයට සිදු විය හැකි අනතුරු බහුලයි. ඒ නිසා මෙවැනි උපාංග වෙළඳපොළට හඳුන්වා දීමට පෙරාතුව ඒ ගැන අධ්‍යයනයක් සඳහා පිරිවැයක් දැරීමට සිදු වුණත් දරුවන්ගේ යහපත වෙනුවෙන් එය අනිවාර්යෙන්ම සිදු විය යුත්තක් බැව් බොහෝ විචාරකයන්ගේ අදහස වී තිබෙනවා. ඉතා සරලව කිවහොත් වර්තමානයේදී ඔබ ඒ වෙනුවෙන් යොදන පිරිවැය අනාගත පරම්පරාව වෙනුවෙන් වූ ආයෝජනයක් බැව් අමතක කරන්නත් එපා.

(MailOnline ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Artificial Toys, Toys, Toys for Babies, සෙල්ලම් බඩු
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

අහසට යන මුල්ම අම්මයි දුවයි

September 18, 2023

ෆෝන් එකක් ගත්තට මදි හරියට චාජ් කරන්න ඉගෙනගන්න

September 18, 2023

හරි බදුනක සිටුවිය යුතු බොන්සායි ගස්

September 18, 2023

අත් හැරීම පුරුදු කළ සිත්වලට ඕනම දේත් අතහරින්න පුළුවන්

September 18, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?