නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: මානසික ආතතිය පාලනය කරන්න චිත්‍ර සහ පාටවලට පුළුවන්
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

මානසික ආතතිය පාලනය කරන්න චිත්‍ර සහ පාටවලට පුළුවන්

Published July 10, 2023

මානසික ආතතිය බොහෝ රෝගාබාධයන්ට හේතු වෙනවා. සාමාන්‍ය ජනවහරට පවා කියැවුණ අන්දමට ඇඟේ ලෙඩට බෙහෙත් තිබුණත් හිතේ ලෙඩට බෙහෙත් නැහැ. ඒ බැව් අද වන විට විවිධ අධ්‍යයනයන් මගින් පවා සනාථ වී අවසානයි. නින්ද පිළිබඳ ගැටලුවල පටන් හෘදයාබාධ වැනි මාරාන්තික රෝග තත්ත්වයන් ඇති වීමේ චෝදනාව ලබන මානසික ආතතිය පාලනය කර ගැනීමත් පුද්ගලයාටම බාර වී තිබෙන කටයුත්තක්. හුස්ම ගැනීම පිළිබඳ ව්‍යායාම, භාවනා කිරීම මානසික ආතතිය සඳහා වූ ඉතා සාර්ථක ක්‍රමෝපායන් ලෙසින් මේ වන විටත් පිළිගෙන තිබෙනවා.

ඒ අතරින් ඔබ නොදන්නවා වුණත් මනස සන්සුන් කරන ආකාරයේ චිත්‍ර සහ වර්ණ නිසාත් ඔබට මානසික ආතතිය ඉතා පහසුවෙන් පාලනය කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. සැන් දියාගෝ විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය සැන්ඩ්‍රා සෙගොටාස් ඉමේච් සඳහන් කරන අන්දමට අපි එදිනෙදා ජීවිතයේදී ප්‍රසන්න සිතුවම් දෙස බැලීම නිසා මානසික වෙහෙස බොහෝ දුරට අප විසින්ම පාලනය කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. ඔවුන්ගේ අධ්‍යයනය මගින් පෙන්වා දෙන්නේ මේ අන්දමින් විසිතුරු වූද, ප්‍රසන්න වූද පරිසර තත්ත්වයන් සිතුවමක්, ඡායාරූපයක් හෝ වීඩියෝවක් මගින් වුව දකින විට මොළයේ රුධිර සංසරණය යහපත් වී මානසික සිතුවිලි ඉතා යහපත් මට්ටමින් පවත්වා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා.

■ සතිමත් භාවනාවක්

ඔබ මේ ගැන ඉතා සරලව සිතුවත් මනස සමාධිගත කරන චිත්‍ර, සිතුවම් සහ වර්ණ සතිමත් භාවනාවක් බැව් දැන් විවිධ අධ්‍යයනයන් මගින් පවා පිළිගෙන තිබෙනවා. ඒ අනුව සිත නිවන භාවනාවක් බවට පත් වන දර්ශන ගැනත් ඔවුන් අපට සඳහන් කරනවා.

■ හරිත පරිසරය

හරිත වර්ණයෙන් බබලන පරිසරයක් දැන් අපට ඇස පුරා දැක බලා ගැනීමට සැබැවින්ම අවස්ථාවන් නැහැ. පරිසරයට සමීප පුද්ගලයන්ගේ මානසික ආතතිමය තත්ත්වයන් බොහෝ දුරට අඩුයි. අතීතයේ අපේ සමාජය තුළ පැවැති හරිත පරිසරය නිසා ඔවුන් මානසික සැැහල්ලුවෙන් කාලය ගත කළා. නමුත් අද වන විට පාරිසරික ගැටලු නිසා ගහ කොළ පිරුණ පරිසරයක් බොහෝ විට චිත්‍රයකට සිතුවමකට හෝ වීඩියෝ පටයකට සීමා වී තිබෙනවා. නමුත් මේ අන්දමින් සුන්දර පරිසරයක් ඇස පුරා දැක ගැනීමෙන් මානසිකව සැහැල්ලුවක් ඇති වෙන බැව් පර්යේෂකයන්ගේ පිළිගැනීම වී තිබෙනවා.

ඔබ සුන්දර පරිසරය පිළිබඳ දර්ශනයක් දකිත්ම මොළය සන්සුන් කරන අතර මානසිකවත් යම් සැහැල්ලුවක් සිතේ ගොඩනනවා. ඒ නිසා කලබලකාරී නාගරික ජීවිතය සමග ගැටෙන සහ අවිවේකී ජීවන රටාව නිසා මානසිකව හෙම්බත්ව සිටින පුද්ගලයන්ට ඔවුන්ගේ මානසික ආතතිය දුරු කර ගැනීමට හරිත පරිසරයක් සහිත දර්ශන ඉතා හොඳ තෝතැන්නක් බැව් දැන් පිළිගත් සත්‍යක් බැව් අමතක නොකළ යුතුය.

● මුහුද

සාමාන්‍යයෙන් අප කාටත් මුහුද දෙස කොපමණ වේලාවක් බලා ගෙන සිටියත් එහි ඇති වීමක් නැහැ. ඒ බැව් අප අත්දැකීමෙන්ම දන්නවා. පර්යේෂකයන් පවා පෙන්වා දෙන අන්දමට මුහුදක් සහිත දර්ශනයක් දෙස බලා සිටීම පවා මානසික ආතතිය දුරු කිරීමට ඉවහල් වෙනවා. නෙදර්ලන්තයේ Vrije විශ්ව විද්‍යාලය මගින් පවත්වන ලද අධ්‍යනයේදී පුද්ගලයන් 46 දෙනෙකුට එදිනෙදා පරිසරයේදී දක්නට ලැබෙන ආකර්ශනීය වස්තූන් දෙස බැලීමට අවස්ථාව සලසා දුන්නා.

අදාළ කාලයේදී අධ්‍යයනයට සහභාගී වුණ කණ්ඩායමේ පුද්ගලයන්ගේ හද ගැස්ම, ඔවුන්ගේ සාමාන්‍ය හැසිරීම, ස්නායු පිළිබඳ වාර්තාව International Journal of Environmental Research and Public Health මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මානසික ආතතියට පත් තවත් කණ්ඩායමක් තෝරා ගෙන ඔවුන් සඳහා හරිත පරිසරයක් නැරඹීමට අවස්ථාව ලබා දුන්නා. අධ්‍යයනය අවසානයේදී ලබා ගත් දත්ත අනුවත් මේ පිරිස අධ්‍යයනයට සම්බන්ධ වන මුල් අදියරේදී ඔවුන් තුළ දක්නට ලැබුණ මානසික වෙහෙස පරිසරයට සම්බන්ධ වීමෙන් පසුව බොහෝ දුරට අවම මටට්මක් වෙත පත් වී තිබුණා.

ක්වින්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද තවත් අධ්‍යයන වාර්තාවක සඳහන් වන අන්දමට කාර්යාල පරිශ්‍රයක ගහ කොළ පිරුණ හරිත වටපිටාවකින් යුක්ත වූ විට එම ආයතනෙයේ සේවය කරන පිරිසගේ ආතතිමය තත්ත්වයන් බොහෝ දුරට අඩු කර ගැනීමටත් අවස්ථාව ලැබෙන බැව් ඔවුන් විසින් සිදු කරන ලද අධ්‍යයනයන් මගින් පෙනී ගොස් තිබෙනවා.

● පාරිසරික රටා

ඔබ ශාකයක පත්‍රයක් දෙස බලන්න. එහි නාරටි සහ පත්‍ර මත වැටුණ විවිධ රටාවන් තිබෙනවා. සිප්පි කටුවක, මල් පෙතත්ක තිබෙන යම් යම් සුන්දර රටාවන් ස්වභාව ධර්මයේ මහිමයෙන් ලද දායාද ලෙසින් අප සලකනවා. මෙවැනි සිතුවම් සහිත චිත, ඡායාරූප දෙස බැලීම පවා මානසික ආතතිය දුරු කිරීමට හේතුවක් බැව් 2021 වසරේ ප්‍රකාශයට පත් අධ්‍යයන වාර්තාවක් මගින් පෙන්වා දෙනවා.

● මානසික ආතතිය දුරු කරන වර්ණ

මානසික ආතතිය දුරු කිරීමට නිල් සහ කොළ වර්ණ හේතුකාරක බැව් දැන් පිළිගෙන තිබෙනවා. සැබැවින්ම කොළ යනු අප වටා ඇති පරිසරයයි. නිල් පැහැයෙන් වලාකුළු සහිත ආකාසයයි. මෙවැනි වර්ණ මගින් අපේ මනස සමාධිගත කරන අතරම සිතුවිලි නිරවුල් කිරීමටත් සමත් බැව් දැන් හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම නිල් වර්ණය නිසා රුධිර පීඩනය යහපත් අන්දමින් පවත්වා ගැනීමට හේතුවක් වෙන බවටත් පර්යේෂණ වාර්තා සඳහන් කරනවා. සෑම දිනකම මේ අන්දමේ සිතුවම් හෝ ඡායාරූප බැලීමට අවස්ථාවක් නොමැති විය හැකි වුවත් අවම වශයෙන් සතියකට දෙතුන් වතාවක් හෝ මෙවැනි දර්ශනීය සිතුවම් දැක බලා ගැනීම මනසට අස්වැසිල්ලක් විය හැකියි.

(https://www.health.com/condition/stress/relaxing-imagesto-destress ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Stress, Stress Control, මානසික ආතතිය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

වස් කාලයේ දෙන දානයේ පින වැඩිද

September 18, 2023

ඔබව හිගන්නෙක් කරන්න වාස්තුවලට පුළුවන්

September 18, 2023

ත්‍රිල් එකේ ගෙදර Clean කරන්න මේ ක්‍රම අනුගමනය කරන්න

September 18, 2023

විසිතුරු මාළු විතරක් නොවේ ජලජ පැළෑටි පිටරට යවල සල්ලි හොයන්න පුළුවන්

September 18, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?