නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: දවස් 44 ක් අඛණ්ඩව දූෂණය වූ ජපන් බෝනික්කි
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

දවස් 44 ක් අඛණ්ඩව දූෂණය වූ ජපන් බෝනික්කි

Published July 3, 2023

ඔබ අතිශය සංවේදී නම් කියවන්න එපා!!!

කාන්තාවන්ට සිදුවන හිංසනයන් ගැන අපිට ලෝකයේ විවිධ රටවලින් නිරන්තරයෙන් අහන්න ලැබෙනවා. මේ නිසාම කාන්තා හිංසනයන්ට එරෙහි නීති රීතින්ද දැඩි වෙමින් පවතිනවා. අපි මේ කතා කරන්න සුදානම් වන්නේ ඉතිහාසයේ එවැනි කාන්තාවකට සිදුවූ ඛේදනීය සිදුවීමක් ගැනයි. මෙය ඉතිහාසයේ වාර්තා වන්නෙ ලොව කාන්තාවකට සිදුවූ දරුණුම වද හිංසනය ලෙසයි. ඇය කෙතරම් අමානුෂික ලෙස හිංසනයට ලක් වුණාද කිවහොත් මෙම නඩුව උසාවියේදී විභාග කෙරූ අවස්ථාවේදී උසාවියේ සිහි නැතිව ඇඳ වැටුණු කාන්තාවන් ගණන අපමණයි. මෙය ඇත්තෙන්ම ලේසි පහසු නඩු වාරයක් වුණේ නෑ.

ඒ 1988 නොවැම්බර් මාසය 25 වැනි දිනයයි. මිසාටෝ නගරයේ ජීවත් වූ ජනතාවට එදා සුන්දර දිනයක් වුවත් එය පාසල් තරුණියක වූ ජුන්කෝට අපායට දොර විවර වූ දිනයයි. ජුන්කෝ දහසය හැවිරිදි දැරියක්. ජපන් බෝනික්කි කියන අන්වර්ථ නාමයට සුදුසු තරමේ රූමතියක් වන ඇයට ආදර යෝජනා වලින් අඩුවක් තිබුණේ නෑ. ඇය පාසලේ තරමක් කැපී පෙනන චරිතයක් වූ නිසා සමහරුන් ඇයට ඊර්ෂ්‍යා කළා. එවකට ජපානයේ පාසල් ළමුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ වූ අතර ඇය ඒවාට තදින්ම විරුද්ධ විය. මෙය සමහරුන්ට දිරවූයේ නැත. ජපානයේ ප්‍රසිද්ධ මැරකල්ලියක් වූ යකුසා කල්ලියට සම්බන්දකම් කියන හිරෝෂි මියානෝ යන තරුණයාද ඇයගේ පාසලේම සිසුවෙක් විය. හිරොශි හට ජුන්කෝ කෙරෙහි ආශාවක් ඇතිවිය.

නමුත් එය ආදරයක් නොවීය. පසුව දහ අට හැවිරිදි හිරෝෂි මියානෝ ඇයට කළ අයුතු යෝජනාව ප්‍රතික්ෂේප වන්නෙ ජුන්කෝගේ මිතුරියන් ඉදිරියේමයි. මේ ප්‍රතික්ෂේප වීම නිසා ඔහුට කෝපයක් හට ගන්නවා. ඔහු ජුන්කෝව දින ගණනක්ම පසුපස ලුහුබැඳ තිබෙනවා. අනතුරුව තර්ජනය කරන්නට පවා පැකිලී නැහැ.

ජුන්කෝ පාසල අර්ධකාලීන රැකියාවක නිරත වූ තරුණියක්. ඇය සේවය අවසන්ව නිවසට යන්නේ රෑ බෝ වූ පසුවයි. මග රැක සිටි මියානෝ දිනක් ජුන්කෝව තවත් මිතුරන් තිදෙනෙකු හා එක්ව පැහැර ගන්නවා. එමෙන්ම ඔවුන් ඇය හට බලකර තමා නිවසෙන් යන බවත් අනතුරක් නැති බවත් ජුන්කොගේ දෙමාපියන්ට කීමට උපදෙස් දී ඇත. ඉන්පසු ඔවුන්ගේ එක් අයකුගෙ නිවසකට ඇය රැගෙන යන්නේ වධකාගාරයකට රැගෙන ගියා හා සමානවයි.

ඔවුන් යටතෙ සිටි දවස් 44 ඇතුළත ඇය නොයෙකුත් ආකාරයේ කිවනොහැකි වදහිංසාවලට ලක්විය. සෑම විටම ඇයව නිර්වස්ත්‍රව තබා ඇති අතර ඇයව සෑම දිනකම ලිංගික දූෂණයට ලක්ව ඇත. යකුසා කල්ලියෙ අනිත් මැර සාමජිකයින්ටද මෙයට ආරධනා කර ඇත. එම දින 44 තුළ 100  ඉක්ම වූ පිරිසක් ඇයව දූෂණය කර ඇති බවට පරීක්ශණ වලින් හෙලිවී තිබෙනවා. එමෙන්ම ඇය දිනකට විවිධ පුල්ගලයින් 12 ක් මගින් දූෂණයට ලක්ව ඇති අතර දින 44 තුල 500 වතාවක් පමණ දූෂණය වී ඇති බව හෙළිවිය.

ආහාර සහ වතුර සීමිත ප්‍රමාණයක් පමණක් ඇයට දී ඇති අතර කැරපොත්තන් වැනි සතුන්ද ආහාරයට ගැනීමට බලකර ඇත. ඇගෙ මරණ වාර්තාවේ ඇති ආකාරයට ඇයට ගොල්ෆ් පිති වලින් පහරදී ඇය මතට මුත්‍රාකිරීමෙන් විනෝදයක් ලබා ඇත.

එමෙන්ම කායවර්ධකයින් යොදාගන්නා ඩම්බල් ඇය මතට අතහැර ඇත. ලයිටර් සහ දුම්වැටි මගින් ශරීරය පුළුස්සා යකඩ කූරූ, නොයෙකුත් උපකරණ ඇගේ ලිංගේන්ද්‍රිය තුළට යවා ඇත. එසේ යැවූ රත්වූ බල්බයක් ලිංගෙන්ද්‍රය ඇතුල් කිරීමෙන් අනතුරුව පුපුරා ඇත. එයින් ඇති වූ රුධිර වහනය නිසා දුර්වල වී සිටී ජුන්කෝ තවත් දුර්වල වීමට පටන්ගත් අතර තවද අඩුවක් මගින් පියයුරු ඇද ඉරාදමා ඉදිකටු මගින් පියයුරු සිදුරුකර ඇත.

මෙවැනි දෑ සිදු වෙද්දී පවා ඇයට මද හෝ සිහියක් තිබීම මේ සිදුවීමේ ඇති දරා ගැනීමටම නොහැකි තත්ත්වයයි. වේදනා ඉවසන්නට නොහැකිව ජුන්කෝ තරුණයන් බීමත්ව සිටින අවස්ථාවක පොලීසියට ඇමතුමක් ගන්නට ක්‍රියා කරනවා. එය අසාර්ථක වන්නෙ තරුණයන්ට අසුවීමෙන්. ඔවුන් ඇය වේදනාවෙන් විලාප තබද්දීම ඇගේ දෙපා වලට ඉන්ධන දමා ගිනි තබනවා. අධික වේදනාවෙන් හිඳින ජුන්කෝගේ එකම ඉල්ලීම වූණේ ජීවිතය නොව මරණයයි.

නමුත් එය ඇයට පහසුවෙන් ලැබෙන්නේ නැහැ. මේ වනවිට දෙසැම්බරයේ ශීත කාලය පැමිණෙනවා. ඒ වෙද්දි ඇඟේ ඉන්ද්‍රියන් අකර්මණ්‍ය වී කන් බෙර පුපුරා අස්ථි තැලීමට ලක් වී තිබුණි. අනතුරුව තරුණයන් ඔවුන් සමග ජපන් ක්‍රීඩාවක නිරත වන්නට ඇයට ආරාධනා කළ බවත් අසීමිත වේදනා සහ අඩ සිහියකින් සිටි ඇය දක්ෂ ලෙස ඒ තරගය ද ජයගත් බවත් වාර්තා වල සඳහන් වෙනවා. ඒත් සමගම ඔවුන් වඩා කෝප වී ඇත.

ඉන්පසු ඇරඹෙන දඬුවම් නිසා දින හතලිස් හතරකට පසු ඇගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. නව වසර ලබන්නෙ අප්‍රමාණ දුක් විඳි ඇගේ ජීවිතය අවසන් කරමින්. මෙහි ලියූ නොලියූ දරුණු ලිංගික සහ කායික හිංසා වලින් මිදී ජුන්කෝ මියයන්නේ ඇගේ සිරුරට කරන දේ ගැන තරුණයන්ට තවත් ගැටලුවක් ඉතිරි කරමින්. අලුත් අවුරුදු උදා වනවිටම ඒ අමනුෂ්‍ය තරුණයන් ජුන්කෝගේ මළ ශරීරය වළලා දමන්නේ බැරලයක් තුළට දමා ඒ මත කොන්ක්‍රීට් දැමීමෙන්. මෙලෙස කොන්ක්‍රීට් බැරලයක් තුළ සිර කරන ලද ජුන්කෝගේ සිරුර ඔවුන් ටෝකියෝ නගරයට ගෙන එනවා.

යකූසා කල්ලියේ සාමාජිකයන් ජුන්කෝට අමතරව පාසල් යෞවනියන් කිහිපදෙනෙකුම අපයෝජනයට ලක් කර තිබූ බවත් පැවසෙනවා. ඔවුන්ගේ පාතාල සබඳකම් නිසා ගුරුවරුන් පවා ඔවුන්ට බියක් දක්වා තිබෙනවා. ජුන්කෝගේ සිදුවීම අනාවරණය වෙන්නෙ වෙනත් තරුණියක් අපයෝජනය කිරීම ගැන ඔවුන්වු ප්‍රශ්න කළ අවස්ථාවකදී. ඒ වනවිට ඔවුන් බාලවයස්කාරයින් වූ නිසා හිරොශිට වසර 20 කුත් අනිත් අයට ඊට අඩුවෙනුත් සිරදඬුවමක් හිමිවිය.

පසුව 2004 වසරේදී Concrete නම් ජනප්‍රිය චිත්‍රපටි නිපදවන්නේ ජුන්කෝගේ ඛේදනීය සිදුවීම ඇසුරින්. ලෝකය ඉතා භයානක තැනක් වී අවසන්. ඔබේ දියණිය නපුරෙන් ගලවා ගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඔබේ පුතාද අයහපතෙන් වළක්වා ගැනීමත් අත්‍යවශ්‍ය දෙයක්. නීතිය මගින්වත් නිසි සාධාරණයක් ඉටු නොවූ ජුන්කෝ ෆුරූටාගේ මෙන් කතා නැවත ඇසෙන්නට නොලැබෙනවානම් වටින්නේය.

(අන්තර්ජාලය ඇසුරෙන්)

● අර්චිත ඉඳුවර

TAGGED: abducted, Japanese Girl, Junko Furuta, Murder of Junko Furuta, raped, tortured, අඛණ්ඩව දූෂණය වූ ජපන් බෝනික්කි, ජුන්කෝ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad2
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

විසිතුරු මාළු විතරක් නොවේ ජලජ පැළෑටි පිටරට යවල සල්ලි හොයන්න පුළුවන්

September 18, 2023

ජීවිතය දිනන්නනම් හැමදේකම හොඳ දකින්න

September 18, 2023

Harry Potter ට පණ දුන්  J.K  රෝලින්

September 18, 2023

දුබල අස්ථිවලට ප්‍රතිකාර හරි හෙළ වෙදකමේ තියෙනවා

September 18, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?