නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: හිස් කබලේ හැඩය වෙනස් කරන්න හෙඩ්ෆෝනයට පුළුවන්
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

හිස් කබලේ හැඩය වෙනස් කරන්න හෙඩ්ෆෝනයට පුළුවන්

Published July 3, 2023

නිදහසේ ගීතයක් අසන්නට වූ විට බොහෝ උදවිය ඒ වෙනුවෙන් හෙඩ් ෆෝන් පැළඳීම සුලබව සිදු වන්නක්. ඒ වගේම අධ්‍යාපන කටයුතුවලදී, පුස්තකාලවල ඇතැම් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය භාවිත කිරීමේදී තවත් අයෙකුට අපහසුවක් වීම වළක්වා ගැනීමට හෙඩ් ෆෝන් භාවිත කිරීම සිදු වෙනවා. නමුත් දිගින් දිගටම දවසේ වැඩි වේලාවක් මෙම උපාංග හිසේ පැළඳගෙන සිටීම නිසා ඇති විය හැකි සංකුලතාවයන් ගැනත් දැන් පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

■ හිසරදය

හිසරදය වැනි රෝග තත්ත්වයන් ඉතා සුලබ වුණත් බොහෝ විට හෙඩ්ෆෝන් පළඳින පුද්ගලයන් මිග්‍රේන් තත්ත්වයට පත් වීමට වැඩි අවදානමක් තිබෙනවා. හෙඩ්ෆෝන් වගේම කනට පළඳින උපාංග වෙතින් මුදා හරින විද්‍යුත් චුම්බක තරංග මගින් හිසට වගේම කනට ඇති කරන බලපෑම නිසා මිග්‍රේන් තත්ත්වය ඇති වෙනවා. එපමණක් නොව නින්ද පිළිබඳ ගැටලු වගේම Insomnia රෝග තත්ත්වයටත් හේතු වෙනවා.

ගීතයක් හුදෙකලාව වින්දනය කිරීමට අවස්ථාවක් ලැබුණත් හෙඩ්ෆෝන් භාවිතා කිරීම නිසා හිසේ හැඩය වෙනස් වන බවට අනතුරු දැක්වීමක් තිබෙනවා. නමුත් මේ තරම් ඝනකම් ඇති හිස් කබලේ හැඩය වෙනස් වෙන බව කිව්වොත් ඔබටත් ඒ ගැන යම් කුතුහලයක් ඇති වෙන්න පුළුවන්.

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේදී සිදු කරන ලද අධ්‍යයනයක් මගින් පෙන්වා දෙන්නේ අඛණ්ඩව හෙඩ්ෆෝන් භාවිත කිරීම නිසා අවධානය පිළිබඳ ගැටලු ඇති වීමේ වැඩි ඉඩක් තිබෙන බවයි. මේ සඳහා වූ අධ්‍යයනය වෙනුවෙන් විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් සම්බන්ධ කරගත් අතර එහිදී පෙනී ගියේ අඛණ්ඩව හෙඩ්ෆොන් භාවිතා කිරීම නිසා බොහෝ දරුවන්ගේ අවදානය පිළිබඳ ගැටලු දක්නට ලැබුණා.

■ තරුණ අයගේ කන් ඇසීම

සාමාන්‍යයෙන් තරුණ වයසේදී කන් ඇසීම ඉතා යහපත්. ජීව විද්‍යාත්මකව වයසට යන විට කන් ඇසීමේ ගැටලු ඇති වීම ස්වභාවිකයි. නමුත් විවිධ අධ්‍යයනයන් මගින් හඳුනා ගෙන ඇති අන්දමට හෙඩ්ෆෝන් පළඳින තරුණ වයසේ පසුවන උදවියගේ කන් ඇසීමේ හැකියාව දැන් බොහෝ දුරට අඩු වීමේ ප්‍රවණතාවයක් ඇති වී තිබෙනවා. උපතේදී අපට ලැබෙන ශ්‍රවණ සෛල අතරින් එකක් හෝ විනාශ වුණොත් ඒවා නැවත ප්‍රතිස්ථාපනය කිරීමට හැකියාවක් නැහැ. හෙඩ් ෆෝන් භාවිතා කිරීමේදී මෙම සෛල විනාශ වීමට තිබෙන හැකියාව ඉතා ඉහළයි. ඒ වගේම හෙඩ් ෆෝන් භාවිතය නිසා Tinnitus තත්ත්වය ඇති වීමටත් ඉඩ තිබෙනවා.

■ සමේ ආසාදන ඇති වීම

හෙඩ්ෆෝන් කන මත පළඳන විට සහ බොහෝ අය සංගීත නාදයන්ට අනුව ව්‍යායාම කිරීමට යෑමේදී මෙම උපාංග මත දහඩිය තැවරෙනවා. ඒ මත හානිකර බැක්ටීරියා වර්ධනයට අවශ්‍ය හිතකර පරිසරයක් නිර්මාණය වෙනවා. එම උපකරණ සමේ ස්පර්ශ වීම සිදු වුණොත් කුරුලෑ සහ සමේ ආසාදන පවා ඇති වීමට ඉඩ තිබෙනවා.

■ කරකැවිල්ල

හෙඩ්ෆෝන් පැළඳගෙන ශබ්දයන්ට සවන් දීම නිසා හිස කරකැවිල්ල ගතිය ඇති වෙනවා. හෙඩ්ෆෝන් හි ඇති “ඉයර් බඩ්” කොටස කන ඇතුළත රඳවා ගත් විට කනේ ස්නායුව උත්තේජනය වීමට පටන් ගන්නවා. එවිට කන තුළ අස්වාභාවික පීඩනයක් නිර්මාණය වෙනවා.

■ කලාඳුරු ගැඹුරට තල්ලු වීම

කලාඳුරු නිසා අපේ කන ස්වභාවිකව ආරක්ෂා වෙනවා. මෙම කලාඳුරු ස්වභාවිකවම කන් කුහරය ඔස්සේ පිටතට ඒම සිඳු වෙනවා. හෙඩ්ෆෝන් භාවිතය නිසා එසේ බැහැරට එන කන් කලාඳුරු අවහිර වී තැන්පත් වීම සිදු වෙනවා. ඒ නිසා කන තුළ ආසාදන තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම හෙඩ්ෆෝන් සවි වන නිසා කලාඳුරු ශ්‍රවණ නාලය ඇතුළතට තල්ලු වෙනවා. ඒ නිසා කන ආශ්‍රීත කැක්කුම් වැනි වේදනාවන් ඇති වීමටත් ඉඩ තිබෙනවා.

හිසේ හැඩය වෙනස් වීම හෙඩ්ෆෝන් වල ඇති ලෝහ කොටස හිසේ සමට තද වීම නිසා කාලයත් සමග සුළු වශයෙන් හිසේ හැඩය වෙනස් වීමට ඉඩ තිබෙන බවටත් අනතුරු දැනුම් දිම් තිබෙනවා. සමාජ සත්කාර ක්‍රියාකාරී පුද්ගලයෙකු වූ “ කර්ට්ස් ” පසුගිය දිනක පිළිකා රෝගීන් වෙනුවෙන් වූ වැඩසටහනක් සඳහා තමාගේ හිස මුඩු කරනු ලැබුවා. එහිදී ඔහුට තමාගේ හිසේ හැඩය වෙනස් බැව් පෙනී ගියා. මේ ගැන සිදු කරන ලද අධ්‍යයනයක් මගින් පෙනී ගියේ නිරන්තරව හෙඩ්ෆෝන් පැළඳ සිටීම නිසා හිසේ පෙනුමේ වෙනසක් වී ඇති  බවයි.

 ■ අඩු ශබ්දයකින්

නිතරම ඩෙසිබල් 60 ට වඩා අඩු ශබ්දයක් පවත්වා ගන්න. ඩෙසිබල් 80 කට වැඩි ශබ්ද නිසා කනට වැඩි හානියක් සිදු වීමට පුළුවන්.

■ නිතරම පිරිසිදු කරන්න

හෙඩ්ෆෝන් නිසා ආසාත්මිකතාවයන් ඇති විය හැකි බැව් ඔබ දන්නවා. ඒ නිසා නිතරම ඔබේ කන ආශ්‍රිත ප්‍රදේශය හොඳින් පිරිසිදු කරන්න. එවිට පුස්, බැක්ටීරියා සහ දිලීර ශ්‍රවණ නාලය ඔස්සේ කන අභ්‍යන්තරයට යෑම වැළකේ.

■ කාලය

හෙඩ්ෆොන් යොදාගෙන කටයුතු කිරීමේදී කාලය ගැනත් වැඩි අවධානයක් ලබා දෙන්න. ඒ නිසා හෙඩ්ෆෝන් පැළඳගෙන කටයුතු කරනවා නම් සෑම විනාඩි 30 කට වතාවක්වත් විනාඩි පහක විරාමයක් ලබා ගන්න.

( https://boomspeaker.com//www.timesnownews.com  ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Disadvantages of Wearing Headphones, Headphones, හෙඩ් ෆෝන් පැළඳීම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සතර වරිගය නිවන් දැකීමට දරුවන් මහණ කරනවද

September 25, 2023

කිරි සිනහ දකින්නට පෙරුම් පුරන මව ගිනිකොණ කාමරවල නොනිද ඉන්න

September 25, 2023

සෝෆාව ගණන් වැඩි වුණාට වැඩක් නෑ තැනට ගැළපෙන්නෙ නැත්නම්

September 25, 2023

ගෲප් චැට්වලදී වාතයක් නොවන්න

September 25, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?