නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දිනන්න ඕනනම් පරදින්නත් ලෑස්තිවෙන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දිනන්න ඕනනම් පරදින්නත් ලෑස්තිවෙන්න

Published July 1, 2024

දිනන්න ඕන කියන සිතුවිල්ල කෙනෙක් තුළ තියෙන්නට ඕන සිතුවිල්ලක්. කෙනෙක් ජයග්‍රහණයක් අත්කරගන්න හිතන්නෙ නැත්නම් ඒක හොඳ තත්ත්වයක් නෙවේ. හැබැයි දිනන්න යන කෙනෙක් පරදින්නත් සූදානම් විය යුතුයි. කවුරුත් පරාජය, අසාර්ථකත්වය වගේ වචන අහන්න කැමති නෑ. ඒවා සෘණාත්මක වචන කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි දිනපු කිසිවෙක් පරදින්නෙ නැතුව දිනලා නෑ. ජයග්‍රහණය කරා යන ගමනෙදි පැරදුම කියන දේත් ඒ හා සමානව බැඳිලා තියෙන දෙයක් බව අපි තේරුම්ගන්න ඕනෙ. අපි ඒක ගන්න ඕන අත්දැකීමක් ලෙසින් මිස සෘණාත්මක දෙයක් විදිහට නෙවේ. සාර්ථක්වය කරා යන අය අසාර්ථකවීම් පිළිගන්නෙ නෑ. එයාලා ඒවට කියන්නෙ අත්දැකීම් කියලා.

ආසාර්ථක වෙන්න බය කෙනෙක් උත්සාහ කරන්නෙ නෑ. උත්සාහ නොකරන කෙනෙක් ජයග්‍රහණ ලබන්නෙත් නෑ. ගඟක් ගාවට ගිහින් ඔබට පීනන්නත් බැරිනම්, කලින් කවදාවත් මේ ගඟට බැහැලත් නැත්නම් ඔබ වතුරට බහින්න ඉක්මන් වෙනවද? නෑ. එක්කො කෝට්ටක් දාලා ගිලෙන ප්‍රමාණය බලනවා. නැත්නම් වෙනත් ආරක්ෂිත ක්‍රමයක් උත්සාහ කරනවා.

ඉතින් අපිට අසාර්ථකව දරාගන්න පුළුවන් දරාගන්න පුළුවන් මට්ටමින් අසාර්ථක වුණාම. අසාර්ථකවීම් කියන්නෙත් ජීවිතේ එක්තරා කොටසක්. අසාර්ථක වීමක් නෙවේ, ඒක ඉගෙනුමක් කියන දේ ඔළුවට දාගන්න ඕනෙ. අසාර්ථක වුණ තැන නිවැරදි කරගන්න උත්සාහ කරගන්න ඕනෙ.

ඔබ ව්‍යාපාරයක් පටන්ගන්න අසාර්ථක වෙන්නත් බලාගෙන. විභාගයක් ලියන්න අසමත් වුණොත් ඒකත් දරාගන්න සූදානම් වෙලා. ඔබේ ජීවිතේදි ඔබට මුණගැහෙයි වැරදි වැරදි හෝ සාර්ථකත්වයට ළඟා වුණ ජයග්‍රාහී මිනිස්සු. ඒ මිනිස්සු එක්ක ඔවුන් ආපු ගමන් මග ගැන කතා කරන්න. ඔවුන්ගේ කතා හරහා තමන්ට වැරදුණු තැන් අධ්‍යයනය කරන්න. මිනිස්සු සාර්ථක වුණේ කොහොමද කියලා හොයනවට වඩා හොඳ මිනිස්සු අසාර්ථක වුණේ කොහොමද කියලා හොයන එක.

සාර්ථකත්වය කරා යන ගමනෙදි අසාර්ථක නොවී යන්නනම් මොකද්ද කරන්න ඕනෙ කියලා දැනගෙන යන්න. අපි දැකලා තියෙනවා ක්‍රීඩා තරගවලදි එහෙම සමහරු පැරදුණාම වෛරීසහගත ලෙස හැසිරෙනවා. තමන්ගේ ක්‍රීඩා භාණ්ඩ විසිකරනවා, වටේපිටේ තියෙන ඒවත් කුඩු කරනවා. ඒ තමන්ට තමන්ගේ ආවේගය පාලනය කරන්න බැරි වුණාම.

ඒ නිසා දිනුම වගේම පරාජය දරාගැනීමත් හරිම වටිනවා. ඒකට තියෙන්න ඕන ආවේග කළමනාකරණ හැකියාවක්. පුද්ගලයෙකුගේ සැබෑ පෞරුෂය හරියටම හඳුනගන්න පුළුවන් ජයග්‍රහණයකදි නෙවෙයි. පරාජයකදි, ප්‍රතික්ෂේප වීමකදි, කඩාවැටීමකදි ජීවිතේ වැඩියෙන්ම කඩාවැටීම්වලට ලක්වුණ අය තමයි ලෝකෙ වැඩියෙන්ම ශක්තිමත්ම සහ හොඳින් දියුණු වෙලා තියෙන්නේ.

ප්‍රවීණ මානව හැකියා
සංවර්ධන පුහුණුකරු හා
මනෝ විද්‍යා උපදේශක
මොහාන් පල්ලියගුරු

එරංදි කෞශල්‍යා ✍️

TAGGED: ජයග්‍රහණය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?