උත්තර ප්‍රදේශයේ පදිංචි “ ප්‍රාචි නිජම් ” 10 වසරේ විභාගයෙන් ලකුණු 98. 5 ක් ලබා ගෙන එම ප්‍රාන්තයෙන් පළමු ස්ථානය ලබා ගත්තා. ඇගේ ජයග්‍රහණය ගැන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විකාශය වීමත් සමග ඇතැම් අයට රසවත් මාතෘකාවක් ලැබුණා. ඒ ඇගේ ජයග්‍රහණය ගැන නොවේ.
ඇගේ සිරුරේ තිබුණ රෝම ගැන මිසක් ඒ ජයග්‍රහණය ගැන කථා කිරීමට තරම් ඉන්දීය සමාජයේ ඇතැම් අය උනන්දු වුණේ නැහැ. නමුත් මේ ගැන දුක්විය යුතු නැහැ. සමාජ මාධ්‍ය ජාලාවල ස්වභාවය එයයි. නමුත් ප්‍රාචි මේ ගැන මහත් සේ කම්පාවට පත් වුණා.වාර්තා තියන්න ඉස්සරින් ඔය මුහුණේ රැවුල කපා ගනින්…
ඔයා ඇත්තටම ගැහැණු ළමයෙක්ද…? ඔයා දැක්කාම අපට බය හිතෙනවා. හරියට සතෙක් වගේ…මේ වගේ විවිධ කමෙන්ට්ස් සමාජ මාධ්‍ය අතර හුවමාරු වුණා. ඒ අතර ඇතැම් ප්රකාශනවල වෛරී සහගත අදහස් පවා තිබුණා.
මම මේ තරම් ලකුණු ගත්තේ අපරාධයක්. මම මේ ලකුණු නොගත්තා නම් අද කවුරුත් මං ගැන කථා කරන්නේ නැහැ. අද හැම දෙනෙක්ම කථා කරන්නේ මගේ මුහුණේ තිබෙන රෝම විතරයි. කවුරුත් ජයග්‍රණය ගැන ඇගයීමක් කලේ නැහැ. මට හරිම දුකක් දැණුනා. කම්පාවට පත්ව සිටි මගේ හිත හැදුවේ අම්මා. අම්මා මට මෙහෙම කිව්වා. පරාජිත මිනිස්සු අනිත් අයගේ ජයග්‍රහණ ගැන අගයන්නේ නැහැ. ඒවා ඉවසන්න බැහැ. අපි ඒ ගැන සැලෙන්න අවශ්‍ය නැහැ. ඔයාගේ ගමන ඔයා යන්න.
මුහුණේ වැවෙන හිසකෙස් අවමානයක් නොවෙයි, එය සාමාන්‍ය දෙයක් බව හිතලා ඔයාගේ වැඩ කටයුතු කර ගෙන යන්න… අම්මා මට එහෙම කියලා දින කීපයක් ගත වුණා විතරයි. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තව රැල්ලක් පටන් ගත්තා. මට අපහාස කළ උදවියට පෙරලා පහර දෙමින් නැවතත් අදහස් හුවමාරු වෙන්න පටන් ගත්තා.
මේ ගැන අදහස් දක්වමින් ඇගේ පියා චන්දර් ප්‍රකාශ් නිගම් සඳහන් කරන්නේ “ සමාජයේ හැම වර්ගයකම මිනිස්සු ඉන්නවා… දුවට ඒ අය නිග්‍රහ කළත් සමහර අය දුවගේ ජයග්‍රහණය ගැන ඇගයීමෙන් කථා කළා. ඇගේ මිතුරු මිතුරියන් ප්රාචීට අපහාස කළ අයට පෙරලා ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තා. කොන්ග්රස් නායිකා ප්‍රියංකා ගාන්ධි පවා දුවට කථා කළා. ඇයව දිරිමත් කළා.
ප්‍රාචී රූපය ගැන කනස්සල්ලෙන් පසුවුනා නම්… අද ඇයට මේ වාර්තාව තබන්න බැහැ.අනුන්ගේ කායික තත්ත්වයන් ගැන කථා කරන්නේ කිසිම පෞරුෂයක් නැති අය බව අපට මේ සිදු වීමෙන් පෙනී ගියා.ඇගේ මිතුරු මිතුරියන් මේ වගේ අදහස් හුවමාරු කරගන්න පටන් ගත්තා.
මුහුණේ රෝම ඇති වෙන්නේ ඇයි…?
PCOS රෝග තත්ත්වය නිසා හෝ හෝර්මෝන අසමතුලිතතාවයට පත්වීම නිසා කාන්තාවන්ගේ මුහුණේ රෝම ඇති වීම සිදු වෙනවා. Polycystic Ovarian Disease (PCOD) රෝග තත්ත්වය පිළිබඳව මුලින්ම හඳුනා ගත්තේ 1935 වසරේදී ඇමරිකානු ජාතික නාරි සහ ප්‍රසව වෛද්‍යවරුන් වන Irving F. Stein, Sr., iy Michael L. Leventhal විසින්ය. මුල් කාලයේදී මෙම රෝග තත්ත්වයට පත් කාන්තාවන්ගේ සංඛ්‍යාව සුලබ නොවුණත් මේ වනවිට කාන්තාවන් අතරින් සෑහෙන පිරිසක් PCOD රෝගීන් බැව් හඳුනා ගෙන තිබේ. නමුත් සමාජ මාධ්‍ය තුළ එවැනි චරිත ඉස්මතු නොවීම නිසාමදෝ ප්‍රාචී කාටත් මාතෘකාවක් බවට පත් වුණා.
මුහුණේ රෝම ප්රාචිගේ විතරක් නොවයි…
ප්රාචිගේ පෝස්ටුව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වෛරල් වුණත් මේ අන්දමට මුහුණේ රෝම නිසා සමාජයේ උපහාසයට පත් මුල්ම තැනැත්තා ඇය නොවේ. රංගන ශිල්පිනී රශ්මිකා මන්දන්න ගේ සෙල්ෆි ඡායාරූපයටත් බොහෝ දෙනා විවිධ ලෙසින් අපහාස කරන ලදී.බ්‍රිතාන්‍ය ජාතික ක්‍රිඩිකාවක් වන හර්නාම් කෞර් නව යොවුන් වියේදී PCOS රෝගයෙන් පීඩාවට පත් කාන්තාවක්.
ඇය අද වනවිට නිරූපිකාවක්. සමාජ ක්‍රියාකාරිනියක් වගේම අභිප්‍රේරණ කථිකයෙකි. 2019 වසරේදී ඇය එක්තරා රූපලාවන්‍ය සහ විලාසිතා ප්‍රදර්ශනයකදී මෙසේ සඳහන් කළා. මගේ ශරීරය මට අයිතියි. මම කරන්නේ මට අවශ්‍ය දෙයයි. මගේ මානසික සුබසාධනය වෙනුවෙන් මම නිතරම මට හැකි දේ කරනවා. මගේ ස්වාධීනත්වය එයයි.එහෙමනම්… ප්‍රාචී දුක්විය යුතු නැහැ. මුහුණේ රෝම ගැන කනස්සල්ලෙන් පසු වෙනවාට වඩා ඇයට යා යුතු ගමනක් තිබෙනවා. ඇය ඒ ගමන යාවි. සෙසු අය ඇයට නිග්‍රහ කරමින් එතැනම නැවතේවි…
First post ඇසුරෙන්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️