“මං තනිවෙලා මට කවුරුත් ආදරේ නෑ. මගේ සතුට හොරු අරන් ගිහින් ඔයා මේ විදියට හිතනවද” ඒත් හොරුන්ට කවදාවත් ඔයාගේ සතුට උදුරගන්න බැහැ. සතුට තියෙන්නේ කාගෙවත් මත නෙවෙයි. සතුට තියෙන්නේ ඔයා එක්කමයි. අනික් අයගෙන් සතුට හොයන්න බෑ. ඔයා ඔයාගෙන්මයි සතුට හොයාගන්න ඕන. ඒ ගැනයි මේ කතාව.
සතුටින් ඉන්න ක්රම හතක්…
වරදකාරී හැඟීමෙන් ඉන්න එපා.
හැම අතින්ම පර්ෆෙක්ට් මිනිස්සු මේ ලෝකේ නැහැ. හොද දේවල් කරනව වගේම වැරදීමුත් ඔයා අතින් වෙන්න පුළුවන්. කලින් වුණ වැරුද්දක් ගැන හිත හිත නිතරම දුක් වුණොත් ඔයාගේ සතුට හොරු ඇවිල්ල ගෙනියනවා. ඒ නිසා වරද නිවැරදි කරගන්න උත්සාහ කරන්න ඕන. තමන් තමන්ටම සමාව දීලා ආයේ ඒ වැරුද්ද නොකර ඉන්න එකයි වැදගත්. හොරු අරන් ගියපු සතුට ආයෙ ගෙන්නගන්න එතකොට ඔයාට පුළුවන්.
සංසන්දනය කරන්න එපා…
ඔයා හැමතිස්සෙම අනිත් අයත් එක්ක ඔයාව කම්පෙයා කරනවද? එයාට තියෙනවා මට නෑ. මාත් එයා වගේ කරන්න ඕන කියල හිතෙනවද? ඒනම් ඔයාගේ සතුටත් හොරු ඇවිත් ගෙනියයි.
අනික් අය එක්ක කම්පෙයා කරන එක අමතර ස්ට්රෙස් එකක් ඔයාට ගෙනල්ල දෙනවා. අපි හැමෝමට යුනික් ස්කිල්ස් තියෙනව. මේ ලෝකේ කවුරුත්ම එක වගේ නැහැ. තමන්ගේ ස්කිල් හඳුනගෙන තමන්ගෙම ගමනක් යන්න ට්රයි කරන්න. ඔයා ඔයාම වෙන්න. වෙන කෙනෙක් වෙන්න ට්රයි කරන්න එපා. එතකොට කවදාවත් ඔයාගෙ සතුට හොරු ඇවිල්ල ගෙනියන්නෙ නෑ.
අතීතය මත ජීවත්වෙන්න එපා…
කාලය ආපස්සට යන්න පුළුවන් වුණා නම් මේ ඔක්කොම හරිගස්සනවා. ඔයත් එහෙම හිතනවද? අතීතේ වුණ දේවල් නිතරම හිතුවොත් වර්තමාන ජීවිතේ නැති වෙනවා. ඔයාගෙ සතුටත් එතකොට හොරු ඇවිත් අරන් යනවා. ඒ නිසා සිද්ද වුණ දේවල් අමතක කරලා මේ මොහොතේ ඉන්න උත්සාහ කරන්න. සතුට ඔයා ළඟට එන්න ඒක හේතුවක් වෙයි.
පරදින්න බය වෙන්න එපා
අපිට තරගයකට ගියොත් ජය වගේම පරාජයත් ලැබෙන්න පුළුවන්. දින්නම සතුටු වෙනව වගේම පැරදුණත් ඒක දරාගන්න පුළුවන් වෙන්න ඕන. ඒත් පරදින්න අකමැති නිසා ප්රශ්නවලින් පැනල ගියොත් සතුටත් හොරු අරන් යයි.
අවධානම්වලට ෆේස් නොකර කම්ෆටබල් ඒරියා එකේ හිටියොත් ජීවිතේ සාර්ථක කරගන්න තියෙන අවස්ථා ඔයාම නැති කරගන්නවා. පැරදෙන එකත් ජීවිතේම කොටසක්. පැරදෙනව කියන්නෙ දිනන්න ආයෙ අවස්ථාවක් කියල හිතනවනම් සතුටට ඔයා එක්කම ඉන්න පුළුවන්.
ආත්ම විශ්වාසය නැති කරගන්න එපා…
සතුට තියෙන්නෙ ඔයා එක්කමයි. ඔයා මුලින් ඔයාටම ආදරය කරන්න ඉගෙනගන්න ඕන. තමන් ගැන නිතරම හිතන්නෙ නරක දේවල් නම් ඔයාගේ සතුට හොරු අරන් යනවා. නෙගෙටිව් තින්කින් ඔයාගෙ පසනැලිටි එකට හානි කරනවා.
ඔයාට හොඳ ආත්ම ශක්තියක් ලැබෙන්නෙ ඔයා නිතරම පොසිටිව් වුණොත්. මට පුළුවන් මං කොහොමහරි මේක කරනව වගේ පොසිටිව් විදියට හිතුවොත් සතුටත් ඔයා එක්කම තියෙයි.ඔයාගෙ සතුට හොරුන්ට අරන් යන්න ඉඩ දෙන්න එපා. සතුට ඔයා එක්කම තියාගෙන දිග ගමනක් යන්න ඔයත් මේ දේවල් ජීවිතයට එකතු කරගන්න.
Healthshots.com ඇසුරෙන්
පවනි දිලේකා ✍️