නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ආලියා බාත්ගේ Sabyasachi pantsuit
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ආලියා බාත්ගේ Sabyasachi pantsuit

Published July 1, 2024

වර්තමානයේ බොලිවුඩය තුළ බිහිවුණු රූප සුන්දරියක් ලෙස ආලියා බාත් හඳුන්වන්න පුළුවන්. ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂය මහේෂ් බාත් සහ සෝනි රස්දාන්ගේ දියණිය වෙන ආලියා බාත් 2022 අවුරුද්දෙ විවාහ වෙන්නේ එයාගේ පොඩි කාලෙ ඉඳන්ම Crush එක වුණ රන්බීර් කපූර් එක්ක. දැන් නම් මේ දෙන්නට චූටි කෙළී පැටික්කියෙකුත් ඉන්නවා.

කොහොම වුණත් මේ දවස්වල නැවත ආලියා බාත් කරලියට පැමිණෙන්නේ ආනන්ද් අම්බානි හා රාධිකා මර්චන්ට් ගෙ Pre wedding පාටි එකෙදි සැරසිලා හිටපු විලාසිතාව නිසා.

මේ Pre wedding පාටි එක මැයි 29 ඉඳන් ජුනි 1 වනිදා වෙනකන් දවස් 4 ක් පැවැත් වුණා. ආලියා බාත් කියන්නේ කොහොමත් හැමෝගෙම සිත්වසග කරන විලාසිතා කරන කෙනෙක්නේ. මේ  Pre wedding පාටි එකෙදි ආලියා සැරසිලා හිටියෙ Sabyasachi pantsuit විලාසිතාවකින්.

ආලියා ඇඳගෙන හිටපු Sabyasachi කලිසම නවීන අලංකාරයත් වගේම සම්ප්‍රදායික ශිල්පයේ පරිපූර්ණ සම්මිශ්‍රණයක් වෙලා තිබුණා. ජපන් කපු, ඉන්දියානු සිල්ක්, ප්‍රතිචක්‍රීකරණය කරන ලද නයිලෝන් සහ අතින් සේදූ ඩෙනිම් වැනි අද්විතීය සංයෝජනයකින් තමා මේ ඇඳුම නිර්මාණය කරලා තිබුණේ.

ඒ ඇඳුම දැකපු ඕනෑම පුද්ගලයක්ට එහි නිර්මාණකරු කෙතරම් මහන්සියක් සිදුවෙලා තිබේදැයි පෙනුණා. මේ ඇඳුමෙ නිර්මාණකරු වෙන කවුරුත් නෙවෙයි සුප්‍රසිද්ධ මෝස්තර ශිල්පියෙක් වෙන සභ්‍යසචී මුකර්ජී. මේ ඇඳුම තුළින් ආලියාගේ පෞරුෂය ඉතා ඉහළි කැපී පෙනුණා. හැමෝගෙම සිත් ඇඳ බැඳ තබා ගන්න මේ විලාසිතාවට පුළුවන් වුණා.

ඉතා ආකර්ෂණීය එම්බ්‍රොයිඩර්වලින් වගේම මුල් මුද්‍රණවලින් මේ Sabyasachi කලිසම නිර්මාණය කරලා තිබුණා. මේ ඇඳුම කලාත්මක අතින් පොහොසත් අතර සමකාලීන විලාසිතා අතර විශිෂ්ට දෘශ්‍ය කෘතියක්. එම්බ්‍රොයිඩර් සාම්ප්‍රදායික ඉන්දියානු ශිල්පීය හැකියාවන් ප්‍රදර්ශනය කළ අතර මුද්‍රණ නවීන පෙරළියක් ලබා දුන්නා.

ඒ වගේම තමා ආලියා පැළද සිටි ආභරණත්. ආලියාගෙ පෙනුම තවත් වැඩි කිරිමට සමත් වුණා. අති විශිෂ්ට අත්කම් හා සංකීර්ණ මෝස්තර යොදා මේ ආභරණ නිර්මාණය කරලා තිබුණා. ඒ නිසාම ඇගේ ධනවත්කම බොහෝ සෙයින් එයින් නිරූපණය වුණා.

Sabyasachi විලාසිතාවේ ආලියාගේ පෙනුම මංගල උත්සව විලාසිතා සඳහා උසස් ප්‍රමිතියක් ඇති කරලා තියෙනවා. ඒ වගේම සාම්ප්‍රදායික කලාත්මක බව සමකාලීන නිර්මාණය සමඟ බාධාවකින් තොරව නිර්මාණය කිරීමට සමත් වෙලා තියෙනවා.

ආනන්ද්ගේ හා රාධිකාගේ Pre wedding පාටි එකට Alia Bhatt  ගේ sartorial තේරීම ඇයගේ විලාසිතාවල ඉදිරි ප්‍රවේශයට සාක්ෂියක් වෙලා තියෙනවා වගේම Sabyasachi ගේ අසමසම ශිල්පීය කුසලතාව, විලාසිතා ලෝකයට අමතක නොවන මතක එක්කර තිබුණා.

Times Of India ඇසුරෙන්

නිපුනි සම්මානි ✍️
 

TAGGED: Sabyasachi pantsuit
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

භාග්‍යවතුන්වහන්සේ දුටුවා මෙන් පහන් සිත උපදවාගත හැකි ස්ථාන නමදින්න

May 12, 2025

දැනගත යුතුම නව අරහාදී බුදුගුණ

May 12, 2025

මහා තොරණ්වලට බයක් සැකක් නැතුව ලයිට් දෙන අක්ක නගෝ

May 12, 2025

වෙසක් පෝය ලෝකෙට ගෙනිච්ච කදිරගාමර්

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?