උදේ පාන්දර ඇහැරගෙන උයල පිහල, ළමයින්ව ඉස්කෝලෙ යවන්න ලෑස්ති කරලා, වැඩට යන හස්බන්ඩගේ කෑමත් ලෑස්ති කරලා වැඩ සේරම වෙලාවට ඉවර කරගන්නවා කියන්නෙ හරිම අපහසු කර්යයක්. මේ දේ තවත් දෙගුණ තෙගුණ වෙන්නෙ ගෘහණියත් වැඩට යන කෙනෙක් වුණාම. මොකද එතකොට තමන්ගේ වැඩත් තමන්ට කරගන්න තියෙනවානේ. ඉතින් මේ හැමදේම හරිම පිළිවෙළට වෙලාවට කරගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද. ඒ දේ කොහොමද කරන්නෙ කියල දැනගන්න හැමෝම කැමති වෙයි. ඒ නිසා අද ඔගොල්ලොන්ට කියල දෙන්න යන්නෙ අන්න ඒ ගැනයි…
කලින් දවසෙ වෙලාවක් වෙන් කරගෙන හෙට දවස ප්ලෑන් කරගන්න
උදෙන්ම ඔබට තියෙන වැඩවල බර අඩු කරගන්න වඩාත් සාර්ථම ක්‍රමයක් තමයි ඔබේ දවස කලින් සැලසුම් කිරීම සෑම සන්ධ්‍යාවකම ඔයා ඊළඟ සතියට කළ යුතු දේ ගැන ලැයිස්තුවක් හදාගන්න ඕන. එහෙම නැත්නම් කාලසටහනක් වුණත් ඔබට හදාගන්න පුළුවන්. මේ ලැයිස්තුව හදාගන්න මිනිත්තු කිහිපයක් වෙන්කරන්න.
රස්සවක් කරන කෙනෙක්ට නම් ටිකක් අපහසු වෙයි මේ දේ කරන්න. ඒත් මේ දේ කළාට පසසේ ඊළඟ දවසේ දැනෙන පසුව නිසාම මහන්සිය පැත්තක දාලා දිගටම මේ වැඩේ කරගෙන යන්න හිතෙයි.මුලින්ම කරන්න ඕනෙ තියෙන කාර්යයන් ටික පෙළගස්වලා ඒ පිළිවෙළට වැඩ ටික ප්ලෑන් අරන එක. මේ විදිහට වැඩ ටික ප්ලෑන් කරගත්තොත් ඔයාට කාලය ගොඩක් ඉතිරි වෙනවා වගේම උදේට වැඩ කරන්න ගියාම ඇතිවෙන ආතතියත් අවම කරගන්න පුළුවන් වෙනවා.
දින චර්යාවක් හදාගන්න
ස්ථාවර උදෑසන දින චර්යාවක් ඇති කරගත්තොත්. ඔයාට පුළුවන් නිශ්චිත අවධානයක් සහ අරමුණක් ඇතිව දවස පටන් ගන්න.භාවනාව, ව්‍යායාම සහ සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාරය වැනි ක්‍රියාකාරකම් ඔබේ දිනචරියාවට ඇතුළත් කරන්න මේ වගේ ක්‍රියාකාරකම් මඟින් ඔබේ ශක්ති මට්ටම් සහ මානසේ පැහැදිලි බව ඉහළ නැංවන්න පුළුවන් වගේම රැකියාවේදී ඔබව වඩාත් කාර්යක්ෂම කරවන්නත් පුළුවන්.
පිළිවෙළ සහ පිරිසිඳු කම
අවුල් සහගත සහ අසංවිධානාත්මක ගෙයක්, කුස්සියක් කියන්නේ ඔබව උදෑසනට අනවශ්‍ය ආතතියකට ලක් කරන්න පුළුවක් දෙයක්. .කලින් දවසේ රාත්‍රියේ ඔබේ ඔබේ කුස්සිය පිලිවළට අස්පස් කරලා, ගෙදර පිලිවෙළට අතුගාලා තියන්න මිනිත්තු කිහිපයක් වෙන් කරන්න. ඒ වගේම ගෙදර පිරිසිදු කරගන්න අවශ්‍ය උපකරණ සහ ද්‍රව්‍ය පහසුවෙන් ලබා ගත හැකි ස්ථානයක තබන්න. එතකොට කිසිම ගැටලුවක් නැතිව රෑට ගෙදර පිරිසිදු කරන රාජකාරිය ඔබට කරගන්න පුළුවන්.
තීරණ ගන්න විදිය
ඔබ උදෑසන ගත යුතු තීරණ ගණන අඩු කිරීමෙන් වටිනා කාලය ඉතිරි කරගන්න ඔබට පුළුවන්. සතිය සඳහා ඔබේ ඇඳුම් කල්තියා සැලසුම් කරගන්න, පෙර දින රාත්‍රියේ උදේ ආහාරය සහ දිවා ආහාරය පිළියෙළ කරන්න අවශ්‍ය දේවල් සැලසුම් කරගන්න. මෙය ඔබව ඉක්මනින් හා කාර්යක්ෂම ඊළඟ දවසට සූදානම් වීමට උදව්වක් වනු ඇති.
තාක්ෂණයෙන් උදව්වක්
ඔබේ වාසිය සඳහා තාක්ෂණය භාවිත කරන්න. ඔබට උදෑසන කිරීමට තියෙන වැඩ ඒ සඳහා යෑමට අවශ්‍ය වෙලාවල් ආදීය ඔබට පුළුවන් ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනයේ සටහන් කරගන්න. එය මතක් කිරීමට එලාම් එක්ක සකසන්න.
අනුපිළිවෙළට වැඩ
දවසේ ඔබට වඩාත්ම වැදගත් කාර්යයන් හඳුනාගෙන උදෑසනම ඒවා කරගන්න උත්සහා කරන්න.මේවා උදෑසනම සිදු කිරීමෙන් සිදුවන්නේ ඔබේ ශක්තිය සහ අවධානය ඒ සඳහා උමරිමයෙන්ම ලබාදීමය. අඩු වැදගත්කමක් තිබෙන කාර්යයන් පසු දිනට සැලසුම් කළ හැකියි.
වැඩ බෙදාගන්න
සුදුසු අවස්ථාවලදී පවුලේ අය සමඟ වැඩ බෙදා ගන්න. මෙමඟින් ඔබට යම් සහනයක් ලබාගත හැකි අතර එම කාර්යයන්ද ඉක්මනින් අවසන් කරගන්න පුළුවන්. නියෝජිත කණ්ඩායමට වැඩ බර බෙදා හැරීමට සහ වඩාත් උපාය මාර්ග සඳහා ඔබේ කාලය නිදහස් කර ගැනීමට හැකි වේ.
එක වෙලාවේ එක වැඩයි
සමහරුන්ට හිතෙන්න පුළුවන් එක වෙලාවේ එක වැඩක් කරනවා කියන්නේ කාලය අපතේ යෑමක් කියලා. ඒත් එකපාර වැඩ ගොඩක් කරන්න ගිහින් වැඩ සේරම අවුල් වෙනවාට වඩා එක වෙලාවක එක වැඩක් කරන එක හොඳයි. එතකොට කර එක වැඩේ වුණත් පිළිවෙලට කරගන්න ඔබට පුළුවන්.
අන්තර්ජාලය ඇසුරෙන්
අර්චිත ඉඳුවර ✍️