වාහානයක් හරියට දුවන්න නම් එන්ජින් එක හොඳට වැඩ කරන්න ඕන. ඒ වගේම අපේ වැඩත් හොඳින් කරන්න මනස නිරෝගීව තියාගන්න ඕන. ඒත් දැන් හැමෝම බිසී ලයිෆ් එකකට හුරු වෙලා ඉන්න නිසා තමන් ගැනවත් හොයන්න වෙලාවක් නැති වෙලා. ඒත් ගහක ඵල දරන්න නම් හොදට වතුර ඕන වගේ කොච්චර කාර්යබහුල වුණත් තමන් වෙනුත් කාලය වෙන් කරන්න පුරුදු වුණොත් හොඳයි. එතනදි මූණෙ ලස්සන ඇගේ හැඩ ගැන විතරක් බලන්නෙ නැතිව මානසික නිරෝගීකම ගැනත් හොයල බලන්න අමතක කරන්න එපා.
නීරෝගී තියුණු මනසකට උපදෙස්…
හොදට දුවල පැනල සතුටින් ඉන්න.ඔයා නිකමටවත් හිතල තියෙනවද ශරීරයට ව්‍යායාම් නොකරන එක මොළයටත් බලපානවා කියල? කිසිම ව්‍යායාමයක් නැතිව නිකම්ම හිටියොත් ඔයාව කම්මැලි පුද්ගලයෙක් බවට පත් කරනවා. ඒත් ඔයා දහඩිය එනකම් හොදට දුවල පැනල සෙල්ලම් කරොත් මේ කම්මැලිකම නැතිවෙලා ඔයාව නම්‍යශීලී කරනවා. ව්‍යායාම්වලට අපේ මොළයේ රුධිර ප්‍රවාහය හොඳට සිද්ද කරන්න, අලුතින් නියුරෝන වර්ධනය කරන්න, සංජානන ක්‍රියාකරම් දියුණු කරන්න පුළුවන්.
සංජානනය කියන්නේ සිතීමේ හා තර්කන හැකියාව දියුණු වීමටයි. ශාරිරික ක්‍රියාකාරකම්වල යෙදෙන අයගේ සංජානන පරිහානියට තියෙන ඉඩ ගොඩක් අඩුයි කියල Alzheimerzs සඟරාවෙන්ද තහවුරු කරනවා. ඔයත් ශක්තිමත් මනසක් එක්ක නම්‍යශීලී වෙලා ඉන්න ආසද? ඒනම් බයිසිකල් පැදීම, කඳු නැගීම, පිහිනීම වගේ හොඳට ඇග වෙහෙසෙන ව්‍යායාමයක් දවසට විනාඩි තිහක්වත් අද ඉඳන් කරන්න.
හොඳට කෑම කන්න…
අපි කන දේවල්වලින් තමයි අපේ නීරෝගිකම තීරණය වෙන්නේ? වැඩ වැඩියි කියල රෝල්ස්, නූඩ්ල්ස් වගේ ක්ෂණික ආහාර කෑවොත් ඔයාට ලැබෙන්නෙ පිළිකා, කොලෙස්ට්‍රෝල් වගේ මාරාන්තික තෑගි. ඒත් ඔයා වට්ටක්කා, බීට් වගේ එලවළු, අලිගැටපේර, දොඩම් වගේ පලතුරු, ධාන්‍ය වර්ග, මස්, මාළු, බිත්තර වගේ ප්‍රෝටීන් බහුල පෝෂ්‍යදායි කෑම ගත්තොත් නිරෝගීකම තෑග්ගක් විදියටම ලැබෙනවා.
මේ කෑමවල Omega-3 මේද අම්ල, ප්‍රතිඔක්සිකාරක, විටමින් K, ෆෝලේට් වැනි පෝෂකයන් තියෙනවා. මේ පෝශක ඔයාගේ ආතතිය අඩු කරන්න උදව් කරනවා. ඒ වගේම ශක්තිමත් මනසක්, හොඳ සංජානන ක්රියාකාරීත්වයක් වගේම වයසට යනකම් අපේ මොළය නිරෝගීව තියාගන්නත් පෝෂ්‍යදායී ආහාර උපකාර කරන බව Fronitiers in aging neurosience සඟරාවෙනුත් තහවුරු කරනවා. ඔයත් ශක්තිමත් මනසක් එක්ක නිරෝගීව ඉන්න කැමති නම් රස වගේම ගුණත් තියෙන කෑම බඩ පිරෙන්න කන්න.
හොදට නිදාගන්න…
ඔයාට ලස්සන දවසක් වගේම නරක දවසක් ලැබෙන්නත් නින්ද බලපානවා. අපේ මොළය හොදට ක්‍රියා කරන්න නින්ද වැදගත්. ඔයාට කවදහරි වාහානේ යතුර කොහෙද තිබ්බේ කියල අමතක වෙනවද? එහෙම නැත්නම් හැමදාම යන එන පාර අමතක වෙනවද? එහෙනම් ප්‍රමාණවත් නින්දක් නොලැබීම මේ තාවකාලික අමතකවීම්වලට වැරදිකාරයා වෙන්න පුළුවන්.
හරියට නිදා නොගත්තොත් මොළයේ සෛල මැරෙනවා. ඔයාගේ සංජානන හැකියාවට, තීරණ ගැනීමට, මතක ශක්තියට වගේම මානසික රෝග එන්නත් අඩු නින්ද හේතු වෙනව. මේ නිසා තියුණු මනසකින් එදිනෙදා කටයුතු කරන්න අපහසුතා එන්න පුළුවන්. ඒ නිසා ලස්සන දවසක් ඔයාට ඕන නම් දවසට පැය හතක්වත් අවම ලෙස අද ඉදන් නිදාගන්න.
මොළයට අභියෝග කරන්න…
ඔයා දන්නවද තියුණු මනසක හිමිකාරයෙක් වෙන්න මොළයට අභියෝග කරන්න ඕන කියල. ප්‍රහේලිකා විසඳීම, අලුත් භාෂාවක් ඉගෙන ගැනීම, සංගීත භාණ්ඩ වාදනය, වගේ මනස උත්තේජනය කරන ක්‍රියාකාරම්වල යෙදෙන එක වැදගත් වෙන්නේ ඒ නිසයි.
මේ තුළින් ඔයාට නව ස්නායු මාර්ග නිර්මාණය කරන්න සංජානනය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ඇමරිකානු වෛද්‍ය සංගමයේ සඟරාවෙන් කියන විදියට ඩිමෙන්ශියාව වගේ රෝවලින් ඔයාව ඈත් කරල තියන්නත් පුළුවන් වෙනවා. හෙල්දි මයින්ඩ් එකක් එක්ක කූල් එකේ ඉන්න ඔයත් කැමති නම් නිතරම මොළයට අභියෝග කරන්න අමතක කරන්න එපා.
සමාජ සම්බන්ධතා ඇති කරගන්න…
මිනිසා සමාජීය සත්ත්වයෙක්. ඒ නිසා මිතුරන් පවුලේ අය ප්‍රජාව නිතරම ආශ්‍රය කරන්න යොමු වෙනවා. ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගන්න, අත්දැකීම් ගැන කතා කරන්න ස්වාභාවයෙන්ම මිනිසුන් යොමු වෙනවා.
ඔයා දන්නවද මේ සමාජ ඇසුර මානසික ආතතීන් තුරන් කරන්න, සංජානනය වැඩි කරන්න, ඩිමෙන්ශියා අවදානම අඩු කරන්න උදව් වෙනව කියල. හාවඩ් විශ්වවිද්‍යාලය පර්යේෂණ මගිනුත් මෙය තහවුරු කර තිබෙනවා. ඔයත් හෙල්දි මයින්ඩ් එකක් එක්ක ඉන්න ආසයි නම් තනියම ඉන්නෙ නැතුව වීඩීයෝ කෝල්, ෆෝන් කෝල්, ෆෙස් ටූ ෆෙස් අනිත් අය එක්ක කතා කරන්න.
භාවනා කරන්න…
විසිරී ගියපු හිතක් එක්තැන් කරගන්න හොදම ක්‍රමය තමයි භාවනාව කියන්නේ. මනස තැන්පත් කරගන්න හොදම විකල්පයක් තමයි මේක. ආතතිය අඩු කරන්න, ධනාත්මක චින්තනය ඇති කරන්න, මතක ශක්තිය වැඩි කරල මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න භාවනාව උදව් වෙනවා. ඔයත් හිතේ සතුටින් දවස ගත කරන්න කැමති නම් දවසට පොඩි වෙලාවක් හරි භාවනා කරන්න.
අලුතින් දේවල් ඉගෙනගන්න..
අලුත් දේවල් ගැන දැනගැනීම කියන්නෙ මොළයට උත්තේජනයක් කියල ඔයා දන්නවද? අලුත් විනෝදාංශයක් තෝරගන්න එක, පාඨමාලාවක් කරන එක, ගවේෂණාත්මක අධ්‍යයනයක යෙදෙන එක මොළය නම්‍යශීලී කරන්න උදව් වෙනවා. මනෝවිද්‍යාවේ පර්යේෂණයන්ට අනුව වැඩියෙන් අලුත් දේවල් ඉගෙනගන්නා අයගේ මතකය වැඩියි.
ඒ නිසා ඔවුන් තියුණු මනසක හිමිකාරයන් වෙනවා. ඒ නිසා ඔයත් අද ඉදන් ඉගෙනගන්න කම්මැලි වෙන්න එපා.මනුස්සයෙක්ට ලැබෙන්න පුළුවන් හොඳම ලැබීම තමයි නිරෝගීකම. එහිදී ශාරිරික වගේම මානසිකව නිරෝගීකමත් වැදගත්. ඒ නිසා තියුණු මනසක් එක්ක නිරෝගී පුද්ගලයෙක් වෙන්න අද ඉඳන් මේ පුරුදු ජීවිතයට එකතු කරගන්න.
Times Of India ඇසුරෙන්
පවනි දිලේකා ✍️