නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගෙදරට  Match වෙන්න PANTRY CUPBOARD 
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ගෙදරට  Match වෙන්න PANTRY CUPBOARD 

Published June 17, 2024

නිවසක් නිර්මාණය කිරීමේදී, පැන්ට්‍රි  කබඩ් නිවසේ මුළුතැන්ගේ සඳහා යොදා ගැනීම අනිවාර්ය අංගයකි. එම නිසා නිවසට ගැළපෙන නිවැරදි අයුරින් පැන්ට්‍රි කබඩ් නිර්මාණය කරගැනීම සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්න අප අදහස් කරා. මුළුතැන්ගේ හැඩය, පවතින ඉඩ ප්‍රමාණය, අවශ්‍යතාව, නිවැසියන්ගේ කැමැත්ත අනුව පැන්ට්‍රි කබඩ් මූලික ආකාර කිහිපයක් පවති.

ලීනියර් ආකාරය ( linear type)

එක බිත්ති දිගට එකම පැත්තෙන් පැන්ට්‍රියක් නිර්මාණය කිරීම. අඩු ඉඩකඩ අවම භාවිතයක් සඳහා යොදාගන්නා පැන්ට්‍රි මේ ආකාරයට නිර්මාණය කෙරේ,

L හැඩය

බහුලවම පැන්ට්‍රි දැකීමට හැකි වන්නේ බිත්ති දෙකක් ආධාරයෙන් නිර්මාණය වන ‘L‘ හැඩය වේ. ප්‍රමාණවත් තරම් ඉඩක නිර්මාණය වන නිසා භාවිතයේ ඇති පහසුව සඳහාද, වියදම ද සලකා බලා L ආකාරයේ හැඩය සහිත පැන්ට්‍රි බහුලව නිර්මාණය වේ.

U  හැඩය

වැඩි ඉඩක් සහ බහුලව භාවිත වන අවස්ථාවන්වලදී වැඩි කබඩ් ප්‍රමාණයක් යොදා ගැනීමෙන් ‘U‘ හැඩය සහිත පැන්ට්‍රි කබඩ් නිර්මාණය කිරීම දැකීමට හැකි වේ.

අයිලන් හැඩය ( Island type )

මුළුතැන්ගේ තුළ වැඩි ඉඩ ප්‍රමාණයක් ඇත. මෙම ආකාරය යොදා ගැනීමට හැකියාව ඇත. එහිදී ආහාර ගැනීමට මේසයක් ආකාරයට මැද ඇති අයිලන්ඩ් එක යොදා ගන්නා ලෙස නිර්මාණය කිරීමටද මෙහිදී හැකියාව ඇත. විදෙස් රටවල බහුලව මෙම හැඩය දක්නට ලැබේ.

කොරිඩෝ ආකාරය ( Corridor type )

නවීන ලෙස ඉදිවන තට්ටු නිවාස සංකීර්ණ වල කොලිඩෝ ආකාරයේ පැන්ට්‍රි දැකගැනීමට ලැබේ. ඇවිදන් යන ඉඩ ප්‍රමාණයේ දෙපසට වෙන්න පැන්ට්‍රි කබඩ් නිර්මාණය කිරීම මෙහිදී සිදු වේ.

අඩු ඉඩක වඩාත් කළමණාකාරී ලෙස පැන්ට්‍රියක් නිර්මාණය කිරීමේදී මෙම ආකාරය උපයෝගී කර ගනී. ඔබගේ නිවසේ මුළුතැන්ගේ පිහිටා ඇති ආකාරය අනුව ගැළපෙන හැඩය තෝරන පැන්ට්‍රි කබඩ් එකක් නිර්මාණය කරගැනීමට ඔබට යම් අදහසක් මේ අනුව ලැබෙන්න ඇත. පැන්ට්‍රි කබඩ් එකක නිර්මාණයේදී ප්‍රධාන ක්‍රියාවන් තුනක් සලකා බැලීම ඉතා වැදගත්.
 

Sink එක
ශීතකරණය
ළිප (oven )

පැන්ටි කබඩ් එකක් මගින් ප්‍රධාන ලෙසම සිදුවන්නේ මෙම කොටස් තුන කාර්යක්ෂමව ක්‍රියා කළ හැ ස්ථාපිත කිරීමයි.ඒ අනුව, ගෘහණිය මුළුතැන්ගේ තුළ ඇවිදින දුර ප්‍රමාණය අඩුකර ගැනීමටද අඩු කාලයක් තුළ කාර්යය කිරීමේ හැකියාව ද, ආරක්ෂිත ලෙස වැඩ කිරීම යන කරුණු සඳහා මේවා ස්ථාපනය කරන ආකාරය සෘජුවම බලපෑම් කරයි. ඒ නිසා මූළිකව ඒවා ස්ථාපිත කරන ස්ථාන ගැන අවබෝධයක් ලැබීම වැදගත් වේ.

Sink හැකි හැම විටකම ජනේලයක් ආසන්නයේ පිහිටීම වැදගත් වේ. උඳුනත් ශීතකරණයත් අතර පිහිටීම වඩාත් ප්‍රායෝගික වේ. working top එක සඳහා කොන්ක්‍රීට් යොදා ගන්නේ නම් Sink එක තබන කරන ස්ථානය ගැන අදහසක් ඇතිව කොන්ක්‍රීට් තට්ටුව සිදුරු සහිතව නිර්මාණය කළ යුතු වේ.

ළිප ස්ථාපනය කිරීමේදී ජනේලයක් හා දොරක් අසලට නොදැමීමට ඔබ වග බලා ගත යුතුවේ. පිටතින් එන සුළඟ නිසා ළිපේ ගිනිදැල් නිසියාකාරව දැල්වීමක් සිදු නොවීම එයට හේතුව වේ. ජනෙල් රෙදි හුළං නිසා ගිනිගැනීමට ඇති හැකියාව අප අවධානය යොමු කළ යුතු වැදගත් කරුණකි. එමෙන්ම දුමාරය පිටතට ගැනීම සඳහා පහසු ස්ථානයක ලිප පිහිටීමද වැදගත් වේ. එමෙන්ම ගෑස් සිලින්ඩරයක් භාවිතා කරන්නේ නම් ගෑස් සිලින්ඩරය තබන ස්ථානය ගැනද මෙහිදී අවධානය යොමු කිරීම සිදුකළ යුතුය.

විදුලිය භාවිතා කිරීම සඳහා විදුලි පේනු ස්ථාපිත කිරීමද සිදුකළ යුතු වේ.ශීතකරණය සඳහා විදුලිය ලබාගැනීමට විදුලි පේනු ස්ථාපිත කරගත යුතුවේ. පහසුවෙන් ගෙනෙන බඩු ගබඩා කර ගැනීමට, මෙන්ම ආහාර පිසීමේදී පහසුවෙන් ද්‍රව්‍ය පිටතට ගැනීමට හැකි පරිදි Sink එකට ආසන්නයෙන් පිහිටීම වඩා වැදගත් වේ.

මේ ස්ථාන තුන සඳහා පහසුවෙන් ගමන් කළ හැකි ත්‍රිකෝණයක් ආකාරයට Sink උඳුන හා ශීතකරණය ස්ථානගත කිරීම ගෘහනියගේ ක්‍රියාවන් සඳහා මහත් පහසුවක් ගෙන දෙනවා. පැන්ට්‍රි කබඩ් එකේ උස සඳහා සම්මත අගයක් ලෙස අඟල් 34 සැලකුවත් ගෘහනියගේ උස අනුව ඇගේ ඉනට ඇති උස සමග සසදා උස නිර්මාණය කිරීම වඩාත් ප්‍රායෝගික වේ.

ඒ සඳහා තද වර්ණයක් භාවිත කිරීම වැදගත් වේ. සුදු වර්ණය භාවිත කිරීමට කැමති ගෘහණියන්ද සිටිනවා. නමුත් ලංකාවේ ආහාර රටාවට අනුව පීසීමේ කාර්යයට භාවිත කරන ආම්ලික ද්‍රව්‍ය හා තෙල් වැනි දෑ ලා පැහැති ග්‍රැනයිට් කාලයක් යෑමේදී අවපැහැ පැල්ලම් ඇති කිරීම දක්නට ලැබෙන අතර තද වර්ණයක් භාවිත කිරීම මගින් එවැනි අවස්ථා මගහැර ගැනීමට ඔබට හැකියාව ඇත.

කොන්ක්‍රීට් තට්ටුවක් භාවිත කර ඇති අවස්ථාවලදී පැන්ටි ටොප් එක සඳහා දැනට වෙළඳපොලේ පවතින ග්‍රැනයිට් පෙනුමට සමාන ටයිල් භාවිත කිරීමටද ඔබට හැකියාව ඇත. ඒ සඳහා අඩි 2 x අඩි 4 ලොකු ටයිල් භාවිත කිරීම මගින් ග්‍රැනයිට්වල ස්වරූපයම ඔබේ පැන්ට්‍රියට ලබා ගැනීමට හැකියාව ඇත.

අඩු වියදම් ලෙස නිර්මාණය කර ගැනීමට බලාපොරොත්තුවෙන් ඔබ පැන්ට්‍රි ටොප් එක කොන්ක්‍රීට් වලින් යොදා ගන්නේ නම් මේ සඳහා ආධාරක ලෙස මැද බිත්ති බැඳීම හැකි තාක් අවම කරගන. කබඩ් බෙදී යාමේදී සමාන ප්‍රමාණයෙන් කබඩ් පියන් නිර්මාණය කර ගැනීමට එවිට ඔබට අවස්ථාව සැලසෙනු ඇත.

ඔබ නවීන ආම්පන්න යොදා පැන්ට්‍රි කබඩ් එක නිර්මාණය කරන්නට බලාපොරොත්තු වන්නේ නම් කොන්ක්‍රීට් ටොප් එකක් යොදා ගැනීම සිදු නොකළ යුතුය. විවිධ රැක් හා පැන්ට්‍රි උපාංග රැඳවීම සඳහා ලී සැකිල්ල අවශ්‍ය බැවින් එය ලීයෙන්ම කර ගැනීම ඔබට වඩාත් වාසිදායක වනු ඇත. එම උපාංග වල ප්‍රමාණය ගැන අවබෝධයක් සහිතව කබඩ් වල ප්‍රමාණය නිර්මාණය කිරීම වඩාත් වැදගත් වෙයි.

පැන්ට්‍රි නිර්මාණය කිරීමේදී එය හානි වීමට බලපාන ප්‍රධාන සාධකය ලෙස ජලය හඳුන්වා දෙන්න පුළුවන්. එම නිසා ජලයට ඔරොත්තු දෙන අමුද්‍රව්‍ය යොදා ගනිමින් පැන්ට්‍රිය නිර්මාණය කිරීම මගින් කල්පැවැත්ම ලබා ගැනීමට හැක. බහුලව ඒ සඳහා මහෝගනී, තේක්ක වැනි ලී භාවිත කරයි. ජල කාන්දුව නිසා ඇලුමිනියම් හා stainless steel මඟින් නිර්මාණය කිරීමද මේ වනවිට දැකිය හැකි ප්‍රවණතාවකි.

ඊට අමතරව වතුරට ඔරොත්තු දෙන විවිධ අලංකාර නවීන අමුද්‍රව්‍ය දැනට වෙළඳපොළ තුළ දක්නට ලැබේ. එයට උදාහරණයක් ලෙස ඉකෝබෝල් අපට හඳුන්වා දෙන්න පුළුවන්.පැන්ට්‍රි ඒරියා එකක් සඳහා ආලෝකය ලබා ගැනීමේදී ද වඩාත් සැලකිලිමත් විය යුතුවේ. ස්වභාවික ආලෝකය සඳහා හොඳින් ආලෝකය ලැබෙන පරිදි ජනෙල් දොරවල් පිහිටීමද ඉතා වැදගත් වේ.

ආලෝකය පාලනය කරගත හැකි පරිදි ජනෙල් රෙදි යෙදීමේදී හුළඟට නොයන පරිදි roman blinds , venetian blinds වැනි bilind වර්ගයක් යොදා ගැනීම වඩාත් උචිත වේ. කෘතිම ආලෝකය ලබා ගැනීමේදී සාමාන්‍යයෙන් යොදා ගන්නා ආලෝක බුබුළු වලට අමතරව top pantry cupboard එකේ යටට work top  එක ආලෝකමත් වන පරිදි එන ලයිට් යොදා ගැනීමද වඩාත් වැදගත් වේ. එහිදී ඔබේ හෙවනැල්ල නිසා ඇතිවන අඳුරු සෙවනැල්ල නැතිවී work top එක මත පැහැදිලි ආලෝකයක් ඇතිවේ.

ගොඩනැගිලි සැලසුම්
තාක්ෂණවේදී
අභ්‍යන්තර ගෘහ
නිර්මාණ ශිල්පිණී
කවිෂා පෙරේරා
Viharaa HomeDesign

අර්චිත ඉඳුවර



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?