නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නත්තලට කුකුළෙක් රෝස් කරමු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

නත්තලට කුකුළෙක් රෝස් කරමු

Published December 4, 2023

පදම් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය

  • කිලෝග්‍රෑම් 1.5 ක සම්පූර්ණ කුකුළෙක්
  • තෙල් මේස හැඳි 3
  • මුදවපු කිරි මේස හැඳි 2
  • දෙහි යුෂ මේස හැඳි 3
  • ඉඟුරු සුදුලූනු පේස්ට් මේස හැඳි 1 බැඟින්
  • මිරිස් කුඩු තේ හැඳි 1
  • කහ කුඩු තේ හැඳි 1/2
  • කැමති Herbs වර්ග තේ හැඳි 1/2
  • ලුණු කුඩු තේ හැඳි 1/2

පදම් කරගන්නා ආකාරය

කුකුළා හොඳින් පිරිසිදු කරගන්න. පොඩි බෝල් එකකට තෙල්, මුදවපු කිරි, දෙහි යුෂ, ඉඟුරු සුදු ලූනු, මිරිස් කුඩු, කහ කුඩු, හර්බ්ස් වර්ග සහ ලුණු එකතුකර කලවම් කරගන්න. සාදාගත් පේස්ට් එක කුකුළා මත හොඳින් ආලේප කර පදම් වීම සඳහා ශීතකරනයේ පැය 1/2 ක් තිබන්න.

ෆිලින් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • තෙල් මේස හැඳි 3
  • චොප් කරගත් ලූනු ගෙඩි 2
  • ඉඟුරු සුදුලූනු පේස්ට් මේස හැඳි 1 බැඟින්
  • මින්ස් මීට් ග්‍රෑම් 300
  • මස් කරි කුඩු මේස හැඳි 2
  • රස අනුව ලුණු
  • පොඩියට කපාගත් තක්කාලි ගෙඩි 2
  • කොටු හැඩයට කපාගත් අල ගෙඩි 1
  • දෙහි යුෂ තේ හැඳි 1
  • පාස්ලි ස්වල්පයක්

සාදාගන්නා අකාරය

තෙල් රත්වූ පෑන් එකකට ලූනු සහ සුදු ලූනු පේස්ට් එකතුකර හොඳින් තෙම්පරාදු කරගන්න. මින්ස් මීට් දමා හොඳින් කලවම් කර හොඳින් බැදුන පසු මස් කරි කුඩු, ලුණු, අල සහ තක්කාලි එකතු කරගන්න. අල හොඳින් තැම්බුණ පසු දෙහි යුෂ සහ පාස්ලි එකතුකර ළිපෙන් ඉවත් කරගන්න.

බේක් කිරීම

කුකුල් මස් එක ශීතකරණයෙන් එළියට ගෙන ඉහත මිශ්‍රණය හොඳින් පුරවා ගන්න. බේකින් ට්‍රේ එකක් මත තබා සෙල්සියස් අංශක 200 ක උෂ්ණත්වයේ ප්‍රීහීට් කළ අවන් එකක පැයක් බේක් කරන්න. ඉන් පසු උෂ්ණත්වය සෙල්සියස් අංශක 220 ට වැඩි කර නැවත විනාඩි 20- 30 ක් බේක් කරගන්න.

රසවත් කර ගැනීමට සෝස් එකක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • මෙයොනේස් සෝස් කෝප්ප 1/2
  • සුදුලූනු කුඩු තේ හැඳි 1/4
  • මිරිස් සෝස් මේස හැඳි 1
  • තක්කාලි කෙචප් මේස හැඳි 1
  • රස අනුව ලුණු
  • පාස්ලි ස්වල්පයක්
  • ඔරිගානෝ තේ හැඳි 1/8

සාදාගන්නා ආකාරය

ඉහත සියල්ලම හොදින් කලවම් කරගන්න.





 

TAGGED: baking, festival foods, roast chicken
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025

Healthy සැලඩ්

May 5, 2025

කවුරුත් බොන්න කැමති සුප්

April 28, 2025

උදේට හොඳ කැඳ

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?