නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කවුරුත් බොන්න කැමති සුප්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

කවුරුත් බොන්න කැමති සුප්

Published April 28, 2025

කඩල සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

  • රැයක් පෙඟෙන්න තියාගත් කඩල
  • තම්බාගත් කැරට් අලයක්
  • තම්බාගත් අල ගෙඩියක්
  • රස අනුව ලුණු හා ගම්මිරිස්

සාදාගන්නා ආකාරය

මුලින්ම පෙඟෙන්නට දැමූ කඩල වතුර දමා තැම්බෙන්න තියන්න. පසුව තැම්බුණු කඩල ටික ගෙන හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. උකු ගති​ය අඩු කරගන්න කඩල තැම්බූ වතුර ටිකක් එකතු කරගන්න. තම්බාගත් අල හා කැරට් කෑලි හිටින සේ බ්ලෙන්ඩ් කර එම මිශ්‍රණය කඩල මිශ්‍රණට එකතු කරගන්න.

පම්ප්කින් ඇන්ඩ් චිකන් ක්‍රීම් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බාගත් කෑලි කපාගත් වට්ටක්කා කෝප්ප 1
  • තම්බාගත් චිකන් බ්‍රෙස්ට් කෝප්ප 1/4
  • රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු
  • චොප්කරගත් රතු ලූනු ගෙඩි කිහිපයක්
  • චොප්කරගත් සුදු ලූනු බික් 2
  • බටර් ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

තම්බාගත් වට්ටක්කා ටික පොතු අයින් කර බ්ලෙන්ඩර් එකට දාගන්න. මේයටම චිකන් ටිකත් දමා ක්‍රීම් වෙනතුරු බ්ලෙන්ඩ් කරගන්න. පෑන් එකට බටර් ටිකක් දාලා ලූනු සහ සුදු ලූනු ටික තෙම්පරාද කරගන්න.

මෙයට වට්ටක්කා චිකන් ක්‍රීම් මිශ්‍රණයත් එකතු කර උකු වැඩි නම් උණු වතුර හෝ චිකන් ස්ටොක් ටිකක් දාගන්න. දැන් හොඳට හැඳි ගාන ගමන් ලුණු හා ගම්මිරිස් එකතු කරගන්න. කැමති නම් ලූනු කොළ ටිකක් උඩින් කපලා දාගන්න.

ගාලික් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

  • සුදු ලූනු බික් 15
  • චොප්කරගත් සුදු ලූනු ස්වල්පයක්
  • කෝන්ෆ්ලා මේස හැඳි 2
  • රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු

සාදාගන්නා ආකාරය

වතුර කෝප්ප එකකට කෝන්ෆ්ලා ටික දියකරලා තියාගන්න. පෑන් එකකට තෙල් ටිකක් දාලා සුදු ලූනු බික් ටික ෆ්‍රයි කරගන්න.

එයටම චොප්කරගත් සුදු ලූනු ටිකකුත් දාලා පුච්චගන්නෙ නැතුව හොඳට තෙම්පරාදු කරගන්න. මේකට කෝන්ෆ්ලා දියකරපු වතුර ටික දාලා හැඳි ගාමින් උතුරවා ගන්න. මේකට තව වතුර කෝප්ප 1/2 ක් එකතු කර ලුණු හා ගම්මිරිස් කුඩු දමා ගන්න. උකු වෙනකල් හැඳි ගාලා ලිපෙන් බාගන්න.

ගාර්ලික් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

  • චොප් කර ගත් රතු ලූනු ගෙඩි 1
  • චොප් කර ගත් සුදු ලූනු ගෙඩි 1
  • පොඩියට කපාගත් ලීක්ස්
  • ඔලිව් තෙල් මේස හැඳි 2
  • වියළි Thyme ටිකක්
  • අල ගෙඩි 2
  • චිකන් ස්ටොක්
  • ලුණු කුඩු ටිකක්
  • ගම්මිරිස් කුඩු
  • ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1
  • පාන් පෙති කිහිපයක්

සාදාගන්නා ආකාරය

පෑන් එකක් ළිපේ තියලා ඒකට ඔලිව් තෙල් ටිකක් දාන්න. දැන් ඒකට චොප් කරගත් රතු ලූනු හා පොඩියට කපාගත් ලීක්ස් ටික දා ගන්න. හොඳින් කලවම් කරන්න. දැන් චොප් කර ගත් සුදු ලූනු ටික දාගන්න. ඒකටම ඔයහපැ දාලා විනාඩි 15 ක් විතර පිසගන්න. ඊළඟට අල ගෙඩි පොඩියට කපාගෙන ඒකටම එක් කරන්න.

චිකන් ස්ටොක් ටික හා ෆ්‍රෙශ් ක්‍රීම් දාලා කලවම් කරන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. හොඳට කලවම් කරන්න. විනාඩි 25 ක් විතර පිසගන්න. මේ මිශ්‍රණය බ්ලෙන්ඩ් කරගන්න. දැන් පාන් පෙති ටික පොඩියට කපාගන්න. පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් දාලා පාන් ටික දාලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න. ඒ අතරතුර පාස්ලි කොළ හීනියට කපා ගෙන සුප් එකට දාලා කලවම් කරගන්න.අන්තිමට සදා ගත් සුප් එක මතට කලින් බැදගත් පාන් එක් කරන්න.

ටෝෆු සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

  • තෙල් ස්වල්පයක්
  • චොප්කරගත් ලූනු ගෙඩි 1
  • කපාගත් ටෝෆු ග්‍රෑම් 100
  • වතුර කෝප්ප 4
  • කපාගත් කැරට් අල 1
  • කපාගත් අල ගෙඩි 1
  • කඩාගත් ගෝවාමල් කෝප්ප 1
  • රස අනුව ලුණු
  • තලතෙල් මේස හැඳි 2

සාදාගන්නා ආකාරය

භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ලූනු ටික දාලා බැදෙන්න හරින්න. දැන් වතුර කෝප්ප 4 ක් වගේ දාලා උතුරවන්න. උතුරනකොට ටෝෆු ටික කපලා දාලා තැම්බෙන්න තියන්න. ඊළඟට කැරට්, අල, ගෝවාමල් ටික එකතුකර ලුණු එකතු දමාගන්න. උතුරනකොට ලිපෙන් බාගන්න.

දැල්ලො ස්පැගටි සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බා ගත් ස්පැගටි ග්‍රෑම් 100
  • කපාගත් දැල්ලො ග්‍රෑම් 300
  • දෙකට කපාගත් බේබි තක්කාලි ගෙඩි 4
  • කොටුවට හැඩයට කපාගත් බෙල්පෙපර් ගෙඩි 1
  • සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ කෝප්ප 1
  • තක්කාලි සෝස් කප් 1/2
  • ඔලිව් ඔයිල්
  • කපාගත් සුදු ලූනු බික් 2
  • රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය

භාජනයකට ඔලිව් ඔයිල් ටිකක් දාලා ළිපේ තියන්න. දැන් මෙයට සුදු ලූනු එකතු කර යාන්තමට බැදෙනකොට කොත්තමල්ලි කොළ ටික දාගන්න. ඊළඟට දැල්ලන් එකතුකරගන්න. දැල්ලන් ටික කුක් වෙන්න ටික වෙලාවක් වහලා තියලා තක්කාලි ටික එකතුකරගන්න.

පසුව කපාගත් බෙල්පෙපර් එකතු කර කලවම් කරලා විනාඩි 10 ක් පමණ වසා තබන්න. ඊට පස්සෙ තක්කාලි සෝස් එකතු කරලා කලවම් කරන්න. මේකට වතුර කෝප්ප 1/2 ක් වගේ එකතු කර හොඳට උතුරනකල් වහලා තියන්න ඊළඟට ලුණු දාලා අන්තිමට ස්පැගටි ටික එකතු කර විනාඩි 10 ක් වගේ වහලා තියලා අරන් කෑමට ගන්න.

මශ්රූම් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඔලිව්තෙල් තේ හැඳි 2
  • බටර් මේස හැඳි 1
  • චොප්කරගත් ලූනු ගෙඩි 1/2
  • චොප්කරගත් සුදු ලූනු ස්වල්පයක්
  • කෑලි කපාගත් බට්න් මෂ්රූම් කෝප්ප 1
  • පාන්පිටි මේස හැඳි 1
  • වතුර කෝප්ප 1 1/2
  • රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු
  • ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1/4

සාදාගන්නා ආකාරය

පෑන් එකට ඔලිව්තෙල් ටික දාලා චොප්කරගත් ලූනු හා සුදු ලූනු තෙම්පරාදු කරගන්න. මේකට කෑලි කරගත් මෂ්රූම් ටික දාලා හොඳට හැඳිගාන්න. විනාඩියක් දෙකක් පමණ තෙම්පරාදු කර පාන්පිටි ටික එක්ක වතුර දාලා කලවම් කරගන්න.

ලුණු හා ගම්මිරිස්කුඩු රස අනුව එකතු කරගන්න. හොඳට කලවම් කරලා වහලා තැම්බෙන්න හරින්න. මෂ්රූම් ටික තැම්බුණාම ඒකෙන් ටිකක් බේරල අරන් බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගත් මෂ්රූම් පියුරි එක නැවත සුප් එකට එකතු කර ෆ්‍රෙශ් ක්‍රිම් ටිකත් එකතු කර හැඳි ගාන්න. උකු වෙනකල් හැඳි ගාලා ලිපෙන් බාගන්න.

නිවිති ක්‍රීම් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

  • නිවිති කොළ ස්වල්පයක්
  • චොප් කරගත් ලූනු ස්වල්පයක්
  • කිරි කෝප්ප 1
  • එළවළු ස්ටොක් කෝප්ප 1
  • බටර් මේස හැඳි 1
  • තම්බා පොඩි කරගත් අල ගෙඩි 1
  • රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු

සාදාගන්නා ආකාරය

උණු වතුර ස්වල්පයකට නිවිති ටික දාලා යන්තම් තම්බල ගන්න. නිවිති කොළ ටිකට ස්ටොක් එකයි අල ටිකයි දාලා ක්‍රීම් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න. පෑන් එකකට බටර් ටිකක් දාලා බී ලූනු ටික තෙම්පරාදු කරගන්න.දැන් මෙයට බ්ලෙන්ඩ් කරගත් නිවිති ටික එකතු කර හැඳිගාමින් කිරි ටික එකතු කර ලුණු හා ගම්මිරිස් දමාගන්න.



 


 
 


 



 


 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

South Indian කෑම

June 9, 2025

සුප්

June 9, 2025

ඔෂීන්ගේ කෑම ගෙදර හදමු.

June 2, 2025

රස නහර පිනායන Japanese Dessert

June 2, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?