නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: උදේට හොඳ කැඳ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

උදේට හොඳ කැඳ

Published April 28, 2025

කිරි කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය

  • සුදු හාල් මිටක් පමණ
  • සුදු ලූනු බික් 8-10
  • පොල්කිරි කෝප්ප 3
  • රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු

සාදාගන්නා ආකාරය

හාල් ටික හෝදලා වතුර ටිකක් වැඩියෙන් ලිප තියන්න. ඒකට සුදු ලූනු ටිකත් දාලා බත බෙරි වෙන්න වගේ උයාගන්න. වතුර ටික හිඳුණාම පොල්කිරි ටික එකතු කරන්න. දැන් ලුණු එකතුකර පොල්කිරි ටික නටනකල් හැන්දකින් කලවම් කරගන්න. කැමතිනම් බත් ටික පොඩි කරගෙ​න කැඳ එක හදාගන්​නත් පුළුවනි. අවශ්‍ය අය උඩින් ගම්මිරිස් කුඩු ටිකක් ඉහලා බීමට ගන්න.

මුංඇට කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බාගත් මුං ඇට
  • කෝප්ප 1
  • පොල්කිරි කෝප්ප 2
  • චොප්කරගත් සුදු ලූනු බික් 2
  • රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය

චොප්කරගත් ඉඟුරු ටිකක් තම්බාගත් මුං ඇට භාජනයකට දාලා හැන්දකින් පොඩි කරගන්​න. පසුව සුදු ලූනු හා ඉඟුරු ටික දාලා ලිපේ තියන්න. පොල් කිරි ටික දාගෙන හොඳට හැඳි ගාන්න. අවසානයට ලුණු එකතු කර ගන්න.

කොළකැඳ

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැමති කොළ වර්ගයක්
  • සුදු හෝ රතු හාල් මිටක්
  • සුදු ලූනු බික් 5-6
  • ගාගත් පොල් කෝප්ප 2
  • රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය

මුලින්ම කොළ ටික හො​ඳට හෝදලා මෝරපු දඬු තියේනම් අයින් කරගන්න. දැන් කො​ළ ටික පොඩියට කඩලා පොල් කෝප්ප භාගයක් හා වතුර ටිකක් එක්ක බ්ලෙන්ඩ් කරන්න.

වෙනම භාජනයක් අරගෙන හාල් ටික හා සුදු ලූනු දාලා තැම්බෙන්න හරියන්න. හාල් තැම්බුණාම හදාගත්තු යු​ෂ ටික මිරිකලා දාන්න. ගාගත් පොල් ඉතිරි ටිකෙන් මිටිකිරි අරන් ඒකත් දාගන්න. හොඳට හැදි ගාගෙන, රස අනුව ලුණු දාගන්න.

කොහිල කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය

  • හො​ඳට පැහුණු කොහිල අලයක්
  • සුදු කැකුළු හාල් මිටක්
  • සුදු ලූනු බික් 4-5
  • පොල්කිරි කෝප්ප 2
  • රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය

හාල් ටික සෝදලා අරන් වතුර ටිකක් දලා තැම්බෙන්න තියන්න. ඒකට කපාගත් සුදු ලූනු ටික දාන්න. කොහිල ටික පොඩියට කපාගෙන වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේක අර හාල් මිශ්‍රණයට දාලා තැම්බෙන්න තියන්න. හො​ඳට තැම්බුනාම පොල් කිරි ටික එකතු කරලා රස අනුව ලුණු දාගන්න.

සව් කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය

  • සව් ග්‍රෑම් 100
  • හකුරු බෑයක්
  • මිටි කිරි කෝප්ප 1
  • දියකිරි කොප්ප 1/2
  • කුරුඳුපොතු, එනසාල්, කරාබුනැටි
  • කජු ස්වල්පයක්
  • රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය

සව් ටික හෝදලා තැම්බෙන්න හරින්න. තැම්බෙන අතරතුර ටික ටික හැඳි ගාන්න. දැන් මෙයට එනසාල්, කරාබුනැටි සහ කුරුඳුපොතු කෑල්ලක් දාගන්න. පසුව හකුරු ටික ග්‍රේට් කරගන්න. දැන් සව් ටික තැම්බුනාම හකුරු ටික එකතු කරගෙන හොඳට හැඳි ගාන්න. හකුරු දිය වුණාට පස්සෙ මිටිකිරි ටික එකතු කරගන්න.

කිරි මදි වගේ නම් දිය කිරි ටිකකුත් දාන්න. කිරි ටික උතුරනකොට ටික ටික ඝන මිශ්‍රණයක් හැදෙනවා. ඒ නිසා හොඳට හැඳිගාන්න කැටි වෙන්න නොදී. කජු ටික ටිකක් බැදලා අරන් සව් එකට දාගෙන රස බලන්න.


 


 
 



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

South Indian කෑම

June 9, 2025

සුප්

June 9, 2025

ඔෂීන්ගේ කෑම ගෙදර හදමු.

June 2, 2025

රස නහර පිනායන Japanese Dessert

June 2, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?