කොෆී ජෙලි පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය
- ක්ෂණික කෝපි කුඩු තේ හැඳි 4
- සීනි ග්‍රෑම් 175
- ජෙලටින් ග්‍රෑම් 20
- උණුවතුර කෝප්ප 3
- කිරි මිශ්‍රණය සඳහා
- කිරි කෝප්ප 2
- සීනිග්රෑම් 100
- වැනිලා ස්වල්පයක්
- ජෙලටින් මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
කෝපි ජෙලි හදාගන්න ජෙලටින් ඇල්වතුරෙන් පොඟවලා ඩබල් බොයිල් කරගන්න. උණුවතුරට කෝපි හා සීනි දාලා දියකරගන්න. සීනි දියවුණ පසු ජෙලටින් දාලා කලවම් කර ලිපෙන් බාගන්න.
මේ මිශ්‍රණය බටර් ගාගත් ට්‍රේ එකකට දාලා පැය 4 ක් පමණ ශීතකරණයේ තියන්න. පසුව ශීතකරණයෙන් පිටතට ගෙන කොටු හැඩයට කපාගන්න. කිරි මිශ්‍රණය හදන්න කලින් කෝපි වගේම ජෙලටින් ඇල්වතුරෙන් පොඟවලා ඩබල් බොයිල් කරගන්න.
කිරි ටික ලිපේ තියලා සීනි දාලා උණුකරගන්න. කිරි නටනකොට ජෙලටින් දාලා දියකරලා ලිපෙන් බාගෙන නිවෙන්න තියන්න. ට්‍රේ එකකට කපාගත් කෝපි ජෙලි කෑලි දාලා නිවුණු කිරි මිශ්‍රණය දාලා තවත් පැය 3 ක් පමණ ශීතකරණයේ සෙට් වෙන්න තියන්න.
Cakesicles

අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩුකරගත් කේක් කෝප්ප 1
- බටර් මේසහැඳි 2
- ක්‍රීම්චීස් කෝප්ප 1/2
- අයිසින් ශුගර් කෝප්ප 1/2
- ඩාක් චොක්ලට් ග්‍රෑම් 100
- කිරි ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
බටර්වලට ක්‍රීම්චීස් හා අයිසින් ශුගර් දාලා හොඳට බීට් කරගන්න. ඊළඟට මේකට කේක් කුඩු දාල හැන්දකින් කලවම් කරගන්න. පොප්සිකල් මෝල්ඩ් එකකට මේකෙන් ටික ටික දාලා ලෙවල් කරගන්න. ඊළඟට ස්ටික්ස් ගහලා පැය 2 ක් ෆ්‍රීස් කරගන්න. ඩාක් චොක්ලට් ටික ඩබල් බොයිල් කරලා කිරි ටික එකතු කරලා ගනාශ් එක හදාගන්න. දැන් ෆ්‍රීස් කරපු කේක්සිකල් අරගෙන මෙල්ට්කරගත් චොක්ලට් වල ඩිප් කරලා තව පැය 2 ක් ෆ්‍රීස් කරගන්න. කැමතිනම් ස්ප්රින්කල් ඉහගන්න.
චීස්කේක් කුකී සැන්ඩ්විච්

අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් කුකීස් අවශ්‍ය පමණ
- ක්‍රීම් චීස් කොප්ප 1
- බටර් කොප්ප 1/2
- දුඹුරු සීනි කොප්ප 1/3
- වැනිලා තේ හැඳි 1
- කුඩු කරගත් සුදු සීනි කොප්ප 1/2
- මෙල්ට් කරගත් චොක්ලට් කොප්ප 1/2
- ස්ප්‍රින්කල්ස් අවශ්‍ය පමණට
සාදාගන්නා ආකාරය
බටර් ටික බඳුනකට දමා යන්තම් රත් කර දියකරගෙන නිවෙන්න හරින්න. දැන් එම බටර් මිශ්‍රණයට දුඹුරු සීනි සහ වැනිලා එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. තවත් භාජනයකට ක්‍රීම් චීස්, කුඩු කරගත් සීනි එක් කර හෑන්ඩ් විස්ක් එකකින් හොඳින් මිශ්‍ර කරගන්න. දැන් මේ චීස් මිශ්‍රණය බටර් මිශ්‍රණයට එකතු කරගෙන නැවත හොඳින් විස්ක් කරගන්න. කුකීස් දෙකක් ගෙන මේ මිශ්‍රණය මැදින් දමා සැන්ඩ්විච් කරගන්න. සැන්ඩ්විච් කරගත් කුකීස් ගෙන මෙල්ට් කරගත් චොකලට්වල භාගයක් පමණ ඩිප් කරගෙන ස්ප්‍රින්කල්ස් ඉස වියලෙන්නට තියාගන්න.
කෙසෙල් ජෙලි පුඩිම
අවශ්‍ය ද්‍රව්‍ය
- ලොකු කෙසෙල් ගෙඩි 3
- කොකෝවා පවුඩර් මේස හැඳි 2
- ජෙලටින් ග්‍රෑම් 30
- තද උණු වතුර මි ලී 150
සාදාගන්නා ආකාරය
ජෙලටින් ටිකට වතුර එකතු කර දියකර පසෙකින් තබා ගන්න. බ්ලෙන්ඩර් ජා එකට කැබලිවලට කපාගත් කෙසෙල් සහ කොකෝවා පවුඩර් එකතු කර හොදින් බ්ලෙන්ඩ් කර ගන්න. එයට ජෙලටින් මිශ්‍රණය එකතු කර නැවත හොදින් බ්ලෙන්ඩ් කරන්න.ලෝෆ් පෑන් එකක තෙල් තවරා මිශ්‍රණය එකතු කර ශීතකරණයේ තබා හොදින් සෙට් කර ගන්න.
Chocolate Cake shake
අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩුකරගත් කේක් කෝප්ප 1
- කිරි කෝප්ප 2
- වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් 2
- සීනි මේසහැඳි 2
සාදාගන්නා ආකාරය
බ්ලෙන්ඩර් කප් එකට කුඩුකරගත් කේක්වලින් අඩක්, කිරි, අයිස්ක්‍රීම් හා සීනි දාලා විනාඩියක් පමණ හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ග්ලාස් එකකට කුඩුකරගත් කේක් ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගත් ශේක් එක දාගන්න. උඩිනුත් කේක්කුඩු ටිකක් ඉහලා චොක්ලට් සෝස් වක්කරලා පිළිගන්වන්න.
යෝගට් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 4
- ටිං කිරි කෝප්ප 1/2
- කුඩු කරගත් කරදමුංගු ඇට 2
- යෝගට් කෝප්ප 1 1/2 (මෙශරින් කප්)
- කැරමල් එකට
- සීනි කෝප්ප 1/2
- වතුර මේස හැඳි 4
සාදාගන්නා ආකාරය
බිත්තර ටික කඩලා කහමදය අයිනේ ඇති ඝණ සුදුපාට කොටස ඉවත් කරන්න. බිත්තරවලට මිල්ක්මේඩ් ටික දාලා කරදමුංගු කුඩු ටිකත් දාලා හොඳට විස්ක් කරගන්න. යෝගට් ටික වෙනම බෝල් එකක තඑමක් දියාරු වෙනකල් විස්ක් කරගන්න. මේ යෝගට් ටික බිත්තර මිශ්‍රණයට දාලා කලවම් කරගන්න.
කැරමල් එක හදාගන්න භාජනයක් ලිපේ තියලා සීනි ටික දාලා දුඹුරුපාට වීගෙන එනකොට වතුර ටික දාලා සීනි දියකරගෙන කැරමල් එක හදාගන්න. දැන් මේ කැරමල් එක පුඩින් එක හදාගන්න ටේ්ර එකට දාගෙන ඊට උඩින් අපි හදාගත්ත පුඩින් මිශ්‍රණය දාගන්න. උඩින් ෆොයිල් කොළයකින් වහලා අවන් එකේ සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 20-30 ක් බේක් කරගන්න.
ස්මෝර්ස් කප්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩු කරගත් ක්‍රීම් ක්‍රැකර් කෝප්ප 1 3/4
- බටර් කෝප්ප 1/2
- කුඩු කරගත් සීනි මේස හැඳි 2
- චොකලට් චිප්ස් හෝ කැබලි කරගත් කුකින් චොකලට් කෝප්ප 1
- මාශ්මෙලෝව්ස් අවශ්‍ය පමණට
සාදාගන්නා ආකාරය
අවන් එක සෙල්සියස් 160 ට ප්‍රී හීට් වෙන්න දාගන්න. ඒ අතරතුර භාජනයකට බටර් එකතු කර ලිප තබා දිය වෙන්න හරින්න. තවත් භාජනයකට කුඩු කරගත් සීනි සහ ක්‍රීම් ක්‍රැකර් එකතුකර එයට දිය කරගත් බටර් ටික දාල ගෑරප්පුවකින් හොඳින් මිශ්‍ර කරගන්න.
බටර් තවරාගත් මෆින් ටේ්ර එකකට මේ මිශ්‍රණයෙන් කොටස බැගින් එක් කර අතින් තද කර ලේයර් එකක් දාගන්න. ප්‍රී හීට් කරගත් අවන් එකට මෆින් ටේ්ර එක දාල විනාඩි 10 ක් බේක් කරගන්න. අවන් එකෙන් එලියට ගත් විගසම චොකලට් චිප්ස් ටික බිස්කට් තට්ටුව උඩින් දාගෙන ඒකට උඩින් මාශ්මෙලෝව්ස් තියල නැවත අවන් එකට දාගන්න. මාශ්මෙලෝව් උඩ දුඹුරු පාට වනවිටම අවන් එකෙන් ඉවත් කරගන්න.
Cake Cookies
අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩුකරගත් කේක් කෝප්ප 1
- බටර් මේසහැඳි 2
- සීනි මේසහැඳි 2
- බිත්තර 2
- පාන්පිටි කෝප්ප 1/2
- චොප්කරගත් චොක්ලට් කෝප්ප 1/4
සාදාගන්නා ආකාරය
බටර් හා සීනි හොඳට බීට් කරගන්න. මේකට බිත්තර ටික දාගන්න. නැවත හොඳට බීට් කර ඊළඟට පාන්පිටි හා චොක්ලට් ටික දාලා කලවම් කරගන්න. දැන් කුඩුකරගත් කේක් ටික එකතු කර හොඳට කලවම් කරලා අතින් පොඩි බෝල හදලා පැතලි කරගන්න. දැන් මේ ටික බේකින් ශීට් එකක තියලා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 10-12 ක් බේක් කරගන්න.
