අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු ලූනු බික් කෝප්ප 1
- ලෙමන් යුෂ කෝප්ප 1/2
- රස අනුව ලුණු
- සන්ෆ්ලවර් තෙල් කෝප්ප 1/2
සාදාගන්නා ආකාරය
මුලින්ම සුදු ලූනු බික් දෙකට කපා මැද නාරටිය ඉවත් කරගන්න. ඉන්පසුව කපාගත් සුදු ලූනු සහ ලුණු ග්‍රයින්ඩර් එකක් ආධාරයෙන් හොඳින් ග්‍රයින්ඩ් කරගන්න. දැන් එයට ලෙමන් යුෂ එකතු කර නැවතත් බ්ලෙන්ඩ් කරගන්න.
ඉන් පසුව තෙල් ටික ටික එකතු කරමින් බ්ලෙන්ඩ් කරගන්න. සෝස් එක ගබඩා කිරීම සඳහා වීදුරු බෝතලයක් භාවිතකරනවානම් ඉතා සුදුසුයි. සකස් කරගත් සෝස් එක වීදුරු බෝතලයකට එකතු කර ටිෂු කඩදාසියකින් එය හොඳින් ආවරණය කර එක රැයක් ශීතකරණයේ තබන්න. පසුදින එම ටිෂු කඩදාසිය ඉවත් කර බෝතලයේ මූඩියෙන් හොඳින් වසා ශීතකරණයේ තබා ගෙන පාවිච්චි කරන්න.
