අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳින් ඉදුණු තක්කාලි ගෙඩි 6
- මිරිස් කුඩු තේ හැඳි 1/2
- සීනි මේස හැඳි 3
- විනාකිරි මේස හැඳි 3
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
මුලින්ම තක්කාලි ගෙඩිවල යටින් කැපුම් දෙකක් දමා විනාඩි 3 ක් උණු වතුරෙ බහා තබන්න. ඉන්පසුව තක්කාලිවල පොතු ටික ඉවත්කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගත් තක්කාලි මිශ්‍රණය පෙරා ගන්න.
පෙරාගත් තක්කලි මිශ්‍රණය පිරිසිදු භාජනයකට එකතු කර ලිප තබා විනාකිරි හැර අනෙක් අමුද්‍රව්‍ය සියල්ල එකතු කර හොඳින් හැඳිගාමින් පිසගන්න. මිශ්‍රණය තරමක් උකු වේගෙන එනවිට විනාකිරි ටික එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. අවශ්‍ය ප්‍රමාණයට සෝස් එක උකු වූ විට ලිපෙන් ඉවත් කර නිවෙන්නට හැර බෝතලයකට දමා ශීතකරණයේ තබමින් භාවිතයට ගන්න.
White Sauce
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 100
- බටර් ග්‍රෑම් 100
- ක්‍රීම්චීස් ග්‍රෑම් 100
- චීස් වෙජස් 2
- කිරි ලීටර් 1.5
- ගම්මිරිස්කුඩු ස්වල්පයක්
- ඔරිගානෝ ස්වල්පයක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
මුලින්ම බටර් ටික පෑන් එකකට දමා දිය වෙන්නට හරින්න. පසුව පාන්පිටි ටික එකතු කර මිශ්‍ර කරගන්න. අඩිය අල්ලන්නට ඉඩ නොතබා දිගින් දිගටම මිශ්‍ර කරන්න. ඉන්පසුව කිරි ටික ටික කලවම් කරමින් පිටි කැටි නොහිටින සේ මිශ්‍ර කරගන්න. දැන් එම මිශ්‍රණයට චීස් සහ ඔරිගානෝ එකතු කරගන්න. අවසානයට ලුණු සහ ගම්මිරිස්කුඩු අවශ්‍ය පමණට එකතු කර මිශ්‍ර කරමින් සෝස් එක සකස් කර ගන්න.
