නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හරියටම ශුවර් නැත්නම් එයත් එක්ක sex එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

හරියටම ශුවර් නැත්නම් එයත් එක්ක sex එපා

Published December 18, 2023

ආසාදිතයකුගෙන් දින 10ක් තුළ ගොනෝරියා බෝවේ

ගොනෝරියා (Neisseria gonorrhea) යනු ඉතාම සුලබ ලිංගාශ්‍රිත රෝගයක්. මේ රෝග තත්ත්වයට පත් රෝගීන් අපට නිතරම වාර්තා වෙනවා. ගොනෝරියාව බැක්ටීරියා ආසාදන තත්ත්වයක් හේතුවෙන් ඇතිවන්නක්. මෙය ලිංගික හැසිරීම් නිසා බෝවන  රෝගයක් වන අතර ආසාදිතයෙකු සමග ලිංගිකව හැසිරී දින 1- 10 ක් වැනි කාලයක් තුළ රෝග ලක්ෂණ මතුවේ.

රෝග ලක්ෂණ

පිරිමි පාර්ශ්වය

ගොනෝරියා රෝග තත්ත්වයෙන් ආසාදිත වුණ පිරිමි පුද්ගලයෙකුගේ මුත්‍රා මාර්ගයෙන් සැරව හෝ ඝන ඝ්‍රාවයන් පිටවෙනවා. ඒ වගේම රෝගියාට මුත්‍රා කිරීමේ අපහසුතාවයක් ඇති වෙනවා.

කාන්තා පාර්ශ්වය

අස්වභාවික ඝ්‍රාවයන් පිටවීම

යටි බඩ ප්‍රදේශයේ වේදනාව

මුත්‍රා දැවිල්ල

ශ්‍රෝණි ආශ්‍රිත ආසාදනය

සැරව ගෙඩි

ශරීරය පුරා බැක්ටීරියාව ව්‍යාප්ත වීම

නිසා ඇති වෙන හන්දි වේදනාව

නමුත් සමහර අවස්ථාවන්හිදී ආසාදිතයෙකු වුණත් රෝග ලක්ෂණ නොපෙන්වා සිටින අවස්ථාවන්ද තිබෙනවා.

ගොනෝරියාව නිසා ඇති වෙන සංකුලතාවයන්

පිරිමි පුද්ගලයෙකුගේ නම් වෘෂණ කෝෂ ඉදිමීම (epididymis) පුරස්ථි ග්‍රන්ථි ආසාදනය (prostate) මේ අවස්ථාවන්ට ප්‍රතිකාර නොකළහොත් බැක්ටීරියාව ශරීරය පුරාම ව්‍යාප්ත වීමට පුළුවන්. ඒ වගේම හන්දි වේදනාව ඇති වීමට හැකියාව තියෙනවා.

ගොනෝරියා රෝග තත්ත්වය හඳුනා ගන්නෙ කෙසේද?

පලපුරුදු වෛද්‍යවරයෙකුට සැරව සහිත ඝ්‍රාවයන් දුටු විට මේ රෝග තත්ත්වය හඳුනා ගැනීමට පුළුවන්. ඒ කෙසේ වෙතත් රෝගය ස්ථිර කර ගැනීම සඳහා මෙම ඝ්‍රාව සාම්පලයන් අන්වික්ෂයකින් පරීක්ෂා කිරීමෙන් බැක්ටීරියාව දැක ගත හැකියි.

culture හෙවත් බැක්ටීරියා වර්ධන පරීක්ෂාව මගින්ද මේ තත්ත්වය තහවුරු කර ගැනීමට පුළුවන්. අපේ සායනවල අන්වීක්ෂ පරීක්ෂාව නොමැතිව වුණත් රෝග තත්ත්වය ගැන තහවුරු කර ගැනීමට පුළුවන්. මෙහිදී රෝග ලක්ෂණ, රෝගියාගේ ලිංගික හැසිරීම් ඉතිහාසය තුළින් පමණක් වුණත් ගොනෝරියා ආසාදිත බවට වූ තහවුරු කර ගැනීමට හැකියාවක් තිබෙනවා.

ගොනෝරියා රෝගයට ප්‍රතිකාර තිබෙනවාද?

ඔව්, ගොනෝරියා රෝගය නිට්ටාවටම සුව කිරීමට පුළුවන්. රෝග සංකුලතාවයන් මතු වීමට පෙරාතුව රෝගියා හඳුනා ගතහොත් ප්‍රතිජීවක ඖෂධ මගින් සුව කිරීමට පුළුවන්. රජයේ රෝහල්වල පරීක්ෂණ කිරීමට පහසුකම් නැති ක්ලැමඩියා (clamadia) බැක්ටීරියාව ඇතැයි උපකල්පනය කරමින් ඒ වෙනුවෙනුත් ප්‍රතිජීවක ඖෂධ ලබා දෙමින් ප්‍රතිකාර ලබා දෙනවා.

රෝගියා ප්‍රතිජීවක ඖෂධ ආරම්භ කිරීමෙන් තුන්වන දිනයේදී නැවත මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කළ යුතු වෙනවා. එහිදී බැක්ටීරියාව විනාශ වී ඇත්දැයි පරීක්ෂා කරනවා. ඒ නිසා රෝගියෙක් ඖෂධ පටන් ගෙන දින තුනකින් අන්වාර්යෙන්ම සායනයට පැමිණීම වැදගත්.

මේ සමග වෙනත් ලිංගාශ්‍රිත රෝග ගැනත් පරීක්ෂා කරනවාද?

රුධිර සාම්පල මගින් HIV, සිෆිලිස් වැනි රෝග ඇති හෝ නැති බව තහවුරු කර ගැනීමට පුළුවන්. ස්‍රාවයන් සහ මුත්‍රා පරීක්ෂණ මගින් අනෙක් රෝග තත්ත්වයන් ගැනත් සොයාබලා ඒවාටත් අවශ්‍ය නම් ප්‍රතිකාර ලබා දෙනවා.

ආසාදිතයන් සමග ලිංගික ඇසුරක් පවත්වා ඇති අය

රෝග ලක්ෂණ ඇති වූ දින සිට සති දෙකක් දක්වා ඔවුන් ලිංගික ඇසුරක් පැවැත්වූ අය ගැන විමසා දැන ගන්නවා. ඒ වගේම ඔවුන්නුත් සායනයට පැමිණ ප්‍රතිකාර ලබාගන්නවා. මාස තුනක ඉතිහාසය තුළ ඇසුරු කළ අයත් පරීක්ෂා කරනවා.

රෝගීන්ගෙන් ලබා ගන්නා දෙවන සාම්පලයේ විෂබීජ ඇති බව තහවුරු වන තෙක් අනෙක් පාර්ශ්වය සමග ලිංගිකව එක් නොවන ලෙසට උපදෙස් ලබා දෙනවා.

ගොනෝරියාව සුළුවෙන් සලකන්න පුළුවන්ද?

නැහැ, අනාරක්ෂිත ලිංගික සබඳතාවයන්, එක් අයෙකුට වඩා වැඩි දෙනෙකු සමග ලිංගික සම්බන්ධතාවයන් පැවැත්වීම රෝගය ඇති වීමට හේතුවක්. ඒ නිසා නිතරම ලිංගික ඇසුර විශ්වාසවන්ත එක් අයෙකුට සීමා කිරීම වැදගත්. බොහෝ විට ජීවිත කාලය පුරාම ශරීරයේ පවතිනවා. සමහර රෝග හඳුනා ගන්නේ එයින් සංකුලතාවයන් ඇති වූ පසුවයි. එවැනි අවස්ථාවකදී එක් ප්‍රතිජීවක ඖෂධයකින් ප්‍රතිකාර කර අවසන් කිරීමට හැකියාවක් නැති වෙනවා. ඒ නිසා කවර හෝ ලිංගික රෝග තත්ත්වයකට ගොදුරු නොවී ඔබේ ලිංගික කටයුතුවලදී ආරක්ෂාව සලසා ගැනීම ඉතාම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️



 

TAGGED: clamadia, epididymis, Gonorrhea, sexual behavior
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?