නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

Published May 5, 2025

කකුල් ඉදිමෙන රෝග තත්ත්වය ගැන අපි එතරම් සැලකිල්ලක් දක්වනේ නැහැ යැයි සඳහන් කළොත් වරදක් නැහැ. මහන්සියට වෙන්න ඇති, ඇවිද්ද නිසා වෙන්න ඇති වැනි අනුමාන ඔබම ගොඩ නගාගෙන මේ රෝග තත්ත්වයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ඔබ විසින්ම මගහරිනවා.නමුත් ඔබගේ නොසැලකිල්ල නිසා කකුල් ඉදිමෙන රෝග තත්ත්වය ගැන නොසලකා සිටියත් මෙය වෙනත් රෝගයක පෙර නිමිත්තක් බැව් සමහර විට ඔබ නොදන්නවා ඇති. එහෙම නම් කකුල් ඉදිමෙන රෝග තත්ත්වයන් ගැන ඔබ දැනගත යුතු කරුණු කීපයක් තිබෙනවා.කකුල් ඉදිමීමේදී සැකලිමත් විය යුතු කරුණු ඉදිමෙන්නේ එක කකුලක්ද? එසේ නොවේ නම් කකුල් දෙකමද? එක කකුලක් ඉදිමෙනවා නම් එසේ ඉදිමීම හදිසියේ ඇතිවුණ ඉදිමීමක්ද? නැතිනම් කාලයක් පුරා පැවති තත්ත්වයක්ද යන්න විමසිලිමත් වියයුතු වෙනවා.

කකුල් ඉදිමීමේදී සැකලිමත් විය යුතු කරුණු

ඉදිමෙන්නේ එක කකුලක්ද? එසේ නොවේ නම් කකුල් දෙකමද?

එක කකුලක් ඉදිමෙනවා නම් එසේ ඉදිමීම හදිසියේ ඇතිවුණ ඉදිමීමක්ද? නැතිනම් කාලයක් පුරා පැවති තත්ත්වයක්ද යන්න විමසිලිමත් වියයුතු වෙනවා.එක කකුලක් ඉදිමෙනවා නම් ඒ වෙනුවෙන් බලපාන හේතු කීපයක් තිබෙනවා.

■ “ සෙලියුලයිටිස් ” රෝග තත්ත්වය හෙවත් කකුලේ විෂබීජ ආසාදනයක් ඇතිවීම.

■ DVT deep vein thrombosis – කකුලේ නහරයක ලේ කැටියක් හිරවීම.

■ අනතුරක් නිසා ඇති වන සංකුලතාවන්

■ නහර ගැට ගැසීම

■ බරවා රෝග තත්ත්වය

“ සෙලියුලයිටිස් ” රෝග ලක්ෂණ මොනවාද?

  • කකුල ඉදිමීම
  • රතු වීම
  • උණ

මෙවැනි රෝග තත්ත්වයකදී ප්‍රතිජීවක ඖෂධ ලබාදීම සිදුවනවා.DVT deep vein thrombosis – නිසා ඇතිවන කකුලේ ඉදිමුම.

දින ගණනාවක් එක්තැන්ව සිටීම – රුධිරය ගෙන යන ශිරාව, ලේ කැටියක් නිසා අවහිර වීම නිසා කකුල ඉදිමීමට පුළුවන්. මෙහිදී කකුල ඉදිමීම සහ කකුලේ වේදනාව ඇතිවනවා. අදාළ පරීක්ෂණ මගින් රෝග තත්ත්වය හඳුනාගෙන රුධිර කැටිය දියවීමට අවශ්‍ය ඖෂධ ලබාදීම සිදුවනවා.

නිතරම කකුල් දෙකම ඉදිමෙනවා නම්…

■ යම් අයෙකුගේ කකුල් දෙක නිතරම ඉදිමෙනවා නම් විවිධ රෝග තත්ත්වයන් නිසා බැව් අනුමාන කරන්න පුළුවන්.

  • හෘද රෝග
  • වකුගඩු රෝග
  • අක්මා රෝග තත්ත්වයන්
  • තයිරොක්සින් අඩුවීම
  • කකුලේ නහර ගැට ගැසීම
  • දිගු වේලාවක් සිටගෙන හෝඳ ඉඳගෙන සිටීම
  • සිරුරේඅධික බර
  • ඇතැම් ඖෂධ වර්ග-(අධි රුධිර පීඩනය වැනි රෝග වෙනුවෙන් ලබාදෙන ඖෂධ)
  • ගර්භණීත්වය- හදවත් රෝග තත්ත්වයක් නිසා

කකුල් ඉදිමෙනවා නම්…

සමහර අවස්ථාවල රෝගියාගේ දෙපා ඉදිමීම, හදවත් රෝග තත්ත්වයක් නිසා බැව් අනුමාන කරන්නේ නම් ඒ බැව් තහවුරු කරගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ කීපයක් සිදුකිරීමට අවශ්‍ය වෙනවා. ඊට අමතරව රෝගියා විසින් සඳහන් කරන රෝග ලක්ෂණත් සලකා බලනවා.

රෝග ලක්ෂණ

හදවත ආශ්‍රිත රෝග තත්ත්වයක් නම් හුස්ම ගැනීමේ අපහසුතාවයක්, හතිය, පපුවේ වේදනාවක් ඇත්නම් හෘදය වස්තුවේ යම් ගැටලුකාරී තත්ත්වයක් ලෙස අනුමාන කිරීමට පුළුවන්. හෘදය වස්තුවට නිසි පරිදි පාදවලින් රුධිරය ඉහළට තල්ලු කිරීමට හැකියාවක් නොමැති වීම නිසා පාද සහ වළලුකර ප්‍රදේශයේ ඉදිමුම් ඇති වෙනවා.

වකුගඩු රෝග

වකුගඩු රෝගවලදී පාදවල ඉදිමුම සඳහන් කරන්න පුළුවන්. සමහර වකුගඩු රෝවලදී මුත්‍රා සමග පෝටින් පිටවෙනවා. එය Neprotic Syndrome රෝග තත්ත්වය ලෙස හැඳින්වෙනවා. රුධිරයේ ප්‍රෝටීන් ඇල්බියුමින් අඩු වූ විට කකුල් ඉදිමෙනවා. සමහර විට වකුගඩු තදබල ලෙසින් අකර්මන්‍ය වෙන අයගේත් කකුල් ඉදිමෙන්න පුළුවන්. කාලයක් පුරා දියවැඩියා රෝගයෙන් පසුවන රෝගීන් සම්බන්ධයෙන් මෙම රෝග තත්ත්වය ඇතිවීමට පුළුවන්.

අක්මා රෝග තත්ත්වයන් නිසා

සිරෝසිස් රෝග තත්වයන්හිදීත් දෙපා ඉදිමීම සිදුවනවා. මද්‍යසාර සහ වෙනත් හේතු නිසා සිරෝසිස් රෝග තත්ත්වය ඇතිවන්න පුළුවන්. අක්මා රෝග තත්ත්වයන්හිදී රුධිරයේ ඇල්බියුමින් නිපදවීමේ හැකියාව අඩුවීම නිසා පාද සහ වළලුකර ප්‍රදේශයන්හි ඉදිමුම් තත්ත්වයන් ඇතිවනවා. ඒ අතරම මෙවැනි අක්මා රෝගීන්ගේ සමේ කළුවීම්, කැසීම්, ඇස් කහවීම, නීරක්තිය, ආහාර අරුචිය සහ වමනය වැනි රෝග ලක්ෂණත් දකින්න පුළුවන්.

ඇතැම් ඖෂධ නිසාත් දෙපා ඉදිමීම සිදුවනවා. විශේෂයෙන් අධි රුධිර පීඩනය ඇති රෝගීන්ට ලබාදෙන ඖෂධ නිසා කකුල් ඉදිමෙන්න පුළුවන්. ඔවුන් එවැනි තත්ත්වයන් ගැන සඳහන් කළවිට ඖෂධ වෙනස් කිරීමට පුළුවන්. බොහෝ අය වරදවා හිතන දෙයක් තිබෙනවා. අධි රුධිර පීඩනය නිසා කකුල් ඉදිමෙන්නේ නැහැ.කකුල් ඉදිමීම ගැන රෝගියකු පැමිණිලි කළවිට වකුගඩු, අක්මාව, හෘදය වස්තුව වැනි අවයවයන් ගැනත් පරීක්ෂා කිරීමට සිදුවනවා. මේ වෙනුවෙන් සිදුකරන පරීක්ෂණ මගින් අදාළ රෝග තත්ත්වයන් ගැන නිශ්චිත ලෙසින්ම හඳුනාගැනීමට පුළුවන්.

කකුල් ඉදිමෙන රෝගීන් වෙනුවෙන් කෙරෙන වෛද්‍ය පරීක්ෂණ මොනවාද?

  • ECG
  • Echo
  • Blood serum creatinine
  • UFR- urine full report
  • අක්මා ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂණ- Liver function test
  • තයිරොයිඩ් පරීක්ෂණ – TSH

මෙවැනි පරීක්ෂණ අවසානයේදී රෝගියාගේ කකුල් ඉදිමීමට බලපාන හේතු නිශ්චය කරගෙන ප්‍රතිකාර ආරම්භ කිරීමට හැකියාව තිබෙනවා. ඒ නිසා ඔබේ පාද ඉදිමුම් තත්ත්වයක් ඇත්නම් විවිධ අනුමාන ගොඩනගා ගැනීමට වඩා වෛද්‍යවරයකු හමුවීම ඉතාම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad1
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

කොරෝනා අලුත් මුහුණුවරකින් යළි නැඟිටියි

June 9, 2025

ඔයාගේ බබාටත් මේ දවස්වල උණද

June 9, 2025

දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ගුවන් ගමන් තහනම්ද?

June 2, 2025

මොකක්ද මේ Diabetic Neuropathy

June 2, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?