නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ආතරයිටිස් හොද කරගන්න මේවා නොකර ඉන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ආතරයිටිස් හොද කරගන්න මේවා නොකර ඉන්න

Published November 27, 2023

ආතරයිටිස් නිසා දැනටමත් ඔබගේ සන්ධියකට හානිවී තිබේද දැන ගැනීම සඳහා වේදනා ඇතිවන සහ නැතිවන සන්ධි මොනවාදැයි ඔබ වෛද්‍යවරයාට පැවසිය යුතුය. මානසික ආතතියට දෙනු ලබන ප්‍රතිකාර මගින්ද ආතරයිටිස් වේදනා අඩුවන බැවින් නිවැරදිව වේදනාව හඳුනාගන්න.

දෛනික ක්‍රියාකාරකමක්

දිනපතාම සන්ධි සඳහා මෘදු දිගහැරීමේ ව්‍යායාමවල යෙදෙන්න. ජීවිතයේදී නිවැරදි ඉරියව් පවත්වාගෙන යෑම සඳහා භෞත චිකිත්සක සහාය අත්‍යවශ්‍යය.

නැවත සිතන්න

මෙතෙක් කරගෙන ආ පුරුදු ගැන නැවත සිතන්න. සිරුරේ බර පාලනය කරගන්න. අධික බර යනු ආතරයිටිස් රෝගය උත්සන්න වීමට හේතුවකි. තද ගතිය සහ වේදනාව අඩුකෙරෙන නිසා ව්‍යායාමද අත්‍යවශ්‍යය.

දැන් ඔබ කළ යුත්තේ කුමක්ද?

සන්ධිවලට හානි සිදුනොවෙන ආකාරයෙන් සන්ධි වටා ඇති මාංශපේෂීන් සඳහා ව්‍යායාම කරන්න. ඔබේ භෞත චිකිත්සකයා විසින් දෙනු ලබන ව්‍යායාම මාලාව අනුගමනය කරන්න. සිරුර දිගහැරීමේ ව්‍යායාම බෙහෙවින් වැදගත්ය. පුහුණුව ක්‍රමානුකූලව වර්ධනය කළ යුතුය. සරල ඇරොබික් ව්‍යායාම, ඇවිදීම, බයිසිකල් පැදීම හෝ දියෙහි සිදුකරන ව්‍යායාම ඔබගේ මානසික තත්ත්වය සහ බර අඩුකර ගැනීම සඳහා උපකාරී වේ.

නොකළ යුතු දේ

දිවීම, පැනීම, ටෙනිස් ක්‍රීඩා, වඩා දුෂ්කර ඇරොබික් ව්‍යායාම, එකම ඉරියවක නැවත නැවත යෙදීම සිදුකරන කටයුතු අත්හල යුතුය.

ප්‍රතිකාර

නිර්දේශවලින් තොරව ලබාගත හැකි Acetaminophen (Tylenol, others), Ibuprofen (Advil, Motrin IB, others), naproxen sodium (Aleve) වැනි ඖෂධවලින් සන්ධි වෙනුවට මාංශපේෂීන් පමණක් භාවිතවන සුළු ගෙවතු ක්‍රියාකාරකම්වලදී ඇතිවන අධික වන වේදනාව අඩුකරගත හැකිය. Capsaicin අඩංගු ක්‍රීම් සම මතුපිට ආලේප කිරීමෙන්ද වේදනාව යම් පමණකට මගහැර ගත හැකිය. එහෙත් සෘජුවම ලබාගත හැකි මෙවැනි වේදනා නාශක ඖෂධ නිතරම ගැනීමට ඔබට සිදුවන්නේ නම් වෛද්‍යවරයාගෙන් විමසන්න.

ඔබගේ වේදනාව ගැන පමණක් අවධානය දෙන්න

බොහෝ අයට පොදු මානසික ආතතිය සඳහා දෙනු ලබන ඖෂධ හේතුවෙන් ආතරයිටිස් වේදනාවද අඩුවිය හැකි බව සොයාගෙන ඇත. එබැවින් ඔබේ රෝගය නිවැරදිව හඳුනාගැනීම සඳහා වේදනාවට සංවේදී වෙන්න.

ශාරීරික වේදනාව මානසික බලපෑම් ඇතිකරයි

බියජනක සිතුවිලි සහ බලාපොරොත්තු විරහිත භාවය ඔබට පාලනය කරගත නොහැකි වීමට ඉඩ ඇත. මේ සඳහා කටු චිකිත්සාව ඇතුළු මනස සැහැල්ලු කිරීමේ චිකිත්සක ප්‍රතිකර්ම වෙත යොමුවීමට ඔබට සිදුවෙනු ඇත.

ස්වයං ප්‍රතිකාර

උණුසුම් පැඩයන් විනාඩි 20 ක කාලයක් සම මතුපිට තබාගෙන සිටීම සහනදායකය. එසේම වෙහෙසකර ව්‍යායාමයකින් පසුව අයිස් පැඩයක් වේදනා දෙන මස්පිඩු මත තබාගෙන සිටීමෙන් ඉදිමුම සහ වේදනාව අඩුවේ. සම්බාහනය මගින්ද මාංශපේෂීන් හි තද ගතිය සහ වේදනාව තාවකාලිකව අඩුවේ.

මගහරින්න

දුම්පානය සහ සෘණාත්මක ආකල්ප නවතා දමන්න.

Mayo Clinic වෙබ් අඩවිය ඇසුරෙනි

සුනිල් අල්ගම

TAGGED: Acetaminophen, Arthritis, exercise, health
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad1
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?