නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හිසට අනතුරක් වුණොත් මොළයට ලේ ගැලීමක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

හිසට අනතුරක් වුණොත් මොළයට ලේ ගැලීමක්

Published September 18, 2023

සෑම දිනකම හදිසි අනතුරු ගැන අපට අසන්නට ලැබෙනවා.මෑත කාලයේදී හදිසි අනතුරු නිසා රෝහල්ගත වෙන රෝගීන්ගේ වැඩිවීමක්ද දක්නට ලැබෙනවා. ඒ වගේම හදිසි අනතුරු අංශයට ඇතුළුවන රෝගීන්ගෙන් 40% ක් පමණ හිසට සිදු වූ අනතුරු නිසා රෝහල් ගතවනවා. හිසට සිදුවන අනතුරක් නිසාම යම් රෝගියෙක් මරණයට පතවන්න පුළුවන්. එසේ නැතහොත් දීර්ඝ කාලීන ආබාධ නිසා රෝහලේ රැඳී සිටින්නත් වෙනවා. ඒ විතරක් නොවෙයි හිසට සිදුවන අනතුරු නිසා රෝහල්ගත වන රෝගීන්ගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු 20 ත් 40 ත් අතරට අය වීමත් විශේෂයක්. විවිධ අන්දමින් හිසට අනතුරු සිදුවනවා. හිසට අනතුරු වීමේ හේතු කීපයක් ගැන සඳහන් කරන්න පුළුවන්.

රිය අනතුරු

හිසට පහර දීම

උස් ස්ථානවලින් වැටීම

සමහරවිට හිසට සිදුවන අනතුරක් නිසා පූර්ණකාලීනව ආබාධිත තත්ත්වයට පත් වී දුක්විඳින රෝගීන්ද සිටිනවා. මේ නිසා රෝගියා පමණක් නොව ඔවුන්ගෙන් යැපෙන්නන්ද දැඩි පීඩනයකට පත්වනවා.

හිසට සිදුවන අනතුරකින් සිදුවිය හැකි හානි ගැන කිව්වොත්?

හිසට අනතුරක් සිදුවුණොත් හිස් කබල සහ මොළය ආශ්‍රිතව සිදුවන රුධිරය ගැලීම සිදුවන්න පුළුවන්.

හිසේ දකුණු පසට හෝ වම් පසට සිදුවන පහර දීමක් නිසා හිස් කබල සහ මොළය වටා ඇති කවර වැනි පටල අතර රුධිරය ගැලීම නිසා හානි සිදුවන්න පුළුවන්.

අපි මේ තත්වය Extra Dural hemorrhage ( EDH ) යනුවෙන් හඳුන්වනවා.

හිස් කබල ඇතුළු පැත්ත ආස්තරණය වී තිබෙන්නේ වරාශිකාව ( Dura matter ) නැමැති පටලයකින්. මෙම පටලය හා හිස් කබල අතර සිදුවන රුධිිර ගැලීමක් CT පරීක්ෂණයකදී ද්වි උත්තල ( Biconvex ) හැඩයකින් දැක ගැනීමට පුළුවන්.

මොළය වටා ඇති පටල තුනෙන් බාහිරව හා දෙවනුව පිහිටා ඇති පටලය ජලාකාර ස්ථරය අතරට රුධිරය ගැලීම “ Subdural Hemorrhage ” යනුවෙන් හඳුන්වන රුධිර ගැලීම ඇතිවනවා.හිස් කබලට සාපේක්ෂව මොළයේ සිදුවන චලනය නිසා මේ ප්‍රදේශය තුළින් ගමන් ගන්නා ශිරාවලට හානි සිදුවීමෙන් මේ තත්ත්වය බහුලව ඇතිවනවා.

මුලින් සඳහන් කළ Extra Dural hemorrhage ( EDH )  තත්ත්වයට වඩා මොළයට හානි සිදුවීම. මෙහිදී රෝගියාගේ තත්ත්වය සලකා බලා ශල්‍යකර්මයක් මගින් රුධිරය ඉවත් කිරීම සිදුවනවා.

මොළය ආස්තරණය වී ඇති අභ්‍යන්තර පටලය ( චිනශුංකාව ) හා දෙවනුව ඇති පටලය අතර රුධිරය ගැලීම Subarachnoid Hemorrhage යනුවෙන් හඳුන්වනවා.

හිස ප්‍රදේශයට සිදු වූ අනතුරක් නිසා මොළයට කෙලින්ම හානි සිදුවන්න පුළුවන්. ඒ තත්ත්වය අපි Cerebral Conetusion යනුවෙන් හැඳින්වෙනවා. ඇතැම් අවස්ථාවලදී මේ තත්ත්වය අනතුර වූ ස්ථානයේ පමණක් නොව ඊට ප්‍රතිවිරුද්ධ ස්ථානයේ ඇතිවිය හැකියි.ඒ වගේම අපට CTස්කෑන් පරීක්ෂාවකින් හඳුනාගත හැකි මොළයේ ශ්වේත ද්‍රව්‍යට ( White Matter  ) හානි සිදුවීම Diffuse Axonal Injury යනුවෙන් හැඳින්වෙනවා.

මේ අන්දමින් රුධිර වහනය නිසා ඇතිවන අවදානම් තත්ත්වයක් තිබෙනවද?

හිස්කබල අභ්‍යන්තරයේ සිදුවන හානියකින් අනතුරුව හෝ රුධිර වහනය නිසා මොළය ඉදිමීම හේතුවෙන් හිස්කබල තුළ පීඩනය අසාමාන්‍ය ලෙස වැඩිවෙනවා. ඒ තත්ත්වය මත මොළයට රුධිරය සැපයීම පවත්වාගෙන යෑම සඳහා ශරීරයේ රුධිර පීඩනය ඉහළ යනවා.

හිසේ අනතුරකදී CT ස්කෑන් පරීක්ෂණයක් කරන්නේ කුමන රෝග ලක්ෂණ පැවැතුනහොත්ද?

මොළයේ පීඩනයේ වැඩිවීම දිගටම පැවතෙන විට රුධිර සැපයුම අඩපණ වී ඔක්සිජන් නොමැති වීම නිසා මොළයේ සෛලවලට හානි සිදුවී සිහිකල්පනාව වෙනස් වීම.

අතක් හෝ කකුලක් පණ නැති වීම

තද හිසරදය

වමනය

මතකය නැතිවීම

වලිප්පුව

රෝග ලක්ෂණ නොපෙන්වා සිටියත් අවදානමක් තිබෙනවා. ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වීමත් වැදගත්. මේ රෝග ලක්ෂණ දකින්නට ලැබුණොත් තවදුරටත් රෝගියා නිවසේ රඳවා නොගෙන ඉක්මනින් රෝහල්ගත කිරීම වැදගත්.

සමහරවිට රෝගියා අනතුරට පත්වූ සැනින් මේ රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. අනතුරින් කාලයකට පසුව රුධිරය එකතු වී හිස්කබලේ පීඩනය වැඩි වී මුලින් සඳහන් කළ රෝග ලක්ෂණ ඇතිවන්න පුළුවන්. රෝග ලක්ෂණ නොපෙන්වන කාල සීමාව Lucid interval  යනුවෙන් හැඳින්වෙනවා.

හදිසියේ මෙවැනි අනතුරක් සිදුවුණොත් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද?

හිසට අතුරක් සිදුවුණ රෝගියෙකුගේ අනතුරේ ප්‍රමාණය තක්සේරු කිරීම සඳහා ග්ලාස්ගෝ කෝමා අගය Glasgowcoma scale ) ගණනය කරනවා.

ඇසේ කණිනිකාවේ ප්‍රමාණය සහ කණිනිකා දෙක සංසන්දනය කිරීම.

අවශ්‍යතාව අනුව CT ස්කෑන් පරීක්ෂාවක් සිදු කරනවා. මේ පරීක්ෂණ මගින් හිස් කබලට හානි සිදුවීම, මොළය අභ්‍යන්තරයට රුධිර වහනය වීම මොළයේ අභ්‍යන්තර පීඩනය ඉහළ යෑම වැනි තොරතුරු දැන ගැනීමට හැකියාවක් තිබෙනවා.

මොළයේ අභ්‍යන්තරයට රුධිරය වහනය වී ඇත්නම් ස්නායු ශල්‍ය ඒකකයට රෝගියා මාරුකර යවනවා.

එදිනෙදා කටයුතුවලදී හිසට අනතුරක් සිදුවුණොත්

ඔව්. බොහෝ විට රගර් වැනි ඇතැම් ක්‍රිඩාවන්වල යෙදෙන විට හිසට හෝ සිරුරට එල්ලවන පහරක් නිසා කම්පන තත්ත්වයක් ඇතිවීම Concussion යනුවෙන් හැඳින්වෙනවා.

එවැනි අවස්ථාවක ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

ක්‍රිඩකයාගේ හැසිරීම වෙනස්වීම.

ඇවිදීම වෙනස්වීම.

අංග චලනයන්හි අසාමාන්‍ය බව.

අනතුරට පත් රෝගියාට තමා සිටින ස්ථානය, වෙලාව සහ එම ස්ථානයේ සිටින පුද්ගලයන් ගැන හඳුනාගැනීම අපහසු වීම.

මෙම සිදුවීමෙන් පසුවත් දින ගණනාවක් හිසරදය, හිසේ බර ගතිය සහ අවධානය යොමු කිරීමේ ගැටලු සහ තෙහෙට්ටුව වැනි අපහසුතාවන් ගැනත් රෝගියා පැමිණිලි කිරීමට පුළුවන්.

හිසේ අනතුරකදී රෝහල්ගතව යළි නිවස කරා ගිය පසුත් අවධානයක් දැක්වීම අවශ්‍යද?

නිවසට ගිය පසුව තදබල හිසරදය, වමනය, හෝ වලිප්පුව වැනි තත්ත්වයක් ඇතිවුණොත් වහාම රෝගියා නැවත රෝහල්ගත කළ යුතුයි. මේ ගැන රෝගියා වගේම ඔහුගේ භාරකරුවන්ද දැනුවත්ව සිටීම අත්‍යවශ්‍යයි. ඒ වගේම නියමිත සායනයන්ට සහභාගි වීමත් ඉතා වැදගත්.

එවැනි අනතුරකදී ලබාදෙන ප්‍රතිකාර ගැන සඳහන් කළොත්?

එහිදී රෝගියෙකුට ලබාදෙන ප්‍රතිකාර, අනතුරෙන් රෝගියාට ඇතිවුණ බලපෑම මත වෙනස් වෙනවා. සමහර අවස්ථාවන්හිදී රෝගියා ශල්‍යකර්මයකට පවා භාජනය කිරීමට සිදුවනවා.

අනතුර නිසා මොළයේ අභ්‍යන්තරයේ පීඩනය වැඩි වී තිබුණොත් එහිදී විශේෂ ප්‍රතිකාර ක්‍රම භාවිත කරනවා. එහිදී හිස අංශක 30 ක් පමණ ඔසවා තබා සාන්ද්‍රික සේලයින් ( Hypertonic saline ) මැනිටෝල් වැනි ඖෂධ ලබාදෙනවා.

කැස්ස සහ තටමන විට කාවකාලිකව හිසේ අභ්‍යන්තර පීඩනය වැඩිවෙන්නට ඉඩ තිබෙන නිසා එවැනි තත්ත්වයන් මගහරවා ගැනීමට කටයුතු කරනවා.

රෝගියාට ආශ්වාස ප්‍රශ්වාස කිරීම සඳහා යන්ත්‍රයක් සවි කරනවා. ඒ වගේම රුධිරයේ ඔක්සිජන් අගය සහ කාබන් ඩයොක්සයිඩ් අගය සුදුසු මට්ටමක පවත්වා ගැනීම සිදුකරනවා. අවශ්‍ය වුණොත් ශරීරයේ රුධිර පීිඩනය, ග්ලූකෝස් මට්ටම සහ ශරීර උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමත් සිදුවනවා.

සමහර අවස්ථාවලදී හිස්කබල ශල්‍යකර්මයකින් විවෘත කොට පීඩනය යථා තත්ත්වයට පත් කිරීමටත් සිදුවන අවස්ථාවන් තිබෙනවා.

හිසට අනතුරක් සිදුවීමෙන් ආරක්ෂා වීම සඳහා දියහැකි උපදෙස් මොනවාද?

ඇත්තටම කිව්වොත් බොහෝ විට අපේ හිසට සිදුවන අනතුරුවලින් ආරක්ෂා වීමට අපේ පැත්තෙන් වගකීමකුත් තිබෙනවා. අපට අනතුරු සිදුවන හේතු ගැන සඳහන් කරනවා නම්

නොසැළකිල්ල

අධික වේගයෙන් රිය පැදවීම

බීමත් බව

අපරීක්ෂාකාරීත්වය

හිස්වැසුම් නොපැළඳීම

ආරක්ෂිත උපක්‍රම භාවිත නොකිරීම වැනි දේ පෙන්වා දිය හැකියි.

ඒ නිසා සැම විටම අනතුරකක අවදානම ගැන අවධානයෙන් කටයුතු කළ යුතුයි.

පුන්‍යා චාන්දනී ද සිල්වා

 

TAGGED: Extra Dural hemorrhage, health
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?