නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නාසයේ මස් දල්ලක්…. දැන් මොකද කරන්නේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

නාසයේ මස් දල්ලක්…. දැන් මොකද කරන්නේ

Published September 11, 2023

ශ්වසනය සම්බන්ධයෙන් කතාකරන විට නාසය වැදගත්ම අවයවක්. ඒ නිසා අපේ නාසයේ සෞඛ්‍ය සම්පන්න බව ඉතාම වැදගත්. නාසය වටා ආස්තරණය වී තිබෙන ශ්ලේශ්මල පටල මගින් ආගන්තුකව ඇතුළුවන විවිධ අංශූවලින් අපව ආරක්ෂා කරනවා. නමුත් නාසයේ යම් අවහිරතාවක් ඇති වුණොත් හුස්ම ගැනීමේදී අපට යම් යම් අපහසුතාවන් ඇතවන්න ඉඩ තිබෙනවා. විශේෂයෙන් මේ අන්දමින් හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇතිවීමට නාසයේ මස්දලු ඇතිවීම එක් ප්‍රධාන හේතුවක් විදිහට සලකන්න පුළුවන්.

නාසයේ ඇති වෙන මස් දල්ලක් කිව්වාම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය නාස් කුහරය ඇතුළත වැඩෙන මාංශමය කොටසක්. මෙය නාස් කුහරයේ වගේම කෝටාරක ප්‍රදේශයන්හි ( Sinuses ) සහ මුහුණේ අස්ථි ආශ්‍රිතවත් ඇති වෙන්නට පුළුවන්. මස්දලු නිසා නාස් කුහරය අවහිර වූ විට මෙම මස්දලුවල ඉදිමීම සහ දැවිලි ස්වභාවයක් ඇතිවනවා. නමුත් මස්දලු වේදනාවක් ඇති කරන්නේ නැහැ. ඒ වගේම ඉතා මෘදු ස්වභාවයකින් යුක්ත වනවා.

හැම විටම මස් දල්ලක් කියන්නත් බැහැ

නමුත් මොළය ආශ්‍රිත ගෙඩි හෝ පිළිකාවක් වැනි රෝග තත්ත්වයේදී එක් නාසයක පමණක් මස් දල්ලක් වැනි ස්වභාවයක් ඇතිවන්න පුළුවන්. මේවා නාසයේ බිත්තිය අල්ලගෙන කුහරය දක්වා වර්ධනය වෙනවා. නාසයේ මස්දලු ඇති විට එය පැහැදිළිව පිටතට පෙනෙන්නේ නැහැ. නමුත් අපට අපහසුතාවන් ඇතිවන්න පුළුවන්.

රෝගියාට දැනෙන අපහසුතාවන් මොනවාද?

සාමාන්‍යයෙන් මස් දල්ලක් පවතින විට රෝගියාට විවිධ අපහසුතාවන් ඇතිවනවා.

හිසරදය

නාසයේ සිරවීම

ගඳ සුවඳ නොදැනීම සහ නාසයෙන් සොටු දියර ගැලීම

නාසයෙන් රුධිරය ගැලීම

නාසය ආශ්‍රිත කුහරයන්හි රුධිරය ඝන වී වේදනාව දැනීම

නාසයෙන් සොටු උගුරට, මුහණ, නළල වැනි ප්‍රදේශයන්හි ( Sinuses ) ඇතිවන වේදනාව

නින්දෙන් ගෙරවීම

නාසයේ මස්දලු ප්‍රමාණයෙන් විශාල වීම නිසා තවත් රෝග අපහසුතාවන් ඇතිවනවා. මේ රෝග තත්ත්වය මාස තුනකට වඩා වැඩි කාලයක් තිබුණහොත් එය නිධන්ගත හෙවත් Chronic Nasal Polyps බවට පත්වනවා. නාසයේ බිත්ති ඉදිමීම නිසා ශල්‍යකර්මයකට පවා භාජනය වීමට ඉඩ තිබෙනවා.

සමහර පුද්ගලයන් දුම, දූවිලි වැනි ආසාත්මිකතා අංශුවලට ප්‍රතිචාර දක්වනවා. එවැනි රෝගීන්ගේ නාසයේ මස්දලු ඇතිවුණොත් නිරන්තරව ආසාත්මිකතාවන් ඇතිවන්න පුළුවන්. ඇදුම රෝගීන්ට මස්දලු තත්ත්වයක් ඇතිවුණොත් තවත් අපහසුතාවන්ට පත්වනවා.

Sleep apnea හෙවත් නින්දේදී හුස්ම සිරවෙන ස්වභාවයක් ඇතිවීම.

සමහර විට ඇදුම රෝග ඉතිහාසයක් නොතිබුණත් මස්දලු නිසා හුස්ම ගැනීමේ අපහසුතාවන් ඇතිවීමට පුළුවන්.

කාලයක් පවතින රෝග තත්ත්වය සමග ආහාරවල රසය නොදැනීම.

මේ තත්ත්වය වඩාත් දරුණු විදිහට බලපාන්නේ කාටද?

මස්දලු තත්ත්වය ඇදුම, පීනස රෝගීන්ට තදින්ම බලපානවා. කොහොම වුණත් ඇදුම, පීනස තිබෙන රෝගීන් දූවිලි වැනි ආසාත්මිකාරකයන්ට වැඩි සංවේදීතාවක් දක්වනවා. ඒ රෝගීන්ට නාසයේ මස්දලු තත්ත්වයක් පවතින විට තවත් අපහසුතාවන් ඇතිවනවා.

ප්‍රතිශක්ති පද්ධතියේ දුර්වලතාවන් ඇති රොගීන්

ඇස්ප්‍රීන් වැනි ඇතැම් ඖෂධවලට සංවේදී රෝගීන්

මොළයේ පිළිකා වැනි ගෙඩි ඇති රෝගීන්

මස්දලු තත්ත්වයක් බව තහවුරු කරගන්නේ කොහොමද?

රෝගියකු විසින් සඳහන් කරන රෝග ලක්ෂණ අනුව අපට මස්දලු තත්ත්වයක් ගැන තහවුරු කරගැනීමට පුළුවන්. රෝගියා ආසාත්මිකතාවන් දක්වන ස්වභාවය, ඇදුම, පීනස වැනි රෝග ඉතිහාසය ගැන විමසනවා.

සමහරවිට මොළය ආශ්‍රිතව ඇතිවන පිළිකා වර්ගයේ ගෙඩි වැනි අවස්ථාවන්හිදී මස්දලු තත්ත්වයක්ම දැයි නිශ්චිතව දැනගැනීමට අපහසුයි. එවැනි අවස්ථාවකදී තවත් අතිරේක පරීක්ෂණ කීපයක් කළ යුතුවනවා.

Nasal Endoscopy කැමරාවක් ආධාරයෙන් නාසයේ අභ්‍යන්තරය පරීක්ෂා කිරීම

ආසාත්මිකතා පරීක්ෂණ ( Allergy Test )

Cystic Fibrosis දරුවන්ගේ මස්දලු තත්ත්වයන් ඇතිවිට මෙම පරීක්ෂණය සිදුකෙරේ. බොහෝ විට මස්දලු සම්බන්ධයෙන් ජානමය ඉතිහාසයක් ඇති අවස්ථාවන්හිදී මෙම පරීක්ෂණය යොදාගැනේ.

Blood Tests ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත දෝෂ නිසා ඇතිවන ආසාත්මිකතාවන් මෙම රුධිර පරීක්ෂණ මගින් හඳුනාගත හැක.

CT ස්කෑන් මේ වැඩිදුර පරීක්ෂණවලට යෑමට පෙරාතුවම මස්දලු රෝගී තත්ත්වයක් බැව් හඳුනා ගත්තොත් අපි එවැනි රෝගීන්ට මූලික ප්‍රතිකාර ලබාදෙනවා.

Steroid කාණ්ඩයේ දියර බින්දු ( Nasal Drops) සහ විදින ( Sprays) මගින්

Steroid බොන ඖෂධ

Anti histamine ඖෂධ නමුත් මස්දලු හිරිහැරකාරී අන්දමින් පුද්ගලයකුගේ ජීවිතයට බලපානවා නම් ශල්‍යකර්මයකට යෑමේ අවස්ථාව තිබෙනවා. නාසයේ මස්දලු තිබෙන විට නින්දේදී හුස්මගැනීමේ අපහසුතාවන් හෙවත් Sleep apnea තත්ත්වයන් ඇතිවනවා.

නින්දෙන් හුස්ම හිරවීම නිසා සුවදායක නින්දක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මොළයට සහ හෘදය වස්තුවට රුධිර සැපයුම අඩුවීම නිසා මොළය ආශ්‍රිතව වගේම හදවත ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබෙනවා.

මස්දලු ශල්‍යකර්මය නිසා රෝගියාට ඇතිවන අපහසුතාවයන් ගැන සඳහන් කරනවා නම්…

මේ ශල්‍යකර්මය ඉතාම ආරක්ෂිතයි. Endoscopy හෙවත් යතුරු සිදුරු ක්‍රමයට සිදුකරනවා. විවෘත ශල්‍යකර්මයක් සිදුකරන්නේ නැහැ. රුධිරය ගැලීම පාලනය කිරීම සඳහා Ice Pack තබනවා. රෝගියාට දින ගණන් රෝහලේ නේවාසික වීම අවශ්‍ය නැහැ.

ඖෂධීය ප්‍රතිකාර මගින් රෝගියාට පහසුවක් ඇති නොවුණහොත් ශල්‍යකර්මයකින් මස්දලු ඉවත් කිරීම සිදුවෙනවා. ඒ වෙනුවෙන් යතුරු සිදුරු හෙවත් Endoscopy ශල්‍යකර්මය භාවිත කරනවා. මෙහිදී නාස් කුහරය ඔස්සේ කුඩා කැමරාවක් යවා මස්දලු තිබෙන ස්ථානයෙන් ඒවා ඉවත් කිරීම සිදුකරනවා.

මස්දලු පැතිරීම අනුව සමහර අවස්ථාවන්හිදී කෝටාරක විශාල ලෙසින් විවෘත කිරීම සඳහා Balloon Ostial Dilation ක්‍රමවේදය යොදාගැනේ. මෙහිදී නාසය අභ්‍යන්තර පටක ඉවත් කිරීමක් සිදුනොවේ.

ශල්‍යකර්මයකින් පසුව මස්දලු නැවතත් මතුවීමට ඉඩ තිබෙනවාද?

ඔව්. ශල්‍යකර්මයකින් පසුව නැවතත් මස්දලු ඇතිවීමට ඉඩ තිබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා



 

TAGGED: health, Nasal Polyps, Sinuses
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love3
Sad4
Happy3
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?