නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හදහනේ පොරොන්දම් 18 වෙනුවට තැලසීමියා පොරොන්දම ගළපන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

හදහනේ පොරොන්දම් 18 වෙනුවට තැලසීමියා පොරොන්දම ගළපන්න

Published September 11, 2023

තැලසීමියාව යනු රුධිරයේ හිමෝග්ලොබින් නිෂ්පාදනය අඩු වූ විට රක්තහීනතාවයන්ට දායක වන රෝගී තත්ත්වයකි. ප්‍රවේණිගත (පරම්පරාවෙන්) රෝග තත්ත්වයක් ලෙසින් සැලකෙන තැලසීමියාව ඇල්ෆා සහ බීටා ලෙසින් කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. මෙය තීරණය වන්නේ හිමෝග්ලොබින් නිෂ්පාදනයට දායක වන ඇල්ෆා හෝ බිටා ග්ලෝබින් ප්‍රෝටීන් ඌණතාවය අනුවය.මේ අතුරින් බිටා තැලසීමියාව සුලබයි. තැලසීමියා රෝගින්ගේ ජාන සැකැස්ම හා රෝග ලක්ෂණ අනුව නැවතත් මහ තැලසීමියාව සහ සුළු තැලසීමියාව ලෙස කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්.

මහ තැලසීමියාව

මහ තැලසීමියා රෝගී තත්ත්වයේදී මවගෙන් සහ පියාගෙන් ලැබෙන අසාමාන්‍ය ජාන නිසා දරුවන් ඉතා කුඩා අවධියේ පටන්ම රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගන්නවා. මහ තැලසීමියා රෝගීන්ට මාස හයක පමණ කාලයේ පටන් තමාගේ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීමට පිටතින් රුධිරය ලබා ගැනීම (රුධිර පාරවියලනය) සිදු වෙනවා.

සුළු තැලසීමියාව ( වාහක )

මවගේ හෝ පියාගේ එක් පාර්ශවයකින් අසාමාන්‍ය ජානයක් ලැබුණ විට මේ තත්ත්වය ඇති වේ. සමහර විට වාහක තත්ත්වයේදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. ඔවුන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන අතර රුධිර පරීක්ෂණ වාර්තාවකදී පමණක් රෝග තත්ත්වය හඳුනා ගැනීමට ලැබෙනවා.

තැලසීමියා රෝගීන්ගේ ව්‍යාප්තිය

අතීතයේදී අනුරාධපුර, පොළොන්නරුව කුරුණෑගල, රජරට ප්‍රදේශයන්හි තැලසීමියා රෝගීන්ගේ වැඩි ව්‍යාප්තියක් තිබුණත් දැන් ඒ අන්දමින් තැලසීමියාව යම් යම් ප්‍රදේශවලට සීමා කරන්න බැහැ. ශ්‍රී ලංකාවේ සෑම පළාතකින්ම වාගේ රෝගීන් ගැන වාර්තා වෙනවා.

ඊට හේතුවක් තිබෙනවා

තැලසීමියා රෝගියෙක් තවත් රෝගියෙකු සමග විවාහ වීම නිසා ලැබෙන රෝගී දරුවා නිසා තැලසීමියා වාහක රෝගීන්ගේ ප්‍රමාණය වැඩි වීමට පුළුවන්. ඒ අනුව දැන් ශ්‍රී ලංකාව පුරා තැලසීමියා රෝගීන් හෝ වාහකයන් ආවාහ විවාහ කර ගැනීම නිසා රෝගීන්ගේ ව්‍යාප්තිය ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම වාර්තා වෙනවා.

තැලසීමියා රෝගීන් හඳුනා ගැනීම

සම්පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තාවකින් සහ Blood picture වැනි පරීක්ෂණ මගින් තැලසීමියා රෝගියෙකු මූලිකව හඳුනා ගැනීමට හැකියාවක් තිබෙනවා.ඒ අනුව රෝග විනිශ්චය තහවුරු කිරීමට HPLC (Hemoglobin Electrophoresis) වැනි විකල්ප පරීක්ෂණ වාර්තාවක් ලබා ගන්නවා.

තැලසීමියා පොරොන්දම් බැලීම

විවාහයකදී පොරොන්දමට වඩා තැලසීමියා පොරොන්දම බැලීම වඩා වැදගත් යැයි වූ සමාජ දැනුවත් කිරීම මගින් තැලසීමියා ව්‍යාප්තිය බොහෝ දුරට සීමා කිරීමට හැකියාවක් තිබෙනවා. මේ පරීක්ෂණය දිවයින පුරා පිහිටි ඕනෑම ශික්ෂණ රෝහලකින් සිදු කර ගැනීමට පුළුවන්.

රුධිර පරීක්ෂණ වාර්තාව අනුව තැලසීමියා වාහක හෝ රෝගී නම් රෝස පාට කාඩ් පතක් ලබා දෙනවා. නීරෝගී නම් කොළ පැහැති කාඩ් පතක් ලබා දෙනවා. ඒ අනුව යම් කාන්තාවක් හෝ පිරිමියෙක් කොළ පැහැති කාඩ් පතක් ඇත්නම් රෝස පැහැති හෙවත් තැලසීමියා වාහකයෙකු සමග විවාහ වීමට බාධාවක් නැහැ.

නමුත් රෝස පැහැති කාඩ් පතක් ඇති කෙනෙක් තවත් රෝස පැහැති කාඩ් පතක් ඇති වාහකයෙකු සමග විවාහ වීම නිසා ලැබෙන දරුවා තැලසීමියා රෝගියෙකු වීමට යම් අවදානමක් තිබෙනවා.තැලසීමියා රෝගි දරුවෙක් උපතේදී රෝග ලක්ෂණ පෙන්නුම් නොකළත් මාස හයක් පමණ ගත වුණ විට පහත රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගන්නවා.

දරුවාගේ වර්ධනය බාල වීම

රක්තහීනතාවය

ක්‍රියාශීලී නොවීම

සුදුමැලි වීම

අක්මාව ප්‍රදාහය වීම

ප්ලීහාව විශාල වීම

ශරීරයේ අධික ලෙස යකඩ එකතු වීම

දියවැඩියාව

අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිත රෝග

මහ තැලසීමියා රෝග තත්ත්වයේදී රුධිරය නිෂ්පාදනය කිරිමේ හැකියාවක් නොමැති නිසා බාහිරව රුධිරය ලබා දීම හෙවත් රුධිරපාරවියලනය අවශ්‍ය වෙනවා. සමහර විට සති තුනකට හෝ දෙකකට වරක් රුධිරය ලබා දීම සිදු වෙනවා. මේ අන්දමින් ජීවිත කාලය පුරාම රුධිර පාරවියලනය මගින් රුධිරය ලබා දීම සිදු වෙනවා.

රුධිර පාරවියලනය නිසා සංකුලතාවයන් ඇති වෙනවා

මහ තැලසීමියා රෝගීන්ට පිටින් රුධිරය ලබා දෙන විට විවිධ සංකුලතාවයන් ඇති වෙනවා. රුධිර පාරවියලයනයේදී ශරීරයේ අනවශ්‍ය ලෙසින් යකඩ තැන්පත් වීම සිදු වෙනවා. අක්මාව, හෘදයවස්තුව වගේම අන්තරාසර්ග ග්‍රන්ථි ආශ්‍රිතව (තයිරොයිඩ් ග්‍රන්ථිය, අග්න්‍යාසය යකඩ තැන්පත් වීම නිසා විවිධ රෝගී තත්ත්වයන් ඇති වෙනවා.

වර්ධනය අඩු වීම

අස්ථි සහ දත් ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇති වීම

විවිධ ආසාදන වලට ගොදුරු වීමේ හැකියාව

නිරන්තරව ඇතිවන රක්තහීනතාවය නිසා ජීවිතයේ ගුණාත්මක බව අඩු වීම සහ මානසිකව ඇතිවන ගැටලු.

මහ තැලසීමියා රෝගී තත්ත්වයට ස්ථිර ප්‍රතිකාර

මහ තැලසීමියා රෝග තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කළ හැක්කේ ඇට මිදුළු බද්ධ කිරීම මගින් පමණි. මෙය සංකීර්ණ ක්‍රියාවලියක්. කොළඹ රිජ්වේ ළමා රෝහලේ ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම් සිදු කරනවා.

ඇට මිදුළු බද්ධ කිරීමේ සංකුලතාවයන්

රුධිර පාරවියලයේදී වගේම ඇට මිදුළු බද්ධ කිරීමේදිත් රෝගියා විවිධ සංකුලතාවයන්ට මුහණ දීමට සිදු වෙනවා. ඇට මිදුළු බද්ධ කිරීමෙන් පසුව ආගන්තුක ඇට මිදුළු ශරීරය වෙතින් ප්‍රතික්ෂේප කිරීම සිදු විය හැක.

ඔබ තැලසීමියා රෝගීයෙකු නම් විවාහයේදී අනිවාර්යෙන්ම තැලසීමියා පොරොන්දම ගැන අවධානයක් දැක්වීම ඉතාම වැදගත්. එසේ නොවුනොත් ඔබගේ සහකරු හෝ සහකාරියත් තැලසීමියා වාහකයෙක් වුණොත් තැලසීමියා රෝගී දරුවන් බිහිවීමට අවදානමක් තිබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා



 

TAGGED: health, තැලසීමියාව
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad2
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?