නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මහ ගගට නොයා හදුනාගත යුතු පාකින්සන්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

මහ ගගට නොයා හදුනාගත යුතු පාකින්සන්

Published August 28, 2023

ඔබ සමග ජීවත් වෙන වැඩිහිටියකුගේ හැසිරීම් රටාවේ යම් වෙනසක් දකිනවා නම් ඒ ගැන නොසලකා සිටින්න එපා. දැන් ඔබට යම් ගැටලුවක් ඇති. අපි වැඩිහිටියකුගේ හැසිරීමේ දකින වෙනස්කම් මොනවාද? වෙනදා බොහොම ක්‍රියාශීලීව තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කර ගත් නමුදු දැන් පෙර පැවැති ක්‍රියාශීලීත්වය නැතිවීම හෙවත් බෙහෙවින් මන්දගාමී ස්වභාවයක් දක්නට ලැබීම, අතක වෙව්ලීම, මේ වගේ වෙනස්කමක් දක්නට ලැබෙනවා නම් එය පාකින්සන් රෝගයේ පෙර නිමිත්තක් විදිහට සලකන්න පුළුවන්.

පාකින්සන් රෝගය ඇතිවීමට හේතු මොනවාද?

ඇත්තම කිව්වොත් පාකින්සන් රෝග තත්ත්වයට බලපාන හේතු නිශ්චිත ලෙසින්ම කියන්න අපහසුයි. ඒ වුණත් බොහෝ විට වයසට යාමත් සමග මේ රෝග තත්ත්වය ඇතිවීමට ඉඩක් තිබෙනවා.

එයින් අදහස් කරන්නේ පාකින්සන් රෝග තත්ත්වය ජෛව ක්‍රියාකාරීත්වයේ වෙනසක් ලෙසින් ඇතිවන බවක්ද.?

ඔව්. වයසත් සමග මිනිස් මොළයේ නිපදවන ඩොපමින් නැමැති රසායන සංඝටකය අඩුවනවා. (ඩොපමින් නිපදවන සෛල ප්‍රමාණය නිසා) මේ තත්ත්වය පාකින්සන් රෝගය ඇතිවීමට ප්‍රධාන හේතුව ලෙස පෙන්වා දෙන්න පුළුවන්.

මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වයට ඩොපමින් මේ තරම් වැදගත් ඇයි?

අපේ සිරුරේ ස්නායු සහ මාංශපේශි සමායෝජන ඉරියව් නිසි පරිදි පවත්වා ගෙනයෑමට මොළයේ ඇතැම් සෛල තුළ ඩොපමින් ඉතා වැදගත් වෙනවා. යම් ලෙසකින් ඩොපමින් සංයුතියේ අඩු වීමක් සිදු වුණොත් සිරුරේ සමබරතාව පවත්වා ගැනීමේ අපහසුතාවක් ඇති වීමට ඉඩක් තිබෙනවා.

අපි පාකින්සන් රෝගියෙකු හඳුනාගන්නේ කොහොමද?

වෛද්‍යවරයකු විසින් පාකින්සන් යැයි තහවුරු කරන තෙක් යම් පුද්ගලයෙකුගේ පහත දැක්වෙන වෙනස්කම් බොහෝ විට පාකින්සන් රෝගියකු බවට අනුමාන කිරීමට බලපාන හේතු සාධක විදිහට පෙන්වා දෙන්න පුළුවන්.විවේකීව සිටින අවස්ථාවෙත් වෙව්ලීම සහ තමන්ට අවශ්‍ය පරිදි සිරුර හසුරුවා ගැනීමේ අපහසුතාව

රෝගියාගේ සිරුරේ දක්නට ලැබෙන මන්දගාමිත්වය
සිරුරේ සමබරතාව පවත්වා ගැනීමේ අපහසුතාව
ඇවිදීමේ අපහසුතාව


ඒ විතරක් නොවෙයි පාකින්සන් රෝගියකුගේ ඇවිදීමේ යම් වෙනස්කම් දකින්නත් පුළුවන්.

ඒ අන්දමින් ඇවිදින විට දකින විශේෂ ලක්ෂණ ගැනත් යම් සඳහනක් කළොත්…

ළඟ ළඟ අඩි තබා ඇවිදීම

කුදු වී ඇවිදීම

ඇවිදගෙන යන විට ක්‍රමයෙන් වේගය වැඩිවීම

ඇවිදින විට සිදුවන අතේ පැද්දීම අඩුවීම සහ වෙව්ලීම

මන්දගාමිත්වය නිසාම පාකින්සන් රෝගීන්ගේ මුහුණෙන් හැඟීම් ප්‍රකාශ වෙන්නේ නැහැ.

බොහෝ විට මේ රෝග ලක්ෂණ මූලිකව ඇති වෙනවා. එතැනින් නැවතෙන්නේ නැහැ. කාලය සමග රෝග ලක්ෂණ වැඩි වෙනවා. සමතුලිතතාවද බිඳ වැටෙනවා.

කාලයත් සමග ඇතිවන රෝග ලක්ෂණ ගැනත් සඳහන් කළොත්…

මතකය අඩුවීම
සංකුලතාව
භ්‍රාන්තීන් දැකීම
ඇදවැටීම
මානසික අපහසුතා
කැරකැවිල්ල
ඩිමෙන්ෂියා
කල්පනාව අඩුවීම


රෝග තත්ත්වයට බලපාන හේතු ගැනත් යම් සඳහනක් කළොත්…

පාකින්සන් රෝගයට ජානමය පසුබිමක් සහ පාරිසරික හේතුන් බලපානවා. ඒ වගේම සාමාන්‍යයෙන් අපි පාකින්සන් රෝගය වයසත් සමග ඇතවන බව කිව්වත් කලාතුරකින් අඩු වයස් කාණ්ඩයේ අයටත් පාකින්සන් රෝග තත්ත්වය ඇතිවන්න පුළුවන්.

රෝගය පහසුවෙන් හඳුනා ගැනීමට පුළුවන්ද?

පාකින්සන් රෝගයේ විවිධ ප්‍රභේදයන් තිබෙනව. කොහොම වුණත් සාමාන්‍ය පාකින්සන් රෝගියකු අපට රෝග ලක්ෂණ නිරීක්ෂණය කිරීමෙන්ම හඳුනාගන්න පුළුවන්.පාකින්සන් රෝගය හඳුනාගැනීම වෙනුවෙන් විශේෂිත රුධිර පරීක්ෂණ සහ ස්කෑන් වැනි පරීක්ෂණ නැහැ.

අපේ රටේ මේ වෙනුවෙන් පහුකම් නොතිබුණත් Dopha Scan පරීක්ෂාවක් මගින් රෝග තත්ත්වය ඉතා පහසුවෙන් නිශ්චය කරගන්න පුළුවන්. මෙය සමහර අවස්ථාවලදී පමණක් යොදා ගන්නවා. ප්‍රතිකාරවලදී රෝගියා ප්‍රතිචාර දක්වනවා නම් පාකින්සන් බවටම වූ තීරණයෙන් ප්‍රතිකාර දිගටම ලබා දෙනවා.

රෝග ඉතිහාසය සහ රෝගියා පරීක්ෂා කිරීමෙන් පාකින්සන් රෝග තත්ත්වය ගැන තීරණ ගැනීමට වෛද්‍යවරයාට හැකියාව තිබෙනවා. ඒ වගේම රෝගයේ ආරම්භක අවස්ථාවේදී දකින්න ලැබෙන්නේ සාමාන්‍ය අත වෙව්ලීම වැනි තත්ත්වයක්. එය විශේෂ ඖෂධීය ප්‍රතිකාර මගින් වුණත් සුව කරගැනීමට හැකියාව තිබෙනවා.

ඒ වගේම බොහෝ විට මේ රෝගය පැහැදිලිව හඳුනාගැනීමට යම් කිසි ප්‍රමාදයක් සිදුවනවා. එම නිසා රෝගය නිශ්චය කිරීමේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකියි. එම ප්‍රමාදය ගැටලුවක් ලෙස අප දකින්නේ නෑ.

පාකින්සන් රෝග ලක්ෂණ…

රෝගියා මුලින්ම පැමිණෙන්නේ විවේකව සිටින විට දැනෙන අතක වේදනාව එහෙම නැත්නම් වෙව්ලීම වැනි අපහසුතාවන් වෙනුවෙනුයි. ඔවුන්ගේ රෝග ඉතිහාසය විමසන විට මීට කලින් පැවැති තවත් රෝග ලක්ෂණ ගැන පැමිණිලි කරනවා.

එම රෝග ලක්ෂණ මොනවාද?

බඩ වියැළීම
මද අත් පා වේදනාව
ගඳ සුවඳ නොදැනීම
නින්ද ආශ්‍රිත ගැටලු

නින්දේදී මුහුණදෙන ගැටලු…

රාත්‍රියේ නින්ද නොලැබීම සහ දිවා කාලයේදී නිදිමත ගතිය. සාමාන්‍ය පුද්ගලයෙක් නිදාගැනීමට ගිය සැනින්ම නින්ද ආරම්භ වුණත් නිරෝගී පුද්ගලයකුට නින්ද ආරම්භ වීමට යම් කාලයක් ගත වෙනවා.

රෝගය කාලය සමග වර්ධනය වෙනවා නම් ප්‍රතිකාර ප්‍රමාද වීම නිසා රෝග තත්ත්වය උත්සන්න වනවාද?

පාකින්සන් රෝග තත්ත්වයේදී බොහෝ පුද්ගලයන් ආරම්භක අවස්ථාවේදීම ප්‍රතිකාර ලබා ගැනීමට උනන්දු වන්නේ නැහැ. ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යම් කාලයක් ප්‍රමාද වෙනවා. නමුත් මේ ප්‍රමාදය රෝග තත්ත්වයට ප්‍රතිකාර ආරම්භ කිරීමට කිසිසේත්ම බාධාවක් නොවෙයි.

මේ රෝගය නිට්ටාවටම සුව කරන ඖෂධීය ප්‍රතිකාර නැතත් රෝග ලක්ෂණ ඉතාම හොඳින් පාලනය කරමින් රෝගියාට යහපත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සලසා දිය හැකි ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. ඒ නිසා ප්‍රමාද වී හෝ ප්‍රතිකාර ආරම්භ කරනවා නම් අනවශ්‍ය අන්දමින් බියක් ඇති කරගත යුතු නැහැ.

රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර…

පාකින්සන් රෝගයට ඩොපමින් ඌණතාව බලපානවා නම් ඒ වෙනුවෙන් ඩොපමින් බාහිරව ලබා දීම අවශ්‍යයි.

ලබාදිය හැකි වෙනත් ප්‍රතිකාර

පාකින්සන් රෝගය උත්සන්න වනවිට ලබා දිය හැකි වෙනත් ඖෂධීය සහ ඖෂධීය නොවන ප්‍රතිකාර තිබෙනවා. අද වන විට ලෝකයේ දියුණු රටවල පාකින්සන් රෝග ප්‍රතිකාර වෙනුවෙන් පහසුකම් තිබෙනවා.

■ ගැඹුරු මස්තිෂ්ක උත්තේජනය  (Deep brain stumilation)ශල්‍යකර්මයක් මගින් මොළය උත්තේජනය කරන ඉලෙක්ට්‍රෝඩයක් ඇතුළු කිරීම.

■ Duodopa intestinal gel infusion ග්‍රහණියට ඇතුළු කරන බටයක් තුළට Duodopa ඖෂධය අඛණ්ඩව ලබා දිම සිදුවේ.

ව්‍යායාම අත්‍යවශ්‍යයි

පාකින්සන් රෝගින්ට නර්තනය හොඳ ශාරිරික ව්‍යායාමයක්. ඒ වගේම ඔබ අනාගතයේදී පාකින්සන් රෝගය වැළඳීමට නියමිත පුද්ගලයකු නම් ව්‍යායාම කිරීම මගින් පාකින්සන් රෝග තත්ත්වයෙන් ආරක්ෂා වීමටත් හැකියාව තිබෙනවා. පාකින්සන් පමණක් නොව වියපත් වීම සමග ඇතවන තවත් රෝගී තත්ත්වයන් (ආඝාතය, ඩිමෙන්ෂියා) තිබෙනවා. යහපත් ජීවන රටාව මගින් මෙම රෝගී තත්වයන්ටද ඇති කරන බලපෑම අවම කර ගත හැකියි.

පාකින්සන් රෝගි තත්ත්වය මුල් අවස්ථාවේදී හඳුනාගතහොත් භෞත චිකිත්සකවරයකුගේ උපකාරය සහිතව සිදුකරන ව්‍යායාම ප්‍රයෝජනවත් වෙනවා.

බොහෝ පාකින්සන් රෝගීන් සමාජය සමග සම්බන්ධතාවයන් පැවැත්වීමට උනන්දු නැහැ. නමුත් සමාජ සම්බන්ධතාවන් පවත්වා ගැනීමට රෝගී තත්ත්වය කිසිසේත්ම බාධාවක් නොවෙයි.

සමාජ සම්බන්ධතාවන් නිසා ඔබේ මානසික සතුට ඇතිවනවා. සතුට නිසා ස්වභාවික ලෙසින්ම ඩොපමින් උත්තේජනය වීමක් සිදුවන අතර එය පුද්ගලයාගේ මානසික සෞඛ්‍යට වගේම ශාරීරික ලෙසින් බොහෝ රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට ඉතාම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා


 

TAGGED: health, පාකින්සන්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?