නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඩොක්ටර්ගෙන් අහලයි Diet Plan අනුගමනය කරන්න ඕන
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ඩොක්ටර්ගෙන් අහලයි Diet Plan අනුගමනය කරන්න ඕන

Published September 9, 2024

Diet කිරීම එහෙම නැත්නම් Diet Plan එකක් අනුගමනය කිරීම ගැන අපට නිතරම අසන්න ලැබෙනවා. Diet Plan එකක් අනුගමනය කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු බොහොමයක් තිබෙනවා. Diet Plan යනුවෙන් අප අදහස් කරන්නේ සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීම සඳහා පෝෂණමය ගුණයෙන් යුක්ත ආහාර රටාවක් අනුගමනය කිරීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. බොහෝ විට ඩයට් ප්ලෑන් එකක් යැයි කී විට අප හිතන්නේ ශරීරයේ බර පාලනය කරගැනීම ගැන වුණත් අපේ ශරීර ස්කන්ධ දර්ශකය අඩු අගයක හෙවත් ශරීරයේ බර අඩු අයටත් නිවැරැදි ක්‍රමානුකූල ආහාර රටාවක් අනුගමනය සිදුවෙනවා. මේ අනුව යම් පුද්ගලයෙකුගේ ශරීරයට අවශ්‍ය පෝෂණ ප්‍රමාණය අවශ්‍ය වේලාවට පෝෂණයට අනුකූල වන පරිදි ලබාගැනීම ඩයට් ප්ලෑන් එකක් ලෙස හඳුන්වන්න පුළුවන්.

Meal Plan හෙවත් ආහාර සැලසුමක් අනුගමනය කිරීමේදී වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීම වැදගත් ඇයි?

අපේ ශරීරයේ බර වැඩිවීම වගේම බර අඩු වීම විවිධ හේතු නිසා ඇතිවනවා. තරබාරු පුද්ගලයකු ගැන සඳහන් කරනවා නම් ඒ පුද්ගලයාගේ තරබාරුවට හේතුව ආහාර වැඩි ප්‍රමාණයක් ගැනීම නොවන්න පුළුවන්. හෝර්මෝන ගැටලු, විවිධ ඖෂධ භාවිත කිරීම, ආහාර අවශෝෂණය පිළිබඳ ගැටලු තිබෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ බර අඩු පුද්ගලයකු ගැන සලකා බලන විටත් සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තිබෙනවා.

  • පෝෂණය පිළිබඳ ගැටලු.
  • නිදන්ගත රෝග.
  • ලබාගන්නා ඖෂධ.
  • උපත් බර.
  • බඩවල් ආශ්‍රිත ගැටලු.

ඒ අනුව යම් පුද්ගලයෙකුගේ ශරීර බර අඩුවීමට ඉහත කරුණු බලපාන නිසා ඒ ගැනත් වෛද්‍යවරයාගේ පූර්ව අවධානය යොමුවනවා.

විවිධ Diet  Plan තිබෙනවා. ඒ ගැනත් යම් සඳහනක් කරනවා නම්

ඔව්. අද සමාජයේ ඩයට් ප්ලෑන් ගැන බොහෝ අය දැනුවත්. නමුත් තමන් අනුගමනය කළ යුතු ඩයට් ප්ලෑන් එක කුමක්දැ යන්න තෝරා ගැනීමත් වැදගත්.

Low calary Diet plan

මෙම ඩයට් ප්ලෑන් එකේදී දැනට ලබාගන්නා කැලරි ප්‍රමාණය අඩුකිරීමක් සිදුවනවා. අපි ලබාගන්නා කාබොහයිඩ්‍රේට මේද විදිහට ගබඩා වෙනවා. ඒ නිසා අනවශ්‍ය මේද ගබඩා වීම වළක්වා ගැනීම සඳහා මේ වෙන විට පරිභෝජනය කරන ආහාර ප්‍රමාණයේ ඇති මේද සහ කාබොහයිඩ්රේට අඩු කිරීමක් සිදුවනවා. අඩු කැලරි සහිත ආහාර රටාවක් නිර්දේශ කරනවා.

නමුත් මෙවැනි ඩයට් ප්ලෑන් එකක් ආරම්භ කිරීමට පෙරාතුව ඒ පුද්ගලයාගේ සෞඛය තත්ත්වය ගැනත් පූර්ව අධ්‍යනයක් සිදුවනවා. අක්මාව, වකුගඩු, අධි රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් පවතිනවද? එවැනි රෝග ඉතිහාසයක් තිබෙනවා දැයි බැලීමට වාර්තාවන් ලබාගන්නවා. මෙම ඩයට් ප්ලෑන් එකේදී දැනට ඒ පුද්ගලයා දෛනිකව ලබාගන්නා කැලරි ප්‍රමාණයෙන් යම් අගයක් අඩුකිරීම සිදුවනවා.

Keto Diet plan

 Keto Diet plan එකක් අනුගමනය කිරීමේදී මේ වෙන විට ලබාගන්නා කාබොහයිඩ්‍රේට ප්‍රතිශතය අඩුකරන අතර මේදය ලබාදීම සිදුවෙනවා. මෙම Keto Diet plan එක කුඩා දරුවන්ගේ සුව නොවන වලිප්පුව සහිත දරුවන්ගේ ප්‍රතිකාරයක් ලෙසින් හඳුනාගෙන තිබෙනවා.

Intermittent Fasting

Intermittent Fasting වල විවිධ ප්‍රභේද තිබෙනවා. මෙම ක්‍රමයේදී යම් පැය ගණනාවක් නිරාහාරව සිටීමත් යම් පැය ගණනක් ආහාර ගැනීමත් සිදුවනවා. උදාහරණයක් ලෙස පැය 16 ක් නිරාහාරව සිට ඊට පසුව පැය අටක් ආහාර ගැනීම එක් ක්‍රමයක්. මෙම ඩයට් ප්ලෑන් එක අනුගමනය කරන විට දෛනික කැලරි (Calorie) අඩු වීමක් සමග මේදය දහනය වීමක් සිදුවනවා. නමුත් එය සීමිත කාලයකට පමණයි.ඒ නිසා Keto සහ Intermittent යන ඩයට් ප්ලෑන් දෙකම දිගුකාලීනව අනුගමනය කිරීම සුදුසු නැහැ.

ශරීරයේ බර අඩු පුද්ගලයකුට නිර්දේශ කරන Meal Plan  ගැන සඳහන් කරනවා නම්…

ශරීරයේ බර අඩු පුද්ගලයින්ට Meal Plan එකක් සකස් කරන විට බර වැඩි වීමට අවශ්‍ය ශක්තිය සහ ප්‍රෝටීන ප්‍රමාණය වෛද්‍යවරයා විසින් නිර්දේශ කොට එම ප්‍රෝටීන් සහ කැලරි ප්‍රමාණය අඩංගු ආහාර තෝරාගෙන ඒවා දවස තුළ වේල් කීපයකට කුඩා ආහාර වේල් ප්‍රමාණයෙන් ලබාගැනීම සිදුකරනවා. ඒ වගේම මේ අයට ජීරණය පිළිබඳ ගැටලු උදාහරණ විදිහට වමනය, ඔක්කාරය වැනි ගැටලු තිබෙනවා නම් ඒ වෙනුවෙනුත් ඖෂධ ලබාදෙනවා. ආහාර මගින් අවශ්‍ය පෝෂණය ලබාගැනීමට අපහසු පුද්ගලයන් වෙනුවෙන් අමතර පෝෂණ අතිරේක, විටමින් සහ ලවණ පෙති වර්ග ලෙසින් ලබාදෙනවා.

යම් ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කිරීමෙන් පසු ශරීරයේ බර අඩු වුණොත් එතැනින් පසුව කළ යුතු දේ…

ශරීරයේ තරබාරු බව සෞඛ්‍යයට හානිවන විට අපට එම තරබාරු බව අඩු කරගැනීම සඳහා වෛද්‍ය උපදෙස් අනුව පුද්ගලයාට ගැළපෙන ලෙසින් විවිධ ඩයට් ප්ලෑන් භාවිත කළ හැක. ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කිරීමෙන් ශරීරයේ බර නීරෝගී මට්ටමකට පත්වුණොත් දිගින් දිගටම එය මත සිටීම සුදුසු නැහැ.

එයින් පසුව වෛද්‍යවරයා සමග සාකච්ඡා කර ඔබගේ ආහාර රටාව, පවුලේ ආහාර රටාවට, ආර්ථිකයට ගැළපෙන ආහාර රටාවකට යොමුවන්න. මෙය Mindfulness eating and healthy cooking habit යනුවෙන් හඳුන්වනවා. දිගින් දිගටම කිටෝ ඩයට් සහ කැලරි අඩු ඩයට්වලට යොමුවීම නිසා පහත දැක්වෙන අතුරු ප්‍රතිඵල ඇතිවිය හැක.

  • මේදය වැඩියෙන් ලබාගන්නා කිටෝ ඩයට්වලින් මේදය වැඩිපුර ගැනීම නිසා හෘද රෝග අවදානම වැඩිවීම.
  • ශරීරයට අවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක ඌනතාව.
  • සිරුරේ ලවණ අඩුවීම.

Mindfulness eating and cooking habit

ඒ නිසා ඔබේ ශරීර ස්කන්ධ දර්ශකය නියමිත අගයට පත් වූ පසුව සමබල ආහාර රටාවක් අනුගමනය කිරීම වැදගත්. අපි මේ රටාව Mindfulness eating and healthy cooking habit යනුවෙන් හඳුන්වනවා..

මෙහිදී ඔබේ පිඟානෙන් හතරෙන් එකක් පිටි සහිත ආහාර නම් බත්, පාන්, ඉදිආප්ප වැනි පිටි සහිත ආහාර දළ වශයෙන් එකතුකර ගැනීමත්, ඊට අමතරව පිඟානෙන් බාගයකට ආසන්නව එළවළු පලා වැනි දේ එකතු කරගැනීමත් පිඟානෙන් කාලක් ප්‍රෝටීන් මස්, මාලු හෝ බිත්තර එකතු කරන්න.

ආහාර පිළියෙල කරන විට තෙල් සහ කිරි අඩුකරන්න. ඒ වගේම පිරිපහදු කරන ලද සහල් වෙනුවට කුරුටු සහිත සහල් සුදුසුයි. ඒ වගේම තේ බොන වෙලාවට බිස්කට්, කෙටි කෑම, කේක් පරිභෝජනය කළා නම් ඒවා අඩු කරන්න. ඒ වෙනුවට ගුණවත් ආහාර වේලක් ලෙස පලතුරු, කජු, රටකජු හෝ යෝගට් එකක් එකතු කරගන්න.

ව්‍යායාම ඉතාම වැදගත්…

ඔබ නිතරම ක්‍රියාශිලී වන්න. මාංශ පේශි වෙනුවෙන් ව්‍යායාම අත්‍යවශ්‍යයි. ඒ නිසා එදිනෙදා ජීවිතයේදී ඔබේ රටාව වෙනස් කරගන්න. විදුලි සෝපානය වෙනුවට පඩි පෙළ නගින්න. පයින් යා හැකි කෙටි දුර ඇවිදගෙන යන්න.

මේ ගැනත් සිතන්න…

ඔබ ඇසුරු කරන කෙනෙක් ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කරමින් තමන්ගේ ශරීර බර සාර්ථකව පාලනය කරගෙන ඇති වුණත් එය ඔබට ගැළපෙන්නේ නැහැ. ඔබට ගැළපෙන ඩයට් ප්ලෑන් එකක් වෛද්‍ය උපදෙස් අනුව අදාළ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ඩයට් ප්ලෑන් එකක් වීමත් ඉතාම වැදගත්. ඔබට නිසි ප්‍රතිඵල ලබාගැනීමට හැකි වෙන්නේ එවිටයි.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️



 

TAGGED: Diet Plan, health
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?