නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පෙනහැල්ල ලෙඩ කරන්න දුම් නොඇද දුම් බොනවාද?
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

පෙනහැල්ල ලෙඩ කරන්න දුම් නොඇද දුම් බොනවාද?

Published July 29, 2024

ලෝකයේ අනෙකුත් සංවර්ධිත රටවල් මෙන් නොව අපි නිතරම පාරිසරික දූවිලි හා දුම්වලට නිරාවරණය වෙමු. මෙම නිරාවරණයන් බොහොමයක් අපගේ එදිනෙදා ජීවිතයේ වැළැක්විය නොහැකි තත්ත්වයන් බවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් මෙම හානිකර නිරාවරණයන් පිළිබඳ දැනගැනීම සහ ඒවා වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත් වේ.අප ආශ්වාස කරනවිට අවට වාතය නිසා ශ්ලේෂ්මල, උගුර, සුළං නලය හරහා ගොස් අවසානයේ පෙනහලු ඇල්වෙයෝලීය වෙත ගමන් කරනවා. එබැවින් අප අවට වාතයේ අන්තර්ගතය ඊට අදාළයි. අවට වාතයේ සෞඛ්‍ය සම්පන්න නොවන අංශු සහ රසායනික ද්‍රව්‍ය ඇතිවිට ඒවා පැහැදිලිවම සෞඛ්‍යට අහිතකර ලෙස බලපානවා. ඒ වගේම මේ තත්ත්වය ප්‍රධාන වශයෙන් ශ්වසනයට බලපානවා.

අපගේ පෙනහලුවලට බලපම් ඇතිකළ හැකි ගෘහස්ථ විෂ දුම් මොනවාද?

අපගේ ඇතැම් නිවෙස්වල දර භාවිතය වැැළක්විය නොහැකි දෙයක්. විකල්ප ඉන්ධන ගැන ඇති ගැටලු නිසාම බොහෝ දෙනෙක් දර යොදා ගැනීමට යොමු වී සිටිනවා. ගෑස් ළිපක් භාවිත කිරීමටත් මුල්‍යමය ගැටලු තිබෙනවා. දර ළිපක ආහාර පිසින විට දර දැවීම නිසා වාතයට දුම් හා අංශු එකතු වනවා.

ඒ නිසා දර ළිප කියන්නෙත් එතරම් සුරක්ෂිත දෙයක් නොවෙයි.තවද අපි නිවසේ හඳුන්කුරු දැල්වීම දැන් පුරුද්දක් කරගෙන සිටිනවා. ඒ වගේම බස් රථවලත් ගමනාරම්භයේදී හඳුන්කුරු දැල්වීම සිදුවනවා. මේවා අපේ චාරිත්‍රවාරිත්‍ර සමග අතීතයේ පටන්ම සම්බන්ධව තිබුණා.

දැන් ඔබ මේ විදිහට ප්‍රශ්න කරයි, අතීතයේ පටන් හඳුන්කුරු දැල්වූවා නම් දැන් එය සමාජයට අගුණ වුනේ කොහොමද?

තර්කයක් ලෙසින් ඔබ එසේ ඇසුවත් ප්‍රායෝගික තත්ත්වය ඊට වෙනස්. අතීතයේදී හඳුන්කුරු නිෂ්පාදනයට යොදාගත්තේ ස්වභාවික දේ සහ ශාක බව අපි දන්නවා. නමුත් අද වනවිට හඳුන්කුරු වෙනුවෙන් ඇති ඉල්ලුම වගේම ස්වභාවික අමුද්‍රව්‍ය උපයා සපයා ගැනීමේ ගැටලු නිසා හඳුන්කුරු නිෂ්පාදනයට කෘතිම රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමට යොමුවී තිබෙනවා. අද ස්වයං රැකියාවක් විදිහටත් බොහෝ දෙනෙක් ගෘහස්ථව හඳුන්කුරු නිෂ්පාදනය කරනවා. අපේ ඇදහිලි සහ නමස්කාර කටයුතු සම්බන්ධයෙන් මේ චාරිත්‍ර

අනුගමනය කරනවා. මේවායේ සංස්කෘතික වටිනාකමක් වගේම ආධ්‍යාත්මික සෞඛ්‍යටත් යම් වටිනාකමක් එකතු කරනවා. ඒ වගේම මදුරු ගහනය අද වැඩිවීමත් ඩෙංගු වැනි මදුරුවන්ගේ දෂ්ට කිරීමෙන් ආරක්ෂාවීමටත් අපි නිවෙස තුළ විවිධ මදුරු විකර්ශක භාවිත කරනවා. විශේෂයෙන් මදුරු දඟර මේ අතර ඉතා සුලබව භාවිත වනවා.

මෙම ගෘහස්ථ දුම පෙනහලුවලට අහිතකර අන්දමින් බලපාන්නේ කෙසේද?

මෙම දුම මගින් පෙනහලු සහ ශ්වසන මාර්ගයේ ශ්ලේෂ්මල ප්‍රදාහයක් ඇතිකරනවා. මෙම දුම්වලට නිරාවරණය වීම තාවකාලික නම් එය වාතයේ සහ පෙනහලුවල ශ්ලේෂ්මල මත තාවකාලික ප්‍රදාහයක් ඇති කරනවා. එය ආපසු හැරවිය හැකි තත්ත්වයක්.

නමුත් මෙම දුම Eosinophils සහ Ige (ඇදුම සහ ආසාත්මිකතාවලට සම්බන්ධ සුදු සෛල සහ ප්‍රතිදේහ වර්ගයකි.) මැදිහත් වී ප්‍රදාහයක් ඇති කළ හැකි බව පර්යේෂකයන් සොයාගෙන ඇත. මේ නිසා මෙම දුම්වලට නිරාවරණය වීමෙන් ඇදුම සහ ආසාත්මිකතාවයන් ඇතිවිය හැකියි. ඒ අනුව දුම්වලට නිරාවරණය වන පුද්ගලයන්ට කැස්ස, හුස්ම හිරවීම, කිවිසුම් යෑම, නාසයේ දැවිල්ල වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකියි.

දිගුකාලීන බලපෑම් මොනවාද?

මෙම දුම්වලට දිගුකාලීනව නිරාවරණය වීම නිසා ඇදුම හා හුස්ම ගැනීමේ අපහසුතාවන් සහ කැස්ස වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. තවද මෙම දුම්වැටිවලට නිරාවරණය වීමෙන් දුම්පානයට සමාන බලපෑම් ඇතිවීමට පුළුවන්.

ඒ මන්ද යත් දර දුමාරයට නිරාවරණය වීමෙන් COPD ඇදුම රෝගයට සමාන නමුත් මෙය ආපසු හැරවීමට අපහසු රෝග තත්ත්වයක්. පර්යේෂකයන් විසින් සොයාගෙන ඇති අන්දමට අප වැනි රටවල්වල ජනතාව දුම් පානයට අමතරව දර දුමට නිරාවරණය වීම COPD වැනි රෝගවලට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. එම නිසා මේ දුම්වලට දිගුකාලීනව නිරාවරණය වීමෙන් අපගේ පෙනහලු ක්‍රියාකාරීත්වය අඩුවිය හැකි අතර ආපසු හැරවිය නොහැකි ලෙස හුස්ම හිරවීම සහ නිදන්ගත කැස්ස වැනි රෝග තත්ත්වයන් ඇතිවීමට පුළුවන්.

ගෘහස්ථ දුම්වල බලපෑම අඩු කර ගැනීම….

ඔබට හැකි නම් ගෑස් ළිපක් භාවිත කරන්න. ( අප විසින් මෙසේ කිව්වත් එය සමහරුන්ට අපහසු දෙයක් විය හැකියි)

ඔබ දර ළිපක් භාවිත කරන්නේ නම් එය නිවසට පිටස්තර එළිමහන් තැනක පවත්වාගෙන යන්න. එවිට දුමට නිරාවරණය වීම අවම වේ.

ගිනි උඳුන මුළුතැන්ගෙයි තබා ගන්නේ නම් මුළුතැන්ගෙයි හොඳ චිමිනියක් පවත්වා ගැනීමටත් එය නිතිපතා පිරිසිදු කිරීමටත් වගබලා ගන්න.

ඔබ ළිපට පිඹිනවා නම් ඒ සඳහා ලෝහ නළයක් භාවිත කිරීම සුදුසයි.

මුළුතැන්ගෙට ප්‍රමාණවත් වාතාශ්‍රයක් ලැබෙන සේ සකස් කරන්න.

ඔබ හඳුන්කුරු සහ මදුරු දඟර පාවිච්චි කරනවා නම් ඒවා භාවිතය අවම කරන්න. හැකිතාක් විකල්ප වෙනුවෙන් යොමුවීම වැදගත්. උදාහරණයක් ලෙස ඔබ නමස්කාරය අවසන් වූ පසු හඳුන්කුර නිවා දමන්නේ නම් එයින් අවට වාතයට දුම එකතු කිරීම අවම කරනවා. ඒ වගේම ඔබට සුවදායී සහ ස්වභාවික ප්‍රභවයන් වෙනුවෙන් යොමුවන්න.



පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: COPD, health, ඇදුම, පෙනහලු
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?