නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දැන්නම් දුම් බොන්නෙම මෝඩයෝ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

දැන්නම් දුම් බොන්නෙම මෝඩයෝ

Published May 27, 2024

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම මැයි 31 වැනි දින දුම්පානයෙන් වැළකීමේ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත්කොට ඇත. දුම්බීම නිසා පෙනහලු පිළිකා අවදානමක් ඇතිවන බව අපි හැමදෙනාටම නිරන්තරව ඇහෙන කතාවක්. නමුත් දුම්පානයෙන් මිනිස් ජිවිතයට ඇතිවන අහිතකර බලපෑම මෙයින් ඔබ්බට ගොස් කතාබහ කළ යුතුයි.දුම්කොළ ආශ්‍රයෙන් නිෂ්පාදනය කරන ඕනෑම අතුරු නිෂ්පාදනයක දැවෙන දුම උරාබීම හෝ ආඝ්‍රාණය කිරීම දුම්පානය යනුවෙන් හඳුන්වනවා. මේ අතරට සිගරට්, සුරුට්ටු, බීඩි, පයිප්ප වැනි නිෂ්පාදන අයත් වනවා. ගංජා වැනි දේ උරාබොන මත්ද්‍රව්‍ය අතරට අයත් වුණත් ඒවා දුම්පානයට ඇතුළත් වන්නේ නැහැ.

දුම්පානය කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්

සක්‍රිය දුම්පානය – ( Active smoking ) යම් පුද්ගලයෙක් සිගරට්ටුවක් බීඩියක් හෝ දුම් පයිප්පයක් භාවිත කරමින් දුම උරාබීම

අක්‍රිය දුම්පානය – ( Passive smoking ) යම් පුද්ගලයෙක් දුම්පානය කරන විට ඒ අසල සිටින පුද්ගලයන් මේ දුමට නිරාවරණය වෙනවා. එය අක්‍රිය දුම්පානය ලෙස හැඳින්වෙනවා.

දුම්පානයේදී ඇබ්බැහි වීම…

අපි දුම්පානයට පුද්ගලයකුගේ ඇබ්බැහිවීම ගැන කතාකරනවා. මෙහිදී ඔවුන් ඇබ්බැහි වන්නේ දුම්කොළවල අන්තර්ගත ‘නිකොටින්’ සංයෝගයටයි. නිකොටින් පිළිකා කාරකයක් නොවුණත් එහි අන්තර්ගත රසායනයන් මගින් මොළය සහ මධ්‍ය ස්නායු පද්ධතිය උත්තේජනය කිරීමේ හැකියාවක් තිබෙනවා.

නිකොටින්වලට අමතරව සිගරැට්වල අහිතකර සංඝටක 200 ක් පමණ ඇති අතර එයින් ද්‍රව්‍ය 70 ක් පමණ පිළිකා කාරක වනවා. මෙම පිළිකා කාරක සංයෝග අතරට න්‍යුට්‍රොසැමීන්ස්, ඇරොමැටිඇමයින්ස්, බෙන්සඩීන් සහ බෙන්සීන් අයත් වනවා.

දුම්පානය සිරුරට බලපාන අන්දම…

දුම්පානය අපේ සිරුරට ඉතා අහිතකර අන්දමින් බලපාන්න පුළුවන්. සිගරට් ගැන සඳහන් කළ විට අපි පෙනහලු සම්බන්ධ රෝග තත්ත්වයන් ගැන සිතුවත් එයින් ඇතිවන හානිය ශරීරයේ එක් අවයවයකට පමණක් සීමා වන්නේ නැහැ.

  • COPD
  • හෘද රෝග සංකුලතාවන් සහ හෘදයාබාධ
  • Stroke හෙවත් ආඝාත
  • පෙනහලු පිළිකා- පෙනහලු පිළිකාවලින් සිදුවන මරණවලින් 90% ක්ම දුම්පානය නිසා ඇතිවනවා.දුම්පානය නිසා ඇතිවන පිළිකා රෝග තත්ත්වයන් පෙනහලුවලට පමණක් සීමා වන්නේ නැහැ. දුම්පානය නිසා සිරුරේ ඕනෑම තැනක පිළිකාවක් ඇතිවීමට ඉඩ තිබෙනවා.
  • මුත්‍රාශ පිළිකා
  • මුත්‍රා මාර්ගය ආශ්‍රිත පිළිකා
  • මුඛ පිළිකා
  • රුධිරය ආශ්‍රිතව ඇතිවන පිළිකා (උග්‍රමයිලෝයිඩ් ලියුකීමියාව) ඒ වගේම දුම්පානය කරන පුද්ගලයන්ගේ රුධිරවාහිනීවලට ඇතිවන බලපෑම නිසා පාදවල ඇතිවන තුවාල සුවය ලැබීම ප්‍රමාද වීම. ඇතැම් විට මේ නිසාම පාද ඉවත් කිරීමට පවා සිදුවේ.
  • ගැබ්ගෙල පිළිකා
  • මහ බඩවැල ආශ්‍රිත පිළිකා
  • ගුදමාර්ගය ආශ්‍රිත පිළිකා (කොලරෙක්ටල)
  • අන්නස්‍රෝත පිළිකා (Esophagus)
  • ස්වාරාලය
  • අක්මාව
  • උගුර
  • දිව
  • මෘදුතල්ල
  • අග්න්‍යාසය
  • ආමාශය

දුම්පානය නිසා ඇතිවන ප්‍රතිවිපාක මරණය පමණක් නොවේ. දුම්පානය නිසා පිළිකා ඇතිවන බවත් පිළිකා නිසා මරණය ඇතිවන බවත් අපි දනිමු. නමුත් දුම්පානය නිසා ඇතිවන ප්‍රතිවිපාක ඊටත් වඩා ප්‍රබල ලෙසින් ඔබේ ජීවිතයට බලපෑම් ඇති කිරීමට පුළුවන්. ඒ වගේම දුම්වැටි උරාබීම තරුණයන්ගේ පෞරෂයක් නොවේ.

ඒ වගේම දරුවන් විසින් අත්හදා බැලිය යුතු දෙයක් නොවේ. එයින් අනාගතයේදී රෝගී සහ බෙලහීන චරිතයක් බවට පත්වන අතර ජීවිතය නිකරුණේම විනාශ කරගැනීමක් බවත් තරයේම සිත තබා ගැනීම වැදගත්.ඒ වගේම මුඛයේ ඇතිවන පිළිකා නිසා ආහාර ගැනීමේ ඇතිවන අපහසුතාවන් පුද්ගලයකුට දරාගැනීමට පවා අපහසුයි.

කායික රෝග පමණක් නොවේ

දුම්පානය නිසා පුද්ගලයකුගේ කායික නීරෝගිතාවට අමතරව ඔවුන්ගේ ආර්ථික තත්ත්වයටත් විශාල බලපෑමක් ඇති කරනවා. පවුලේ ආදායම තුළ වැඩි පිරිවැයක් දුම්වැටි වෙනුවෙන් වැයකිරීම නිසා පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් බොහෝ දුරට මගහැරෙනු ඇත.

  • තමා ලබන වැටුපට සීමා නොවී ණය ලබා ගැනීම.
  • දුම්පානය කරන පුද්ගලයන්ගේ මුඛ දුර්ගන්ධය නිසා සමාජය පිළිකුල් කරන චරිතයක් වීම.
  • වයසට වඩා වයස්ගත බවක් ඇති වීම.
  • ලිංගික අප්‍රාණිකත්වය සහ දුබලතාව මුල් කරගෙන ඇතිවන පවුල් ආරවුල් සහ මානසික ලෙසින් ඇතිවන ගැටලු.

දුම්පානය පිළිබඳව ලබාදෙන දැනුවත්වීම්…

දුම්පානය නිසා පුද්ගලයකුගේ සමාජයීය සහ ශාරීරික නීරෝගිතාව පිරිහෙනවා නම් එහි ආදීනව ගැන දැනුවත් කිරීම ඉතාම වැදගත්. නමුත් සතුටු විය හැකි එක් කරුණක් ඇත. මීට දශක කීපයකට වඩා අද වනවිට ප්‍රසිද්ධියේ දුම්පානය කරන පුද්ගලයන්ගේ දැකීමේ යම් අඩුවක් තිබෙනවා.

  • මගී ප්‍රවාහන සේවාවේදී මගීන් මෙන්ම රියැදුරු මහතුන් අතර දුම්පානය කිරීම සම්පූර්ණයෙන්ම නැවතී ඇත.
  • වෙනත් මාර්ගවලින් දුම්වැටි මිලට ගත්තත් වයස අවුරුදු 18 ට අඩු නම් සෘජු ලෙසින් දුම්වැටි මිලට ගැනීම තහනම් කිරීම.
  • සිගරට් පැකට්ටුවේ දුම්බීම සිරුරට අහිතකරයි යන වගන්තිය සටහන් කිරීම.
  • රූපවාහිනිය මගින් දුම්වැටි ප්‍රවර්ධනයට අදාළ දැන්වීම් සීමාවීම.
  • නාට්‍ය දර්ශනයක දුම්පානය කරන දර්ශන ඇත්නම් දුම්බීම අහිතකරයි යන වගන්තිය ඒ සමගම දර්ශනය කිරීම.

දුම්පානය සීමා කිරීමට නම්…

දුම්පානය කිරීමට ඇබ්බැහි වී ඇත්නම් එවැනි පුද්ගලයන්ට මානසික උපදේශන ලබාදීමෙන් මේ තත්ත්වයෙන් ඔවුන් මුදා ගතහැකියි. අද දුම්බීමෙන් පුද්ගලයන් වළක්වා ගැනීම සඳහා දිවයින පුරා රෝහල් සහ විවිධ ආයතනවලින් සේවවාන් ලබාගත හැකිය.

ඒ වගේම ඔබේ සමීපමතයෙක් දුම්පානය කරන්නේ නම් ඒ පුද්ගලයාට දුම්පානයේ ආදීනව කියා දීම

“ නිකොටින් ” නිසා ඇතිවන ඇබ්බැහි වීමෙන් මුදා ගැනීමට “patch losinger ” ලබා දීම.

දුම්බීමට යොමු වීමෙන් පසුව එය නවතා ගැනීමට වඩා මෙවැනි අයහපත් පුරුදු වෙනුවෙන් යොමු නොවීමේ ස්වයංවාරණයක් පනවා ගැනීම වඩාත් වැදගත් ඒ වෙනුවෙන් වූ ධෛර්ය සහ ශක්තිය පුද්ගලයා තුළින්ම ඇතිවීම වඩාත් යෝග්‍යයි.

ෆිල්ටරය සහිත දුම්වැටි අහිතකර නැතිද?

ෆිල්ටරයක් සහිත දුම්වැටි පානය අහිතකර නොවේය යන අදහස මිථ්‍යාවක්. ෆිල්ටරය තිබූ පමණින් දුම්පානයෙන් සිරුරට ඇතිවන බලපෑමේ අඩුවක් නැහැ. දුම්පානය කරන පුද්ගලයාට සාපේක්ෂව බලන විට ඔවුන් නිසා දුමට නිරාවරණය වෙන පුද්ගලයන්ද රෝගී බවට පත්වනවා.

නිවසේ මෙන්ම කාර්යාලය වෙනත් පුද්ගල සම්බන්ධතාවන්හිදී දුමට නිරාවරණය වන පුද්ගලයන් මේ තත්ත්වයට ගොදුරුවීම ඉතාම කනගාටුදායක තත්වයක්. විශේෂයෙන් ගැබිනි මව්වරුන් දුමට නිරාවරණය වීම නිසා උපත ලබන දරුවාට එයින් සිදුවන අහිතකර බලපෑම ඉතාම බරපතළයි. මේ නිසා යමෙක් දුම් පානය කරන විට අවට සිටින උදවියගේ හිතසුව වෙනුවෙන් එතැනින් දුරස්ථ වන්නැයි ඉල්ලා සිටීමට කිසිම විටෙක පසුබට නොවන්න.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️










 

TAGGED: health, ලෝක සෞඛ්‍ය සංවිධානය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy3
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?