නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඇදුමට ඉන්හේලර් උරන්න බයවෙන්න එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ඇදුමට ඉන්හේලර් උරන්න බයවෙන්න එපා

Published May 13, 2024

ඇදුම කියන්නේ ශතවර්ෂ ගණනාවක් පුරා සමාජයේ පවතින බාල, තරුණ, මහළු වෙනසක් නොමැතිවම දුක් විඳින රෝගී තත්ත්වයක්. වසරකට ලෝකය පුරා ලක්ෂ පහක් පමණ පිරිසක් ඇදුම රෝගය නිසා මිය යනවා. නමුත් ඇදුම ඉතා පහසුවෙන් පාලනය කරගත හැකි රෝගී තත්ත්වයක්. ඇදුම හොඳින් පාලනය කළොත් මේ අන්දමින් මියයන සහ රෝගය නිසා පීඩා විඳින ඇදුම රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකියාවක් තිබෙනවා.2004 වසරේ සිට මැයි 7 වැනි දින ‘ලෝක ඇදුම දිනය’ යනුවෙන් නම් කර තිබෙනවා.

ඇදුම රෝගය කියන්නේ…

අප ආශ්වාස කරන වාතය ශ්වාස නාල සහ ශ්වාස නාලිකා තුළින් ගමන් කර ගර්ත නමින් හැඳින්වෙන කුඩා වායු කෝෂ තුළට ඇතුළු වෙනවා. මෙම ගර්ත වාතය හුවමාරුව වෙනුවෙන් පහසුකම් සැලසෙන පරිදි පිහිටා තිබෙනවා. ඇතැම් අයගේ ආශ්වාස ප්‍රශ්වාස එහා මෙහා ගෙන යන මෙම වාත නාළ ප්‍රදාහය වීම නිසා ඒ ස්ථානවල ප්‍රතිරෝධී බවක් ඇති වෙනවා.

එවිට අපට වෙනදා වගේ සාමාන්‍ය විදිහට හුස්ම ගැනීමට නොහැකි නිසා වෙනදාට වඩා වැඩි ශක්තියක් යොදන්න අවශ්‍ය වෙනවා. නීරෝගී පුද්ගලයකුට හුස්ම ගැනීම කියන්නේ දැනෙන ක්‍රියාවක් නොවේ. නමුත් මෙම නාළ හැකිලීමට පත් වූ විට හුස්ම ගැනීම වෙනුවෙන් වැඩි ශක්තියක් යෙදීමට අවශ්‍ය වෙනවා.

එය හුස්ම ගැනීමේ අපහසුතාවයක් විදිහට රෝගීයාට දැනෙනවා. මෙම ශ්වසන අපහසුතාවය තවදුරටත් වැඩි වුණාම මේ ශබ්දය පපුවෙන් පිටතට ඇසෙනවා. ඒය අපි සාමාන්‍යයෙන් රා රූං (Wheezing) ශබ්දය විදිහට හැඳින්වෙනවා.

Wheezing  ශබ්දය ඇදුම නිසාම නොවේ…

ඒ වගේම ඔබේ පපුවෙන් රාං රූං ශබ්දයක් ඇසීම හැමවිටම ඇදුම යැයි සැක කරන්න එපා. වෙනත් රෝග තත්ත්වයන් නිසාත් මේ අන්දමේ රා රූං ශබ්ද ඇති වීමට පුළුවන්.

  • දුම්පානය කරන පුද්ගලයන්ගේ පුප්ඵුශීය ධමනිය අවහිර වීම
  • වෛරස රෝග නිසා වාත නාල අවහිර වීම

ඇදුම රෝග ලක්ෂණ

  • පපුවේ ඇතිවන හතිය
  • පපුවෙන් ඇසෙන රා රූං (Wheezing) ශබ්දය
  • පපුව හිර වීමනිතර නිතර ඇතිවන කැස්ස

නමුත් සෑම ඇදුම රෝගියකුටම මේ රෝග ලක්ෂණ හතරම ඇති නොවන්න පුළුවන්. ඒ වගේම කාලයක් පුරා මෙම රෝග ලක්ෂණ ක්‍රමිකව වැඩි වීමටත් හැකියාව තිබෙනවා. ඇදුම ඉතා හොඳින් කළමනාකරණය කිරීමට පුළුවන්.

ඕනෑම රෝගියෙකුටම වෛද්‍යවරයා විසින් ඇදුම රෝගය බවට නිශ්චය කළ සැනින්ම රෝගියා අසන ප්‍රශ්නයක් තිබෙනවා. එනම් මට ඇදුම නිට්ටාවටම සුව කරන්න බැරිද? මෙහිදී වෛද්‍යවරුන් විදිහට අපට දිය හැකි පිළිතුරක් තිබෙනවා. ඇදුම රෝග තත්ත්වය හොඳින් කළමනාකරණය කරගැනීමෙන් රෝගියාට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට කිසිම බාධාවක් නැහැ.

ඇදුම රෝගයට බලපාන හේතු…

ජානමය හේතු ඇදුම රෝගයට බලපානවා. විශේෂයෙන් පරම්පරාවේ ඇදුම රෝගීන්ගේ වාර්තාවක් ඇත්නම් දරුවාටත් ඇදුම රෝගී තත්ත්වයක් ඇති විය හැකියි. මෙය හැම විටම සිදු වෙන්නක්ද නොවෙයි.

පාරිසරික සාධක

  • පරිසරයේ උෂ්ණත්වය වෙනස්වීම
  • නිවස තුළ ඇති දූවිලිසිගරට් දුම
  • කර්මාන්තශාලාවලින් පිටවෙන සල්ෆර් ඩයොක්සයිඩ් ඇතුළු විෂ වායු
  • ශ්වසන මාර්ගයට ඇතුළු වෙන විෂබීජ
  • සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන වෛරස
  • සතුන්ගේ ලොම්, සුවඳ විලවුන්, මල් පරාග

මේ සාධක එක් එක් පුද්ගලයාට වෙනස් අන්දමින් බලපාන අතර​ සියලු සාධක සියලු පුද්ගලයන්ට එක සේ බලපෑමක් නැහැ. ජානමය වශයෙන් ඇදුම ඇති වීමට ප්‍රවණතාවයක් ඇති දරුවෙකු වුණත් ඇදුමට හේතු කාරක පාරිසරික සාධකවලින් (දුම, දූවිලි, සත්ත්ව ලොම් ) ආරක්ෂා කරගතහොත් ඇදුම රෝග තත්ත්වයේ තීව්‍රතාව අඩු කරගත හැකියි.

සමහර දරුවන්ට පුංචි කාලයේ ඇදුම රෝග තත්ත්වයක් තිබුණත් පරිසර සාධක පාලනය කරගෙන අවශ්‍ය ප්‍රතිකාර නිසි අන්දමින් ලබාගැනීම නිසා ඇදුම තත්ත්වයෙන් නිදහස් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබෙනවා. ඇදුම රෝගී දරුවන් ඔවුන්ට අහිතකර සාධකවලට නිරාවරණය වීම අඩු කළ විට කුඩා දරුවන් අතරින් 50%- 60% ක් අතර දෙනා කාලයත් සමග බොහෝදුරට රෝග තත්ත්වයෙන් පීඩාවක් නොලබන තත්ත්වයට පත් වෙනවා.

ඉන්හේලර් පාවිච්චි කිරීම…

ඉන්හේලර් ඉක්මනින්ම ඖෂධවලට ප්‍රතිචාර දක්වනවා. ආහාර මාර්ගය ඔස්සේ අවශෝෂණය වන ඹෟෂධ හෙවත් මුඛයෙන් ලබා ගන්නා පෙති, කරල් හෝ සිරප් වැනි ඖෂධ, රුධිරය සමඟ එක් වී පෙනහලු කරා ගමන් කරන තෙක් ගතවන කාලය වැඩියි. එය කාලයක් ගත වෙන ක්‍රියාවලියක්.

ඒ නිසා රෝගයට සහනය ලැබීමට ටිකක් වෙලා ගත වෙනවා. ඒ වගේම දීර්ඝ කාලයක් ඖෂධ ලබාගන්නා විට වෙනත් අවයවවලට බලපානවා. මේ නිසා අපි මුඛ මාර්ගයෙන් ලබාගන්නා ඖෂධ දිගු කාලයක් වෙනුවෙන් නිර්දේශ කරන්නේ නැහැ.

ඒ වගේම ඉන්හේලර් ඖෂධ අඩු මාත්‍රාවකින් කෙලින්ම පෙනහලු කරා ගමන් කරන නිසා රෝගියාට ඉක්මන් සහනයක් ලැබෙනවා. අකමැත්තෙන් තොරව දිගු කාලයක් භාවිත කිරීම නිසා සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමට පුළුවන්. ඉන්හේලර් භාවිතයෙන් කිසිම අතුරු සංකුලතාවයක් ඇති වෙන්නේ නැහැ.

ගර්භණී මව්වරුන්ට ඇදුම තිබුණොත්…

ගර්භණී මවක් ගැබ්ගත් විට ඇය ඇදුම වෙනුවෙන් ඖෂධ ලබාගැනීමට බියක් දක්වනවා. ඇදුම නිසා ඇය ලබා ගන්නා ඖෂධ අහිතකර විදිහට දරුවාට බලපෑමක් ඇති කරයි යන අනියත බියක් ඇති වෙනවා. ඒ නිසා යම් කිසි කාන්තාවකට ඇදුම රෝගී තත්ත්වය ඇත්නම් ඇය වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින් නිසි ඖෂධ මාත්‍රාව නිසි අන්දමින් ලබා ගැනීම වැදගත්.

විවාහයට පෙරාතුවම ඇදුම තත්ත්වය පාලනය කරගැනීමට හැකියාවක් ඇත්නම් එය වඩාත්ම යෝග්‍යයි. නමුත් ගර්භණී කාලයේදීත් ඇය ඇදුම වෙනුවෙන් ඖෂධීය ප්‍රතිකාර ලබනවා නම් ඒ ගැන වෛද්‍යවරයා දැනුවත් කිරීම වැදගත්.

යම් ගර්භණී කාන්තාවකට මීට පෙරාතුව ඇදුම රෝගී තත්ත්වයක් නොතිබුණත් යම් ලෙසකින් ඇයට ඇදුම යැයි සැක කරන රෝග ලක්ෂණ ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව තමාගේ රෝගී තත්ත්වය ගැන දැනගැනීම වැදගත්. ඒ වගේම තමා ගර්භණී බවත් වෛද්‍යවරයාට සඳහන් කරන්න අවශ්‍යයි.

හිතුමතයට ඇදුම ඖෂධ නැවැත්වීම…

ගර්භණී මවක් තමන්ගේ හිතුමතයට ඖෂධ ලබාගැනීම නැවැත්තුවොත් එය දරු කළලයට අහිතකර අන්දමින් බලපාන්න පුළුවන්.

  • ඇදුම නිසා මවගේ ඔක්සිජන් මට්ටම අඩු වුණොත් එය දරුවාට බලපානවා
  • දරුවාගේ බර අඩු වීම
  • මවගේ ඇදුම තත්වය උත්සන්න වුණොත් නොමේරූ දරු උපතක් සිදු වීම.

සිසේරියන් සැත්කමකට යොමු වීම ඇදුම රෝගී තත්ත්වය පුද්ගලයෙකුගේ ගුණාත්මක ජීවිතයට විශාල ලෙසින් බලපෑමක් ඇති කරනවා.

  • නිතර නිතර රෝගී වීම
  • තමන්ගේ ජීවිතයේ එදිනෙදා කටයුතු කර ගැනීමට ආත්ම විශ්වාසය නැති වීම
  • පෞරුෂයට බලපෑම
  • මානසික කම්පනය නමුත් ඇදුම නිසා ඔබේ ජීවිතයේ ගුණාත්මක තත්ත්වය නැති කර ගැනීම අවශ්‍ය නැහැ
  • මුලින්ම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුගමනය කරන්න.
  • අවශ්‍ය ඖෂධ නිසි කලට, නිසි වේලාවට, නිසි මාත්‍රාවෙන් වෛද්‍යවරයා විසින් ලබා දෙන නිර්දේශ අනුව ලබාගන්න.

මේ අන්දමින් ඇදුම පලානය කරගත් විට ඔබේ එදිනෙදා ජීවිතයේ කටයුතු සාර්ථක අන්දමින් කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඔලිම්පික් මළළ ක්‍රීඩාවලටත් ඇදුම රෝගීන් සම්බන්ධ වූවා පමණක් නොව, ඔවුන් ජයග්‍රහණ පවා ලබාගෙන තිබෙනවා. ඒ නිසා ඇදුම රෝගය නිසා ඔබ පසුගාමී නොවන්න. රෝග තත්ත්වය පාලනය කර ගනිමින් ජීවිතයට සාර්ථකව මුහුණ දීමේ ශක්තිය ගොඩ නගා ගැනීමට කිසිම ඇදුම රෝගියෙකුට බාධාවක් නැහැ.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: health, Inhaler, ඉන්හේලර්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?