නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අවුරුදු එනවාට අමනාප දියවැඩියා රෝගීන්ට
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

අවුරුදු එනවාට අමනාප දියවැඩියා රෝගීන්ට

Published April 8, 2024

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වුණත් දියවැඩියා රෝගියෙක් තමන්ගේ ආහාර පිළිබඳ පාලනයක් පවත්වා ගැනීම වැදගත් වෙනවා.

රුධිරගත සීනි මට්ටම යහපත් පරිදි පවත්වා ගැනීම.

  • රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම නිසි පරිදි පවත්වා ගැනීම, දියවැඩියාව ඇති අයගේ අධිරුධිර පීඩන තත්ත්වය නිසාම හෘද රෝග සංකුලතා ඇති වන්න පුළුවන්.
  • සිරුරේ බර පාලනය.

ආහාර පරක්කු කළ යුතු නැහැ

උත්සව කාලයේදී නිවසේ කාර්යබහුලත්වය නිසාම ආහාර පිසීම ප්‍රමාද වෙනවා. නමුත් දියවැඩියා රෝගියකු විසින් ආහාර ගැනීමේදී කාල පරතරය පරක්කු කළ යුතු නැහැ. ඒ නිසා උදේ ආහාරය සහ දිවා ආහාරය අතර වේලාව දිගු කිරීම හොඳ නැහැ. ඒ නිසා ඔවුන් නියමිත වේල නියමිත කාලයේදී ගැනීම ඉතාම වැදගත්.

රුධිරගත සීනි පැය 24 පුරාම පවත්වා ගැනීම අවශ්‍ය නිසා ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව උදේ දහයට සහ හවස හතරට වගේ තවත් කෙටි ආහාර වේල් දෙකක් අනුමත කරනවා. එවිට රුධිරගත සීනි මට්ටම නිසි පරිදි තබාගත හැකියි. ඒ නිසා අවුරුදු කාලයේදී වුණත් ඔවුන්ගේ ආහාර ගැනීමේ කාල පරාසය අතර පරතරය වෙනස් කර ගත යුතු නැහැ.ඒ නිසා දියවැඩියා රෝගියෙක් උදේ සහ දවල් ආහාරය අතර පැය පහක් සහ දවල් සහ රාත්‍රී ආහාරය අතර පැය පහක පරතරයක් තබා ගැනීම වැදගත්.

අපේ ආහාර පිඟානක සංයුතිය

සිංහල අලුත් අවුරුදු කාලයේදී අපේ ආහාර උත්සව සිරියක් ගැනීම සාමාන්‍යයි. තෙලෙන් සහ කිරෙන් සකස් කරන ආහාරවලින් අවුරුදු මේසය පිරෙනවා. දියවැඩියාව ඇති අයට අධි ග්ලයිසමික් ආහාර සුදුසු නැහැ. මේ අය ගත යුත්තේ ග්ලයිසමික් අගය 55 ට අඩු ආහාරයි.

කන්න පුළුවන් මොනවාද?

අපේ ප්‍රධාන ආහාරය බත්. අඩුම ග්ලයිසමික් දර්ශකය තිබෙන්නේ තම්බාපු හාල්වලින් පිසින හාල්වලයි. රතු කැකුළුවල තන්තු ඊට වඩා අඩුයි. සුදු කැකුළුවල නිවුඩ්ඩ සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. ඒ ආහාරවල ග්ලයිසමික් දර්ශකය වැඩියි. ඒ නිසා දියවැඩියා රෝගීන්ට වඩාත්ම හොඳ තම්බාපු හාල්වලින් පිසින බතුයි. තන්තු අඩංගු වන්නේ එළවළු හා පලා වර්ගවලයි. මෙම තන්තු වර්ග දියවෙන තන්තු සහ දිය නොවෙන තන්තු ආහාර නිසා කොලෙස්ටරෝල් මට්ටමත් පාලනය කිරීමට පුළුවන්.

කිරිබත් කන්න බැරිද?

හාල්වල රතු පැහැය කියන්නේ පැහැලා නෑ කියන එකයි. එහි තන්තු තිබෙනවා. නමුත් සුදු කියන්නේ 70% ක්ම පිරිපහදු කරන ලද ඒවා නිසා රුධිරගත සීනි වැඩි වෙනවා. ඊට සාපේක්ෂව නිවුඩු සහිත හාල්වලින් සකස් කරන ලද ආහාර මධ්‍යස්ථ ප්‍රමාණයකින් ගත හැකයි. ඒත් වෙළෙඳපොළේ තිබෙන ඩයි යොදාගත් රතු හාල් ආහාරයට ගැනීමෙන් බලාපොරොත්තු වෙන ගුණය ලැබෙන්නේ නැහැ. ඒ වගේම කිරිබත් පිළියෙළ කිරීමේදී අධිසාන්ද්‍රණයෙන් යුක්ත පොල්කිරි යොදාගැනීමත් සුදුසු නැහැ.

එළවළු වර්ග

එළවළු පිටි සහිත සහ පිටි රහිත ලෙසින් කොටස් දෙකකි. සිංහල අලුත් අවුරුදු වුණත් එළවළු ආහාරයට ගැනීමේදී පිෂ්ඨය අඩුවෙන් ඇති බෝංචි, මෑ, දඹල, වම්බටු, බණ්ඩක්කා, එළබටු, තක්කාලි, ගෝවා, පතෝල, වැටකොලු, කරවිල, තුඹ, හතු, සෝයා බෝංචි ආහාරයට ගත හැකියි. විශේෂයෙන් හත්මාළුව ඔවුන්ට ඉතා සුදුසුයි. පලා වර්ග බහුලව ආහාරයට ගැනීමට දියවැඩියා රෝගීන්ට කිසිම බාධාවක් නැහැ.

මුකුනුවැන්න, ගොටුකොළ, නිවිති, කංකුං, කතුරු මුරුංගා වැනි පලා වර්ග ආහාරයට ගන්න. අලුත් අවුරුදු වණත් දියවැඩියා රෝගීන් සීනි පැණිරස වගේම ටොෆි වර්ග, කේක්, රටඉඳි හකුරු, පැණි බීම, සිසිල් බීම වගේම පැණිරස සහිත පලතුරු යුෂ වර්ගවලින් හැකිතාක් වැළකී සිටීම වැදගත්.

දියවැඩියා රෝගියකු විසින් තෙල් භාවිත කළ යුත්තේ කෙසේද?

සංතෘප්ත මේද සිරුරට අහිතකරයි. ඒක සංතෘප්ත සහ බහු අසංතෘප්ත මේද සිරුරට හිතකරයි. ඒවායින් සිරුරට හොඳ කොලෙස්ටරෝල් ඇතිකිරීමේ හැකියාව තිබෙනවා. තෙල් භාවිත කිරීමේදී සෝයා තෙල්, සුරියකාන්ත, ඔලිව් වැනි තෙල් වර්ග සුදුසයි. නමුත් ගැඹුරු තෙලේ බැදීමට මෙම තෙල් වර්ග භාවිත කිරීම සුදුසු නැහැ.

දිනපතා කැලරි අවශ්‍යතාව වෙනුවෙන් ප්‍රෝටින් ගැනීමට වෙනවා

  • මාළු වර්ග ආහරයට ගැනීමට බාධාවක් නැහැ. බලයා, කෙළවල්ලා, සූඩයා, හුරුල්ලා වැනි මාළු වර්ග ගත හැකියි.
  • අවශ්‍යම නම් මස් – හම ඉවත් කළ මස්, මේවා වාෂ්ප කලාම තෙල් ඉවත් වෙනවා. නමුත් අවම වශයෙන් ගැනීම වැදගත්.
  • බිත්තර නම් සුදු මද
  • සෝයා මීට්

කිරි

කිරි, සීනි සහ සංතෘප්ත මේද තිබෙන නිසා දියවැඩියාව රෝගීන් වෙනුවෙන් සකස් කළ කිරි වර්ග තෝරාගන්න. කිරි නොබී ආහාරවලින් කැල්සියම් උපයා ගන්නත් පුළුවන්. යෝගට් ගන්නා විට මේද රහිත යෝගට් සහ මුදවපු කිරි ගන්නවා නම් උඩින් ඇති මේද තට්ටුව ඉවත් කරන්න.

දියවැඩියාව සහිත අයගේ ආහාර පිඟානක රටාව – Food plate method

පිටි වැඩියෙන් නැති හෙවත් පිටි අඩු එළවළු පිඟානෙන් බාගයක් පමණ ගන්න. පිටි නොවන ආහාරවලින් ලැබෙන ප්‍රතිඵල මොනවාද?

බඩ පිරෙනවා.

සිතට සතුටුයි.

රුධිරගත සීනි වැඩිවෙන්නේ නැහැ.

කොලස්ටරෝල් නැති විම.

විටමින් අන්තර්ගතයි.

ප්‍රති ඔක්සිකාරකයි.

පලතුරු තන්තු අඩංගුයි. ප්‍රතිඔක්සිකාරකයි. පැණි, සීනි අයිස්ක්‍රීිම් නැතුව පලතුරු ආහාරයට ගැනීමට පුළුවන්. නමුත් ඒවා වුණත් ප්‍රමාණයකට ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. ඒ විතරක් නොවෙයි ‘අනේ මේ හොඳ දවසකත් බේත් බොන්න ඕන නැහැ’ යැයි සිතන්න එපා. අදාළ ඖෂධ මාත්‍රාව අනිවාර්යෙන්ම අතපසු කරන්න එපා. ඒ වගේම අවුරුදු කාලයේ වුණත් ඔබට නියමිත සායනයට දින ලැබී තිබෙනවා නම් ‘අනේ මේ අලුත් අවුරුද්දේ ක්ලිනික් යන්න බැහැ’ යැයි සිතන්නත් එපා. දියවැඩියාව යනු පාලනය කර ගත යුතු රෝග තත්ත්වයක් නිසා උත්සව සමයේ වුණත් ඔබේ සෞඛ්‍යය ගැන අමතක කරන්න එපා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️









 

TAGGED: health, දියවැඩියා
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?