නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මොකක්ද මේ Hiccups
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

මොකක්ද මේ Hiccups

Published April 1, 2024

වෛද්‍ය විද්‍යාත්මකව ඉක්කාව ‘Singultus’ යන නමින් හඳුන්වනවා. එය ඉංග්‍රිසියෙන් ‘Hiccups’ යන නමින් හැඳින්වෙනවා. ඉක්කාවක් කියන්නේ අපේ ශරීරයේ ඇතිවන ප්‍රතිචාරයක්. එය සරලව කිව්වොත් කුමක් හෝ උත්තේජනයකට අපේ මොළයේ මැදිහත් වීමක් නොමැතිව අවයව කීපයක් හෝ ශරීරයේ කොටස් කීපයක් එක්වී ලබාදෙන ප්‍රතිචාරයක්. ඉක්කාවක් ඇතිවීමේදී උරස් කුහරය සහ උදර කුහරය අතර තිබෙන මහා ප්‍රාචීරය සහ ශ්වසන පද්ධතියේ කොටස් සම්බන්ධ වෙනවා.

ඉක්කා වැටෙන්නේ කොහොමද?

ඉක්කාවක් ඇතිවීමේදී මුලින්ම මහා ප්‍රාචීරයේ එකවරම ගැස්මක් එහෙම නැත්නම් සංකෝචනයක් ඇතිවනවා. ඒ සංකෝචනය නිසා අපට හුස්ම ගැනීමට උදව් වන උරස් කුහරයේ සහ උදරයේ තිබෙන මස්පිඬුවලත් සංකෝචනයක් ඇතිවනවා. මේ සංකෝචන නිසා වාතය වේගයෙන් පෙනහලු තුළට ඇතුළු වනවා. වාතය මුඛය සහ ශ්වාසනාලය හරහා පෙනහලුවලට එන විට අපේ ස්වාරලයේ තිබෙන අපිඡිහ්විකාව (Epigottitis) කියන පියනක් වැනි කොටස වැහෙනවා. ඒ සමග ස්වර තන්තු (Vocal-cord) වල ඇතිවන කම්පනය නිසා ඉක්කා වැටෙන විට ‘Hic’ යන ශබ්දය ඇති වනවා. මේ ක්‍රියාවලිය අපි ‘ඉක්කාව’ යනුවෙන් හඳුන්වනවා.

ඉක්කා වැටෙන්නේ ඇයි?

වෛද්‍ය විද්‍යාත්මකව ඉක්කා වැටීමක් පවතින කාල පරාසය අනුව වර්ග තුනකට බෙදා විස්තර කරනවා.

Transient Hiccups

මෙහිදී ඉක්කාව විනාඩි ගණනක් පවතින අතර එය රෝගී තත්ත්වයක් ලෙස සලකන්නේ නැහැ.

Transient Hiccups ඇතිවීමට හේතු

අපේ ආමාශය පමණට වඩා ඇදීම එහෙම නැත්නම් විශාල වීමකට පත්වනවා. එවිට මහා ප්‍රාචීරය සමග ගැටීම නිසා ඉක්කාව ඇති වනවා.

දැන් ඔබට ගැටලුවක් ඇති මහා ප්‍රාචීරය මේ විදිහට ගැටෙන්නේ ඇයි කියා?

තරමක් විශාල ආහාර වේලක් ගැනීම

කාබනේට් දියර වර්ග පානය කිරීම

ඇල්කොහොල් භාවිත කිරීම

ආහාර ගන්නා අතරතුර කතා කිරීම

හදිසියේ බියට හෝ තැතිගැන්මට පත්වීම

Perisistent Hiccups

ඉක්කාව පැය 48කට වඩා පැවැතුණ විට එය Perisistent Hiccups යනුවෙන් හැඳින්වෙනවා. මහා ප්‍රාචීරයට සම්බන්ධ ස්නායුවලට බලපෑම් නිසා බොහෝ විට මේ තත්ත්වය ඇතිවනවා. සැත්කම් සඳහා නිර්වින්දය කිරීමේදී සහ හදිසි රෝගවලදී මුඛය තුළින් යවන ටියුබ් (Incubation) නිසා මේ ස්නායුවලට විවිධ බලපෑම් ඇතිවීමට පුළුවන්. එවැනි තත්ත්වයන් නිසා Perisistent Hiccups ඇතිවීමට හැකියාව තිබෙනවා.

Chronic Hiccups

මාසයකට වඩා වැඩි කාලයක් පවතින ඉක්කාව Chronic Hiccups නමින් හැඳින්වෙනවා. එය දිගුකාලීනව ඉහත කී ස්නායුවලට හානි සිදුවීම නිසා ඇතිවන රෝගී තත්ත්වයක්.

හෘදයේ ඇතිවන ප්‍රදාහ

ස්වාරලයේ ඇතිවන ප්‍රදාහ

ආමාශයේ ඇතිවන ප්‍රදාහ

බෙල්ලේ සහ අන්නස්‍රෝතයේ ඇතවන ප්‍රදාහ

දීර්ඝකාලීන වකුගඩු රෝගීන්

මොළයේ ඇතිවන ප්‍රදාහ

විවිධ ඖෂධ වර්ග

ඒ නිසා යම් පුද්ගලයකුට දිගු කාලයක් ඉක්කාව පවතිනවා නම් එය ඉහතින් සඳහන් කරන ලද රෝග තත්ත්වයක් නිසා ඇතිවන තත්ත්වයක් විය හැකි බව සැලකීම වැදගත්.

පුංචි බබාලට ඉක්කා වැටෙන්නේ ඇයි?

මුලින් සඳහන් කරන ලද හේතු පුංචි බබාලටත් බලපානවා. ආමාශය පමණට වඩා විශාල වී මහා ප්‍රාචීරයට බලපෑම් ඇතිවීම එයාලට ඉක්කා වැටෙන්නට හේතුවක්.

පමණට වඩා කිරි පෙවීම – බබාලට කිරි පොවන විට පමණට වඩා කිරි දෙන්න එපා

සෙමින් කිරි දෙන්න

නිසි ලෙස ගුඩුස් යවන්න


මවක් විදිහට මේ අන්දමින් කටයුතු කිරීම නිසා පුංචි බබාලට ඇතිවන ඉක්කාව වළක්වා ගත හැකියි.ඉඳලා හිටලා ටික වෙලාවකට ඇතිවන Transient Hiccups ඉක්කාව වළක්වා ගැනීමමුලින් කී අන්දමට මේ තත්ත්වය අප හැම දෙනාටම සුලබ අත්දැකීමක්. රෝග තත්වයක් නොවුණත් ඉක්කාව නවතා ගැනීමට අනුගමනය කරන විවිධ උපක්‍රම තිබෙනවා.

එක හුස්මට කවි කීම

වතුර කෝප්පයක් එක හුස්මට පානය කිරීම

සීනි අහුරක් කෑම

සීතල වතුර ටිකක් මුහුණට ගෑම

හුස්මක් අරගෙන එය පිට නොකර තත්පර කීපයක් සිටීම

බිය කිරීම

මේ ක්‍රමවලින් සිදු වෙන්නේ කුමක්ද?

ඉහතින් සඳහන් කළ විවිධ උපක්‍රම මගින් සිදු වෙන්නේ එකම දෙයක්. එවිට හුස්ම ගැනීම නවතා උරස් කුහරයේ පීඩනය වැඩි කිරීම මගින් මහා ප්‍රාචීරය මත පීඩනයක් යෙදෙනවා. එවිට සිදුවන සංකෝචනය නිසා ඉක්කාව නවතිනවා. මේ අන්දමින් විවිධ උපක්‍රම භාවිතයෙන් ටික වේලාවකට පසු ඉක්කාව නවතිනවා

මේ පණිවිඩය අමතක කරන්න එපා

නමුත් ඔබට මාසයකට වඩා පවතින ඉක්කාවක් ඇත්නම් එය නොසලකා ඉන්න එපා. ඒ සඳහා වෛද්‍යවරයකු වෙත යොමු වී උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍යයි.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: health, Hiccups
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy2
Sleepy0
Angry0
1 Comment
  • egebet says:
    June 7, 2024 at 6:04 pm

    Keep this going please, great job!

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?