නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම ලෙඩක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම ලෙඩක්

Published March 25, 2024

Nephrotic syndrome යනු කුමක්ද?

වෛද්‍ය විද්‍යාවේදී සින්ඩ්‍රෝමයක් යනු රෝග ලක්ෂණ ගණනාවක එකතුවකි. එලෙසම ‘නෙප්රොටික් සින්ඩ්‍රෝමය’ද ප්‍රධාන වශයෙන් සැලකෙන රෝග තුනක එකතුවකි. මෙම රෝග ලක්ෂණ තුන නම්

මුත්‍රා සමග අධික ලෙස ප්‍රෝටීන පිටවීම නැත්නම් මුත්‍රාවල පෙණ ස්වභාවය. (පැය කීපයක් තුළ එකතු කරන ලද මුත්‍රාවල ප්‍රෝටීන ප්‍රමාණය ඩෙසිලීටරයකට ග්‍රෑම් 3.5 ඉක්මවීම)

ශරීරයේ ඉදිමීම, විශේෂයෙන් මුහුණ, අත පය ඉදිමීම.

මුත්‍රා සමග ප්‍රෝටීන පිටවීම නිසා රුධිරයේ ප්ලාස්මා තරලයේ ඇල්බියුමින් ප්‍රමාණය ඩෙසිලීටරයකට ග්‍රෑම් 30කට වඩා අඩුවීම.


මීට අමතරව රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑම සහ ශිරාවල රුධිර කැටි සිරවීම වැනි තත්ත්වයන් කලාතුරකින් පෙන්නුම් කරනවා.

Neprotic syndrome බලපාන හේතු සාධක මොනවාද?

ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකි.

ප්‍රාථමික අවස්ථා

( 1 ) වකුගඩුවේ ඇතිවන වෘක්ක ප්‍රදාහ තත්ත්වයන්. (Glomeruli nephritis)

Minimal Change Disease

මෙය බොහෝ විට කුඩා දරුවන්ගේ දක්නට ලැබෙන රෝගී තත්ත්වයක්. මෙය වකුගඩුවේ රුධිරය පිරිසිදු කිරීමේ සියුම් නාල වන ගුච්ඡිකාවේ (Glomeruli ) හානිවීම නිසා ඇතිවන තත්ත්වයකි.

FSGS ( Focal Segment al Glomerulosclerosis

IGA- Immunoglobuin A Neprotic Syndrome- වැඩිහිටියන් අතර බහුලව දක්නට ලැබෙන ඉමියුනෝග්ලොබින් ප්‍රතිදේහ නිසා ඇතිවන රෝගී තත්ත්වයකි.

Membranous Nephropathy – ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගී තත්ත්වයකි.

Membrano proliferative glomerulo nephritis- රුධිරය පිරිසිදු කරන ගුච්ඡිකාවල සිනිදු පේශි පටකවල ඇතිවන රෝගී තත්ත්වයකි.

ඉහත සඳහන් කළ සියලු රෝගී තත්ත්වයන් වෘක්ක පටක අන්වික්ෂයකින් බලා නිර්ණය කරනු ලැබේ.

ද්විතීයික අවස්ථාව

දීර්ඝකාලීනව පවතින දියවැඩියාව.

SLE frda.h (Systemic Lupus Erythematosus)

ඇමිලිඩියුඩෝසිස්. ( Amilidiosis)

දිගුකාලීන ප්‍රදාහ තත්ත්වයන්.

සන්ධි අමාරු.

Osteomyletis. ( අස්ථිවල ආසාදන )

මැලේරියා.

වෛරස නිසා උදාහරණ- HIV ආසාදන හෙපටයිටිස් B සහ හෙපටයිටිස් C

ඖෂධ වර්ග නිසා කැප්ටොපිල් (captopril), පෙනිසිලමයින් ( Penicillamin) NSAID කාණ්ඩයේ වේදනා නාශක)

මෙම සින්ඩ්‍රෝමයේ රෝග ලක්ෂණ මොනවාද?

මෙම රෝග තත්ත්වය නිසා බාහිරව දකින්නට ලැබෙන ලක්ෂණ අතර

ඇස් යට ඉදිමීම – රෝගයේ මුල් අවධියේ දී.

අතපය ඉදිමීම.

විශේෂයෙන් උදේ පාන්දර පිටකරන මුත්‍රා සමග පෙණ පිටවීම.

මුත්‍රා සමග රුධිරය පිටවීම.

හතිය.

රෝගයේ මුල් අවධියේදී මෙම රෝග ලක්ෂණ දකින්න නොලැබෙන්නත් පුළුවන්.

මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම නිසා ඇති වෙන සංකූලතාවන් මොනවාද?

රුධිරයේ ශිරා නාලවල ඇතිවන ලේ කැටිති සිරවීම.

(1) පාදයේ ශිරානාල සිරවීම (Deep vein thrombosis )

( 2) පෙනහලුවල ශිරාවල ( Pulmonery Embolism )

( 3 ) වකුගඩුවල ශිරා (renel vein thrombosis )


මෙවැනි අවස්ථාවල මුත්‍රා සමග රුධිරය පිටවීම සහ කොන්ද එක් පැත්තක වේදනාව දැකිය හැක.

පෙනහලු, උදර කුහරය සහ හෘදය වස්තුව වටා තරල එකතු වීමට ඇති ප්‍රවණතාවද වැඩිය. මෙම හේතුව නිසා හතිය ඇතිවීමද සිදුවේ.මෙම නෙප්රෝටික් සින්ඩ්‍රෝමය දිගුකාලීනව තිබීමෙන් වකුගඩුව සම්පූර්ණ කර්මණ්‍ය තත්ත්වයට පත් වී රුධිර කාන්දුකරණය ක්‍රියාවලියට යොමු වීමටද ඉඩ ඇත.

මෙම රෝගය තීරණය කරන්නේ කෙසේද?

UFR (urine full report හෙවත් සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණය.

මුත්‍රාවල අධික ඇල්බියුමින් ප්‍රමාණයක් දැක ගත හැක. රෝගියා විසින් පිටකරන මුත්‍රාවල ඇල්බියුමින් අගය 3+ හෝ 4+ විය හැක.

පැය 24 තුළ මුත්‍රා එකතුවේ ඇල්බියුමින් අගය ඩෙසිලීටරයකට ග්‍රෑම් 3.5 ඉක්මවීම.( >3.5 g/dl )

sereum protein (රුධිරයේ ප්‍රෝටීන් මට්ටම ) ඩෙසිලීටරයකට ග්‍රෑම් 3කට වඩා අඩු වීම- 24 hour protein excretion

මීට අමතරව වකුගඩුවේ පටක සාම්පලයක් Renal biopsy ක්‍රමය මගින් ලබාගෙන අධ්‍යයනයෙන් පසුව නිශ්චිත රෝග නිර්ණායකයකට පැමිණ ප්‍රතිකාර ක්‍රම නිගමනය කරනු ලැබේ. නමුත් අවුරුදු 10ට අඩු දරුවන්ගේ මෙම Renal biopsy පරීක්ෂණය නොකරයි. ඒ මන්දයත් කුඩා දරුවන්ගේ බොහොමයක් අවස්ථාවල පවතින්නේ Minimal Change Disease නම් රෝගී තත්ත්වය නිසායි.

SLE  රෝග තත්ත්වය හඳුනා ගැනීමට ANA  පරීක්ෂණ.
සංකුලතා සහ තව දුරටත් හේතු වන රෝගකාරක තිබේදැයි බැලීමට එක්ස්රේ සහ Scan පරීක්ෂණ.

රෝගයට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

ඉදිමුම් තත්ත්වයන්හිදී මුත්‍රා කාරක (Diuretric) ඖෂධ ලබාදීම.

රුධිරයේ ඇල්බියුමින් අඩු නම් ඇල්බියුමින් නික්ෂේපන ලබාදීම.

රුධිරයේ කොලෙස්ටරෝල් තත්ත්වයක් නම් Statin කාණ්ඩයේ ඖෂධ ලබාදීම.

වැඩිහිටි අයෙක් නම් Renal biopsy වාර්තාවෙන් පසුවද කුඩා දරුවකු නම් බයොප්සි වාර්තාවකින් තොරවද ස්ටෙරෝයිඩ් ( steroid) කාණ්ඩයේ ඖෂධ හෝ වෙනත් ඖෂධ වර්ග ලබාදීම.

මෙහිදී  Minimal Change Disease රෝගී තත්ත්වය  Steroid කාණ්ඩයේ ඖෂධවලට ඉතා හොඳින් ප්‍රතිචාර දක්වන නිසා සති හෝ මාස කීපයකින් ඖෂධ නැවැත්වීමට හැකියාවක් තිබෙනවා. නමුත් අනිත් වකුගඩු රෝග තත්ත්වයන්ට සමහර විට දිගුකාලීනව ඖෂධීය ප්‍රතිකාර ලබාගත යුතු වනවා.

ඖෂධ නතර කළ ද රෝගියා විසින්

මුත්‍රාවල පැහැය පිළිබඳව විමසිලිමත් වීම.

නිසියාකාරව සායනවලට සහභාගි වීම.

වෛද්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යෙන් කළ යුතුය.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️







 

TAGGED: disease, health, Nephrotic syndrome, ප්‍රෝටීන්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love4
Sad4
Happy1
Sleepy1
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?