නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔයාගෙත් උරහිස රිදෙනවද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ඔයාගෙත් උරහිස රිදෙනවද

Published March 25, 2024
අපේ සිරුරේ උඩ බාහුව ශරීරයට සම්බන්ධ කරන සන්ධිය උරහිස් සන්ධියයි. මෙය අස්ථි තුනකින් සමන්විතයි.

Humerus – උඩ බාහුවේ අස්ථිය.

Collar bone – අකු අස්ථිය.

Scapula– උරපත් අස්ථිය.


ඉතා ඉහළ චලන පරාසයක් ඇති නිසා උරහිස් සන්ධිය අපේ සිරුරේ වෙනත් සන්ධිවලට වඩා විශේෂ වේ. මෙම අස්ථි තුනට අමතරව මාංශ පේශි කට්ටලද වේ. උරහිස වටා ඇති ලොකු මාංශ පේශිවලින් උරහිස චලනයට අවශ්‍ය බලය ලබා දෙනු ඇත. ඉතා කුඩා මාංශ පේශි හතරක් උරහිස අභ්‍යන්තරයේ ඇත. මෙම මාංශ පේශි මගින් උරහිස ස්ථාවරව තබා ගැනීමට හැකියාව ලැබේ.

උරහිස සන්ධිය හා ඒ අවට පටකවල ඇතිවන වේදනාව උරහිස වේදනාව ලෙස හැඳින්වීමට පුළුවන්. උරහිස චලනය කරන විට මෙම වේදනාව උග්‍ර වෙනවා. සමහර අවස්ථාවලදී බෙල්ල, පපුව හා උදරයේ ඇතිවන ආබාධ නිසාද උරහිස වේදනාව ඇති වීමට පුළුවන්. උදාහරණ විදිහට සඳහන් කරනවා නම් බෙල්ල ආශ්‍රිත ස්නායු තෙරපුම්, හෘදය වස්තුවේ ආබාධ හා පිත්තාශයේ ආබාධ නිසා ඇතිවන උරහිස වේදනා තත්ත්වයන් අපි “Referrel pain” යනුවෙන් හඳුන්වනවා.


උරහිස සන්ධිය හා ඒ අවට පටක නිසා ඇතිවන වේදනාව ප්‍රධාන වර්ග දෙකකට වෙන්කර දැක්විය හැකියි.

උරහිස වටා ඇති මාංශ පේශි හා තන්තු නිසා ඇතිවන වේදනාව- Rotator cuff disorder

උරහිස සන්ධිය වටා ඇති ආරක්ෂිත පටලයේ ඝන වීම නිසා ඇතිවන වේදනාව – Frozen shoulder


Rotator cuff disorder

උරහිස ඇතුළත උරහිස චලනයට හා උරහිස සමබරව තබාගැනීමට උදව් වන මාංශ පේශි හතරක් තිබෙනවා. මේවා Rotator cuff මාංශ පේශි ලෙස හඳුන්වනු ලබනවා. නිරන්තරව බරක් හෝ උරහිස මට්ටමට වඩා එසවීමෙන් හෝ වැරදි ලෙස ක්‍රිඩා කිරීමෙන් මෙම තත්ත්වය ඇති විය හැක.

බරක් ඔසවන විට හෝ උරහිස චලනය සමග යම් ක්‍රියාවක් සිදුකරන විට වැලමිට සිරුර ආසන්නයේ තබාගෙන එම ක්‍රියාව කිරීමෙන් මේ තත්ත්වය වළක්වා ගත හැක. මෙම රෝගය උරහිස මාංශ පේශි ඇදීම, ඉරීම නිසා ඇති වන රෝග තත්ත්වයක්.විශේෂයෙන්ම අත ශරීරය පැත්තට එසවීමේදී හෙවත් අංශක 70 සිට 120 ක් වැනි පරාසයකදී Rotator cuff disorder රෝග තත්ත්වය ඇතිවීමට පුළුවන්.

Frozen shoulder

උරහිස වටා ඇති ආරක්ෂිත පටලය ඝන වීමෙන් මෙම තත්ත්වය ඇති වේ. එවැනි අවස්ථාවකදී සියලුම දිශාවන්ට උරහිස සෙලවීම අපහසුයි. උරහිස ආශ්‍රිතව තද ගතියක් ඇති වේ. මෙහිදී අත ඔබට අවශ්‍ය ලෙසින් චලනය කරගැනීම අපහසු වෙනවා. දිගුකාලයක් අත නොසෙල්වා සිටින අයට වගේම දියවැඩියාවෙන් පෙළෙන රෝගීන් අතර Frozen shoulder රෝග තත්ත්වය ඇති වීමට වැඩි ඉඩක් තිබෙනවා.

( 1 ) උරහිස වේදනාව ඇතිවන අනිත් රෝග තත්ත්වය. කාටිලේජ් ගෙවීම නිසා ඇතිවන ඔස්ටියෝආතරයිටිස් (Ostioaratharities) තත්ත්වය. මෙහිදී උරහිස චලනයේදී වේදනාව, උරහිස ඇතළත ‘කර කර’ ශබ්දයක් ඇතිවීම

( 2 ) ප්‍රදාහය නිසා ඇතිවන ආතරයිටිස් තත්ත්වය මේ රෝග තත්ත්වයට උදාහරණ ලෙස රුමටොයිඩ් ආතරයිටිස් (Rheumatoid artharities) තත්ත්වය සඳහන් කළ හැක. මේ රෝග තත්ත්වයේදී උදෑසන අවදි වූ විට උරහිස තද වේදනාවක් ඇති වේ. උරහිස සමග අනිකුත් සන්ධිවලත් වේදනාව ඇතිවිය හැක.

( 3 ) අනතුරකින් උරහිස අස්ථි බිඳීම හෝ පැනීම.

( 4 ) බෙල්ලේ ස්නායු තෙරපුම නිසා ඇතිවන වේදනාව උරහිසට පැතිරීම සිදු වේ. අත දිගේ පහළට මේ වේදනාව පැතිරෙන අතර අතේ හිරි ගතිය, දැවිලි ස්වභාවයක් ඇති වේ. උරහිස වේදනාවක් ඇති වූ විට වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවිය යුතු අවස්ථා.


වැටීමකින් සිදුවන අස්ථි බිඳීම හෝ උරහිස් අස්ථිය පැනීම.
උරහිස සන්ධිය සමග අනෙකුත් අස්ථිවල වේදනාව ඇති විට.
උරහිස ඉදිමී, රත්පැහැ ගැනී උරහිස මතුපිට සමේ රස්නය ගතිය වැඩි වීම.

ඔබට මේ සඳහන් කළ රෝග ලක්ෂණ නොමැතිව උරහිසේ වේදනාවක් ඇත්නම් පැරසිටමෝල් වේදනා නාශක ඖෂධ ලබා ගැනීම හෝ අයිස්වලින් තැවීම වැනි නිවසේ සිටම ප්‍රතිකාර කළ හැකියි. එහෙත් වේදනාව මේ ප්‍රතිකාරවලින්ද අඩු නොවේ නම් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත්.

උරහිස වේදනාව වෙනුවෙන් සිදුකරන රෝග පරීක්ෂණ

උරහිස ආශ්‍රිත රෝග තත්ත්වයන් වෙනුවෙන් ඔබ ප්‍රතිකාර ගැනීමේදී වෛද්‍යවරයා විසින් ඔබව පරීක්ෂා කරනවා. ඊට අමතරව රෝග ඉතිහාසය සහ සායනික පරීක්ෂාවන් සිදු කරනවා. අවශ්‍ය වූ විටක වෛද්‍ය පරීක්ෂණ වාර්තා ගැනීමටත් යොමු කරනවා. ආතරයිටිස් රෝග තත්ත්වයක් ගැන සැක කරනවා නම් මේ වෙනුවෙන් රුධිර පරීක්ෂණ වාර්තාවන් ලබා ගන්නා අතර අස්ථි බිඳීමක් හෝ අස්ථි පැනීමක් ගැන සැකයක් ඇත්නම් එක්ස්රේ පරීක්ෂණ,ලබාගැනීම වෙනුවෙන් රෝගියා යොමු කරනවා. මාංශ පේශි ඉරීමක් හෝ ඇදීමක් Scan පරීක්ෂණ වාර්තාවන් ලබාගන්නවා.

උරහිස වේදනාව වෙනුවෙන් ලබාදෙන ප්‍රතිකාර

මෙම රෝග තත්ත්වයන්හිදී ලබාදෙන ප්‍රතිකාර කීපයක් තිබෙනවා. රෝගියාගේ උරහිස ආශ්‍රිත වේදනාව කළමනාකරණය වෙනුවෙන් වේදනා නාශක ලබාදෙනවා. ඒ අතරම පටක ප්‍රදාහය අඩුකිරීමට ඖෂධ (NSAID) ලබා දෙනවා. ඒ වගේම උරහිසයට ඖෂධ එන්නත් කිරීම සිදු වෙනවා. එබැවින් ඔබේ උරහිස ආශ්‍රිත වේදනා තත්ත්වයක් ඇතිවුණොත් ඒ ගැන නොසලකා සිටිම සුදුසු නැත. එවැනි තත්ත්වයකදී වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීමෙන් ඔබට අවශ්‍ය ප්‍රතිකාර සුදුසු අවස්ථාවේදීම ලබාගැනීමේ හැකියාව ලැබෙනවා. උරහිස තද ගතිය අඩු කිරීම සඳහා භෞතචිකිත්සක ප්‍රතිකාර ලබා දීමත් සිදුවනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: health, Humerus, muscle, Referrel pain, Shoulder, මාංශ පේශි
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love7
Sad0
Happy1
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?