නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කාන්තාවනි, හර්පීස්වලින් පරිස්සම් වෙන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

කාන්තාවනි, හර්පීස්වලින් පරිස්සම් වෙන්න

Published February 19, 2024
හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය මගින් බෝ වන මෙම රෝගය ඉතා සුලබ ලිංගාශ්‍රිත රෝගයක්. අද අප රටේ මෙවැනි රෝගීන් නිතිපතා හමුවෙනවා. මෙම රෝගය නිසා කාන්තාවන් වඩාත් අපහසුතාවට පත්වන බැව් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුම වෙනවා. එය ඉතාම ඛේදජනක තත්ත්වයක්.

රෝගය බෝ වෙන්නේ කෙසේද?

මෙය මුඛ හර්පීස් සහ ලිංගාශ්‍රිත හර්පීස් ලෙස ඇතිවිය හැක. ආසාදිත පුද්ගලයකු සමග ස්පර්ශ වීමේදී සම හරහා බෝවීම සිදු වේ. රෝග ලක්ෂණ ඇති පුද්ගලයකු සමග තොල් සිපගැනීම මගින් හා ලිංගික මුඛ ස්පර්ශය මගින් හර්පීස් බෝ වීම සිදු වේ.

රෝග ලක්ෂණ මොනවාද?

මුඛය හා තොල් සිපගැනීම මගින් සිදුවන හර්පීස් රෝගයේදී මුඛය තුළ වගේම මුඛය අවට බිබිලි ඇති වේ. ලිංගාශ්‍රිත හර්පීස් ඉතා වේදනාකාරීය. ලිංගාශ්‍රිත අවයවයන් සහ ගුද මාර්ගය අවට ඇතිවන අතර ඒවා කසන දැවිල්ල සහිත බිබිලි ලෙස ( Blisters) මතු වී පසුව තුවාල ( Ulcers) බවට පත්වේ. මීට අමතරව

උණ

හිසරදය

ශාරීරික අපහසුතාවන්

වසා ගැටිති ඉදිමීම

මුත්‍රා කිරීමේ අපහසුතාව

වැනි රෝග ලක්ෂණ ඇති වේ.ඊටත් අමතරව ලිංගික ප්‍රදේශයන්හි අමිහිරි ගන්ධයන් සහ සමහර අවස්ථාවල රුධිරය මිශ්‍ර ඝ්‍රාවයන් පිටවීම සිදු වේ. බැක්ටීරියා ආසාදන ඇති වී රෝග තත්ත්වය උත්සන්න වීමටත් ඉඩ තිබෙනවා.මේ අතර විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබෙනවා. සමහර ආසාදිත පුද්ගලයන් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා සිටීමත් විශේෂිත තත්ත්වයක් ලෙස පෙන්වා දිය හැකියි.

රෝගය සඳහා ප්‍රතිකාර තිබෙනවාද?

මෙම රෝග ලක්ෂණ පාලනය සඳහා ඖෂධ තිබෙනවා. ඒ මගින් රෝග ලක්ෂණ පාලනය වුණත් හර්පීස් සිම්ප්ලෙක්ස් රෝගය නිට්ටාවටම සුව කිරීමට අපහසු රෝග තත්ත්වයක්. මේ රෝගය නැවත නැවත ඇතිවීමේ ( Recurrent Infection ) අවදානමක් තිබෙනවා.

විශේෂයෙන් මෙම හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය ඇතුළු වූ පසුව මුළු ජීවිත කාලය පුරාම එය ශරීරයේ පවතිනවා. ප්‍රතිශක්තිකරණය අඩු වූ අවස්ථාවලදී වගේම ගර්භණි සමයේදී රෝග ලක්ෂණ මතුවීමට ඉඩ තිබේ. ඒ වගේම නැවත නැවත ඇති නොවී එක්වරක් පමණක් රෝග තත්ත්වය ඇති වීමටත් ඉඩ තිබෙනවා.

ගර්භණී සමයේදී හර්පීස් සිම්ප්ලෙක්ස් රෝග තත්ත්වය ඇතිවුණොත්?

ගර්භණී සමයේදී හර්පීස් සිම්ප්ලෙක්ස් ඇතිවුණොත් වැඩිපුර රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒ වගේම නූපන් දරුවාටත් මරණීය ආසාදන ඇතිවීමට ඉඩ තිබෙනවා.

මෙම අවදානම් තත්ත්වයෙන් ආරක්ෂා වීමට…

ගර්භණිත්වය සහිත කාන්තාවක් හර්පීස් සිම්ප්ලෙක්ස් ආසාදිතව පැමිණි විට ඒ වෙනුවෙන් උපදෙස් ලබාදෙනවා. ගර්භණීත්වයේ මුල් කාලයේදී ලිංගාශ්‍රිත රෝග සායනයට පැමිණීම වැදගත්. එහිදී ඇයට ගැබ්ගත් දරුවාට ප්‍රශ්නයක් නොවන ලෙස ඖෂධ ලබාදිය හැකයි. ඒ අතරම දරු ප්‍රසූතිය ආසන්නයේදී ඇයව නැවත කැඳවා ඹෟෂධ ( Prophylaxisi) ලබාදෙනවා. දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාව වන විටත් ඇය ආසාදිත නම් සිසේරියන් සැත්කමක් මගින් දරු ප්‍රසූතිය සිදුකරනවා.

රෝගය වැළඳුණ කාන්තාවකට මවක් වීමට හැකියාවක් තිබෙනවාද?

කිසිම බාධාවක් නැහැ. හර්පීස් සිම්ප්ලෙක්ස් රෝගය ආසාදිත වුණ පමණින් ඇයට මවක් වීමට බාධාවක් ඇතිවන්නේ නැහැ. ඒ නිසා අනවශ්‍ය බියක් ඇතිකර ගතයුතු නොවන අතරම නිසි වෛද්‍ය අධීක්ෂණය යටතේ දරු ප්‍රසූතිය සිදුකිරීමට අවස්ථාවන් ඕනෑ තරම් දැන් තිබෙනවා.

හර්පීස් සිම්ප්ලෙක්ස් ආසාදිතයකු ඇසුරු කරන්නන් ආරක්ෂා වන්නේ කෙසේද?

බොහෝ විට මෙය ස්පර්ශය මගින් සිදු වෙන්නක්. ආසාදිතයාගේ තුවාල ඇත්නම් ලිංගිකව එක් වීම නොකළ යුතුයි. අනිත් අය ස්පර්ශයට පෙර හොඳින් අත් සෝදාගැනීම වැදගත්. විශේෂයෙන් බිලිඳු දරුවන් සිප ගැනීම හා ස්පර්ශ කිරීම ආසාදිතයන් විසින් නොකළ යුතයි.

රෝගය ඉක්මනින් සුව වෙනවාද?

මේ රෝගයේදී ඇතිවන තුවාල හා බිබිලි සතියක් දෙකක් යන විට සුව වෙනවා. ටික කාලයකින් තුවාල කැලැල්ද මැකී යනවා. ඖෂධ ගැනීම සහ ලුණු වතුරින් සේදීම මගින් රෝගියාට ඇතිවන අපහසුතාවන් අඩු කරගත හැකියි.

මුහදු වතුර සහ සාමාන්‍ය වතුර සම ප්‍රමාණයට ගෙන කාන්තාවක් නම් බේසමක හිඳගෙන ලිංග ප්‍රදේශය සේදීම සුදුසුයි. පිරිමියෙකු නම් භාජනයකට ජලය ගෙන දිනකට දෙතුන් වතාවක් තුවාල ප්‍රදේශය සේදීම ඉතා යෝග්‍ය ප්‍රතිකාරයක්.

හර්පීස් සිම්ප්ලෙක්ස් වළක්වා ගන්නේ කෙසේද?

නිතරම සඳහන් කරන පරිදි එක් සහකරුවකු සමග පමණක් ලිංගික ඇසුර පැවැත්වීම සහ කොන්ඩම් භාවිතය රෝග තත්ත්වයෙන් ආරක්ෂා වීමට ලොකු උපකාරයක්. ඒ හැර යම් පුද්ගලයකු ආසාදිත නම් තවත් අය සමග ලිංගිකව එක් වී යුතු නැහැ. එසේ එක්වීම නිසා තවත් අය හර්පීස් සිම්ප්ලෙක්ස් රෝග තත්ත්වයෙන් ආසාදිත වීමට ඉඩ තිබෙනවා. ඒ ගැන සිහි තබාගැනීම ඉතාම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: Blisters, health, Infection, Ulcers, හර්පීස්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad4
Happy2
Sleepy1
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?