නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Face එකේ Look එකට Hair cut එක කරල බලන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

Face එකේ Look එකට Hair cut එක කරල බලන්න

Published December 11, 2023

මුහුණට නොගැළපෙන හෙයා කට් එකකට පුළුවන් ඔයාගෙ පෙනුම වැඩි කරලා පෙන්නන්න. ඒ වගේම නිවැරදි හෙයා කට් එකකට පුළුවන් පෙනුම අඩු කරලා පෙන්නන්නත්. එහෙමනම් අපි මේ ලිපියෙන් බලමු මුහුණෙ තියෙන ෆීචර්ස් හොඳින් කැපිලා පේන විදිහට ලස්සන වගේම ගැළපෙන හෙයා කට් එකක් කරගන්නෙ කොහොමද කියලා.

Face shape එක හොයාගන්න

මුලින්ම කණ්නාඩියක් ඉස්සරහට ගිහින් තමන්ගෙ කොණ්ඩෙ විවිධ පැතිවලට දාලා ගැළපෙනම විලාසිතව ගැන අවබෝධ කරගන්න. පහත ඡායාරූපයේ ඇති ලයින්ස් 4 ගැන අවධානය යොමු කළ යුතුයි. ඒකෙන් පුළුවන් ඔයාට හරියටම මුහුණේ හැඩය හොයාගන්න.

පළවෙනි ලයින් එකෙන් නළලේ පළල, දෙවෙනි ලයින් එකෙන් කම්මුල්වල පළල, තුන්වෙනි ලයින් එකෙන් මුහුණේ ජෝ ලයින් එකේ පළල සහ සිරස් අතට තියෙන ලයින් එකෙන් මුහුණේ දිග මැනගන්න පුළුවන්.

ප්‍රධාන වශයෙන් මුහුණු හැඩ හයක් තියෙනවා

Round shape

රවුම් මුහුණක් කියන්නෙ විවිධ හෙයා කට්ස් ලේසියෙන්ම ගලපගන්න පුළුවන් හැඩයක්

Oval shape

මේ හැඩය මුහුණේ රවුම් ෂේප් එකට වඩා තරමක් දිගටියි. ඒ වගේම නළල තරමක් වැඩියි. මේක ගොඩක් අය කියන විදිහට හොඳම ෆෙස් ෂේප් එකක්. මොකද ඕනම හෙයා කට් එකක්, ස්ටයිල් එකක් ඕවල් මූණකට හොඳින්ම ගැළපෙනවා.

Heart shape

මේ හැඩයෙන් යුතු මුහුණක නළල තරමක් වැඩියි. ඒ වගේම ජෝ ලයින් එකට වඩා නළල පළලින් වැඩියි.

Square shape

මේ හැඩයෙදි නළල ජෝ ලයින් එකට සමානයි. විශේෂයෙන්ම තිරස් අතට වගේම සිරස් අතට තියෙන ලයින් එකෙත් වැඩි වෙනසක් නෑ.

Diamond shape

මේක ඕවල් ෂේප් එකට තරමක් සමානයි. නමුත් චීක් බෝන් එක නළලටත් ජෝ ලයින් එකටත් වඩා පළලින් වැඩියි.

Long shape

මේ ෂේප් එකේ රවුම් සහ කොටු ගතියේ මිශ්‍රණයක්. ඕවල් ෂේප් එකේ ලෝන්ගර් වර්ෂන් එකක් කියන්නත් පුළුවන්.

Shape එකට ගැළපෙන Hair cut

Round shape

රවුම් හැඩයේ මුහුණක් තියෙන අයට බොබ් කට්ස් ගැළපෙන්නෙ නෑ. මොකද බොබ් කට් එකෙන් මුහුණ තවත් රවුම් විදිහටයි පෙන්නන්නෙ. ඒ වගේම රවුම් මුහුණක ජෝ ලයින්ස් සහ චික් බෝන්ස් වැඩිය පේන්නෙ නැති නිසා Face framing layers විදිහට කොණ්ඩෙ කපන්න පුළුවන්.

Oval shape

මේ මුහුණටනම් ඕනම හෙයා ස්ටයිල් එකක්, හෙයා කට් එකක් හොඳින්ම ගැළපෙනවා. ලොන්ග් හෙයා, ෂෝට් හෙයා, කර්ලි හෙයා මේ ඕනම විදිහේ කොණ්ඩයක් ඕවල් මුහුණකට ගැළපෙනවා.

Heart shape

හාට් ෂේප් මුහුණ ගොඩක් දිග, පළල නැති වුණාට නළල ටිකක් පළලින් වැඩි නිසා නිතරම කොණ්ඩෙ නළලට වැටෙන විදිහට කට් එකක් කරගන්න පුළුවන්නම් ඔයාට මුහුණේ හොඳ බැලන්ස් පෙනුමකට යන්න පුළුවන්. ඒ වගේම හාට් ෂේප් මුහුණකට ඕනම ආකාරයේ කොට කොණ්ඩයක් ගැළපෙනවා. මේ ආකාරයේ මුහුණක ලස්සනම ෆීචර් එකක් විදිහට ගන්න පුළුවන් පොයින්ටඩ් චින් එක. ඒ නිසා කොණ්ඩෙ කොට වෙන තරමට ලස්සන ලුක් එකක් ඔයාට ගන්න පුළුවන්. කොණ්ඩෙ කපන්න අකමැති කෙනෙක්නම් පොඩි පොඩි ලේයර්ස්වලට කොණ්ඩෙ කපාගන්න.

Diamond shape

ඩයමන්ඩ් ෂේප් මුහුණක් තියෙන කෙනෙක්ට සිම්පල් බොබ් කට්ස් හොඳින්ම ගැළපෙනවා. දිග කොණ්ඩයක් තියෙන කෙනෙක්නම් ෆෙස් ෆ්‍රේමින් ලේයර්ස්වලට කපන්න එපා. මොකද දැනටමත් ඔයාගෙ මූණ ෆ්‍රේම් වෙලා තියෙන්නෙ. නමුත් ඔයාට පුළුවන් කොණ්ඩෙ කෙලවර ලේයර්ස් කපන්න.

Square shape

මේ ෂේප් එකටනම් කොට කොණ්ඩ ගැළපෙන්නෙ නෑ. කොණ්ඩෙ දිග වෙන තරමට මුහුණට ලොකු ලස්සනක් ලැබෙනවා. අඩුම තරමින් උරහිසෙන් මදක් පහලට වෙන්නවත් කොණ්ඩෙ දිග වෙන්න ඕනෙ. නළල තරමක් පළල් නිසා ඉස්සරහින් කෙටි කැපුම් කිහිපයක් යොදන්න පුළුවන්.

සඳලි කොට්ටහේවගේ
Lavishing with Sandali

එරංදි කෞශල්‍යා ✍️

TAGGED: beauty, Face framing layers\, Face shape, Hair cut
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry2
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?