නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කටේ ගද නිසා හකුල ගන්නා ප්‍රසන්න සිනහව
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

කටේ ගද නිසා හකුල ගන්නා ප්‍රසන්න සිනහව

Published November 20, 2023

සිනා නොමසෙන් දසන් දක්වා කියලා ඈත අතීතයේ තරුණියන්හට වැඩිහිටියන් අවවාද අනුශාසනා දීලා තිබුණොත් කිසිම බියක් සැකයක් නැතිව දසන් පෙන්වා සිනාසෙන්න හැකි නම් කෙතරම් ලස්සනද. නමුත් සුන්දර සිනහවකින් කෙනෙකුට සංග්‍රහ කරන්න නම් අපගේ දත් දෙපල ඉතා පිරිසිදුව සහ සුන්දරව තිබිය යුතුයි. මෙය ගැහැනු හා පිරිමි යන දෙපිරිසටම එකසේ බලපාන කරුණක්. ඔබගේ පෞරුෂත්වය හොඳින් පවත්වාගෙන යාමට මෙය අනිවාර්ය අංගයක් වෙනවා. ඉතින් අපි මුලින්ම බලමු සුන්දර සිනහවකට වැටකඩුළු බඳින ප්‍රධාන හේතු වෙන්නේ මොනවාද කියලා. ඒ කියන්නේ දත් දිරා යාම හෙවත් පණුවන් කෑම, විදුරුමස් දිය වීම, මුඛ දුර්ගන්ධය, දත්වල මැලියම් බැඳීම, දත් මුලින් ලේ ගැලීම, දත් සෙලවීම එයට බලපාන්න පුළුවන්.

මෙවැනි තත්ත්වයන් ඔබේ මුඛයේ පවතිනවා නම් කල්යල් නොබලා පිළියම් කිරීම ඔබ අනිවාර්යෙන්ම පටන් ගත යුතුයි. ඒ වගේම ඔබ කෙතරම් දත් මැද්දත් කෙතරම් මුඛය පිරිසිදු කළත් මේ රෝග තත්ත්වයන් සියල්ලටම හෝ එකක් ඔබට තිබෙනවා විය හැකියි. ඒ පිළිබඳව කෙනෙකුට කීමටත් ප්‍රතිකාරයක් ගැනීමටත් නොහැකිව ඔබ ලැජ්ජාවෙන් පසු වෙනවා විය හැකියි. ඉතින් කෙතරම් මුඛය පිරිසිදුව තියා ගන්නට උත්සාහ කළත් මෙවැනි තත්ත්වයන් හට ගන්න හේතුව අපි අද බලමු. ප්‍රධානම කාරණා ලෙස ආමාශය ගැටලු තිබීම, ගෑස්ට්‍රයිටීස් තිබීම, ආහාර දිරවීම නිසි ලෙස නොවීම, ශරීරයේ අධික උෂ්ණත්වය පීනස සහ සෙම නිතර තිබීම යන කාරණා හැඳින්විය හැකියි.

මුඛ දුර්ගන්ධයට…

මුඛ දුර්ගන්ධයට බාහිර ප්‍රතිකාරයක් වශයෙන්

පේර පොතු ග්‍රෑම් 50 ක්
කරාබුනැටි ග්‍රෑම් 20 ක්
කුරුඳු පොතු ග්‍රෑම් 20ක්
මාදුරු ග්‍රෑම් 20 ක්

මේ සියල්ල තරමක කැබලි වන සේ කොටා වතුර කෝප්පයක පමණ ප්‍රමාණයක් සමග මැටි භාජනයක ළිප තබා හොඳින් විනාඩි දහයක් පමණ නටවා ගන්න. එම දියරය පසුව පෙරා බෝතලයකට දමා දිනකට තුන්වරක් උදේ, දවල්, රාත්‍රී කට සෝදන්න.ඒ වගේම මුඛ දුර්ගන්ධයට ඔබට ඉතා පහසු පිළියමක් ලෙස 100% ක් පිරිසිදු පොල්තෙල් භාවිත කරන්නත් පුළුවන්.

පොල්තෙල් මේස හැන්දක් පමණ ගෙන උදේට සහ රාත්‍රියට දත් මැදීමෙන් පසුව පොල්තෙල් කට තුළ රඳවාගෙන විනාඩි 5 ක් පමණ සිටින්න. කටේ හැම අස්සක් මුල්ලක් නෑරම යන ලෙස හොඳින් කට සොලවන්න. මින් පොල්තෙල්වල ඇති ලෝරික් ඇසිඩ් නිසා මුඛයේ ඇති අහිතකර බැක්ටීරියා විනාශ කර දුර්ගන්ධය වළකනවා.

ඒ වගේම සෙම තත්ත්වයක් නිසා මුඛය දුගඳ වෙනවා නම්, එනම් නිතර සෙම පැටලීම, සෙම්ගෙඩි පැවතීම ආදී තත්ත්වයකින් ඔබ පසුවෙනවා නම් ගම්මිරිස්, තිප්පිලි, සහිඳ ලුණු, අමු ඉඟුරු, සුදුලූනු, මුරුංගා මුලේ පොතු සමව ගෙන අඹරා කුඩා රෙදි කඩක බැඳ හක්කේ තබාගෙන සිටීමෙන් සෙම හොඳින් ඉවත් වේ. උදේට මෙය කිරීමෙන් පසුව සර්වවිෂාදි තෛලය බෙල්ල දෙපස ආලේප කර රත් කළ බුලත් කොළයකින් තවන්න. සෙම නිසා හටගන්නා මුඛ දුර්ගන්ධයට මෙය ඉතා අගනා ප්‍රතිකර්මයක්.

දත් මුල් දියවීමට…

දත් මුල් දිය වීමට ප්‍රධාන හේතුවක් විදිහට ශරීරයේ උෂ්ණාධික බව බලපානවා. දත් හොඳින් පිරිසිදු නොකිරීම නිසා දත් මුල බැක්ටීරියා ක්‍රියාකාරී වීම හේතුවෙන්ද දත්මුල් දිය වෙනවා. ශරීරය උෂ්ණාධික බව ප්‍රධාන හේතුවක් වන බැවින් ඇඟ නිවන නෙල්ලි – රසකිඳ පානය, බෙලිමල් – ඉරමුසු වැනි පාන නිතර ගැනීමට උනන්දු වුණොත් දත් මුල් දියවීම වළකාගත හැකියි. ඒ අතරතුර මේ ප්‍රතිකාරයත් කරලා බලන්න.

දිනපතා උදේ සහ රාත්‍රී කාලයේ දත් මැදීමෙන් පසු ඉරිමේදාදි තෙල් තේ මේස හැඳි භාගයක් පමණ ගෙන විදුරුමස්වල හොඳින් ආලේප කරමින් හොඳින් පිරිමදින්න.

අරළු, පිලමුල්ල, මූණමල් පොතු තැම්බූ වතුරට සීනක්කාරම් කුඩු දමා මී පැණි ද දමා උදය, සවස මුඛය සෝදන්න.

කහ කුඩු, අබ තෙල් මිශ්‍ර කර දත් මුල් වල ආලේප කරන්න.

පොල්තෙල්, තල තෙල් සමව ගෙන මිශ්‍ර කර කට සෝදන්න.

අරළු, බුළු, නෙල්ලි තැම්බූ වතුරෙන් කට සෝදන්න.

මූණමල් පොතු, පොල් මුල්, පුවක් මුල් තම්බා ගත් වතුරෙන් උදේ සවස කට සෝදන්න.

දත් මුලින් ලේ ගලනවානම්…

අරළු, බුළු, නෙල්ලි, මූණමල් පොතු, වියළි පුවක් (කරුංකා) තැම්බු වතුරට සීනක්කාරම් කුඩු දමා උදේ සවස කට සෝදන්න.

● වියළි පුවක් පෙත්තක් හැකි හැම විටම සපමින් සිටින්න. දත් මුල්වල තල තෙල් හා පොල් තෙල් සමව ගෙන ආලේප කරන්න.

දත් සෙලවෙනවානම්…

විදුරුමස් ශක්තිමත් නොවීම හේතුවෙන් දත් සෙලවීම ඇතිවෙනවා. එම නිසා විදුරු මස් දියවීම සඳහා පෙන්වාදුන් මුඛ සෝදන භාවිත කළ කරන ගමන් ඊට අමතරව කතුරුපිල නැමැති ශාකයේ මුල් ගෙන පිරිසිදු කර හැකි නිතර සපන්න. දින තුන හතරක් යනවිට සෙලවෙන දත් ශක්තිමත් වෙනවා.

ඒ වගේම මේ සියලුම රෝග තත්ත්වයන් සඳහා සුදුසු ඖෂධීය දත් බෙහෙතක් මේ විදියට සකසා ගන්නත් පුළුවන්.මූණමල් පොතු, ත්‍රිඵලා කූඩු, පිල මුල්ල පුවක් මුල්, පොල් මුල්, කුරුඳු, කරාබුනැටි, මාදුරු, කරුංකා පෙති, පොඩි අඟුරු කැබැල්ලක් ගෙන මේ සියල්ල පිරිසිදු කර හොඳින් අව්වේ වේළා කුඩුකර ගන්න. එයට සින්නක්කාරම් කුඩු දමා බෝතලයක අසුරාගෙන දිනපතා රාත්‍රියට දත් මදින්න. ඉන් අනතුරුව ඉරිමේදාදි තෙල දත් සහ විදුරුමසෙහි ආලේප කර නින්දට යන්න.

ආයුර්වේද රූපලාවන්‍ය ශිල්පිණී
හිමාලි ෂර්මිලා

එරංදි කෞශල්‍යා

TAGGED: beauty, breath, mouth, tooth
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love4
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?