නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සුදුවෙන්න උජාරුවෙන් ගාන පිළිකා ක්‍රීම්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

සුදුවෙන්න උජාරුවෙන් ගාන පිළිකා ක්‍රීම්

Published November 6, 2023

‘කිරි දියෙන් දෙව්වත් අඟුරු සුදු වන කලෙක්නම් නැත.’ මේ කියමන ටිකක් තලෙළු කෙනෙක් අඩුගාණෙ ෆෙස්වොෂ් එකක් ගානවා දැක්කත් අපි විහිළුවට කියන වැකියන්නෙ. ඒකෙන් කියන්නෙ කොච්චර කිරෙන් සේදුවත් අඟුරු කවදාවත් සුදු වෙන්නෙ නෑ කියල. හැබැයි මේ දේ තේරෙන්නෙ කීයෙන් කීදෙනාටද? එහෙම නොතේරෙන බබාලව ලේසියෙන්ම ගොනාට අන්දන්න පුළුවන් නිසා තමයි ‘බ්ලීචින් ක්‍රීම්’ කියල ජාතියක් ලෝකෙ සෑහෙන ජනප්‍රිය වෙවෙමින් පැතිරිලා තියෙන්නේ. හැබැයි ලංකාවෙත් තාමත් ඔය සුදු වෙන්න උලන බ්ලීචින් ක්‍රීම්වලට හොඳ මාකට් එකක් තිබුණට අපිට වඩා සංවර්ධනයෙන් ගව්ගාණක් ඈතින් ඉන්න ඇමෙරිකාවෙනම් ‘බ්ලීච් අඩංගු නිෂ්පාදන සපුරා තහනම්.

අපේ අම්මලාගෙ කාලෙනම් බ්ලීචින් පවුඩර් ගත්තෙ කහට ගැහිච්ච සුදු ඇඳුම්වල කහට යවල ආයෙත් සුදු කරගන්නලු. පාට ඇඳුම්වලට අපේ අම්මලා කවදාවත් බ්ලීචින් දැම්මෙ නෑ. දාන්න දුන්නෙත් නෑ. ඒ මොකද ඕනම වර්ණයක් ඒ ඇඳුමෙන් සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන් සැරක් බ්ලීචින් වල අඩංගු නිසා. කොටින්ම අත් දෙකට ග්ලවුස් පවා  දාගෙනයි බ්ලීචින් පවුඩර් එක්ක ගනුදෙනු කරන්නෙ. ඒ විතරක්නම් මදෑ. කහට ගැහිච්ච රෙදි සුදු කරගන්නවට අමතරව ටොයිලට් පෝච්චි සුද්ද කරගන්න, පොළවෙ දිය සෙවල යවාගන්න වගේ දේවලුත් බ්ලීචින් පවුඩර් පිහිටෙන් අදටත් කරගන්නවා.

එහෙව් දේවල් කරගන්න පාවිච්චියට ගත්තු බ්ලීචින් අඩංගු ක්‍රීම් තමයි අද අපේ ගෑනු උදවිය ඉක්මනට සුදු වෙන්න කියලා හිතාගෙන ගිනි ගණන් දීලා අරන් මූණෙ උලන්නෙ. තමන්ට ලැබුණ ස්වභාවික හම පැහැපත් කරගන්න එකයි ස්වභාවික ඒ හමේ තියෙන මෙලනින් වර්ණකේ ඉවත් කරලා කෘත්‍රිම පාටක් ලබාගන්න එකයි දෙකක්. ගෑනු විතරක්නම් මදෑ දැන් ෆෙස්බුක් පැත්තෙ ගියොත් සුදු වෙන ක්‍රීම් ගාලා තම්බපු ඉස්සො වගේ වෙච්චි පිරිමි පරාණත් පොඩි ටික්ටොක් වීඩියෝ කෑල්ලක් දාලා ඒවා පුදුම විදිහට අනිත් මිනිස්සුන්ට රෙකමදාරු කරනවා. ඉතින් මොළේ තියෙන කීපදෙනෙක් ඇරෙන්න බොහෝ පිරිසක් මේ උගුලට ලස්සනට අහුවෙලා වංචනික ව්‍යාපාරයක් දියුණු කරන්න ලොකු අත්වැලක් සපයනවා.

බ්ලීචින්වල තියෙන්නේ කැල්සියම් හයිපෙක්ලෝරයිට් කියන අකාබනික සංයෝගය. තමන්ට උපතින්ම ලැබුණු සමට, ලස්සන ඇස් දෙකට ටික කාලයක් යද්දි බලපෑම් කරන්න මේ සංයෝගයට පුළුවන්. දිග කාලයක් පාවිච්චියෙන් පිළිකා අවදානමක් ඇතිවීමේ ප්‍රවණතාවයත් වැඩියි. හැබැයි ඉතින් ‘දුම්බීම පිළිකා ඇති කරයි.’ කියල සිගරට් පෙට්ටියෙම ගහල තිබිලත් දවසට සිගරට් හයක් හතක් බොන නුවණක්කාර ඇත්තො ඉන්න රටක ලස්සනට කවරෙක ඔතල දෙන මේ බ්ලීචින් අඩංගු ක්‍රීම් ගාන එකේ මහ අරුමයකුත් නෑ.

ඒ වගේම ඔය අතුරු ප්‍රතිඵල ලිස්ට් එකට හිසරදය වගේ සාමාන්‍ය තත්ත්වයේ ඉඳන් ශ්‍රවණාබාධ, අක්‍රමවත් සිතුවිලි ඇතිවීම, වකුගඩු හානි සහ මරණය වුණත් ගෙන දෙන්න පුළුවන්. හැබැයි මොන මොන පෙරලි කළත් එහෙමයි කියල පොෂ් නමක් දාගෙන රසදිය සහ බ්ලීචින් අඩංගු ක්‍රීම් නිෂ්පාදනයේත්, කස්ටර්මර්ලාගෙත් අඩුවක්නම් වෙන්නෙ නෑ. ඒ නිසා ඒවා නිෂ්පාදනය කරන ශ්‍රේෂ්ඨ ව්‍යවසායිකාවන්ට බයවෙන්න කිසිම දෙයක් නෑ.

හැබැයි සුදු වෙන්න හිතාගෙන ඔය එක එක ක්‍රීම් ඉලුවා වගේ නෙවේ, මොනවහරි වුණොත් ක්‍රීම් එකට වියදම් කළාට වඩා තුන්ගුණයක් විතර හැදුණ ලෙඩේ හොඳ කරගන්න වියදම් කරන්නත් වෙයි. පඳුරකට පයින් ගැහුවත් විසික් වෙන මේ වගේ නිෂ්පාදනයක් දැක්කගමන් ‘ලැට් බාල්දිවල හදන ක්‍රීම්’ කියල මිනිස්සු කමෙන්ට්ස් එහෙම දාන්නෙ අත කහනවට නෙවෙයි.

ඔයා ක්‍රීම් එකක් ගන්නවනම් අනිවාර්යයෙන්ම අඩංගු ද්‍රව්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ. සමහර නිෂ්පාදනවලට රසායනික බලපෑමක් ඇති දේවල් භාවිත කළත් අඩංගු ද්‍රව්‍ය ලැයිස්තුවෙන් ඒක කැපෙනවා. නැත්නම් කස්ටර්මර්ස්ලා නැති වෙනවනෙ. ඉතින් ඒ නිසා ඔයාලට හොයාගන්න බෑ මේක බ්ලීචින්ද නැද්ද කියල. හැබැයි සමහරවිට අඩංගු ද්‍රව්‍යවලට හයිඩ්‍රොක්විනොන් ( Hydroquinone) කියන නම අඩංගු වෙලා තියෙනවනම් ඒක බ්ලීචින් අඩංගු ක්‍රීම් එකක් වීමේ ප්‍රවණතාවය ඉතාම ඉහළයි. මොකද ‘බ්ලීචින්’ කියන ලොකු වචනෙ නොකියා පොදුවේ දාන නමක් තමයි ‘හයිඩ්‍රොක්විනොන්’ කියන්නෙ.

සමහරවිට ඔයා ගත්තු අලුත්ම ක්‍රීම් එක ගෑවට පස්සෙ වෙනදා වගේ අව්වට නිරාවරණය වෙන්න ඔයාට බැරිවෙයි. හමේ පුංචි පුංචි රතු ලප එයි. තියෙන කුෂ්ඨ තව තවත් උඩුදුවයි. අන්න එතනදි ඔයා කල්පනා කරන්න ඕනෙ කලින් නොවුණ දෙයක් අලුතින් තමන්ගේ හමට වෙන්න යන්නෙ ඇයි කියල. දවසින් දවස ඔයාගෙ හම අසාමාන්‍ය විදිහට සුදු වෙනවනම් ඔයා නිසැකවම ගාන්නෙ රසදිය, ඇල්ෆා හයිඩ්‍රොක්සි ඇසිඩ් සහ විවිධ අම්ල වර්ග වගේ පිළිකාකරක රැසක් අඩංගු වුණ ක්‍රීම් එකක්. මොකද තත්ත්වයෙන් හොඳ ක්‍රීම් එකකට දවස් තුනෙන් හතරෙන් ක්ෂණික ප්‍රතිඵල දෙන්න බෑ.

එරංදි කෞශල්‍යා

TAGGED: Bleaching cream, Cancer, Hydroquinone, rash and white heads, whitening cream
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad2
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?