නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Picture perfect look එකකට Quick Makeup එකක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

Picture perfect look එකකට Quick Makeup එකක්

Published October 2, 2023

වර්තමානය වනවිට කාන්තා පිරිමි දෙපාර්ශවයම ඉතාමත් කාර්යබහුල ජීවන රටාවක් තමයි ගත කරන්නේ. ඉතින් අද කියන්නේ රැකියාවක නියුතු මෙන්ම නිවසේ සිටිනා කාන්තාවන්ට වැදගත් වන Makeup Tricks කීපයක් පිළිබඳවයි.ලස්සන, ප්‍රියමනාප පෙනුමක් තියාගන්න නොයෙකුත් ආලේපන වර්ග පාවිච්චි කරන්න අපි පෙළඹිලා ඉන්නවා. ඒත් තවමත් සරලව Makeup එකක් තනියම කරගන්න ගොඩක් දෙනක්ට නිසියාකාර දැනුමක් නෑ. එහෙනම් අපි බලමු Picture perfect look එකකට ලස්සනම ලස්සන Makeup එකක් කරගන්නේ කොහොමද කියලා.

මුහුණ පිරිසිදු කිරීම හා තෙතමනය රඳාපවත්වා ගැනීම

මුහුණ කියන්නේ ඉතාමත් සංවේදී සමක් තියන ප්‍රදේශයක්. ඉතින් අපි ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනෙ මුහුණ පිරිසිදු කිරීම පිළිබඳව. අපේ සමට ගැළපෙන පිරිසිදුකාරකයක් තෝරාගැනීමට සැමවිටම පුරුදු වෙන්න. ඔබේ සම වියළි හෝ සාමාන්‍ය සමක් විය හැකියි.එහෙමත් නැතිනම් එය තෙල් සහිත කුරුලෑ තියන සමක් වෙන්න පුළුවන්. සැමවිටම ඔබේ සම අඳුරගෙන Face wash & cleanser තෝරාගැනීම වැදගත්. ෆේස් වොෂ් එකෙන් පස්සෙ අනිවාර්යෙයන්ම ටෝනර් එකක් පාවිච්චි කරන්නත් ඕනෙ. එමගින් සමට බාහිරින් වන හානි වළක්වාගන්න පුළුවන්.

සන් ක්‍රීම් එකත් වැදගත්

සන් ක්‍රීම් හා ප්‍රයිමර් එකක් භවිත කිරීමෙන් සෑමවිටම අපේ සම හිරුඑළියෙන් නිරාවරණය වෙනවා. අනිවාර්යයෙන්ම මොයිස්චරයිසර් Suns Cream (spf 50) භවිත කරන්න. ඔබේ සමේ වර්ගය අනුව ඔබට වෙළඳපොළෙන් ගුණාත්මක Suns Cream එකක් තෝරාගන්න හැකියාව තියනවා. විශේෂයෙන් තෙල් සහිත කුරුලෑ ඇති සමක් නම් Gel type Suns Cream (spf50) එකක් භවිත කරනවා නම් වඩාත් සුදුසුයි.

Suns Cream ආලේප කිරීමෙන් පසුව අපිට පුළුවන් Makeup primer එක ආලේප කරන්න. ඉතාමත් පොඩි ප්‍රාමාණයක් අරගෙන මුළු මුහුණෙම ආලේප කිරීමෙන් වැඩි වෙලාවක් Makeup එක තියාගන්න පුළුවන්. ජෙල් type primer එකක් තෝරාගැනීම වඩාත් සුදුසුයි. එමගින් ඉතාමත් හොඳ ෆිනිෂින් එකක් ගන්න පුළුවන්.

Foundation & Compact Powder

අපේ සම විවිධ පැහැයන්ගෙන් තියෙන නිසා හැමෝටම එකම පාටක ෆවුන්ඩේෂන් හෝ Compact Powder ගැළපෙන්නේ නෑ. විශේෂයෙන් තරමක් අඳුරු පැහැති සමක් තියෙන කෙනෙක් මේක්අප් නිෂ්පාදන තෝරාගැනීමේදී ඒ පිළිබඳව යම්කිසි දැනුමක් ඇති කෙනෙක්ගෙන් විමසිය යුතුයි. අපි ජීවත් වෙන්නෙ උෂ්ණත්වය තරමක් වැඩි රටක.

ඒ නිසා ෆවුන්ඩේෂන් එකක් තෝරාගැනීමේදී ඉතාමත් හොඳ ප්‍රමිතියක් ඇති මැට් ෆිනිෂ් ෆවුන්ඩේෂන් එකක් තෝරාගැනීම වැදගත්. ඒ වගේම Foundation එකක් මුහුණට ආලේප කරන්න තරමක් වැඩි කාලයක් ගතවෙන නිසා Primer කරගත් මුහුණට Compact powder එකක් පමණක් ආලේප කිරීම ප්‍රමාණවත්. වරින් වර රීටච් කරගැනීමටත් පහසුයි.

අනිවාර්යයෙන් බ්‍රෂ් පාවිච්චි කරන්න

බ්‍රෂ් භවිතයෙන් ෆිනිෂින් එක හොඳින් කරගන්න පුළුවන්. ඒ වගේමයි Oil base Foundations තෝරගන්න එපා. අපි තනියෙන් මේක්අප් කිරිමේදී නිසියාකාරව එය පාවිච්චි නොකෙරුවොත් Creasy සහ Cracked look මේක්අප් එකක් වෙන්න ප්‍රධානම හේතුවක් වෙයි.

Eye Makeup

Eye Makeup කිරිමේදී Nude shade එහෙමත් නැත්තම් සමේ වර්ණය හා මුසුවන පාට තෝරාගන්න. රෝස පැහැය හෝ ඒ හා සමාන දීපතිමත් වර්ණ ආලේප කිරීම ඔබගේ පෞර්ෂත්වයට එතරම් යහපත් වෙන්නෙ නෑ. දුඹුරු පැහැය හා ගෝල්ඩ් පැහැයක් අපගේ සමට හොඳින් ගැළපෙනවා.Eye Shadow ආලේප කිරීමෙන් පසුව Waterproof eyeliner එකක් භාවිත කරන්න.

මස්කාරා භාවිතයේදී

මෙහිදී Waterproof Mascar  එකක් භාවිත කිරීමට පුරුදු වෙන්න. එමගින් ඇස් පිහාටුවල ප්‍රාමාණය තරමක් විශාල කර පෙන්වනව වගේම පැය 12 ට අධික කාලයක් වුණත් එය රඳා පවත්වා ගැනීමට හැකියි.

ඇහැබැමි ඇඳගන්නකොට

ඇහැබැමි ඇඳීමට නිතරම තද දුඹුරු පැහැති පැන්සලක් පමණක් පාවිච්චි කරන්න. ඉතාමත් සියුම්ව ඇහිබැම මත එය පිහිටා ඇති රටාව අනුව ඇඳගන්න. එවිට ස්වභාවික පෙනුමක් ගන්න පුළුවන්. අනිවාර්යෙයන් Eyebrow brush මගින් ඇහිබැම පීරාගන්නත් අමතක කරන්න එපා.

තොල් ආලේපන

තොල් ආලේපනයට ප්‍රථමව Lip balm එකක් ආලේප කිරීම වැදගත්. එමගින් තොල් වියළීම හා තොල් ආලේපනවලින් වන හානිය අවම කරගන්න පුළුවන්.Lipstick භාවිතයේදී උදෑසන හා දහවල් කාලයේදී තරමක් ලා පැහැති වර්ණ තෝරාගැනීමට සැලකිලිමත් වන්න. එමෙන්ම Lipstick භාවිතයට පෙර Lip liner එකත් ඇඳගන්න අමතක කරන්න එපා. Lipstick shade එකට වඩා තරමක් තද පැහැති එකක් තෝරාගත්තොත් ඉන් තොල්වල හැඩය ඉතාමත් ලස්සනට පෙන්වන්න පුළුවන්.

Blush & Finish

Blusher එකක් ආලේප කිරීම මගින් ෆ්‍රෙෂ් පෙනුමක් ගන්න පුළුවන්. ඒ නිසා Blush එකක් තෝරා ගැනීමේදී සමේ වර්ණය අනුව තෝරාගැනීම වැදගත්. හොඳට හිනා වෙලා ඉන්න ආකාරයට කම්මුල් මත Blush එක ආලේප කළොත් Soft makeup look එකක් ගන්න පුළුවන්. මේ සියල්ල අවසානයේ Makeup fixing spray එකක් භාවිත කරන්නත් අමතක කරන්න එපා. එය ඉතාම වැදගත්. ඒ මගින් වැඩිවෙලාවක් Makeupඑක පවත්වා ගන්න වගේම Picture perfect look එකක් ඔබට ලබාගන්න පුළුවන්.

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී
ධනංජය යෂ්වින් ෆර්නෑන්ඩස්
(Brides by Yash)

එරංදි කෞශල්‍යා









 

TAGGED: beauty tips, Makeup, Picture perfect look
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?