නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: හයිය නිය පෙළත් වාසනාවක්
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
හැඩ වැ​ඩ

හයිය නිය පෙළත් වාසනාවක්

Published September 18, 2023

නියපොතු කියන්නෙ කාන්තාවන්ගෙ හැඩ වැඩි කරන තවත් එක ආභරණයක්. නිය ආලේපන ගල්වා හැඩ කරන නමුත් ගොඩක් කාන්තාවන් තමන්ගේ නියපොතුවල සෞඛ්‍ය පිළිබඳව එතරම් සැලකිල්ලක් දක්වන්නෙ නැහැ…

ආමන්ඩ්

නිරෝගී නියපොතු පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය විටමින් වර්ගයක් වන විටමින් E ඉහළ මට්ටමක් ආම්න්ඩ් තුළ අන්තර්ගත වෙනවා. එම නිසා ආමන්ඩ් ආහාරයට ගැනීම වැදගත්. ඊට අමතරව නීරෝගි සහ ශක්තිමත් නියපොතු සඳහා අත්‍යවශ්‍ය වන සින්ක්වලින්ද ආමන්ඩ් පොහොසත්.

බිත්තර

නියපොතුවල නීරෝගී බව සඳහා ප්‍රෝටීන් අනිවාර්යයෙන්ම වැදගත්. ප්‍රෝටීන් හිඟවූ විට නියපොතු කැඩෙන සුළු සහ දුර්වර්ණ වීමෙ ප්‍රවණතාව වැඩිවන නිසා ඔබේ දෛනික ආහාර වේලට බිත්තර එකතු කරගැනීමත් නියපොතුවලට වැදගත් වෙනවා.

වෝල්නට්ස්

වෝල්නට්ස් ඔමේගා -3 මේද අම්ලවලින් පොහොසත් වන අතර එය අපගේ නියපොතුවලට අවශ්‍ය තෙතමනය ලබා දෙනවා. ඒ නිසා දුර්වල සහ වියළි නියපොතු ඇතිවීම වළක්වා ගැනීම සඳහා වෝල්නට්ස් ආහාරයට ගන්න පුළුවන්.

කඩල

ශක්තිමත් නිය පෙළකට අවශ්‍ය විටමින් වර්ගයක් ලෙස සැලකෙන සින්ක් අඩංගු තවත් ප්‍රභවයක් ලෙස කඩල හඳුන්වන්න පුළුවන්. කඩල ආහාරයට ගැනීම මඟින් නියපොතු ඉක්මනින් කැඩී යාම සහ නියපොතු මත සුදු ලප ඇතිවීම වළක්වා ගන්න ඔබට පුළුවන්.

අලිගැටපේර

ශක්තිමත් සහ නිරෝගී නියපොතු වර්ධනය වීම සඳහා බයෝටීන් නම් පෝෂණ සංඝටකය අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. බයෝටීන් අඩංගු ඉතා හොඳ ආහාරයක් ලෙස අලිගැට පේර සැලකෙන අතර අලිගැට පේර ස්මූති, අතුරුපස හෝ සලාදවලට එකතු කිරීම මගින් ඔබේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන්.

පරිප්පු සහ බෝංචි

ප්‍රමාණවත් ප්‍රෝටීන් නොමැතිව අපගෙ ශරීරයට ප්‍රමාණවත් කෙරටින් නිපදවීමට නොහැකි වන අතර දුර්වල සහ වියළි නියපොතු ඇතිවීමට එය හේතුවක් වෙනවා. බෝංචි සහ පරිප්පු ශාක පදනම් වූ ප්‍රෝටීනවල විශිෂ්ඨ ප්‍රභවයක් නිසා එය ඔබේ ආහාර වේලට එකතු කර ගැනීම ඉතා පහසුයි.

ස්ට්‍රෝබෙරි

නියපොතු කැඩීයාම වැළැක්වීම සඳහා අවශ්‍ය තවත් එක් පෝෂණ සංඝටකයක් ලෙස කොලජන් හැඳින්වෙනවා. ස්ට්‍රෝබෙරි යනු විටමින් සී වලින් පොහොසත් ප්‍රභවයක් වන අතර විටමින් සී මගින් කොලජන් ද නිපදවනවා. එම කොලජන් නිශ්පාදනය ඔබේ නියපොතුවල ශක්තිමත් භාවය කෙරෙහි ඉතා වැදගත්.

කොමඩු

නියපොතු කැඩී යාම වැළැක්වීම සඳහා නියපොතුවල තෙතමනය රදා පවත්වාගැනීම අනිවාර්යයෙන්ම වැදගත් වනවා. ඉහළ ජල අන්තර්ගතයක් අඩංගු වන කොමඩු ආහාරයට ගැනීම මගින් නියපොතුවල තෙතමනය රදාපවත්වාගෙන යාමට ඔබට හැකියාව තියෙනවා.

කොළ පැහැති එළවළු වර්ග

නිවිති, ගෝවා සහ බ්‍රොකලි වැනි කොළ පැහැති එළවළු ප්‍රමාණවත් තරම් යකඩ, ෆෝලේට් සහ කැල්සියම් ලබාදෙන අතර ඒවා නියපොතු ඒකාකාරව වර්ධනය වීමට උපකාරී වෙනවා.

කිරි

කිරි කැල්සියම් සහ විටමින් ඩී වලින් පොහොසත් වන අතර ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න නියපොතු වර්ධනය වීම සඳහා ඒ පෝෂක සංඝටක දෙකම ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.

සැමන්

බයෝටින්, ඔමේගා – 3 මේද අම්ල සහ ප්‍රෝටීන් නිරෝගී නියපොතු සඳහා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වන අතර මේ සියල්ල අඩංගු ඉතා හොඳ ප්‍රභවයක් තමයි සැමන්. එය සෞඛ්‍ය සම්පන්න මේද, විටමින් බී 6 සහ බී 12 වලින් ද පිරී ඇති අතර එමඟින් නියපොතු කැඩීම සහ පොතු ගැලවී යාම වැළැක්වෙනවා.

ටෝෆූ

ටෝෆු යනු ශාක පදනම් වූ ප්‍රෝටීනයක් වන අතර සින්ක් සහ ඔමේගා – 3- මේද අම්ල වැනි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්වලින් පොහොසත් වනවා. එම නිසා ටෝෆු දිනපතා ආහාරයට ගැනීම මගින් ශක්තිමත් නියපොතු පවත්වාගෙන යන්න ඔබට පුළුවන්.

හතු

පොටෑසියම්, තඹ, සින්ක්, විටමින් බී 2 සහ ෆෝලේට් වැනි නියපොතු වර්ධනයට සහ ශක්තිමත් වීමට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හතුවල අඩංගු වනවා. මේ වනවිට වෙළෙඳපොළේ විවිධ වර්ගයේ හතු වර්ග තිබෙනවා. ඒ ඕනැම හතු වර්ගයක් ආහාරයට එකතු කරගන්න ඔබට හැකියාව තියෙනවා.

ශක්තිමත් නිය පෙළක් සඳහා මේ ආහාර ඔබේ දෛනික ආහාර වේලට එකතු කර ගන්න අමතක කරන්න එපා. ඊට අමතරව සතිපතා ඔබේ නියපොතු සඳහා සත්කාර කිරීම, නිය ආලේපන නිසි වේලාවට ඉවත් කිරීම, හොඳ ප්‍රමිතියකින් යුතු නිය ආලේපන භාවිත කිරීමත් ඔබ විසින් කළ යුතු වනවා.

අන්තර්ජාලය ඇසුරෙන්

අර්චිත ඉඳුවර

 

TAGGED: beauty, නිය පෙළ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බියුටි වැඩ කොලිටි කරන බියුටි අයිටම්ස්

September 11, 2023

ඔළු කට්ට සිසිල් කරගන්න නෙළුම් තෙල් ගාලා බලන්න

September 4, 2023

ලස්සන වෙන්න මල් තේ බොමුද

August 28, 2023

ලස්සන වෙන්න සල්ලි ඕනෙම නෑ වත්තෙ තියෙන මලත් ඇති

August 14, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?