නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගෙදරම Try කරලා බලන්න Gel Nail Extension
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

ගෙදරම Try කරලා බලන්න Gel Nail Extension

Published September 30, 2024

ජෙල් නේල් එක්ස්ටෙන්ෂන් කියන්නෙ මේ කාලේ තරුණියන් ගොඩක් ආස කරන දෙයක්. නමුත් සාමාන්‍ය නේල් එක්ස්ටෙන්ෂන් එකක් කරගන්න සැලකිය යුතු මුදලක් අපිට වැය වෙනවා. නමුත් වෙළෙඳපොළෙන් මිලදී ගන්න පුළුවන් නේල් කලර්ස් සහ ෆේක් නේල්ස්වලින් අපිට ගෙදරිම මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ විදිහ සරලවම පියවරෙන් පියවර කරගන්න විදිහයි මේ ලිපියෙන් ගේන්නේ…

ජෙල් නේල් එක්ස්ටෙන්ෂන් එක පටන්ගන්න කලින් මුලින්ම කරන්න ඕනෙ නියපොතුවල කිව්ටෙක්ස් ගාලා තියෙනවා නම් ඒවා රිමූ කරගන්න එක. ඊටපස්සේ නේල් කටර් එකකින් නියපොතු කොට වෙන්නම කපාගෙන, කඩතොළු ස්වභාවයක් ගන්නවා නම් නේල් ෆයිල් එකක් භාවිතයෙන් හොඳින් පිරිමැදගන්න. සාමාන්‍යයෙන් නියපොතු දිලිසෙන ස්වභාවයක් ගන්නවා. නේල් එක්ස්ටෙන්ෂන් එකේ ඊළඟ ස්ටෙප් එකට යන්න කලින් මේ දිලිසෙන ගතියත් නේල් ෆයිල් එකෙන්ම ඉවත් කරගන්න ඕනේ.

නියපොතුවල ඒ දිලිසෙන ස්වභාවය ඉවත් කරගත්තට පස්සේ ක්ලෙන්සර් එකකින් ඇඟිලි හොඳින් පිරිසිදු කරගන්න. එතකොට කිසිම විසබීජයක් නියපොතුවල රැඳෙන්න නොදී අපිට නේල් එක්ස්ටෙන්ෂන් එක කරගන්න පුළුවන්.ඊටපස්සේ තියෙන්නේ එක්ස්ටෙන්ෂන්ස් අලවගන්න වැඩේ. ෆේක් නේල් එක උඩින් අපි කොහොමත් ටියුටෙක්ස් ගාන නිසා ට්‍රාන්ස්පේරන්ට් නේල් ටිප් එකක් හෝ ස්වභාවික නියපොත්තකට සමාන නේල්ස් වුණත් යොදාගන්න පුළුවන්.

නියපොත්තේ ප්‍රමාණයට ගැළපෙන්න නේල් ටිප්ස් තෝරගන්න…

නියපොත්තේ ප්‍රමාණය අනුව නේල් ටිප්ස් තෝරගන්න ඕනේ. නියපොත්තේ ප්‍රමාණයට වඩා කුඩා හෝ විශාල නේල් ටිප් එකක් තෝරගත්තොත් මේ එක්ස්ටෙන්ෂන් එක ලස්සනට එන්නෙ නෑ. ගැළපෙන නේල් ටිප් එක තෝරගත්තට පස්සේ කැමති නේල් ග්ලූ එකකින් නේල් ටිප් එක නියපොත්තට

අලවගෙන තත්ත්පර කීපයක් තද කරලා තියාගන්න. නේල් ටිප්ස් සමහර ඒවා එන්නේ තරමක් දිගට. ඒ තමන්ට කැමති ප්‍රමාණයකට එක්ස්ටෙන්ෂන් එක කපාගන්න පුළුවන් නිසා. ටිප් කටර් එකකින් තමන්ට කැමති ප්‍රමාණය තියාගෙන ඉතිරිය කපා ඉවත් කරගන්න.

කැපුවට පස්සේ ආයෙත් නේල් ෆයිල් එක අරගෙන නියපොතු පිරිමැදගෙන සුමට කරගන්න. ඒ වගේම නේල් ෆයිල් එකෙන් පුළුවන් නියපොත්තට කැමති හැඩයක් හදාගන්න. ෆයිල් කළාට පස්සේ නියපොතුවල තියෙන ඩස්ට් එක හොඳින් පිරිසිදු කරගන්න. නැවත වතාවක් ක්ලෙන්සර් එකකින් පිහදාගන්න.

නේල් ජෙල්

ඊටපස්සේ තියෙන්නේ ජෙල් එක ගාගන්න. මේ ජෙල් එක වෙළෙඳපොලෙන් මිලදී ගන්න පුළුවන්. සාමාන්‍ය කිව්ටෙක්ස් බෝතල් වගේ නෙවෙයි, ජෙල් එක එන්නේ පොඩි ඩප්පියක. මේ ජෙල් එක ළා දම්, රෝස වගේ පැහැයන්ගෙන් තිබුණත් ඒ පැහැය නියපොත්තට එන්නේ නෑ.

නේල් කලර් එක ගාන්න කලින් මේ ජෙල් එක ගන්න ඕනේ. ජෙල් එක ගෑවට පස්සේ ඹඪ ඛ්පච එකක් ඇතුළට ඇඟිලි ටික විනාඩියක් විතර දාගෙන ඉඳලා වේලගන්න. ස්වභාවික නියපොතු පැහැයට ආස කෙනෙක් නම් ඔයාට නේල් කලර්ස්වලට නොයා මේ ස්ටෙප් එකෙන් නවතින්න පුළුවන්.

ජෙල් කලර්ස් සහ සෙමි පර්මනන්ට් ජෙල් කලර්ස් පටලගන්න එපා

නැවතත් පුළුන් කැබැල්ලකට ක්ලේන්සර් ටිකක් දාගෙන නියපොතු ටික පිහදාගන්න. ඹඪ ලෑම්ප් එකට දාලා ගත්තම නියපොතු තරමක් ඇලෙන ස්වභාවයක් ගන්නවා. ඒ වේලිලා මදිකම නෙමෙයි. ක්ලෙන්සර් එකෙන් හොඳට පිහදාගත්තට පස්සේ ඒ ගතිය නැති වෙනවා. මේ ක්‍රියාවලියෙන් පස්සේ ජෙල් කලර්ස් ගාගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් ජෙල් කලර්ස් සහ සෙමි පර්මනන්ට් කලර්ස් පටලගන්නවා. සෙමි පර්මනන්ට් කලර්ස් එන්නේ සාමාන්‍ය කිව්ටෙක්ස් බෝතලයක වුණත් ජෙල් කලර්ස් එන්නේ පොඩි ඩප්පිවල.

ජෙල් කලර් එක ගාන්න කලින් ඒක පින්සලෙන්ම හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ජෙල් නේල් කලර් එක ගෑවට පස්සෙත් විනාඩියක් විතර ඹඪ ලෑම්ප් එක ඇතුළෙන් තියාගෙන ඉඳලා ගන්න. පාට වැඩි කරගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් නැවත වතාවක් නේල් කලර් එක ගාගන්න. මේ සේරම ඉවර වුණාට පස්සේ ස්ටෑම්ප් එකක් විදිහට හෝ කැමති විදිහකට නේල් ආට් එකකුත් දාගන්නත් පුළුවන්.

රූපලාවන්‍ය ශිල්පිණී
ඇනී යෙලීනා


එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad1
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Cool  එකේ ඉන්නනම් මේ දේවල් Cool  කරලා පාවිච්චි කරන්න.

May 19, 2025

දිදුළන කොන්ඩෙකට Silicone Oil

May 12, 2025

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?