නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Wardrobe එකේ තියෙන්නම ඕන Tops 10 ක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

Wardrobe එකේ තියෙන්නම ඕන Tops 10 ක්

Published October 7, 2024

ඇඳුම් අල්මාරියේ කොච්චර ඇඳුම් තිබුණත් කොහේ හරි ගමනක් යන්න හදද්දි ඒ තැනට ගළපෙන ඇඳුමක් හොයාගන්න නැති වෙන අවස්ථාවන්ට තරුණ ගෑනු ළමයි ගොඩක් මූණ දෙනවා. කොච්චර ලස්සන ඇඳුම් තිබුණත් ඇඳුම් අඳින්න ඕන තැනකට ගැළපෙන විදිහට. ඉතින් ඔයාගෙ ඇඳුම් අල්මාරියේ තියෙන්නම ඕන, ඕනම තැනකට අඳින්න පුළුවන් විදිහේ ටොප්ස් කිහිපයක් ගැනයි අද කතා කරන්න යන්නේ.

මුලින්ම Basic T shirts

ගෑනු ළමයි ගාව තියෙන්නම ඕන දෙයක් තමයි බේසික් ටීෂර්ට්ස්. බේසික් ටීෂර්ට්ස් කියන්නෙ කිසිම ප්‍රින්ට් එකක් නැති සාමාන්‍ය ටීෂර්ට්ස්. මේ ටීෂර්ට්ස් තද වර්ණවලින් නැතුව Neutral කලර්ස්වලින් තියාගන්නවනම් හොඳයි. මොකද ඒක අපිට ලේසියෙන්ම ට්‍රවුසර් එකක් එක්ක ගළපගන්න පුළුවන්. ටීෂර්ට්ස් අඳින්න අකමැති කෙනෙක්ට මේ වර්ණවලින්ම සිම්පල් බ්ලවුස් තෝරගන්න පුළුවන්.

අනිවාර්යයෙන්ම තියෙන්න ඕන සුදු ෂර්ට් එක

ඔයා ගාව අනිවාර්යයෙන්ම තනි සුදු අත් දිග ෂර්ට් එකක් තියෙන්නම ඕනේ. ඒක ලිනන්, කොට්න් වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කොලිටි මැටීරියල් එකකින් ගන්න. මේ සුදු ෂර්ට් එක ඔයාට කැෂුවල් හෝ ෆෝමල් ඕනම ගමනකට ගැළපෙනවා. හරිම වැදගත් පෙනුමක් ගේන, කාල සීමාවක් නැතුව ෆැෂන් කරන්න පුළුවන් ඇඳුමක් තමයි සුදු ෂර්ට් කියන්නේ. ඒ වගේම අනිත් වැදගත් දේ තමයි ක්‍රම කිහිපයකටම මේක අඳින්න පුළුවන් වීම.

Denim Shirts

ඩෙනිම් ෂර්ට් එකක් කියන්නෙ හරිම ක්ලාසි, එලිගන්ට් පෙනුමක් ගන්න පුළුවන් ඇඳුමක් වගේම ඕනම වයස් පරතරයක කෙනෙක්ට හොඳින් ගැළපෙන ෂර්ට් වර්ගයක්. ඩෙනිම් ෂර්ට් එකක් කලින් කිව්වා වගේම ක්‍රම කිහිපයකට අඳින්න පුළුවන්. කවදාවත් විලාසිතා ලෝකෙන් විශ්‍රාම නොගන්න ෂර්ට් වර්ගයක් තමයි ඩෙනිම් ෂර්ට් කියන්නේ.

ලක්සරි පෙනුමක් ගේන සැටින් ඇඳුම්

සැටින් කියන්නෙ ලක්සරි මැටීරියල් එකක්. සැටින් බ්ලවුස් එකක් හෝ ෂර්ට් එකක් අපිට කැෂුවල් විදිහටත් ෆෝමල් විදිහටත් අඳින්න පුළුවන්. හැන්දෑ වරුවක තියෙන විශේෂ අවස්ථාවකට මේ සැටින් වර්ගයේ ඇඳුම් හොඳින්ම ගැළපෙනවා.

Long Sleeve Tops

කැෂුවල් ගමනකට අඳිනවා නම් ජීන් එකක් එක්ක ලෝන්ග් ස්ලීව් ටොප් එකක් ගළපගන්න පුළුවන්. ෆෝමල් ලුක් එකකට පෑන්ට් එකක් හෝ ඩෙනිම් එකක් එක්ක ගළපලා අඳින්න පුළුවන්.

හැමෝම ගාව නැති Cardigans

ඩෙනිම් එකයි ටීෂර්ට් එකයි සමහරවිට සාමාන්‍ය වැඩියි කියලා හිතුණොත් ඔයාට පුළුවන් කාඩිගන් එකක් ට්‍රයි කරලා බලන්න.

නැතුවම බැරි Tank Tops

ඇඳුම් අල්මාරියේ වැදගත්ම තැනක් ගන්නෙ ටෑන්ක් ටොප්ස්. රස්නෙ කාලෙට වැදගත්ම ඇඳුම් වර්ගයක්. සීත දවස්වලට වුණත් ෂර්ට්ස් එක්ක හෝ කාඩිගන් එකක් අඳින්න පුළුවන්.

Out of fashion නොවෙන Stripes shirts

මේකත් විලාසිතා ලෝකෙන් යන්නෙ නැති ෂර්ට්ස් වර්ගයක්. මේ ඉරි සහිත ෂර්ට්ස් කැෂුවල්, ෆෝමල් දෙවිදිහටම අඳින්න පුළුවන්. ෆෝමල් ලුක් එකකට නම් පෑන්ට් එකක් එක්කත් කැෂුවල් ලුක් එකකට ජීන්ස් සහ ඩෙනිම් එක්කත් අඳින්න පුළුවන්. ස්ට්‍රයිප්ස් ෂර්ට්ස්වල තියෙන විශේෂම දේ ඕනම බොඩි ටයිප් එකකට ගැළපීම.

Fun ගමනකට ගැළපෙන Graphic T shirts

ඔයාගෙ පර්සනැලිටි එක ෆැෂන් කියන දේ හරහා හරිම Fun and Expressive විදිහට පෙන්නන්න පුළුවන් දෙයක් තමයි ග්‍රැෆික් ටී ෂර්ට්ස් කියන්නේ. ලස්සන ඩිසයින්ස්, Slogans වගේ දේවල් තමයි මේ ග්‍රැෆික් ටීෂර්ට්ස්වල තියෙන්නේ. ලේසියෙන්ම Shorts සහ ඩෙනිම් එක්ක ගළපගන්න පුළුවන්. ග්‍රැෆික් ටී ෂර්ට්ස් කියන්නෙ කාටුන්ස් ලොකුවට ප්‍රින්ට් කරපු ටීෂර්ට්ස් නෙවේ කියලත් මතක තියාගන්න.

ජැකට්ස්

ජැකට්ස් අතරින් ජනප්‍රියම ඩෙනිම් ජැකට්ස්. මේකත් Out of style යන්නැති ඇඳුමක්. ලෙදර් ජැකට්ස් කියන්නෙත් ඒ වගේම ජැකට්ස් වර්ගයක්. ගවුමකට වගේම ෂර්ට් එකකට වුණත් ජැකට් එකක් දාන්න පුළුවන්.

මේ සියලුම වර්ගයේ ඇඳුම් ඔයාගෙ අල්මාරියේ තියෙන්න ඕන නෑ. ඒත් බේසික් ඇඳුම් කිහිපයක් හෝ තියෙනවා නම් ඔයාට ගමනක් යද්දි හිත හිත ඉන්නෙ නැතුව ලේසියෙන්ම ඇඳුමක් ගළපගන්න පුළුවන්.

සඳලි කොට්ටහේවගේ
(Lavishing with Sandali)

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy3
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Cool  එකේ ඉන්නනම් මේ දේවල් Cool  කරලා පාවිච්චි කරන්න.

May 19, 2025

දිදුළන කොන්ඩෙකට Silicone Oil

May 12, 2025

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?