නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බියුටි වැඩ කොලිටි කරන බියුටි අයිටම්ස්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

බියුටි වැඩ කොලිටි කරන බියුටි අයිටම්ස්

Published September 11, 2023

රූපලාවන්‍ය ලෝකෙට දවසින් දවස අලුත් අලුත් ගැජට්ස් එකතු වෙනවා.සමහර දේවල් ගැන ගෑනු ළමයි අප්ඩේට් වෙනවා වගේම සමහරු මේ ගැන දැනුවත් නෑ. ඉතින් අද හැඩ වැඩ  පිටුවෙන් ගේන මේ රූපලාවන්‍යයේදී යොදාගන්නා උපකරණ ගැන විස්තරය මේවා ගැන දන්න නොදන්න හැමෝටමයි.

Face Oil Absorbing Roller

මුහුණේ තෙල් ස්වභාවය නැති කරල දවස පුරාම ඔබේ පෙනුම නැවුම්ව තියාගන්න මෙම උපකරණය උපකාරී වෙනවා. මෙහි තෙල් අවශෝෂණය කරගන්නා රෝලර් එක ගිනිකඳු පාෂාණ සහ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික්වලින් නිෂ්පාදිතයි. ස්වභාවික ගිනිකඳු පාෂාණ මඟින් සමට උත්තේජනයක් ලබාදීමට සහ මුහුණේ විවෘතව ඇති සිදුරු වසාගැනීමට සම්බාහනයක් ලෙස ක්‍රියා කරනවා.

මේ ඇබ්සෝබින් රෝලර් එක 100% ක් නැවත නැවතත් භාවිත කළ හැකියි. ස්වභාවික මුහුණකට වගේම මේක්අප් පිරුණු මුහුණකට වුණත් පහසුවෙන්ම භාවිත කළ හැකියි.

රෝලරයේ ආවරණය ඉවත් කර මුහුණේ තෙල් සහිත ස්ථාන කරා මෙය ගෙනයාම පමණක් සිදුකළ යුත්තේ. භාවිතයෙන් පසු රෝලරය ඉවත් කර මෘදු සේදුම් දියරයකින් සෝදා ස්වභාවිකව වියලෙන්නට හැරිය යුතුයි. ඒ වගේම අමතක නොකර නැවතත් ආවරණයෙන් වැසිය යුතුයි.

Mascara Shield Guard

මේ පුංචි උපාංගයනම් මේක්අප් කරන්න ආස කරන තරුණියන් අතරේ ජනප්‍රියම එකක්. මේකෙන් වෙන්නෙ ඇහි පිහාටුවල මස් කාරා ආලේප කිරීමේදී ඇහේ අනිත් ප්‍රදේශවල මස්කාරා ගෑවීම වැළැක්වීම. මේ මස්කාරා ශීල්ඩ් ගාඩ් එක හදල තියෙන්නේ කල් පවතින ප්ලාස්ටික්වලින්. ඒ නිසා ඕනම කාලයක් සෝදා නැවත නැවතත් භාවිත කළ හැකියි.

ඇහි පිහාටුවල උඩ කොටසේ මස්කාරා ගැල්වීමේදී මස්කාරා ශීල්ඩ් ගාඩ් එක යටි පැත්තට ඇහේ උඩ කොටසින් තියාගෙන මස්කාරා ගැල්වීම කළ යුතුයි. යටි කොටසේ ගැල්වීමේදිත් සිදුවන්නෙ මේ ක්‍රියාවලියමයි. මස්කාරා ගාඩ් කියල කිව්වට ඊට අමතරව අයි ලයිනර්, අයි ෂැඩෝ එකක් ලස්සන හැඩයකට ඇඳගන්න පුළුවන් ශීල්ඩ් ගාඩ්ස් පවා දැන් වෙළෙඳපොළේ තියෙනවා.

Eyebrow Trimmer Scissor

ඇස්වලට කරන රූපලාවන්‍ය ගැන කතා කරද්දි මූලික පියවර විදිහට අපි කරන්නෙ ඇහැබැමි ලස්සන හැඩයකට සකස් කරගන්න එක. ඉතින් මේ ට්‍රීමර් සිසර් එකෙන් කරන්නෙ ඇහිබැමේ වැඩිපුර වැවිලා තියෙන කොටස් පීරා කපා ඉවත් කරන එක.

කෙටියෙන් කිව්වොත් 2 in 1 වැඩක් තමයි සිද්ධ වෙන්නෙ. කිසිම තුවාලයක් සිද්ධ වෙන්නෙත් නෑ. හැසිරවීමත් ඉතාම පහසුයි. අපේ ඇහි බැමි ලස්සන හැඩයකට තියාගන්න නූල් කැබැල්ලකින් සිදුකරන ක්‍රියාවලිය ඉතාම නිවැරදියි. නමුත් සකසාගත් හැඩයෙන් පසුව ඇහිබැමේ වැඩිපුර කොටස් ඉවත් වීමෙන් තමයි නියමාකාරයේ අලංකාර පෙනුමක් ඔබට ලබාගන්න පුළුවන් වෙන්නෙ.

Face Steamer

හෙම්බිරිස්සාවක් එහෙම හැදුණම මතකද අම්මා ඉක්මන්ට දෙහි කොළ ටිකක් වතුර එකකට දාලා හොඳට ඒක තම්බලා ලොකු රෙද්දක් ඔළුවට දම්මලා හුමාලෙ අල්ලන්න දෙනවා? ඔන්න ඔය ක්‍රියාවලියම තමයි පොඩ්ඩක් ස්මාර්ට් වෙලා මේ ඇවිත් තියෙන්නේ. වෙනස දෙහි කොළයි රෙද්දයි නැති එක විතරයි.

කොහොමවුණත් මුහුණ වාෂ්පයෙන් වඩාත් ඵලදායී ගැඹුරු පිරිසිදු කිරීමක් ලබාගන්න අපිට පුළුවන්. ඒ වගේම මුහුණේ රුධිර සංසරණය වැඩිදියුණු කර සම පැහැපත් සහ දීප්තිමත් කරන්නත් වාෂ්ප බිඳිතිවලට පුළුවන්.

ස්ටීම් කරන එක මුහුණට කොච්චර සනීප වුණත් දිනපතාම ස්ටීම් කරන එකනම් එච්චර ගුණදායක නෑ. සතියකට විනාඩි දහයක් කිරීම ප්‍රමාණවත්. මුහුණ වාෂ්ප කිරීමෙන් හෝ උණු වතුරෙන් සේදීමෙන් මුහුණේ විවෘතව ඇති සිදුරු වැහෙනවා. ඒ වගේම කුරුලෑ ඇතිවීමත් වළකනවා. විශේෂම දේ සතියට විනාඩි 10 ක් කළත් දිනපතාම ඔබ මුහුණට යොදන මේක්අප් හොඳින් අවශෝෂණය කෙරෙනවා. විවිධ ප්‍රමාණයේ ෆේස් ස්ටීමර්ස් දැන් වෙළෙඳපොළේ තියෙනවා.

ඇස්වලට වෙනම සහ මුළු මුහුණටම ලෙස ඔබට එය තෝරාගත හැකියි. තෙල් සමක් සහිත පුද්ගලයින්ට මුහුණ වාෂ්පයෙන් වැඩි ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. එවන් අය සතියට දෙවරක් හෝ තෙවරක් ස්ටීම් කිරීම ගැටලුවක් නෑ. වියලි සමක් ඇති අය සතියට වරක් වගේම සංවේදී සමක් ඇති අය වාෂ්ප කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීම සුදුසුයි.

( අන්තර්ජාලය ඇසුරින්)

එරංදි කෞශල්‍යා



 

TAGGED: Beauty items, බියුටි අයිටම්ස්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?