නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: සරාගී lipstick
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
හැඩ වැ​ඩ

සරාගී lipstick

Published March 20, 2023

ඉස්සර ගෑනු ළමයින්ගේ තොල් නා දළුවලට සමාන කරල කවි ගී ලියවුණත් දැන් කාලෙ එහෙම නා දළු පැහැති දෙතොල් දැකගන්න පුළුවන් බොහෝදුරට ලිප්ස්ටික්ස් වල පිහිටෙන් තමයි. ඉතින් ඇත්තටම ලිප්ස්ටික් තියන්නෙත් තමන්ට ඕන ඕන පාටකින් තොල් පාට කරගන්න. ඒත් පාට පාට ලිප්ස්ටික් තිබුණ පලියට මේ හැම පාටක්ම ඔයාට ගැළපෙන්නෙ නෑ. හැබැයි ඔයාට ගැළපෙනම පාට අනිවාර්යයෙන් තියෙනවා. ඒ පාට හොයාගන්න මේ ලිපිය කියවල බලලා තමන්ගෙ තොල් ආලේපනය තෝරගන්න වැදගත් වෙන කරුණු ගැන සැලකිලිමත් වන්න.

■ සමේ වර්ණයට ගළපගන්න

ලිප්ස්ටික් තෝරාගැනීමේදී සලකා බැලිය යුතු පළමු හා ප්‍රධානතම දෙය තමයි වර්ණය. ඔබේ සමේ වර්ණය කුමක් වුවත් ඔබට, ඔබේ විලාසිතාවට සහ ඔබේ පෞරුෂයට ගැළපෙන පරිදි නිර්මාණය කර ඇති ප්‍රශංසනීය ලිප්ස්ටික් වර්ණයක් සෑමවිටම තිබෙන්නට පුළුවන්.

■ තැනට ගැළපන්න

ඒ වගේම ඔබ තොල් ආලේපන ගල්වා යන ස්ථානය අනුවත් පැහැයන් වෙනස් විය යුතුමයි. උත්සව අවස්ථාවකට තරමක් තද පැහැයෙන් යුතු තොල් ආලේපනයක් ගැල්විය හැකි වුවත් සාමාන්‍ය ගමනකට, කාර්යාලයට පැහැයෙන් තරමක් අඩු තොල් ආලේපනයක් තෝරාගත යුතුයි. නමුත් අපි Nude Lipstick ලෙස හඳුන්වන තොල් ආලේපන ඕනෑම ස්ථානයක ආලේප කර යා යැකියි.

■ ප්‍රධාන ලිප්ස්ටික් වර්ග

ප්‍රධාන ලිප්ස්ටික් වර්ග හතරක් තියෙනව. ඔබ කැමති විලාසිතාවක්, පෙනුම හෝ හැඟීම් අනුව මේ ක්‍රීම්, ග්ලෙන්සි, සැටින් හා මැට් වැනි හොඳම ලිප්ස්ටික් එකක් තෝරාගත හැකියි. බොහෝ ලිප්ස්ටික් බ්‍රෑන්ඩ්ස් UV ආරක්ෂණය, සජලනය වැනි බලපෑම් වලින් ආරක්ෂාව ලබාදෙනව. මෙම ලිප්ස්ටික් ප්‍රභේද අතරින් තෙත්, දිලිසෙන හෝ වියළි පෙනුමක් ලබාගත හැකි අතර ඔබේ පෙනුම අනුව වර්ගය තෝරාගත හැක.

■ තියෙන දේවල් ගැන සැලකිලිමත් වෙන්න

ඒ වගේම කොකෝවා බටර්, ෂී බටර්, පොල්තෙල්, සුගන්ධ තෙල් සහ ප්‍රතිඔක්සිකාරක වැනි වඩාත් ස්වාභාවික ද්‍රව්‍ය අඩංගු ලිප්ස්ටික් තෝරා ගැනීමටත් මතක තබා ගන්න. මෙම අමුද්‍රව්‍ය ඔබට ආකර්ෂණීය හෝ සමබර පෙනුමක් ලබා දෙනවාට අමතරව ඔබේ තොල් මොයිස්චරයිසින් කිරීමට උපකාරී වෙනව.

■ ආලේප කළ යුතු ආකාරය

ලිප්ස්ටික් එකක් තෝරාගැනීමේදී ඔබ දිනපතා ලිප්ස්ටික් ආලේප කිරීමට කැමති ආකාරය ගැන සිහිකරගත යුතුයි. ලිප් ග්ලොස් සහ ඇතැම් ලිප්ස්ටික් පවා බුරුසුවක් භාවිතයෙන් ආලේප කළ යුතු අතර බොහෝ ඒවා සාමාන්‍ය විදිහට ආලේප කළ හැකියි.

■ බජට් එක ගැන

හොඳම තොල් ආලේපන තෝරාගැනීමේදී ඔබේ ජීවන රටාව ගැනත් සැලකිලිමත් වීම ඉතා වැදගත්. ඒ නිසා තොල් ආලේපනයක් මිලදී ගැනීමේදී මිල පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඔබ සාමාන්‍ය වැටුපක් ලබන කෙනෙක්නම් බොහෝ කාලයකට භාවිත කළ හැකි හොඳ ගුණාත්මක ලිප්ස්ටික් එකක් වුණත් ඒ වෙනුවෙන් බොහෝ මුදල් නාස්තිය අනවශ්‍යයි.

■ සමේ වර්ණය සහ ලිප්ස්ටික් , Shades

ඔබට පැහැපත් සමක් තිබේ නම් රෝස, රතු හෝ Nude colors තෝරා ගත හැකියි. මධ්‍යම සමක් තිබේ නම් බෙරී, චෙරි හෝ මෝව් Shades තෝරා ගත හැකියි. දුඹුරු හෝ ගැඹුරු සමේ පැහැයක් තිබේ නම් ඔබ දුඹුරු වර්ණ හැර තද රෝස, රතු සහ වෙනත් වර්ණ සමඟ යා යුතුයි. මීට අමතරව ඔබේ සම රතු, රෝස පැහැයක් ගනීනම් හොඳම ලිප්ස්ටික් Shade colors තමයි චෙරි රතු, වයින් රතු, තද නිල්-රතු, රෝස හෝ Nude Pink. සම රන්වන්, කහ හෝ ඔලිව් පැහැයක් ගනීනම් තද තැඹිලි, ගිනි රතු, ගඩොල් රතු, Hot Rose පැහැයන් ගැළපේ.

( Pinkvilla  ඇසුරෙන් )

එරංදි කෞශල්‍යා

TAGGED: lipsticks, ලිප්ස්ටික්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

කුරුලෑ නසන දේශීය ප්‍රතිකාර

September 25, 2023

හයිය නිය පෙළත් වාසනාවක්

September 18, 2023

බියුටි වැඩ කොලිටි කරන බියුටි අයිටම්ස්

September 11, 2023

ඔළු කට්ට සිසිල් කරගන්න නෙළුම් තෙල් ගාලා බලන්න

September 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?