නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: රුවේ අඩුව මකන කොලජන් ගෙදරදීම ගමු
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
හැඩ වැ​ඩ

රුවේ අඩුව මකන කොලජන් ගෙදරදීම ගමු

Published June 12, 2023

කොලජන් ගැන මේ දවස්වල ලොකු කතාබහක් ඇති වෙලා තිබුණත් ඒ ගැන හරි හැටි දැනුමක් බොහෝදෙනාට නැහැ. කොලජන් කියන්නේ ශරීරයේ නිෂ්පාදනය වන සිරුරට අත්‍යවශ්‍යම ප්‍රෝටීනයක්. සම, හිසකෙස්, නිය, අස්ථි, මාංශපේශීන්, රුධිරවාහිනී, කාටිලේජ සෛල ඇතුළුව බොහෝ අවයව වල කොලජන් තැන්පත් වෙලා තියෙනවා. වර්තමාන වෙළඳපොළේ කොලජන් අඩංගු විවිධ නිෂ්පාදනයන් තිබුණත් ඔබට කොලජන් දිනපතාම ස්වභාවික ආහාර පානවලින් ලබාගන්න වුණත් පුළුවන්. මේ ලිපිය හැමදේම සල්ලි වලට කරගන්න බලන් ඉන්නෙ නැති යුවතියන් වෙනුවෙනුයි. යුවතියන් කිව්වට කොලජන් අවශ්‍යතාවය තියෙන්නේ යුවතියන්ටම විතරක් නෙවේ කියලත් මතක තියාගන්න ඕනෙ.

■ ශරීරයේ කොලජන් අඩුවුණොත්…

කොලජන් අඩුවීමෙන් සමේ නම්‍යතාවය, දිදුලන ගතිය නැති වෙලා යනව වගේම හිරු එළියට සම ඉක්මනින් හානි වීම, රැලි වැටීම සහ සම එල්ලා වැටීම සිදුවෙන්න පුළුවන්. ඊට අමතරව හන්දිපත් රුදාව, අස්ථි දුර්වල වීම ඇතිවෙන්න පුළුවන්. හිසකෙස්, සම, අස්ථි සහ නිය සඳහා ඔබට කොලජන් අඩංගු ආහාර පරිභෝජනය කළ හැකියි.

■ කොලජන් අඩංගු ආහාර

● සම සහිත මාළු

මාළුන්ගෙ සම කොලජන් සහිතයි. ඊට අමතරව මාළුන්ගෙ සමේ සෞඛ්‍ය වර්ධනයට වුවමනා කරන ඔමේගා – 3 අඩංගු බැවින් සම සහිත මාළු යනු සෞඛ්‍ය සම්පන්න මේද ප්‍රභවයක්.

● කුකුල් මස්

ඩයට් කරන ඔබට ඉතා හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් වන කුකුල් මස් ආහාරයට ගැනීමෙන් ශරීරයේ කොලජන් නිෂ්පාදනය වැඩි කර ගැනීමට හැකියාව තිබෙනවා.

● බිත්තර

කොලජන් නිෂ්පාදනය කෙරෙන ඇමයිනෝ අම්ල බිත්තර වල අඩංගු නිසා ඔබේ ආහාර වේලට බිත්තර එකතු කර ගැනීම ඉතාම ගුණදායකයි.

● පැඟිරි අඩංගු පලතුරු

කොලජන් නිෂ්පාදනය සඳහා විටමින් සී ද විශාල කාර්යභාරයක් ඉටු කරයි. එම නිසා ප්‍රමාණවත් තරම් විටමින් සී ලබා ගැනීම ද වැදගත්. දොඩම්, ලෙමන්, දෙහි සහ නාරං වැනි පලතුරු ඔබේ ආහාරයට එකතු කර ගැනීම මගින් ශරීරයට දෛනිකව අවශ්‍ය විටමින් සී ලබා ගැනීමට හැකියි.

● කොළ වර්ග

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක කොළ වර්ග වලට හිමිවන්නේ ප්‍රධාන තැනක්. සමේ කොලජන් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා දිනපතා කොළ වර්ග ඔබේ ආහාරයට එකතු කර ගැනීමට ඔබට පුළුවන්. මීට අමතරව සලාද කොළ, ගෝවා කොළ, බ්‍රොකලි වැනි දේවල් මගින් සලාද සකස් කර ඒවා ඔබේ ආහාර වේලට ඇතුළත් කර ගැනීම ද ඔබට කළ හැකියි.

● බෝංචි

බෝංචි යනු කොලජන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන ඇමයිනෝ අම්ල බොහෝ විට අඩංගු ප්‍රෝටීන් බහුල ආහාරයකි. ඊට අමතරව ඒවායෙහි පොලිතීන් නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන තවත් පෝෂකයක් ලෙස සැලකෙන තඹ ද අඩංගුය.

● කජු

කජුවල සින්ක් සහ තඹ අඩංගු වන අතර එම පෝෂකයන් දෙකම ශරීරයේ කොලජන් නිෂ්පාදනය කිරීමේ හැකියාව වර්ධනය කරයි.

● තක්කාලි

විටමින් සී වලින් පොහොසත් තවත් ප්‍රභවයක් ලෙස තක්කාලි සැලකේ. මධ්‍යම ප්‍රමාණයේ තක්කාලි ගෙඩියක කොලජන් සඳහා වැදගත් වන පෝෂක වලින් සියයට තිහක් පමණ සැපයිය හැකි බව පර්යේෂණ මගින් සනාථ කරගෙන තිබෙනවා.

ඔබේ සම, නිය සහ අස්ථි සම්බන්ධ බොහෝ ගැටළු වලට විසඳුමක් ලෙස කොලජන් අඩංගු ආහාර ලබා ගැනීම ඉතා වැදගත්. මේ ලිපියේ අප ඉහත සඳහන් කළ මෙම ආහාර වර්ග ඔබේ දෛනික ආහාර වේලට එකතු කර ගැනීම මගින් ඔබේ ශරීරයේ කොලජන් නිෂ්පාදනය හොඳ මට්ටමක පවත්වාගෙන යාමට ඔබට හැකියාව තිබෙනවා.

( smartlady.lk ඇසුරෙන්)

එරංදි කෞශල්‍යා

TAGGED: Collagen, කොලජන්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

හයිය නිය පෙළත් වාසනාවක්

September 18, 2023

බියුටි වැඩ කොලිටි කරන බියුටි අයිටම්ස්

September 11, 2023

ඔළු කට්ට සිසිල් කරගන්න නෙළුම් තෙල් ගාලා බලන්න

September 4, 2023

ලස්සන වෙන්න මල් තේ බොමුද

August 28, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?