නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සුවදායි නින්දකට මගසලසන පෙඩිකියු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

සුවදායි නින්දකට මගසලසන පෙඩිකියු

Published December 9, 2024

අලංකාර පාද යුගලක් යනු කාන්තාවකට ආභරණයක් සේම නිරෝගී භාවය සහ පිරිසිදුකමේ ද සංකේතයකි. පාදවලට සිදුකරන සත්කාරය ඔබගේ සමස්ත සෞඛ්‍ය සඳහා ඉතා වැදගත් වේ. වර්තමාන ලෝකයේ කාන්තාවන් බොහෝ භූමිකාවන් හසුරුවන අතර කාර්යබහුල ජීවන රටාවක් ගතකරයි. බොහෝ විට ඔවුන්ගේම යහපැවැත්මට ප්‍රමුඛත්වය දීමට ඉතිරි කරගන්නේ සුළු කාලයකි. එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා මැද පෙඩිකියු වැනි සරල සත්කාරයක් වෙනුවෙනුත් වෙලාවක් වෙන් කරන්නට පුළුවන් නම් එය යහපත් ප්‍රතිඵල ලබාදේ. බොහෝ විට සුඛෝපභෝගී දෙයක් ලෙස සැලකුවත් පෙඩිකියු යනු කාන්තාවන්ගේ පරිපූර්ණ සෞඛ්‍ය සහ යහපැවැත්ම ඉහළ නංවන වැදගත් සත්කාරයකි.

බොහෝවිට දෛනික කටයුතුවලදී ශරීරයේ බර දරාගනු ලබන්නේ පාදවලින්. වෙහෙසකර ක්‍රියාකාරකම් සහ නිරන්තර චලනයන් හරහා බොහෝ කාන්තාවන්ගේ පාද වෙහෙසට පත්වේ. කෙසේ වෙතත්, බොහෝ දෙනෙක් මේ අමාරුකම් නොසලකා හරී. පාද සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා පෙඩිකියු සත්කාරය අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටුකරයි.

මෙම සත්කාර මගින් කකුල්වල වේදනාව, විළුඹ කැක්කුම, යටි පතුලේ අපහසුතා, විළුඹ ඉරිතැලීම් සහ ඇඟිලිවල නියපොතු ආශ්‍රිත පොදු ගැටලු වළක්වා ගැනීමට උපකාරී වේ. පෙඩිකියු කිරීමේදී පාද පිරිසිදු කිරීම සහ මොයිස්චරයිසින් කිරීම, නිය ආසාදන අවදානම අඩු කරන අතර නියපොතු කැපීම නිරෝගී නියපොතු වර්ධනයක් සහතික කරයි. එසේම මැරුණු සෛල ඉවත් කිරීම තුළින් නිරෝගිමත් සමක් පෝෂණය කරයි. මීට අමතරව, පෙඩිකියු රුධිර සංසරණය වැඩි දියුණු කරන්නත් උපකාරී වේ. මෙම සත්කාරයේදී භාවිත කරන සම්බාහන ශිල්පීය ක්‍රම රුධිර ප්‍රවාහය උත්තේජනය කරන අතර ආතතිය සමනය කර, කකුල් ඉදිමීම අඩුකර, ස්නායු අපහසුතා සහ දුර්වලතා අඩු කරයි.

මෙම සත්කාරය මගින් මානසික යහපැවැත්ම සඳහා ඉමහත් ශක්තියක් ලබාදෙයි. පෙඩිකියුවල ප්‍රතිලාභ ශාරීරික සෞඛ්‍යයට වඩා මානසික සුවය පෝෂණය කරයි. මෙය කරන අතරතුරු පවා මනසට ඉතා සැහැල්ලු බවක් ලැබේ. මෙම ක්‍රියාවලිය තුළින් මානසික ආතතිය අඩු කිරීම, මනස නිදහස් කිරීම සහ සන්සුන් හැඟීමක් ලබා දෙයි. එසේම සුවදායක නින්දක් සදහා ද මේ සත්කාරය මග සලසයි. දෛනික ගැටලුවලින් විඩාබර මනසට පෙඩිකියු සත්කාරය ඉතා සුවදායී හැඟීමක් ලබාදෙයි.

පෙඩිකියෝ සත්කාරය ඔබේ ආත්ම විශ්වාසය වැඩි කරයි. ඔප දැමූ, හොඳින් නඩත්තු කරන ලද පාද සහිතව ඔබ යම් ස්ථානයකට පිවිසීමේදී හෝ සෙරෙප්පු නොමැති වුවත්, සෞඛ්‍ය සම්පන්න අලංකාර පාද ඔබ ගැන ආඩම්බර සහ ධනාත්මක හැඟීමක් ඇති කරයි. මෙය පුද්ගලික රැකවරණයට මෙන්ම ඵලදායිතාවයට ද හේතුවන සත්කාරයකි.

මෙම සත්කාරය තරුණියකට, මවකට ආදී වයස් භේදයකින් තොරව ඕනෑම කාන්තාවකට සේම පිරිමි අයකුට පවා කායික සහ මානසික වශයෙන් ඉතා යහපත් ප්‍රතිඵල ලබාදේ. පෙඩිකියු යනු රූපලාවණ්‍ය සත්කාරයක් සේම එය ශරීරය, මනස සහ ආත්ම ශක්තිය පෝෂණය කරන පරිපූර්ණ සෞඛ්‍ය භාවිතයකි. පෙඩිකියු යනු ලස්සන ඇඟිලිම පමණක් නොවේ. එය සෞඛ්‍ය සම්පන්න, ප්‍රීතිමත් දිවියක් සඳහා ඔබ තබන ගුණාත්මක සහ ධනාත්මක පියවරකි.

වෘත්තීය නිය
අලංකරණ ශිල්පිනී
එම්. ආර්. ඉෂිනි උපේක්ෂා

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?