නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කාටත් ට්‍රයි කරලා බලන්න පුළුවන් හිබිස්කස් රහස්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

කාටත් ට්‍රයි කරලා බලන්න පුළුවන් හිබිස්කස් රහස්

Published December 2, 2024

වදමල් කියන්නෙ ලංකාවේ ගෙවතුවල නිරන්තරයෙන්ම දකින්නට ලැබෙන මල් වර්ගයක්. විවිධ වර්ගවලින් වගේම විවිධ වර්ණ රැසකින් සමන්විත වද මල් සත්කාරවලදිනම් ප්‍රසිද්ධ ‘හිබිස්කස්’ විදිහට. ඖෂධීය ගුණයෙන් අනූන වද මල් රුව රැකගැනීම වෙනුවෙන් විවිධාකාර අයුරින් යොදාගන්නවා. මේ අතරිනුත් වද මල් විශේෂයෙන්ම යොදාගන්නේ හිස කෙස් සඳහායි. වදමල් සාරයෙහි ඇති විටමින්C‍, කැල්සියම් සහ පොස්පරස් වැනි පෝෂණ සංඝටක හිස කෙස් වර්ධනයට වගේම හිසකෙස් ආරක්ෂා කරගන්නත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

වදමල් හෙයා පැක්

මේ පැක් එකට වෙද වද විදිහට හඳුන්වන පොකුරු වද මල් වගේම පෙති පහේ සාමාන්‍ය වද මල් වුණත් ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

වද මල් දහයක පමණ පෙති, කරපිංචා ඉති තුනක පමණ කොළ, සුදු පොල් තෙල් මි.ලී. 150 ක් සහ උළුහාල් මිටක්.

සාදාගන්නා ආකාරය

පෑන් එකක් ගෙන ඊට සුදු පොල් තෙල් දමා මද ගින්නේ රත් වෙන්නට හරින්න. බුබුළු දමන විට ඊට වද මල් පෙති දමා තරමක් තෙලෙන් තැම්බෙන විට කරපිංචා කොළ සහ උළුහාල් එකතු කරන්න. හොඳින් කලවම් කරමින් මදගින්නේම විනාඩි පහක් පමණ රත් වෙන්නට හරින්න. පසුව ළිපෙන් බා විනාඩි විස්සක් පමණ නිවෙන්නට හැර හොඳින් වැසිය හැකි භාජනයකට තෙල් එක පෙරාගන්න.

භාවිත කළ යුතු ආකාරය

කොට්න් බෝල් එකක් ගෙන එය තෙල් එකේ පොඟවාගන්න. හිස කෙස් කුඩා කොටස් වශයෙන් වෙන් කරගෙන කොට්න් බෝල් එකෙන් හිස් කබලේ හොඳින් ගල්වාගන්න. විනාඩි විස්සක් පමණ හොඳින් සම්භාහනය කර කැමති වේලාවක් තිබෙන්නට හැර ෂැම්පු කර සෝදාහරින්න.

හෙයා පැක්

අවශ්‍ය ද්‍රව්‍ය

කෝමාරිකා පෙති දෙකක්, වද මල් දහයක් පමණ

සාදාගන්නා ආකාරය

කෝමාරිකා පෙති දෙකක මදය සූරා බ්ලෙන්ඩ් කප් එකට දාගන්න. ඊට වද මල් පෙති ටිකද දමා සියල්ල විනාඩි තුනක් පමණ බ්ලෙන්ඩ් කරගන්න. මෙය ඔබට කන්ඩිෂනර් එකක් වෙනුවට වුවත් භාවිත කළ හැකියි.

භාවිත කරන ආකාරය

ස්නානය කරන විට කොණ්ඩය ෂැම්පු කිරීමෙන් පසුව කන්ඩිෂනර් එකක් වෙනුවට මෙය හිස කෙස්වල ආලේප කර සෝදාහැරිය හැක.

කුරුලෑ ආසාදනවලට

අවශ්‍ය ද්‍රව්‍ය

පොකුරු වද, උණුසුම් ජලය වීදුරුවක්, දෙහි යුෂ

සාදාගන්නා ආකාරය

වද මල් පෙති උණුසුම් ජලය වීදුරුවට දමා එයට දෙහි බෑයක් මිරිකාගන්න. මල් පෙති තැම්බෙනතෙක් විනාඩි කිහිපයක් වීදුරුව වසා තබන්න. නිවුණු පසු අයිස් කියුබ් ටේ්‍ර එකට දියරය දමා එය අධි ශීතකරණයේ තැන්පත් කරන්න. අයිස් වූ පසුව අයිස් කියුබ් එක ගෙන මුහුණේ කුරුලෑ ඇති ප්‍රදේශ හොඳින් සම්භාහනය කරන්න.

හෙයා ටොනික්

මේ හෙයා ටොනික් එක කිසිඳු අතුරු ප්‍රතිඵලයක් රහිතව දිනපතාම වුවත් භාවිත කළ හැකි ටොනික් එකක්. හිස්සොරි තත්ත්වය පාලනය, හිසකෙස්වල තෙතමනය රැකගැනීම, අකලට හිසකෙස් පැසීම වළක්වාගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

වද මල් හයක පමණ පෙති, පොල් කිරි, කරාබු නැටි

සාදාගන්නා ආකාරය

බ්ලෙන්ඩර් කප් එකක් ගෙන එයට වද මල් පෙති, පොඩි කරගත් කරාබු නැටි සහ පොල් කිරි එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. (පොල් කිරි අවශ්‍යම නැති වුවත් ඔබට ඇත්තේ වියලි හිස් කළඹක්නම් පොල් කිරිවලින් හොඳ ප්‍රතිඵලයක් ගතහැකියි) මිශ්‍රණය විනාඩි දෙකක් පමණ බ්ලෙන්ඩ් කර එය යුෂ පෑන් එකකට දමා ලා රෝස පැහැයක් ලැබන තෙක් අඩු ගින්දරේ විනාඩි දහයක් පමණ රත් කරගන්න.

පසුව දියරය පෙරා වෙන් කරගෙන ස්ප්‍රේ බොට්ල් එකකට දමාගන්න. සකසාගත් ටොනික් එක ශීතකරණයේ යට කොටසේ තැන්පත් කර සතියක පමණ කාලයක් භාවිතයට ගත හැකිය. පෙර දිනයේ ස්නානය කර පිරිසිදු කරගත් හිස් කබලට ස්ප්‍රේ කර, හොඳින් සම්භාහනය කිරීමෙන් අනතුරුව පැය බාගයක් පමණ තිබෙන්නට හැර සෝදාහරින්න.

අන්තර්ජාලය ඇසුරින්

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy1
Sleepy1
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?