නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නිතර නිතර අයිබ්‍රෝ හදන්න  යන ඔයාට දැන් තියෙනවා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

නිතර නිතර අයිබ්‍රෝ හදන්න  යන ඔයාට දැන් තියෙනවා

Published November 4, 2024

Microblading and Brow Lamination

බොහෝ යුවතියන්ට සහ කාන්තාවන්ට ඇතිවන ගැටලුවක් තමයි තමන්ගේ ඇහි බැමි ලස්සනට පිහිටා නොතිබීම. ත්‍රෙඩින්, වැක්සින් මඟින් ඇහිබැම සැකසුවත් හොඳ වොලියුම් එකක් ඇහි බැමි තුළ නොතිබෙන්න පුළුවන්. ඇහිබැමි සිහින්ව පිහිටීම වගේම ඉතා ඝනව පිහිටීම ජානමය තත්ත්වයක් විය හැකියි. වයස මුහුකුරා යද්දිත් ඇහි බැමිවල තියෙන කෙස් අඩුවෙනවා. මෙවැනි ගැටලු තියෙන බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ ආයිබ්‍රෝ පෙන්සිල් එකකින් හෝ අයිබ්‍රෝ පවුඩර් එකකින් ඇහිබැමි සකස් කරගන්න.

නමුත් ඒකත් හැමෝටම නිවැරදිව කරගන්න බෑ. මේ හැමදේටම විසඳුමක් විදිහටයි මයික්‍රෝබ්ලේඩින් කියන රූපලාවන්‍ය සත්කාරය මුලින්ම බිහි වුණේ. මයික්‍රොබ්ලේඩින් සහ ෂේඩිං කියන්නේ සෙමි පර්මනන්ට් මේකප් එකක්. මේ වෙද්දි මේ සත්කාර දෙකම එකවර කරගෙන අයිබ්‍රෝ ලැබිනේට් එකක් කරගන්න හැකියාව තියෙනවා.

අපි මුලින්ම බලමු මයික්‍රොබ්ලේඩින් කියන්නේ මොකක්ද කියලා. මයික්‍රොබ්ලේඩින් කියන්නේ ඉතා සිහින්ව දැති තියෙන බ්ලේඩ් එකකින් ඇහි බැමි ඉතා හොඳින් සකසලා, පසුව එය හිරිවට්ටා සේවා දාකයට අවශ්‍ය පරිදි සකස් කරන එක. මේකෙදි ඇත්තටම කරන්නේ සෙමි පර්මනන්ට් ටැටූ ඉන්ක් එකක් ඇහිබැම මතට කාවද්දන එක.

ෂේඩින් කියන්නෙත් සෙමි පර්මන්ට් ටැටූ එකක්. නමුත් මේක කරන්නේ ඉඳිකටුවකින්. මේකෙනුත් වර්ණය කාවද්දීමක් තමයි කරන්නේ.

නමුත් මේකෙදි වර්ණය අතුරු සිදුරු නැතිව ඉතා ක්‍රමවත්ව ඇහි බැමි මත පැතිරී යන විදිහට කරන්න පුළුවන්.

අපි මුලින්ම පුරුදුවෙලා හිටියේ මයික්‍රොබ්ලේඩින් කරන්න. නමුත් දැන් බ්ලේඩින් වගේම ෂේඩින් එකත් දෙකම එකටම කරගන්න පුළුවන්.

මේක් අප් පවුඩර්වලින් අයිබ්‍රෝ පෙන්සිල්වලින් අපි කරන්නෙත් ස්වභාවිකව පිහිටලා තියෙන ඇහි බැමි සිදුරු නොමැතිව තව ටිකක් ලස්සනට හදාගන්න එක. නමුත් බ්ලේඩින් සහ ෂේඩින් කරන ශිල්පියාට මේ කලාව ගැන හොඳ දැනුමක් නම් තිබිය යුතුමයි.

මුලිනුත් අපි සඳහන් කළා මේක සෙමි පර්මනන්ට් මේකප් එකක් කියලා. නමුත් අපේ රටේ ගොඩක් දෙනෙක් කරන්නේ සෙමි පර්මනන්ට් ටැටූ මේක්අප් එක නෙවෙයි. සාමාන්‍ය ටැටු වර්ණක ඇහිබැම තුළට කාවද්දන එක විතරයි. මේකෙන් වෙන්නේ ඇහි බැමි මත තියෙන වර්ණකය අපිට බොහෝ කාලයක් ගිහිල්ලවත් ඉවත් කරගන්න බැරිවීම.

නමුත් සෙමි පර්මනන්ට් මේක්අප් ටැටූ එකක් කියන්නේ අවුරුදු එක හමාරක්, දෙකක් ඇතුළත යවාගන්න පුළුවන් දෙයක්. නමුත් නැවත නැවතත් එය සිදු කරගත යුතුයි. සෙමි පර්මනන්ට් මේක්අප් වර්ණකයේ ගුණාත්මකභාවයත් ඉහලයි. නමුත් තරමක් මිලෙන් අධිකයි.සමහරු අඩුවට කරන තැනකින් කරගත්තත් සාමාන්‍ය ටැටූ වර්ණක තමයි ඒවට යොදාගන්නේ. මේ රූපලාවන්‍ය සත්කාරය හැමෝටම හැම කාලෙදිම කරන්නත් බෑ. ඒ අය අතරින් ගර්භනී කාන්තාවන් විශේෂයි. ඒ වගේම අධික රුධිර පීඩනය, දියවැඩියා රෝගීන්ට කරන්නත් හොඳ නෑ. නමුත් මේ කිව්ව දේවල් නැත්නම් මේ සත්කාරය ගැහැණු පිරිමි බේදයක් නැතිව ඕනම කෙනෙක්ට කරගන්න පුළුවන්.

මේකෙදි වර්ණය ගැනත් සැලකිලිමත් විය යුතුයි. අපිට තියෙන්නේ ආසියාතික වර්ණයක් සහිත සමක් නිසා තද දුඹුරු පැහැය තමයි ඇහිබැමි වර්ණ ගන්වන්න වඩාත්ම ගැලපෙන්නේ. තද කළු වර්ණයක් යෙදුවොත් ස්වභාවික පෙනුම නැති වෙලා කෘතිම පෙනුමක් මූණට එකතු වෙනවා. මේ දේවල් ගැන හොඳින් සැලකිල්ලට අරන් කරගත්තොත් නැවතත් ඔයාට අයිබ්‍රෝ පෙන්සිල් ඕන වෙන්නෙ නෑ.

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී
මාලිංග ප්‍රනාන්දු
(Skin care with Malyinga)

එරංදි කෞශල්‍යා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?