නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලස්සන කොණ්ඩෙකට ලූනු මැජික්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

ලස්සන කොණ්ඩෙකට ලූනු මැජික්

Published October 28, 2024

ලූනු කියන්නෙ ඕනම ගෙදරක ඕනම වෙලාවකදි හොයාගන්න පුළුවන් දෙයක්. මොකද ලූනු කියන්නෙ වෑංජන හදද්දි නැතුවම බැරි දෙයක්. මේ විදිහට බහුලව ආහාර රස කරගන්න යොදාගන්න ලූනු හිසකෙස් ගැටලු බොහොමයකට සාර්ථක පිලියමක් බව දැනගෙන හිටියද? ලූනුවල අඩංගු ස්වභාවික සල්ෆර් සහිත සංයෝග මිනිස් ශරීරයේ විවිධ සංකූලතාවලට බෙහෙවින්ම ප්‍රයෝජනවත්. ආහාරයක් විදිහට ගත්තොත් හිසකෙස්වලට ලූනුවල පෝෂණය ලැබෙන්නෙ ස්වල්ප ප්‍රමාණයක් විතරයි. ඒ නිසා ලූනු යුෂ කෙලින්ම තමන්ගෙ අවශ්‍යතාවය වෙනුවෙන් යොදාගත්තොත් ප්‍රතිඵල වැඩියි.

හිසකෙස් තුනී වීම වළකාගැනීමට

බොහෝදෙනෙක් හිකෙස් සම්බන්ධව මුහුණ පාන ගැටලුවක් තමයි හිසකෙස් තුනී වීම. මේක කේෂ කූප දුර්වල වීමේ ප්‍රතිඵලයක්. කේෂ කූප දුර්වල වෙන්න පාරම්පරික ගැටලු සහ වැරදි ආහාර පුරුදුත් හේතු වෙන්න පුළුවන්. සල්ෆර් අඩංගු ලූනු යුෂ කෙස් ගස් මුලට දැම්මම ශක්ති කේෂ මූලයක් සහිත නිරෝගී කෙස් කළඹක් ඔබට හිමිකර ගත හැකියි.

ලූනු ගෙඩියක පොත්ත ඉවත් කරගෙන කොටස් කිහිපයකට කපාගන්න. එම කොටස් ජලය බිංදුවක්වත් නොදමා බ්ලෙන්ඩ් කර පිරිසිදු රෙදි කැබැල්ලකින් හෝ පෙනේරයකින් යුෂ ටික පෙරා වෙන් කරගන්න. නෑමට පෙර ලූනු යුෂ හිස කෙස් මුල හොඳින් ගල්වා විනාඩි පහකට පමණ පස් ෂැම්පු දමා සෝදා හරින්න. මෙම සත්කාරය සතියට දෙවතාවක් කිරීම ප්‍රමාණවත්.

හිසකෙස් ගැලවීම අඩු කරගැනීමට

දවසකට හිසකෙස් 60 – 100 අතර ප්‍රමාණයක් ගැලවී යාම සාමාන්‍ය බව අප කවුරුත් දන්නා දෙයක්. නමුත් නැවත කෙස් වැවෙනවාට වඩා වේගයෙන් හිසකෙස් ගැලවී යන්න ගත්තොත් එය ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ වගේම කොන්ඩය පීරද්දි පනාව පිරෙන්නම කොන්ඩය ගැලවෙනවනම් එය අවදානය යොමු කළ යුතු තත්ත්වයක්. අනිත් කරුණ කොන්ඩය ස්ට්‍රේට් කිරීම, වර්ණ ගැන්වීම වැනි දේවල් කළාමත් තරමක් හිසකෙස් ගැලවී යනවා. මේ නිසයි එවැනි දෙයක් කළාට පසුව හොඳ සත්කාරයක් හිසකෙස්වලට දිය යුතු වෙන්නෙ.

ලූනු ගෙඩියක් සහ කරපිංචා කොල ස්වල්පයක් සිහින්ව ලියාගන්න. පිරිසිදු පොල් තෙල් හෝ තැඹිලි තෙල් මිලි ලීටර් 100ක් පමණ අඩු ගින්දරේ රත් වෙන්නට හැර කපාගත් ලූනු සහ කරපිංචා තෙලට දමන්න. බැදෙන තරම් උණුසුමක නැතිව තෙලේ තැම්බෙන අයුරිනුයි මෙය සකසාගත යුත්තේ. මෙසේ සකසාගත් තෙල් රාත්‍රී නින්දට පෙර හිස් කබලේ ගල්වන්න.

අකලට හිස කෙස් සුදු වීම

වයසටත් නොගිහින් තරුණ කාලෙදිම හිසකෙස් ඉදීම අද තරුණ තරුණියෝ බොහෝදෙනෙක් අත්විඳින ගැටලුවක්. හිසකෙස් සුදු වෙන්න බලපාන ප්‍රධාන හේතුව හිසකෙස්වලට වර්ණය ලබාදෙන වර්ණක නිෂ්පාදනය නතර වීම. නමුත් ලූනුවල අඩංගු කැටලේස් කියන සංයෝගයට පුළුවන් හිසකෙස්වල වර්ණක නිෂ්පාදනය කරන්න.බ්ලෙන්ඩ් කරලා ලබාගන්න ලූනු යුෂවලට දෙහි බිංදු කීපයක් මිශ්‍ර කරලා බ්‍රෂ් එකකින් ඉදුණු කෙස් සහිත ප්‍රදේශයේ ආලේප කරන්න. විනාඩි 30 කට පස්සෙ සෝදා හරින්න. සතියකට දෙවතාවක් මෙම සත්කාරය කිරීමෙන් අකලට හිසකෙස් සුදුවීම පාලනය කරගත හැකියි.

ඇලෝපේෂියාවලට සත්කාරයක්

ඇලෝපේෂියා කියන්නේ හිසකෙස් තුනී වීමත් එක්ක හිසේ ඇතැම් ස්ථානවල හිසකෙස් නොමැති වීමේ තත්ත්වයක්. ලූනු යුෂවලට පුළුවන් මේ රෝග තත්ත්වය හිසේ තවත් ස්ථානවලට පැතිරී යාම අවම කරන්න.ලූනු යුෂ හදාගෙන ඇලෝපේෂියා රෝගය පැතිරී ඇති ස්ථානයේ ආලේප කරන්න. සති හයක් පමණ මෙම සත්කාරය කළාම මේ තත්ත්වය සීමා වෙලා නැවත හිසකෙස් වර්ධනය වීම ආරම්භ වෙන බව පර්යේෂණාත්මකව සොයාගෙන තියෙනවා.

අන්තර්ජාලය ඇසුරින්

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love6
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?